IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


350 ක් පණ පිටින් වැළලේ?

ශ්‍රී ලංකාවේ  මධ්‍යම කඳුකරයේ නාය යෑම් ඉතිහාසයේ  දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් අද (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියේය.

මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළහ.රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ දිවි බේරා ගන්නට ඇතැයි  සහන සේවකයෝ කියති.

ගමේ පදිංචි දිවි බේරාගත් තවත් කිහිප දෙනකු පැවසුයේ ‘ගමේ සමහර ගෙවල් අඩි සීයයක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.සමහර තැන්වල ගෙවල් අඩි 50 කින් පමණ යට වෙලා

සිද්ධිය සැල වී හපුතලේ සිට එහි ගිය ටී ප්‍රදීපන් පවසනුයේ මීරියබැද්දේ ලයින් කාමර අඩි තිහක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.‘

ලයින් හතක සීයක් එකසිය විස්සක් පමණ හිටියා. හය දෙනෙක් පමණ බේරිලා ඉන්න බව  ආරංචියි.දවස් දෙකකට කලින් මහත්තුරු කට්ටියක් ඇවිත් මේ ගමින් ඉවත් වන්නැයි කියා තිබෙනවා.ඉතින් ඒ මිනිස්සු කොහේ යන්නද.ඒ මහත්තුරුන්ට කරන්න තිබුණේ කොහාට හරි තැනකට අරන් යන්නයි.මා එදා දුටු ගම දැන් මහා මඩ වළක් .ඒ මඩ වළ උඩින් වතුර පාරකුත් යනවා‘.

.1997  කොස්ලන්දේ නාකැටිය නාය ගියා.එයින් හත් දෙනකු මිය ගියා.මේ නාය යෑමෙන් 300 ක් විතර මැරෙන්න ඇති.ඒ අය කවදාවත් ගොඩ ගන්න බැරිවේවි.මේ ගම පිහිටියේ එදා නාය ගිය නායකැටියට උඩින්.‘

කන්ද නාය යද්දී  අඹු සැමි යුවළක් දුවන්නට වූහ.බිරිය පසු පසින් දිව්වාය.ඇගේ නම රාජු ලක්ෂ්මීය .සැමියා ආපසු හැරී බැලුවේය.බිරිය දකින්නට නැත.ඇය සොයා ආපසු යන්නට පෙර පස් කන්ද එනු දුටු ඔහු හැකි තරම් වේගයෙන් දිව්වේය.

දැන් ඔහු යාබද ගමේ  ගනේෂා දෙමළ මහා විදුහලේ අනාත කඳවුරේය. බිරිය ගැන කිසිදු තොරතුරක් නැත.එම කඳවුරේ 300ක් පමණ රැකවරණ ලබති.

කොස්ලන්දේ මීරියකන්ද නාය ගිය පෙදෙස කිලෝමීටර් දෙකක් පමණ වන බව සහන සේවකයෝ කියති.එම පෙදෙස තව දුරටත් නාය යන හෙයින් හා මිය ගිය අය සෙවීමට හැරීමෙන් නාය යාම වැඩි වී මහා අනතුරක් සිදු විය හැකි බව එහි ගිය අපාදා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

නිලධරයින් සමඟ සාකච්ඡා කැර  තීරණයක් ගැනීමට නියමිතය.එම පෙදෙසේ 250-350 ක් අතර පිරිසක් සිටිති කියති.

ලබන 03 වැනිදා තෙක් පාසල් 10 ක් වසා දැමුණු බවත් කියති.ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය 2005 දී පවසා ඇත්තේ මෙම පෙදෙසේ පදිංචිකරුවන් ඉවත් කළ යුතු බවයි.

 

 



අදහස් (0)

350 ක් පණ පිටින් වැළලේ?

යශෝධා Thursday, 30 October 2014 07:45 AM

මියගිය සැමට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ජෙහාන් Wednesday, 29 October 2014 08:43 PM

ස්වාභාවික විපත් ගැන පර්යේෂණ කරන්න නිරික්ෂණ කරන්න වගකිව යුතු නිලධාරින් ඉන්නවා නේද. නාය යන්න කලින් පොලව ගිලා බැහීම් ඉරි තැලීම් වගේ දේවල් ටික කලක සිට වෙනවානේ. එකපාරට කඩා ගෙන යන්නේ නැහැ. ඒ ගැන විමසීමෙන් ඉඳලා පෙර දැනුම් දීම් කලා නම් මේ විපත අවම කර ගන්න තිබුනා. (නදී)

:       0       0

සරත් පිටිගල Thursday, 30 October 2014 07:53 AM

සදුනි, බන්දුල ඔයාගේ සහෝදරයෙක්ද? (නි)

:       0       0

විමුක්ති Thursday, 30 October 2014 07:58 AM

යළි කවදාකවත් මෙවන් පුවතක් නොඇසේවා! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 29 October 2014 09:33 PM

පෙර අනතුරු අඟවද්දීත් වගකිව යුත්තන් ඇයි ක්‍රියා මාර්ගයක් නොගත්තේ. එසේ උනානම් මේ අහිංසක ජීවිත මෙසේ විනාශ වෙලා යන්නේ නැහැ. (නදී)

:       0       0

තිලිණ Thursday, 30 October 2014 08:04 AM

මෙවන් විපතක් යළි නොවේවා! (නි)

:       0       0

රෝහණ Wednesday, 29 October 2014 09:33 PM

ගොඩක් දුක හිතෙන දෙයක් වෙලා තියෙන්නේ (නදී)

:       0       0

එච්.පී මන්ජුල කාන්ත Thursday, 30 October 2014 12:09 AM

අප අතරෙන් සමු ගත් සැමට නිවන් සුව අත් වේවා (නදී)

:       0       0

මේනක Saturday, 01 November 2014 03:19 AM

මට නම් දරාගන්න බැහැ මේ සිදුවීම (නි)

:       0       0

සත්‍යයා Thursday, 30 October 2014 01:51 AM

මේක පුදුම කතාවක්නේ. විපතට පත්වූ ජනතාව වෙනුවෙන් නිදහසේ අදහස් පළකරනවාට විරුද්ධ දීන පිරිසකුත් මේ තීරුවට ත් රිංගා මේවා ස්වභාවික විපත් ගිණුමට බැරකර රජයට සුදු හුණු ගාන්න බොළඳ උත්සහයක් දරනවා. ඔය මිනිස්සුම තමයි දේශප්‍රේමී බවක් පෙන්වමින් බ්‍රිතාන්‍ය අධ්රාජ්‍ය වාදීන් තෙත් කලාපයේ වනාන්තර විනාශ කොට තේ වගා කිරීම නිසා මධ්‍යම කඳු කරය පාංශු ඛාදනයට ලක්වූ බව කියන්නේ. ඒ කතාවත් ඇත්ත. නමුත් වර්තමාන පාලකයින්ද ඉවක් බවක් නැතිව පරිසරය විනාශ කිරීම නිසා ඔය සිදුවන ස්වභාවික විපත් වලට හේතුකාරක වී ඇති බවත් ඇත්ත. (නදී)

:       0       0

සුනිල් Thursday, 30 October 2014 09:38 AM

අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 30 October 2014 02:02 AM

2005 දී මේ ප්‍රදේශයේ අයට ඉවත් වන්න කිව්වත් ඉවත් උනෙත් නැහැ. ඉවත් කලෙත් නැහැ. මෙම ජීවිතවලට වග කියන්න ඕනේ කවුද කියල මට නම් තේරෙන්නේ නැහැ. කොහොම උනත් අහිංසක ජීවිත රැසක්. මියගිය සැමට නිවන් සුව පතමි. (නදී)

:       0       0

මනෝජ් Thursday, 30 October 2014 02:31 AM

පක්ෂ, පාට ,ආගම් බේද දුරලා නැතිවූ අය සෙවීමත් මියගිය අය වෙනුවෙන් කළයුතු පිළිවෙත් කිරීමත් අපගේ යුතුකමයි. කිසිම දිනයක මෙවන් විපතක් අහන්න දකින්න නොලැබේවා. මියගිය සියලුම දෙනාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

සුදත් Thursday, 30 October 2014 02:35 AM

මෙහෙම විපත් වෙනවා බලාඉන්න නම් මොකටද ආපදා කළමනාකරණ අමාත්‍යංශයක්. කළමනාකරණය කියන්නේ වුණාට පස්සේ හොයාබලන එකද? (නි)

:       0       0

සඳුනි Wednesday, 29 October 2014 11:55 AM

මේ අයගේ කතාව ඇත්ත. මිනිස්සු කොහේ කියලා යන්නද? ඡන්දෙ කාලෙට වතු ලයින් පීරන පක්ෂ විපක්ෂ දේශපාලකයින්ට මේවා පෙනෙන්නේ නැහැ. දැන් පටන් ගනියි කෑගහන්න. බලධාරීන්ට තියෙන්නේ දැන්වත් අවදානම් තැන් වලින් මහජනයා ඉක්මනින් ඉවත් කිරීමයි. අනේ දෙවියනේ පාසල් ගිය දරුවෝ ගෙදර එනකොට මව්පියෝත් නැහැ ගෙවලුත් නැහැ. හතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා. (නදී)

:       0       0

ජයාත් Thursday, 30 October 2014 10:45 AM

මොනම මිනිහෙක්වත් තමන් ඉන්න තැන දාලා යන්න කැමති නැහැ. විශේෂයෙන් ඒ මිනිස්සු දුප්පත් අය. හරි විදියට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා නම් ඒ අහිසක ජීවිත බේරෙනවා (නි)

:       0       0

ජීවා Wednesday, 29 October 2014 11:58 AM

නිලදාරීන් කලින් දැනුවත්ව උන්නනම් මේ තරම් වගකීමකින් තොරව කටයුතු කලේ ඇයි? මේ අහිංසක දුප්පතුන්ට ඉවත් වන්න කිව්වට ඔවුන් යන්නේ කොහෙටද ?  කන්න බොන්න සපයන්නේ කෙසේද කියා විදිමත් වැඩ පිළිවලක් නැතිව යන්න කීවට කව්රුත් ඉවත් නොවීම අරුමයක් නොවේ. (නදී)

:       0       0

ජයාත් Thursday, 30 October 2014 10:45 AM

දිසානායක, ඔයා නියම උත්තරය දීලා තියෙනවා. (නි)

:       0       0

අශාන් Thursday, 30 October 2014 02:53 AM

ඔතනින් ඉවත්වෙන්න කියල ඇඟ බේරාගත් අය මෙයට වගකිවයුතු බවයි මට සිතෙන්නේ. අපේ අය මිනිස්සු ගැන බලන්නේ ඡන්දයක් ළඟ නම් විතරයි. සැමට දෙවි පිහිටයි. (නි)

:       0       0

දිලිප් Wednesday, 29 October 2014 12:04 PM

කෝ ඉතින් පදිංචි ය ඉවත් කරන්න කීවට කරලා නැනේ ඒවා මොකද චොළඹ ලස්සනයිනේ (බ)

:       0       0

සෑම් Wednesday, 29 October 2014 12:06 PM

මගේ ඇස දෙකට කධුලු ආව මේක අහලා. වගකිවයුතු අමාත්‍යවරුන්ගේ පරම්පරා ගණනාවකට මේ පව පඩිසන් දෙයි (බ)

:       0       0

විනීතා Thursday, 30 October 2014 11:11 AM

මේක නම් අදහාගන්න බැරිතරමේ විනාශයක් (නි)

:       0       0

ලංකා Wednesday, 29 October 2014 12:14 PM

එම පෙදෙසේ 250-350 ක් අතර පිරිසක් නම් හිටියේ කොහොමද 350 ක් පණ පිටින් වැළලේ කියන්නේ? (නදී)

:       0       0

රොෂාන් Thursday, 30 October 2014 03:12 AM

මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. (නි)

:       0       0

නිශාන් අමරසේකර Wednesday, 29 October 2014 12:15 PM

අනේ පව් අර අහිංසක පාසල් ගියපු දරුවෝ ටික ගෙදර එනකොට ඒ ගෙදර ඉන්න අම්මල තාත්තලා ඒ අයව අතහැරලා ගොඩක් ඇතකට ගිහිල්ලා ඒ දරුවෝ කොහොම දරාගන්නද ? සතුරකුට වත් එහෙම ආපදාවක් වෙන්න නම් එපා මේ ලෝකේ කොහෙවත් (නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 30 October 2014 11:23 AM

චීනයට ඉඩම් දෙනවා, වෙන රටවලට ආධාර බෙදනවා. ලංකාවේ මිනිහා අසරණ වුණාම දෙන්නේ මොනවාද? අනේ අපිට නම් තේරුම් ගන්න අමාරුයි මේ රට යන ආශ්චර්යය (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 29 October 2014 12:15 PM

සුනාමියෙන් පස්සේ ජිවිතේට ඇහෙව්වේ නැහැ මේ වගේ විපතක්. අනේ දෙයියනේ පන පිටින් වැලලෙද්දී මොනවා හිතෙන්න ඇත්ද. මෙවන් අකල් මරණ වනේ වන හතුරෙකුටවත් නොම වේවා (නදී)

:       0       0

ප්‍රියන්ත දසනායක Wednesday, 29 October 2014 12:19 PM

නිලධාරීන් හා දේශපාලකයින් මේ ගැන උනන්න්දු උනා නම් සියලු දෙනාම බේරා ගන්න තිබුනා (නදී)

:       0       0

නිශා කඩීජා Wednesday, 29 October 2014 12:32 PM

මේ මිනිස්සුන්ට අයින් වෙන්න කීවා නම් ඇයි දෙවියනේ අයින් උනේ නැත්තේ?  (නදී)

:       0       0

තිලක් Wednesday, 29 October 2014 12:40 PM

වතු කම්කරුවන්ගේ ඡන්දෙ ගන්න දේශපාලකයෝ 2005 ඉඳලා මොනවද කලේ. මේ අසරණ ජනතාවට මීට වඩා ආරක්‍ෂිත ස්ථානයක ලයිම් කාමර හදල දෙන්න තිබුනනේ. දැන් ඉතින් ලකුණු දා ගන්න සෝබන වැඩ කරයි. මිනිසුන්ගේ ජීවිත අහිමි වූ පසු තව මොනවා වෙන්නද? (නදී)

:       0       0

කුමාරි Wednesday, 29 October 2014 12:46 PM

සල්ලි තන්හාවෙන් ගස් කෝලන් ටික කපා දමල. ඉතින් පිට්ටනි වගේ කඳු තියේවිද?කාගේ කාගේත් වැරදි. මිය ගිය අය ගැන හරිම දුකයි. (නදී)

:       0       0

සමන් පැරිස් Wednesday, 29 October 2014 12:50 PM

නායයාම අතරතුර දිවි ගලවා ගැනීමට හැකි ඌ අයෙක් ඇත්නම් නිරුපද්‍රිතව එන්න ලැබේවා! මියගිය සියළු දෙනාටම නිවන් සුව අත්වේවා! මේ අහිංසකයින් වෙනුවෙන් අපි වෙන මොනවා කරන්නද? (නදී)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Wednesday, 29 October 2014 01:08 PM

ඉතාමත් සෝචනීය අවස්තාවක්, පක්ෂ පාට ආගම් බේද , දුරලා නැතිවූ අය සෙවීමත් මියගිය වෙනුවෙන් කළ යුතු පිළිවෙත් කිරීමත් අපගේ යුතුකමයි. (ර)

:       0       0

දසුන් Wednesday, 29 October 2014 01:17 PM

නගර අලංකාරය පිණිස පැල්පත් ඉවත් කිරීමට පෙර මෙවැනි අනතුරු ප්‍රදේශ වල ඉන්න ජනතාවට නිවාස ලබාදෙන වැඩපිළිවෙලක් දැන්වත් ඇරබුවොත් නරකද? (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 30 October 2014 04:09 AM

දිසානායක.ගණන් ගන්න එපා. ඔය සදුනි කියන ගැහැණු නමෙනුත් අදහස් දක්වන්නේ සුප්‍රකට බන්දුල පෙරේරාමයි. විවිද නම් වලින් අදහස් දක්වල කියන්නේ එකම සින්දුවමයි. (නදී)

:       0       0

සමීර Wednesday, 29 October 2014 01:22 PM

මේ ගැන අපේ රටේ කී දෙනෙකුට ගානක් තියෙනවද ? සියලුම චැනල් වල තවම බහුබූත පෙන්නනවා හරිනම් ජාතික ශෝක සතියක් පනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ඕන නේද.? (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 30 October 2014 04:11 AM

කාලිංග, ඔහෙලා වගේ හිතන මිනිස්සු ලංකාවේ නැහැ. ඉන්න තරමක් ලංකාවේ ඉන්නේ දේශපාලන අඥානයෝ ටිකක්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 30 October 2014 04:12 AM

නලින් - කෝට්ටේ, සිෂ්ඨ සම්පන්න රටක නම් එහෙම වෙනවා. එ්ත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 29 October 2014 01:33 PM

දසුන් ඔබ ඉතා නිවැරදියි. බුද්ධිමත්ව කල්පනා කලේ නම් කොළඹ වීදි දෙපස ඉතාලියෙන් ගෙනා ටයිල් අල්ලන මුදල් වලින් මේ ජීවිත බේරා ගන්න තිබුනා. මෙහෙම අපේම සහෝදරයෝ මළායින් පසුව අලංකරණය කරන නගරෙට ගිහින් මොනා කරන්නද? (නදී)

:       0       0

අජන්ත Wednesday, 29 October 2014 01:50 PM

මෙය සිදුවීමට පෙර කටයුතු කළා නම් මේ මිනිසුන්ගේ ජිවිත බේරා ගන්න තිබුන නේද. (නදී)

:       0       0

විචාර Thursday, 30 October 2014 04:25 AM

ආණ්ඩුවේ ආයතන වල වැරදි හොයන්නට කඩාපනින විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේ වැනි අවස්ථාවක කැපවීමෙන් වැඩකරලා ජනතාවට පිහිටක් වෙන්නට බැරිද? (නි)

:       0       0

තිස්ස Wednesday, 29 October 2014 02:13 PM

ආශ්චර්ය තමයි (නදී)

:       0       0

ශාන්ති Wednesday, 29 October 2014 02:29 PM

ආයෙත් කිසිම දිනයක මෙවන් විපතක් අහන්න දකින්න නොලැබේවා. මිය ගිය සියලුම දෙනාට නිවන් සැප ලැබේවා, රෝහල් ගත කර සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා.! (ර)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 29 October 2014 02:30 PM

සමීරගේ කතාව හරි. මියගිය සහෝදර සහෝදරියන්ට නිවන් සුව පතමි..! (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 29 October 2014 02:35 PM

රටේ පාලකයන්ගේ කරුමෙට අසරණ මිනිසුන් වන්දි ගෙවනවා. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 29 October 2014 02:36 PM

ලංකාවට ඉර හද පායන්නෙත් රටේ පාලකයන්ගේ වාසනාවට කියල කියන අය දැන් මොනවද දන්නේ නැහැ කියන්නේ.? (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 29 October 2014 02:37 PM

සමීර, රට "සුකිත මුදිත" වෙලා කියල කියද්දී කොහොමද මේවා පෙන්වන්නේ? (ර)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 29 October 2014 02:38 PM

රටේ මිනිස්සු රටේ පාලකයන්ට දෙන දෙස් දෙවොල් වදින්නේ අසරණ මිනිසුන්ටනේ අප්පා. (ර)

:       0       0

ශාන්ත කුමාරන Thursday, 30 October 2014 05:01 AM

මේ අසරණ මිනිසුන් හැමදාම දේශපාලකයන්ගේ ගොදුරු බවට පත්වෙන් එක පමණයි වෙලා තියෙන්නේ. ඔය පළාත් නියෝජනය කරන දේශපාලකයන් මොනවද මේ අසරණ මිනිසුන් වෙනුවෙන් කරලා තියෙන්නේ, මේ මිනුසුන්ගේ ජීවත්වීමේ රටාව වෙනස් කරන්න, අාරක්ෂාකාරී තැන්වල ගෙවල් හදල මිනුසුන්ව පදිංචි කරන්න දැන්වත් ක්‍රියා කල යුතුයි. (අ)

:       0       0

කාලිංග Wednesday, 29 October 2014 02:56 PM

ඉතාමත් සෝචනීය පුවතක්, 2005 ඉදන් කියනවා නම් මේ අය ඉවත් කරන්න කියලා බලධාරීන් මොකද බලන් හිටියේ. කොළඹ අහස උසට කුළුණු ගහල වැඩක් නැහැ රටේ තව කොනක මිනිස්සු පණ පිටින් වැළලෙනවා නම්. පාරිසරික හානිය නවත්වල ජීවත් වෙන්න පුළුවන් තැනකට ඉන්න මිනිස්සු හරි ගිහින් පදිංචි කරවන්න, නැත්නම් තවත් අනතුරක්. (ර)

:       0       0

ඩී.එච්.ඩී.සී. වීරකෝන් Wednesday, 29 October 2014 03:18 PM

තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන කියමන මතක් වෙනවා. මේ අසරණ මිනිසුන් කිසිම දෙයක් නොදැන පොලොවෙ වැලලුනා. අපි හැමොම තෙරුම් ගන්න ඔනේ තමන්ගේ ජීවිතේ ගැන වගකීම තියෙන්නෙ තමන්ට. මැරුනට පස්සෙ කවි කතා කීවට වැඩක් නැහැ හැමදෙනාම. අවට සිද්ධ වෙන දේවල් ගැන විමසිල්ලෙන් ඉන්න, අනිත් අය දැනුම්වත් කරන්න. (ර)

:       0       0

මනෝජ් - සාජා Wednesday, 29 October 2014 03:36 PM

සසර වසනා තුරා කිසිවෙකුට යළිත් මෙවන් විපතක් සිදු නොවේවා.! මිය ගිය සැමට නිවන් සැප ලැබේවා .! මේ ව්‍යසනය රජයේ වරදින් සිදු උන දෙයක් බව කියනවා. මේ වගේ දේකදීත් තමන්ගේ පටු දේශපාලන මතය ප්‍රදර්ශනය කරනවා. (ර)

:       0       0

සඳුනි Thursday, 30 October 2014 03:05 PM

දිසානායක, ඔයාගේ දේශපාලන ගැතිකම මොකද්ද කියලා පැහැදිලිවම පෙනෙනවා. ඔයා නොදන්නවට මන් මේ මොහොතේ ඉන්නෙත් කොස්ලන්දේ. කමෙන්ට් කරන්න නෙමෙයි පිහිටවෙන්න ඇවිත්. (ර)

:       0       0

සඳුනි Wednesday, 29 October 2014 03:45 PM

කවුරු රට පාලනය කලත් මෙවැනි ස්වාභාවික විපත් වලක්වන්න අමාරුයි. එහෙමනම් දියුණු රටවල් නිකන් ඉදීවිද? දැන් කල යුත්තේ අවධානමට ලක්වුවන් ඉවත් කිරීමයි. (ර)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 29 October 2014 04:08 PM

මේ අයත් අපේ රටවැසියන් බව බලධාරීන් සැළකුවනම් මෙම විපත වළක්වා ගත හැකිව තිබුණා. (ර)

:       0       0

සිසිර Thursday, 30 October 2014 05:49 AM

මැරුණ අය ගැන කණගාටුයි. ඹවුන්ට නිවන් සැප ලැබේවා (නදී)

:       0       0

දනූසි Thursday, 30 October 2014 05:55 AM

2005 ඉඳන් ආපදා තත්ත්වයක් ප්‍රකාශ කලා නම් ඇයි එයාලව අයින් කලේ නැත්තේ. බලධාරීන් මොකද මේ වෙනකන් කලේ. (නදී)

:       0       0

නලින් - කෝට්ටේ Wednesday, 29 October 2014 04:54 PM

මේක සුනාමියෙන් පස්සේ ලංකාවේ වෙච්ච දරුණු ස්වබාවික විපතක්, මම හිතන්නේ රජයේ ශෝක දිනයක් කලොත් හොදයි කියලයි. (ර)

:       0       0

දිසානායක Wednesday, 29 October 2014 04:58 PM

සදුනි, ඔයාගේ දේශපාලන ගැතිකම මෙතෙන්ට වැඩක් නෑ. ස්වභාවික විපත් නවත්වන්නට බෑ තමයි. මේත් අපේ මිනිස්සු. තමුන්ට වුනානම් මේ කතා නෑ. අවධානමට ලක්වුවන් ඉවත් කිරීම දැන්ද කරන්න තිබුණේ. ලැජ්ජා නැතිව වීරවරියෝ වගේ කමෙන්ට් කරන්නේ. මිය ගිය සැමට නිවන් සැප ලැබේවා .! මේ සසරේ කවදාවත් මේ වගේ අසත්පුරැෂයෝ අතරේ ඉපදෙන්න නොලැබේවා.! (ර)

:       0       0

රූපවති Wednesday, 29 October 2014 05:48 PM

පව් ..! මුලින්ම ගෙවල් කීපයක් ගිලාබැස ඇතිවග දැක්කම ඇයි දෙවියනේ අනික් මිනිසුන් ආරක්ෂා ඇති තැනකට නොගියේ? ජීවිත ටික බේරුනානම් මොනවා නැති වුනත් ඒ හැමදේම යලි ගොඩනගා ගන්න තිබුනා..පව් මේසා විශාල මරණ සංඛ්‍යාවක් සිදුවෙන්න කලින් ඇයි වගකිව යුත්තෝ මේ මිනිසුන් ඒ පලාතෙන් අයින් නොකළේ...! (අ)

:       0       0

චානක Wednesday, 29 October 2014 06:36 PM

චීනුන්ට දෙන්න නම් ඉඩම් තිබෙනවා. අපේ රටේ මිනිසුන්ට දෙන්න ඉඩම් නැහැ. බොහොම ශෝක්. ආණ්ඩුවට මේ අහිංසකයන් වටින්නේ ඡන්දෙ දවසට පමණයි. 2005 දී මෙවෙනි යෝජනාවක් වගකිව යුත්තන්ට ඉදිරිපත් කලානම් එය ක්‍රියාත්මක නොකළ බලදාරීන් මෙයට සම්පුර්ණ වගකිව යුතුයි. (නදී)

:       0       0

සරත් පීරිස් Wednesday, 29 October 2014 06:52 PM

හාරලා මිනී ටික ගන්නම ඕනා (නදී)

:       0       0

සීල Wednesday, 29 October 2014 07:18 PM

ටිකිරි ගේ කතාව මම අනුමතකරනවා.මේ නස්පැත්තියට වගකියන්න ඕනේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව.ඉවක් බවක් නැතුව අපේ මර දේසපාලුවෝ ගස්,කඳු කපනවා.ඊට පස්සේ නාය යනවා.ඔන්න ඔය ඈයෝ තමයි පන පිටින් වැලලේන්න ඕනේ.නැතුව මේ අසරණ මිනිස්සු නොවෙයි. මේක ස්භාවික විපතක් නොවේ.(අ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Wednesday, 29 October 2014 07:31 PM

මියගිය අයට නිවන්සුව පතමි.රෝහලේ සිටින අයට ඉක්මන් සුවය පතමි. ටිකිරි බණ්ඩාට දෙකොන මාරුවෙලා වගේ දොඩවනවා. සදුනිගේ කතාව 100% ඇත්ත. දිසානායක සදුනි නොවේ ඔයා තමා දේසපාලන ගැතී කමෙන් කතා කරන්නේ. කව්ද ඔයාට අසත්පුරුෂයෝ වගේ පේන්නේ ස්භාවධර්මයද? (අ)

:       0       0

බකිත Wednesday, 29 October 2014 07:35 PM

රජය මේ ගැන මෙයට කලින් කටයුතු කරන්න තිබුන .මේවා හොයල බලන්න තිබුන .නිලධරයෝ ඉන්නේ එ්කට තමා .ඒ දේවල හොයන්න තමා පාලකයෝ ඉන්නේ .දෙයක් වුණාට පස්සේ කණගාටු වෙලා වැඩක් නෑ.මියගිය අයට නිවන් සුව ලැබේආ .ඉතිරි වුණු අයට දැන්වත් කළ යුතු දේ කරන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 48 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 201 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 67 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 45 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 208 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1114 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site