IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


4500 ක් විදසුන් බවුන් වඩති

තරුණ බාල මහළු සියලු දෙනා එක්රැස්ව සංවිධානය වූ මෙත් සවිය සමථ විදර්ශනා භාවනා වැඩසටහනේ තවත් අදියරක් කොළඹ 06 ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි

මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන  මෙහි ප්‍රධාන අනුශාසක අහංගම ආනන්ද නාහිමියෝය.

මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය   මහියංගනය  පූජා භූමියේ  අඩි 84 උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද ඉදිකිරීමට යයි.

4500 දෙනෙක් මෙම වැඩසටහනට හවුල් වි සිටිති.

www.methsaviya.lk සහ www.methsaviya.org යන වෙබි අඩවි ඔස්සේ මෙහි වැඩි විස්තර සොයා ගත හැක.

A b c d e f g h i k l14072014062



අදහස් (0)

4500 ක් විදසුන් බවුන් වඩති

දීපාල් Sunday, 13 July 2014 04:37 PM

මහාචාර්ය චන්දන ජයරත්න මහතා සිව්වනක් පිරිසට ආදර්ශයක්. සාධු ! සාධු ! සාධු ! (නදී)

:       0       0

නිශාර් Monday, 14 July 2014 11:50 AM

අවශ්‍යතාවය වන්නේ ගමනෙහි අවසානය දැකීමයි ගුරු පියාණෙනි .... ඔබ කරංනවූ මේ උතුම් කර්තව්‍යන්ගෙන් ලෝකය තවත් යහපත් තැනක් වේවා.(අ)

:       0       0

නුවන් Sunday, 13 July 2014 10:47 PM

මේ උතුම් පුණ්‍යකර්මය ඉතා උනන්දුවෙන් අනුමෝදන් වෙමි. සාධු ! සාධු !! සාධු !!! මේ පින්කමින් සහභාගි වූ සහ උදවු කළ සැමට පරම ශාන්ත උතුම් නිර්වාණය ශාක්ෂාත් කරගැනීමට හැකි වේවා! තව තවත් මෙවැනි පින්කම් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

ලක්විදු Wednesday, 16 July 2014 11:31 PM

මගේ අදහස් ගැන අදහස් දැක්වූ අයට කියන්නේ, කරුණාකරලා ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න. එතකොට ඔයාලටම හරි දෙය තේරේවි. (නි)

:       0       0

හේමාල් Sunday, 13 July 2014 11:52 PM

දකිනකොටත් සිතට සතුටුයි (නි)

:       0       0

මාධව Wednesday, 16 July 2014 11:57 PM

බුදු සරණ වේවා! (නි)

:       0       0

සදුනි Sunday, 13 July 2014 11:52 PM

අනගි ක්‍රියාවක්. ඉතා සතුටුයි. භාවනාවට ආගම් භේද නැහැ (නි)

:       0       0

ලක්විදු Thursday, 17 July 2014 12:03 AM

ස්තූතියි උදාර මහතාණනි, ඔබ ත්‍රිපිටකය නමැති සඳ දෙස බලන්න. (නි)

:       0       0

දර්ශන Monday, 14 July 2014 12:27 AM

තමන් සදා අමරණීය යැයි සිතාගෙන ඉන්න දේශපාලකයන් අතරේ ජීවිතයේ යථාර්ථය තේරුම්ගත් පොදු ජනතාව දැකීමත් සතුටක්. සැමට යහපතක්ම වේවා! (නි)

:       0       0

හැරිසන් Monday, 14 July 2014 12:37 AM

චන්දන මහත්මයා සියල්ලන්ටම ආදර්ශයක් (නි)

:       0       0

නෙළුම් Monday, 14 July 2014 01:56 AM

පිටරට ඉන්න අපිට මෙවැනි පින්කම් ලංකාදීප පුවත්පත නිසා දැකීමත් සතුටුයි. මගේ මව්බිමටත් එහි සැමටත් තෙරුවන් සරණයි. (නි)

:       0       0

ලුම්බිණි Monday, 14 July 2014 02:12 AM

මනස සංවර්ධනය කර එතුළින් අනුන් කෙරෙහි මෛත්‍රිය කරන්න පුරුදු කරන එක ඉතාම හොඳ දෙයක්. මේක තමා සත්‍ය බුදු දහම. අද මේ රටට අවශ්‍ය වී ඇත්තේ එවැනි අය තමා. අඩි ගණනාවක් උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් හදනවට වඩා එම මුදලින් මෙවැනි දේවල් දියුණු කරන එක හොඳයි කියලා තමයි මටත් හිතෙන්නේ. (නි)

:       0       0

රෙක්ස් Friday, 25 July 2014 02:52 PM

' ත්‍රිපිටකය කියවලා නෙවෙයි. එ්ක පස්සේ කාලේ අාපු දෙයක්. 'උදාර 2014-07-18 05:00:13 මෙම ප්‍රකාශයෙන්ම පෙනෙනවා මෙම පුද්ගලයාගේ බුදුදහම පිලිබදව ඇති නොදැනුවත් කම.(නදී)

:       0       0

නන්දසේන Monday, 14 July 2014 03:47 AM

රටේ විශාල අද්‍යාත්මික පරිහානියක් සිදුවෙන මේ කාලයේ මෙවැනි හොඳ වැඩ සටහන් සිදුකිරීම නිවන් දකින පිනක්, රටේ සියලුදෙනාගේ ඇස මේ දෙස යොමු වේවා. (ස)

:       0       0

සුලෝචන Monday, 14 July 2014 02:15 PM

ඉතා උතුම් පින්කමක් (නි)

:       0       0

ලක්විදු Monday, 14 July 2014 04:04 AM

මෙය හොඳ වැඩක් වෙන්න පුළුවන්. එහෙත් චන්දන ජයරත්න මහතා කියන බෞද්ධ දර්ශනය ගැන මට ගැටළු තියෙනවා. විද්‍යාව යොදාගෙන බෞද්ධ දර්ශනය ඔප්පු කිරීමට යාම අනුවන කමක් සහ ජනප්‍රිය වීමට බුද්ධ ධර්මය යොදා ගැනීමක්. අනික බුදු පිළිමයේ උසෙන් මොකක් තීරණය වෙනවද කියල මට හිතාගන්න අමාරුයි. (ස)

:       0       0

සමන්ති Monday, 14 July 2014 02:15 PM

මහාචාර්ය ජයරත්න මහතාණනි, පවුල් සංස්ථාව කඩාගත් අය වෙනුවෙනුත් භාවනා වැඩසටහනක් කරදෙන්න.ඔබට බොහෝ පින්. (නි)

:       0       0

කලනි Monday, 14 July 2014 04:10 AM

අපිටත් සහභාගි වෙන්න තිබුණා නම්.... (නි)

:       0       0

මහීපාල Monday, 14 July 2014 04:10 AM

ඉතා හොඳයි (නි)

:       0       0

සේන Monday, 14 July 2014 05:01 AM

රටේ හැම තැනකටම මෙවැනි වැඩසටහන් අවශ්‍යයි. සමාජයේ හැම තරාතිරමකම පුද්ගලයන්ට සහභාගි විය හැකි ලෙස. (ස)

:       0       0

සුපුන් Monday, 14 July 2014 05:12 AM

බුදු පිළිමයේ උසින් තීරණය වන්නේ බුදු හාමුදුරුවෝ දෙසන ලද අසු හතර දහසක් ධර්මස්කන්ධයි.චන්දන ජයරත්න මහතාට ජනප්‍රිය වෙන්න බුදු දහම යොදා ගන්න උවමනා නැත. එතුමා ලංකාවේ ඉන්න හොඳම තාරකා විද්‍යාඥයා හා භෞතික විද්‍යා මහාචාර්යවරයාය. මේ අවස්ථාව බුද්ධිමත් බෞද්ධයන්ට අටමහා කුසලක් කර ගැනීමට ලැබෙන විරල අවස්ථාවකි. (ස) a

:       0       0

සීල ද සිල්වා Monday, 14 July 2014 04:06 PM

මට නම් මේවා විකාරයක්. රුපියල් ලක්ෂ හාරසීයකින් පුංචි ගෙවල් 40 ක් හදලා ඒවා හව්හරණක් නැති අසරණ පවුල් වලට පුජා කරන්න. මම රුපියල් ලක්ෂයක් ප්‍රදානය කරන්නම්.(නදී)

:       0       0

ලක් විදු Thursday, 17 July 2014 03:33 AM

අර කව්ද කිව්වා වගේ මේක අරුම පුදුම රටක්. නළුවෝ සින්දු කියනවා, මැති ඇමති වරු ක්‍රිකට් ගහනවා, සංගීතය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය සුපර් ස්ටාර් ල වෙනවා, තාරකා විද්‍යාංඥයෝ බන කියනවා. (නදී)

:       0       0

පර්සි Monday, 14 July 2014 05:49 AM

ලක්විදු , අැවිත් බලන්න, ඔබගේ ගැටළුවට මෙත්සවිය උපකාරයක් වේවි. (නදී)

:       0       0

නිලංකා Monday, 14 July 2014 06:11 AM

චන්දන ජයරත්න ගුරු දේවිය ගැන දැන ගැනීමට බවන වැඩ සටහනට සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. (නදී)

:       0       0

චසිත නුවන්තික බුලත්සිංහල Monday, 21 September 2015 09:53 AM

සැබවින්ම උතුම් කාර්යයක් . (ම)

:       0       0

ගීතාංජලී Monday, 14 July 2014 06:29 AM

මට හිතෙන විදිහට සංසාරයේ පිං කර තියෙන්නත් ඕනෑ එතුමා වගේ කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න. කොහොම වුණත්, මේ සංසාරයේ ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතය සැබෑ තත්වයෙන් අවබෝධ කර ගැනීමටත්, සැලෙන සිතකින් තොරව ජීවිතයට සතුටින් මුහුණ දීමටත්, මට ඉතා පුංචි කාලයකදී හැකි වීම මා ලද පිනක් වන අතර, චන්දන ජයරත්න මහාචාර්යතුමාටත්, ස්වාමීන් වහන්සේටත්, මා හට මෙම අවස්ථාව ලබාදීමට උදව් උපකාර කළ සැමටත් නිදුක්, නිරෝගී, දීර්ඝායුෂ ලැබීමටත්, තව තවත් මෙවැනි උතුම් සේවාවන් කිරීමට අනන්ත බුදු ගුණය හා විශ්ව ශක්තිය ලැබීමටත් මම දිනපතා උදය සවස මෙත් වඩා අධිෂ්ඨාන කරමි. (නි)

:       0       0

රේණුක Monday, 14 July 2014 06:35 AM

ඉතා හොඳ අගය කළ යුතු ක්‍රියාවක්. (නි)

:       0       2

ලක්විදු Thursday, 24 July 2014 04:53 PM

බුදුදහමෙන් තොර ත්‍රිපිටකයක්ද, ත්‍රිපිටකයෙන් තොර බුදු දහමක්ද නැත. බුදුන් වහන්සේ දෙසු සියලු ධර්මය අඩංගු වන්නේ ත්‍රිපිටකයේය. (නි)

:       0       1

ඉම්රාන් Tuesday, 15 July 2014 12:40 AM

මෙයයි සැබවින්ම අවශ්‍ය වන්නේ (නි)

:       0       0

හෂිණි Tuesday, 15 July 2014 12:40 AM

මෙම කාර්යය අගය කරමි. (නි)

:       0       0

සමන්ති Tuesday, 15 July 2014 12:40 AM

අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර මිනිසුන්ට සරලව ජීවත්වෙන්නට කියාදෙනවා නම් හොඳයි (නි)

:       0       0

උදාර Friday, 18 July 2014 05:00 AM

ලක් විඳු මහතාණනි, හොඳ බෞද්ධයෙකු වීමට ත්‍රිපිටකය අවැසි නැත. අවැසි වන්නේ ශ්‍රද්දාව වඩවා ගැනීම සහ නුවන ඇති කරගැනීමයි. බුදුන් දවස සියලු දෙනා සත්‍ය අවබෝද කරගත්තේ ත්‍රිපිටකය කියවලා නෙවෙයි. එ්ක පස්සේ කාලේ අාපු දෙයක්. බුදුන්ගේ රුව දැකලත් සසර දුකින් මිදුන පිරිස ගොඩක් ඉන්නවා. ඔබට තව ලෙකු දුරක් යන්න තියෙනවා. තෙරුවන් සරණයි (නදී)

:       0       0

කුමාරසිරි Saturday, 26 July 2014 04:15 AM

බුදුදහම පිලිබඳ නිවැරදි අවබෝධයක් නොමැතිව දේශනා පවත්වන පුද්ගලයන් පසුපසගොස් බොහෝ උදවිය දෘෂ්ටිගතවී අතරමංවී ඇතිබව ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන සිද්ධීන් වලින් පෙනේ. (නදී)

:       0       0

ලක්විදු Saturday, 26 July 2014 04:20 AM

අපි නම් ස්වාමින් වහන්සේලා අසුන්ගන්න ආසන වලට අතුරන්නේ සුදුපාට ඇතිරිල්ලක්. (නදී)

:       0       0

මිගාර Monday, 14 July 2014 10:16 AM

මට නම් පේන විදිහට උපාසක ඇත්තෝ බොහොමයක් පොෂ් කට්ටියක් වගේ. වඩා හොඳ නැද්ද වහලක් නැති මිනිස්සුන්ට අතුපැලක් හරි හදා දුන්නොත්? බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැ 84 රියන් පිළිම හදන්න කියල. (ස)

:       0       0

උදාර Monday, 14 July 2014 11:12 AM

ලක්විඳු,සඳ පෙන්වා එය ගැන පවසන විට, කරුණාකර එය දෙස පමණක් බලා නුවණින් විමසන්න. එය පෙන්වන ඇඟිල්ල දෙස බලා එහි තිබෙන ඇද නොසොයන්න. ගුරුතුමනි, ඔබ කරන්නාවූ මේ කුසල කර්මයේ බලයෙන් සතර අගතියෙන් මිදී උතුම් වූ සත්‍ය ධර්මය අවබෝධ වේවායි එක සිතින් පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 115 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1050 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 207 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 907 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3617 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2288 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site