IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


31 උසාවි එන්නැයි මහින්දට නොතීසි

පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන මාර්තු 31 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහ සෙසු වගඋත්තරකරුවනට නොතීසි කළේය.

  සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් මහතා නීතිපති වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බවත්, පෞද්ගලික හේතුවක් නිසා එදින අධිකරණයේ පෙනී නොසිටින බවත් රජයේ නීතීඥ අවන්ති පෙරේරා මහත්මිය දැන්වූවාය.

 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති අපේක්ෂකයා වූ දුමින්ද නාගමුව මහතා ගොනු කළ පෙත්සමේ මෙසේ ද සඳහන් විය.

‘2011 අගෝස්තු මාසයේ දී එවකට පැවැති රජය හදිසි නීති රෙගුලාසි ඉවත් කළා. එහසේ වුවත් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය උපයෝගී කොට ගෙන සමස්ත දිවයිනම ආවරණය වන ලෙස පොලිස් බලතල යුද, නාවික හා ගුවන් හමුදාවන්ට පවරමින් සෑම මාසයකට රෙගුලාසි නිකුත් කිරීම රජය විසින් අඛණ්ඩව සිදු කරන ලදී. ඒ අනුව හදිසි නීතිය ඉවත් කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ඇති කරන බව මතුපිටින් පෙන්වූවත් සැබැවින්ම මිලිටරි තර්ජනය සක්‍රීයව පත්වා ගනිමින් පුරවැසියන් පාලනය කිරීම රජය විසින් සිදු කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන වගඋත්තරකරු කොට ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබුණේ හමුදාවට පොලිස් බලතල පවරමින් ඔහු විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි මගින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නකි යන පදනම මතය.‘



අදහස් (0)

31 උසාවි එන්නැයි මහින්දට නොතීසි

සම්පත් Friday, 20 February 2015 07:33 AM

වරදක් කර ඇත්නම් ඔබතුමා එදා, පොදු දේපළ හොරකම් කළා නම්  , දඩුවම් විදිය යුතුමයි, රජකම් කලත් කලකම් පලදෙයි මෙදා.(හේ)

:       0       0

ඉන්දික Friday, 20 February 2015 07:34 AM

ඡන්දයක් තිබුණු පලියට රටේ ආරක්ෂාව ගැන තීරණ ගන්න මැතිවරණ කොමසාරිස්ගෙන් අවසර ගන්න ඕනෑ ද? ආරක්ෂක ඇමති කොමසාරිස්ද? මහින්දද?(හේ)

:       0       0

සම්පත් Friday, 20 February 2015 08:04 AM

ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපති කෙනෙක් උසාවි ගෙන්න බැහැ. (හේ)

:       0       0

දිලාන් Friday, 20 February 2015 08:33 AM

ආරක්ෂාවට හතර අතේ හමුදාව යොදවන්නේ එදා රාත්‍රී පරසක්වල ජීවින්ගෙන් ලංකාවට ප්‍රහාරයක් එල්ල වෙන්න ගිය නිසා වෙන්න ඇති. (හේ)

:       0       0

ජයසේන වීරසුන්දර Saturday, 21 February 2015 12:28 AM

මහින්ද මහත්මයාට වැඩි මහජන ප්‍රසාදයක් ලබා ගැනීමට මෙම කරුණ හේතු වේවි. (නදී)

:       0       0

භාතිය Friday, 20 February 2015 08:36 AM

එහෙනම් ඉතින් ඉන්දික ,ඡන්ද කොමසාරිස් ගේ වැඩත් මහින්ද මහතාටම කරගන්න ඉඩ දුන්නා නම් ඉවරයි. (හේ)

:       0       0

මේනක Friday, 20 February 2015 08:41 AM

ආරක්ෂාව නෙවෙයි . තව පොඩ්ඩෙන් අපිට වැසිකිළි යන්නත් ඉහළින් අවසරයක් ගන්න සිදු වෙන කාලයක් අත ළඟයි තිබුණේ. (හේ)

:       0       0

දිලාන් Friday, 20 February 2015 08:42 AM

ඉන්දික ඔබ දන්නේ නැද්ද රටක ජනධිපතිවරනයක් තියෙනකොට සියලු බලතල මැතිවරණ කොමසාරිස් සතුව පවතින බව . (හේ)

:       0       0

මධුර Friday, 20 February 2015 08:52 AM

හිතාගන්න අමාරුයි මොනවා වෙනවද කියලා.(හේ)

:       0       0

පාලිත Friday, 20 February 2015 08:52 AM

 නඩු වැටෙන්න ඉඩ තියෙනවා.(හේ)

:       0       0

තිලක් Saturday, 21 February 2015 12:47 AM

මෙය පළි ගැනීමක් නොවිය යුතුයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා වරදක් කර ඇත්නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් මා දකින්නේ නැත. නීතිය කාටත් පොදු විය යුතුය. මීට වඩා වැරදි කල පුද්ගලයෝ අද නිදැල්ලේ සිටින එක නම් ඉවසිය නොහැකිය. කරුණා අම්මාන් කියන්නේ අපේ රටේ සිටින දරුණු ත්‍රස්ත වාධි නායකයෙක්ය. අපේ අහිංසක කිරි සප්පයන්, ගැබිණි මව් වරුන්, පුජකවරුන්, හමුදා නිළධාරීන් අමු අමුවේ මරා දැමු දරුණු ත්‍රස්ත නායකයෙකි. මොවුන්ට විරුද්ධව කිසිම නායකයෙක් ක්‍රියා නොකිරීම අදහාගත නොහැකි කරුණකි. (නදී)

:       0       0

ටෝනි Friday, 20 February 2015 08:55 AM

අනේ මේ මොකද වුණේ.(හේ)

:       0       0

සරසි Friday, 20 February 2015 08:58 AM

දැන් එතකොට ඡන්ද කොමසාරිස් කෙනෙක් මේ රටේ ඉන්නේ මොකටද ? ඡන්ද පෙට්ටි සහ සත්‍ය ප්‍රතිඵලවල ආරක්ෂාව ගැන වගකීමක් එයාට නැද්ද ? (හේ)

:       0       0

අනෝමා Friday, 20 February 2015 09:05 AM

එදා තමන් මොකද කළේ කියලා හෘදය සාක්ෂිය දන්නවා ඇතිනේ. නීතිපතිතුමා බොරු කියනවා කියලා නම් කියන්න එපා. (හේ)

:       0       0

රංගන Friday, 20 February 2015 09:09 AM

එදාට අඬන්න කට්ටිය දැන්ම ලැහැත්ති කර ගන්න.(හේ)

:       0       0

රණවක Friday, 20 February 2015 09:18 AM

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ආරක්ෂාව ගැන හොඳින් සොයා බලා වැඩ කළ නායකයෙක්.(හේ)

:       0       0

කනිෂ්ක Friday, 20 February 2015 09:25 AM

ඡන්ද කොමසාරිස් වෙනුවට පඹයෙක් හිටියානම් සමහරුන් කැමති ඇති . (හේ)

:       0       0

සමන්ත Friday, 20 February 2015 09:37 AM

මෙන්න තවත් මාධ්‍ය සංදර්ශනයක්. ජනාධිපති වරයෙක් විශ්‍රාම ගිය පසුවත් ඔහුගේ පාලන සමයේ සිදුවූ කිසිම සිද්ධීයක් පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කිරීමට බැහැ.(හේ)

:       0       0

ජයලාල් Friday, 20 February 2015 09:39 AM

හරි රණවක අපි අහන්නේ එදා රාත්‍රී ආරක්ෂාව ගැන ඔච්චර කලබල වෙන්න තරම් මොකද වුණේ ? . ලංකාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේ නැහැ නේ .(හේ)

:       0       0

රුකී Friday, 20 February 2015 09:43 AM

ඔය තරම් ආරක්ෂාව ගැන කටයුතු කරන්න එදා ඇයි සිද්ධ වුණේ කියලා මොකක් හරි සාධාරණ හේතුවක් ඇතිනේ. එහෙම නම් ඒක හැමෝටම දැනගන්න ප්‍රකාශ කරන්න . එච්චරයි.(හේ)

:       0       0

සොපියා Saturday, 21 February 2015 03:44 AM

නීතිඥයෙක් වෙච්ච මෙතුමාට උසාවි යන එක කජ්ජක්ද ? (නදී)

:       0       0

ජෙනි Friday, 20 February 2015 10:06 AM

අපිට දැන් දැන් පේන හැටියට පවුලේ කෙනෙකුගේන්වත් ප්‍රශ්න කරන්න බැරි විදියට තමයි මොකද්දෝ නීතියක් තියෙන්නේ. (හේ)

:       0       0

කුමා Saturday, 21 February 2015 03:47 AM

මේ සිදුවන්නේ අප ඉටුකරන භූමිකාවට එරෙහි ප‍්‍රති මෙහෙයුමක්. නුගේගොඩ රැළියෙන් පසු එය තීව‍්‍ර කරලා. (නදී)

:       0       0

යසිරු Friday, 20 February 2015 10:08 AM

එතකොට බේබිලාවත් වැරැද්දකට උසාවි ගේන්න බැරිද ? දන්නේ නැති නිසා අහන්නේ .(හේ)

:       0       0

රණවක Friday, 20 February 2015 10:14 AM

ජනතාවගේ ආරක්ෂාව {රටේ ආරක්ෂාව}නිරන්තරයෙන්ම සොයාබැලීම බුද්ධිමත් නායකයෙකුගේ වගකීමක්.එය මහින්ද මහත්මා හොඳින් ඉෂ්ට කළා.(හේ)

:       0       0

නාලත තරංග Saturday, 21 February 2015 04:29 AM

මේ රටේ යුද්ධය ඉවර කරපු හමදා නායකයා හිරේ දාලා මහින්ද මහත්තයව පුම්බපු අයි.ටී.එන් එක කරපු දේවල් නිසා තමයි මෙහෙම වෙන්නේ (නදී)

:       0       0

ප්‍රසාද් Saturday, 21 February 2015 04:33 AM

පළි ගැනිම ? (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 21 February 2015 04:55 AM

පෙරහැර පටන්ගන්නයි යන්නේ (නි)

:       0       0

සුරේෂ් Friday, 20 February 2015 11:02 AM

වෙච්ච දෙයක්.(හේ)

:       0       0

අරවින්ද Saturday, 21 February 2015 05:19 AM

කළගුණ නොදත් ජාතියක්. අද මේ සේරමලා කල එළියට එන්නේ මේ රට ප්‍රභාකරන් පාලනය නොකරන නිසයි. ඒ තැනට මග පෑදුවේ කවුද කියලා කාටත් මතක නැහැ. එදා රජයේ සේවකයින්ට පඩි වැඩි කරන කොට ඉල්ලන පඩි එපා කියලා කිව්ව කට්ටිය අද කියන්නේ මොකක්ද ? මහින්ද මහත්තයා කිව්ව දේවල්මයි. එදා මිරිස් කරල් වේදිකාවට ගෙනත් පෙන්නපු කාටවත් අද මිළ ගණන් ගැන කතා කරන්නේ නැහැ. ඊයේ ළමා අපචාර දෙකක් ගැන රූපවාහිනියේ කීවා. ඒවත් පහුගිය ආණ්ඩුවේ ගිණුමටද වැටෙන්නේ.? ගංජා සහ කුඩු ඊයෙත් ඇල්ලුවා. තවා කාගේ කර පිටද තියන්නේ? මේවා අහන්නේ හංසයාට දර දිය ඇදපු අපිමයි. (නදී)

:       0       0

නලින් Saturday, 21 February 2015 05:31 AM

රටේ ඕනෑම ජනාධිපති කෙනෙක් උසාවි ගේන්න බැරි එයා පාලනේ ඉන්න කොට පමණි. මතක නැද්ද මහින්ද ජනාධිපතිගේ කාලේ චන්ද්‍රිකා හිටපු ජනාධිපති තුමියව අයතා මුදල් ගනුදෙනුවක් වෙනුවෙන් උසාවි ගේනවා එතකොට ඒවා හරිද දන්නේ නැති නීති තර්ක ගෙන්න එපා (නදී)

:       0       0

චන්දන Friday, 20 February 2015 11:11 AM

ගැනුන්ගෙන් දරුවන්ගෙන් පාලි ගන්න යහ පාලනය දැන් තියෙන්නේ (අ)

:       0       0

සොපියා Saturday, 21 February 2015 05:59 AM

දැන් ඔයාලා දාන්නෙම මහින්දගේ මුණ බෙරිවෙච්ච පින්තුර නේද? දාන්නකෝ ලස්සන පින්තුරයක් .(නදී)

:       0       0

භාවනා Friday, 20 February 2015 11:32 AM

රුපවාහිනියේ සජීවී දේශපාලන සංවාද වැඩසටහන් වලට ප්‍රශ්න යොමු කරන ඇතැම් පුද්ගලයෝ මහින්දට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. කිරිබත් කන්න බලාගෙන ඉන්නවාලු. ඉතින් කන්න ඕන වුණේ කිරිබත් නේ. දැන් ඉතින් කන්න (අ)

:       0       0

ළහිරු Saturday, 21 February 2015 06:50 AM

මේනක මෙච්චර කාලයක් ඔයා වැසිකිළි යන්නත් ඉහළින් අවසරයක් ගත්තද? (නදී)

:       0       0

ළහිරු Saturday, 21 February 2015 06:58 AM

ආසන 120 ගානෙන් 90 ක්ම තියෙන්නේ මහින්ද මහත්තයා අතේ. (නදී)

:       0       0

භාවනා Friday, 20 February 2015 12:06 PM

මිනිසුනේ. එලොවටත් නැති මෙලොවටත් නැති ඔබලා මෙවන් පාප ක්‍රම වල දුක විඳින්නේ මරණ මන්චකයේදීය. (අ)

:       0       0

ඩී.ජේ Friday, 20 February 2015 12:11 PM

අනේ හරි වැඩේ, නුගේගොඩට ආපු මිනිස්සු දැක්ක විතරයි ඔක්කොම චෝදනා මතක් වෙලා! හරි පුදුමයි! (අ)

:       0       0

පද්මිණි Friday, 20 February 2015 12:14 PM

උසාවිය ගාව රැළියක් තියයි ද මහින්ද මහත්තය එනවා කියල. (අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 21 February 2015 08:12 AM

රටේ පුරවැසියන් හැටියට අපි සතුටුවිය යුතුයි. දේශපාලන බලතල තිබියදී ඒවා වැරදි ක්‍රමයක භාවිතා කරලා රටේ දේපල සූරාගෙන කාල වෙනත් විපාක යමෙක් කලානම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම ගැන. මේ පක්ෂ-විපක්ෂ සියලු දෙනාට පොදු විය යුතුය. එවිට ඉදිරි අනාගතේදී වෙනත් දේශපාලනඥයකු විසින් නැවත එවැනි වැරදි කිරීමෙන් වැලකීමට එය ඉවහල් වේවි. ජන්ද දායකයා බලාපොරොත්තු වන්නේ තමාගේ ජන්දයෙන් බලයට පත්වුණු කෙනා තමන්ගේ ගමට, නගරයට , හා මේ රටට යහපතක් කරාවි කියලා. එහෙම නැතිව රටේ දේපල විනාශ කරලා සියලු සම්පත් සූර කන්න නොවේ. වැරදි ඇත්නම් ඒවා සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග හැමෝටම සාධාරන ලෙස ඉටුවිය යුතුය. අපේ පක්ෂය අපේ පක්ෂ කියල හිතනවාට වඩා අපේ රට අපෙන් පසුව අපේ දරුවන්ට අපි යහපත් ශ්‍රී ලංකාවක් උරුමකර දිය යුතුයි කියන එක ගැන සිතන්න. (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 20 February 2015 12:45 PM

ලොකු පොඩි බේදයක් නැතුව වැරදි කරුවන් දඩුවම් කිරීම මගින් අනාගත අපේ දුදරුවන්ගේ අනාගතය හැඩ ගැසෙනු ඇත. (ර)

:       0       0

මංගලී ෆොන්සේකා Friday, 20 February 2015 12:56 PM

සම්පත් මහින්ද මහත්තයව උසාවි ගේන්න පුළුවන් (දිල්)

:       0       0

ඉන්දික Friday, 20 February 2015 01:23 PM

මහින්දට ඇති රැල්ලට බයේ කරන දේවල්. නුගේගොඩ සෙනග දැකල පින් ඇමතිලාට නින්ද යන්නේ නෑ(නදී)

:       0       0

නන්දලාල් Friday, 20 February 2015 01:35 PM

ඔන්න දැන් හිටපු ඇමැතිලාට අයෙම වැඩ තියෙවි (දිල්)

:       0       0

උද්දික Friday, 20 February 2015 02:00 PM

ලංකාවේ නීතියට අනුව කිසිම විධායක ජනපතිවරයෙක්ව උසාවියට ගේන්න බැහැ. හරිනම් ඔය පෙරටුගාමී කාරයන්වයි ජේ වී පි කාරයන්වත් උසාවි ගේන්න බැරිද. යු එන් පි එකේ සබාපතිතුමා ඇතුළු සිවිල් අයව ඝාතනය කල එකට. (නදී)

:       0       0

චතුර Friday, 20 February 2015 03:09 PM

තව ටික දවසකින් ප්‍රබාකරන් මැරුව කියලා ආණ්ඩුවෙන් නඩුවක් දායිද දන්නේ නැහැ. (නදී)

:       0       0

දිනුක් Friday, 20 February 2015 03:10 PM

නීතිය කාටත් එකයි.(නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Friday, 20 February 2015 04:41 PM

ජනපති උසාවි ගෙනෙන්න නොහැකිය යන මතය ප්‍රයෝජනයට ගෙන රටේ තමන්ට ඕන විදියට දුෂණයන් කරන්න බැහැ. මොහු අනිවාර්යෙන් දඬුවම් විඳිය යුතුමයි.(නදී)

:       0       0

සහන් Friday, 20 February 2015 04:48 PM

එදාට උසාවිය ළගට ඇවිත් අඩා වැටෙන්න ඔය රුපියල් 500 ට එන සීලවතිලා ,ප්‍රේමලතාලා, අැසිලින්ලා ,ජොශපින්ලා ටිකට දැන්මම ඕඩර් එක දෙන්න (බ)

:       0       0

කේ.සිරිල් Sunday, 22 February 2015 01:51 AM

ළහිරු ආසන ගැන සිහින දකිනවාද ?(දිල්)

:       0       0

පාරමී Friday, 20 February 2015 07:47 PM

දැන් ඉතින් උසාවියටවත් ගෙන්න ගන්න බලමු, වෙන මොනවත් ඔප්පු කරගන්න බැරිවුණානේ. ජේ ආර් ගේ නීතිය අනුව මහින්ද රාජපක්ෂ මහතාව උසාවි ගෙන්වන්න බෑ. (දිල්)

:       0       0

සිරිල් Friday, 20 February 2015 08:12 PM

ඔය නැතිවුණු දේපල,මුදල්, වාහන ආයේ පාටවත් අපට දකින්න ලැබෙන එකක් නැහැ. ඉතුරු වෙලා තියෙන ටිකවත් රැකගන්න බලමු.(දිල්)

:       0       0

නඩරාජා Friday, 20 February 2015 08:58 PM

වෛර පාලනයේ තවත් ජවනිකාවක්. මේකද යහ පාලනය (නදී)

:       0       0

මාපලගම පත්මා Friday, 20 February 2015 09:11 PM

පලදාට ඇති රුකේ වවුලෝ එල්ලිලා කති. පලදාව නැති රුකේ වවුලෝ පියඹලා යති. එහෙත් සමහර වවුලන් එසේ නොකරන බව අද කාලයේ පෙනේ. ඉදිරි පලදාව සිතමින් එම ගසේම රැදෙන වවුලන් ඉන්නා කාලයක් (නදී)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Friday, 20 February 2015 10:35 PM

ගෙම්බෝයි, පෙන්දොයි , නරියොයි, කලුසුද්දොයි මහින්දට ඔපමණ බිය මොකද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 520 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 661 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 268 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1460 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site