ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ හොකී තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතා දෙකම මධ්‍යම පළාත් කණ්ඩායම් විසින් දිනාගන්නා ලදි. මෙම තරගාවලිය කොළඹ කෘතිම හොකී පිටියේදී පසුගියදා පැවැත්විණ. මධ්‍යම පළාත් පිල සහ දකුණු පළාත් පිල අතර පැවැති පිරිමි අවසන් මහා තරගයෙන් මධ්‍යම පළාත් ක‍්‍රීඩකයෝ ගෝල 3/2 ක ජයක් ලැබුහ. මධ්‍යම පළාත් පිල තරගයේ පළමු අර්ධයේදීම ගෝල 2/0 කින් ඉදිරියෙන් සිටියේය. ජයග‍්‍රාහී මධ්‍යම පළාත් පිල වෙනුවෙන් එම්.එම්. මුලාෆර් (1), ඞී. ගුණවර්ධන (1) සහ ධම්මික අබේරත්න (1) ගෝල ලැබුහ. කේ. අතුරලිය (1), එන්.ටී. මහේෂ් (1) දකුණු පළාත් පිල වෙනුවෙන් ගෝල ලබාගත්හ. අවසන් පුර්ව වටයේදී මධ්‍යම පළාත් පිල විසින් බස්නාහිර පළාත් පිල (ගෝල 7/1) ද, දකුණු පළාත් පිල විසින් ඌව පළාත් පිල (ගෝල 6/2) ද පරාජය කරන ලදී. බස්නාහිර පළාත තෙවැනි ස්ථානය ලැබීය. මධ්‍යම පළාත් පිලේ දිලූක වීරසුරිය, දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. කාන්තා අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් පිල ගෝල 5/0 කින් පරදවා පහසු ජයක් ලබා ගැනීමට මධ්‍යම පළාත් ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. එහිදී මධ්‍යම පළාත් ක‍්‍රීඩිකාවන් තරගයේ පළමු අර්ධයේදීම ගෝල පහ ලබා ගැනීම කැපී පෙනේ. චතුරිකා විජේසුරිය (1), යමුනා විජේසුරිය (1), මධුෂාණී ජයනෙත්ති (1), මදුරා ධර්මරත්න (1) සහ බුද්ධිකා ගුණරත්න (1) මධ්‍යම පළාත් පිලේ ගෝල ලාභිණියෝ වුහ. අවසන් පුර්ව වටයේදී මධ්‍යම පළාත් පිල විසින් ඌව පළාත් පිල (ගෝල 12/0) ද, බස්නාහිර පළාත් පිල විසින් දකුණු පළාත් පිල (ගෝල 6/2) ද පරාජය කරන ලදී. දකුණු පළාත් පිල තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. මධ්‍යම පළාත් පිලේ ජී.ජී.දමයන්ති දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස තේරීපත් වුවාය.
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ හොකී ශූරතා දෙකම මධ්‍යම පළාතට