IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


44 වැනි ජාතික කැරම් තරගාවලියේදී චමිල්ගේ වසර 8 ක කිරුළ ගිළිහෙයි

ශ‍්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ 44 වැනි ජාතික කැරම් තරගාවලියේදී වසර අටක් පුරා ජාතික ශූරතාව රැකගෙන සිටි චමිල් කුරේ පරදවා පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට නිශාන්ත ප‍්‍රනාන්දු සමත්විය. ජාතික කේවළ ශුරතා (පිරිමි) වැඩිම ගණනක් දිනා සිටි හිටපු ජාතික ශුර ලැන්ග්ලි මතායස් සතුව තිබු වාර්තාව චමිල් කුරේ පසුගිය වසරේදී බිද දැමීමට සමත්විය. එහිදී ශුරතාව හත්වරක් දිනා සිටි ලැන්ග්ලිට වඩා චමිල්ගේ විශේෂත්වය වුයේ ශුරතා අටම පිට පිට දිනාගෙන සිටීමයි. මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ උඩු මහලේ පිහිටි ශාලාවේදී පසුගියදා (10) නිමා වු මෙම තරගාවලියේදී චමිල්ට අමතරව පසුගිය වසරේ ශූරිය වු චලනි ලක්මාලි ද අවසන් පුර්ව වටයේදී පරාජයට පත්වුවාය. චමිල් කුරේ සහ නිශාන්ත ප‍්‍රනාන්දු අතර පැවැති පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගය වට තුනක් දක්වා තියුණු මුහුණුවරක් ගත්තේය. පළමු වටය 25/7 ක් ලෙස නිශාන්ත පහසුවෙන් ජයගත් අතර දෙවැනි වටය චමිල් ජය ගත්තේ 25/16 ක් පරිදිය. තීරණාත්මක අවසන් වටය 25/13 ක් ලෙස ජයගත් නිශාන්ත 2012 වසරේ ජාතික ශූරතාව හිමිකර ගත්තේය. නිශාන්ත 2001 වසරේදී මීට පෙර පිරිමි ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයෙකි. අවසන් පුර්ව වටයේදී චමිල් කුරේ විසින් අජිත් චන්ද්‍රසෝම (25/20, 25/2) ද, නිශාන්ත ප‍්‍රනාන්දු විසින් ළහිරු ඉෂාන් (25/0, 25/1) ද පරාජය කරන ලදහ. කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයේදී මධුෂිකා කාංචනමාලා පරදවා තරග වට 2/1 ක ජයක් ලබා ගැනීමට ජෝසප් රොසිටා සමත්වුවාය. රොසිටා 2010 වසරේ ජාතික ශූරිය වුවාය. කාන්තා පළමු අවසන් පුර්ව තරගයේදී ජෝසප් රොෂිටා විසින් චලනි ලක්මාලි (25/15, 8/25, 25/19) පරාජය කරන ලද අතර මධුෂිකා කාංචනමාලා විසින් යසිකා රාහුබද්ධ (25/23/, 21/25, 25/18) පරාජය කරන ලදී.



අදහස් (0)

44 වැනි ජාතික කැරම් තරගාවලියේදී චමිල්ගේ වසර 8 ක කිරුළ ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 893 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 306 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 217 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2257 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3156 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2254 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36905 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24346 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site