IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


347ක් දුම්රියෙන් අවසන් ගමන් යති

මේ  වසරේ දෙසැම්බ්ර් මුල දක්වා කාලයේ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 347 දෙනෙකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ධාවනය වෙමින් තිබූ දුම්රියවලින් ඇද වැටීමෙන් සිදු වූ අනතුරු හේතුවෙන්  58 දෙනකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසයි.දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 14 දෙනකු මියගොස් ඇත.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ දුම්රිය අනතුරුවල ඉහළයාමක් ඇති බවත් ජංගම දුරකථන භාවිතය හේතුවෙන් සිදුවූ අනතුරුවල වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් ඔහු පැවසුවේය.



අදහස් (0)

347ක් දුම්රියෙන් අවසන් ගමන් යති

ලංකා Thursday, 22 December 2016 06:26 PM

රටට හරි සේවයක් කරන්නේ නැතුව මිනීමරන, පාඩු ලබන මේ දුම්රිය සේවය නියාමනය කර පුද්ගලීකරණය කළයුතුයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 09:22 PM

ලංකාවේ අසරණ මානසික රෝගීන් විශාල සංඛ්‍යාවක් දුම්රියට පැන සියදිවි නසා ගන්නවා. ලෝකයේ දියුණු රටවල නම් එහෙම වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට මනෝ වෛද්‍යවරු ඉන්නවා ඔවුන්ට උදවු කරන්න (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 21 December 2016 05:12 PM

අපේ දුම්රිය දෙපාර්තමේන්තුව මොනතරම් අකර්මණ්‍ය ආයතනයක්ද කියා වරක් මා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක් සමඟ අප හට සිදුවූ අසාධාරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමේදී වැටහුනා. කොටුවේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඇති මේ තාක්ෂණික වැරැද්ද නිසා අපහසුවට පත්වන මගීන්ට සහනයක් සැළසෙන සේ මේ වැරැද්ද නිවැරදි කරන ලෙස මා ඉල්ලා සිටි අවස්ථා එතන සිටි දුම්රිය සේවකයින් කිහිපදෙනෙක්ම මාගේ ඉල්ලීම අනුමත කරමින් කතා කළද ඉහළ ඉන්නා මේ පුද්ගලයාට පහළ නොපෙනෙන රෝගයක් තිබෙන බව අප විසින් වටහා ගත්තා. මේ වගේ අය ඉහළ තනතුරු දරනතාක් සමස්ත දෙපාර්තමේන්තුවටම අදෘශ්‍යමාන බලවේග වලම පිහිටයි. (නි)

:       0       0

රාජ් Wednesday, 21 December 2016 06:54 PM

ලංකාව හරි භයානක රටක් නේද බලනකොට? (නි)

:       0       0

අජිත Friday, 23 December 2016 02:26 AM

ඇත්තටම මිනිසුන්ගෙන් ගස කෑමේ එක විදියක් තමා කාර්යාල දුම්රියවල දෙවැනි පන්තිය. මිනිස්සු අගහිඟකම් මැද්දේ ජීවත්වෙන අතරේ දෙපාර්තමේන්තුවේ අාදායම වැඩි කරගන්න තුන්වැනි පන්තියේ මැදිරි ඉවත්කර දෙවැනි පන්තියේ මැදිරි දමා දඩත් අය කරනවා. 3 වැනි පන්තියේ මැදිරි අඩුවීම නිසා පාපුවරුවේ සහ ජනෙල්වල එල්ලීගෙන ගොස් දවසකට කෙනෙක්වත් මැරෙනවා. මේක පුදුම රටක්! ඇමතිලා මන්ත්‍රීලා තියෙන සැපපහසුම වාහන ගන්නවා. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 21 December 2016 08:38 PM

හැත්තෑ දෙදෙනෙක් දුම්රියෙන් වැටීමෙන් හා හරස් මාර්ග වල අනතුරු නිසානේ. මේ අනුව ඉතිරි දෙසිය හැත්තෑ පස් දෙනා සියදිවි නසාගැනීම්ද? එය එසේ නම් ලංකාවේ ජනතාව අතර දුම්රියට පැන දිවි නසා ගැනීම ඉතාමත්ම අධිකනේ. මේ අනුව ලංකාවේ දුම්රිය සේවාව එය වැළැක්වීමට කටයුතු නොකරන්නේ මන්ද? (නි)

:       0       0

සිසිර Thursday, 22 December 2016 03:03 AM

මාර්ග අනතුරු වළක්වන්න දඩ මුදල් වැඩිකරන ආකාරයට කෝච්චියටත් දඩයක් ගසන්න (නි)

:       0       0

ඉමේෂ් Thursday, 22 December 2016 03:13 AM

ලෝකෙන් උතුම් රට කියනවා නේ.. එ්කයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 293 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 914 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 286 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 189 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4545 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site