IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


60 පැනපු මනමේ රේඛාව විරාගය

2017-01-15-ent-34

හැට හැට වූ කලී සුවිශේෂී ඉලක්කයකි. එක පැත්තකින් හැට යනු පරිණතවීමේ වසරයි. අවුරුදු හැට සම්පූර්ණ වූ පසු යම් පුද්ගලයකු ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වෙයි. වැඩිහිටියකු ලෙස සමාජයෙන් ද පිදුම් ලබයි.

එලෙසින්ම අදටත් සමාජයෙන් පිදුම් ලබන හැට පිරුණු නාට්‍යයක් ද චිත‍්‍රපටයක් ද නව කතාවක් ද දැන් අපට දායාද වී තිබේ. ඒ මනමේ, රේඛාව සහ විරාගයයි.

මේ හැට පැනපු එහෙත් තවමත් තාරුණ්‍යය නොඉක්ම වූ මේ කලාංග ගැන කතා නොකර සිටිය නොහැකිය.

හැට පැනපු මනමේ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයකි. එදා මෙදා තුර නිෂ්පාදන ගණනාවක් ලෙස නැවත නැවත ප‍්‍රතිනිර්මාණය වූ මනමේ, අදටත් ශෛලිගත නාට්‍ය ගැන කතා කරන විට අපට තිබෙන විශිෂ්ටතම උදාහරණයයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊ.එෆ්.ජී. ලූඩොවයික් විසින් ඉංග‍්‍රීසි නාට්‍ය නිපදවා, කොළඹ ඇතුළු නාගරික සමාජයට නාට්‍ය රසය කියාදුන් සමයේ, මහාචාර්ය සරච්චන්ද්‍ර විශ්වවිද්‍යාලයීය සිංහල නාට්‍ය සංගමය ආරම්භ කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ විවිධ සිංහල නාට්‍ය නිෂ්පාදනය කිරීමය. එම නාට්‍ය අතරේ වූ මනමේ නාට්‍යය ශෛලිගත සම්ප‍්‍රදායෙන් මියුරු ගැයුම් වැයුම් සහ නැටුම් සහිතව නිර්මාණය කෙරුණෙත් සිංහල නාට්‍යය වටා බුද්ධිමත් රසික පිරිසක් ගොඩනැගුණේය. මේ නිසා සිංහල නාට්‍ය ප‍්‍රබෝධයක් හට ගත්තේය.

ජාතක පොතේ එන චුල්ල ධනුද්දර ජාතකය ඇසුරින් හැබැයි එම ජාතක කතාවට නව අරුතක් එක් කරමින් නිර්මාණය කෙරුණු මනමේ නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ටි‍්‍රලීෂියා අබේකෝන්, මනමේ කුමාරයා ලෙස බෙනඩික් සිරිමාන්න මතක හිටින චරිත රඟපෑවෝය.

සරච්චන්ද්‍ර මනමේ නිර්මාණය කරන්නට පෙර ජපානයේ විශ්වවිද්‍යාල ඇසුරේ කල්ගත කළේය. එනිසා ඔහු එහිදී ලද නාට්‍ය ආභාසය ද මේ මනමේ සඳහා යොදා ගත් බව ඔහු පවසයි.

මනමේ අදටත් අපේ රටේ උසස් විභාග සඳහා නිර්දේශිතය. එනිසාම යුගයෙන් යුගයට අදටත් මනමේ වේදිකාගත වෙයි.

වෙනසකට ඇත්තේ රඟන නළු නිළියන් පමණි. එනිසාම මේ වනවිට මනමේ කුමාරවරුන් මෙන්ම මනමේ කුමාරියන් ද දහයකට වඩා බිහි වී ඇත්තේය.

2017-01-15-ent-31

පේ‍්‍රමයෙන් මන රංජිත වේ

නන්දිත වේ

පුෂ්පයෙන් වන සුන්දර වේ

ලංකෘත වේ

ආලයෙන් වෙලි සෑදි මෙ ලතා

මණ්පඩයෙන් චන්ඩාතප

ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

කෝකිල හඬ කන්පිනවයි

රන් ස්වරයයි

රෑන ගිරව් දෙන ගී සිංදු

අම බිංදු සෑම දෙසේ සංගීත ඇසේ

පිපි තඹරින් නද බඹරින්

පිය රැුව් දෙන ලිය කිඳුරන

 

මේ මනමේ නාට්‍යයේ එන මනරම් ගීතයකි. අදටත් බොහෝ රසික ආමන්ත‍්‍රණයට පාත‍්‍ර වූ පේ‍්‍රමයෙන් මන රංජිත වේ ගීතය නොගැයෙන සාදයක් නොමැති තරම්ය. ඒ තරමටම මෙහි ගායන ලාලිත්‍යය ද අර්ථය ද සිත් ඇදගන්නා නිසාය.

වේදිකාවේදී මනමේ හැට සැපිරුවා සේම රිදී තිරයේ රේඛාවද හැට පන්නා තිබේ. ඊට පෙර බිහි වූ චිත‍්‍රපට කොයිතරම් තිබුණත් රේඛාවේ වූ දේශීයත්වය, මියුරු ගී පද ආදිය නිසා සිංහල සිනමා වංශ කතාවේ සුවිශේෂ චිත‍්‍රපටයක් බවට පත්ව තිබේ. නොඑසේනම් ගරු බුහුමන් ලැබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ රේඛාව චිත‍්‍රපටයට පසුබිම්ව ඇත්තේ සිංහල ගම්මානයේ ජීවිතයයි. සිංහල සිනමා ඉතිහාසයේ මුල්ම වතාවට එළිමහන් දර්ශන රූගත කෙරුණු රේඛාව, ඉන්දීය ආභාෂයෙන් මිදුණු පළමු වැනි සිංහල චිත‍්‍රපටය ද වෙයි.

සෝමපාල ධර්මප‍්‍රිය, මල්ලිකා පිලපිටිය, මර්ටල් ප‍්‍රනාන්දු, අයිරාංගනී සේරසිංහ, ආනන්ද වීරකෝන්, නෝනා සුබෙයිදා, ශේෂා පලිහක්කාර, සුනිලා ජයන්ති, ඞී.ආර්. නානායක්කාර, පාල්මාපා ගුණරත්න, රොම්ලස් පෙරේරා, වින්සන්ට් සේරසිංහ, ඇන්.ආර්. ඩයස් චරිත නිරූපණය කළ රේඛාවේ ගී පද රචනා කළේ මර්සලින් ජයකොඩි පියතුමාය.

ගී තනු සුනිල් ශාන්තගේය. සීගිරි ළඳකගේ, ඕලූ නෙළුම් නෙරිය රඟාලා, වෙසක් කැකුළු අතු අග ඉඳ, සුදු සඳ එළියේ යනුවෙන් රේඛාවේ ඇතුළත් වූ ලතා වල්පොල, සිසිර සේනාරත්න, ඉන්ද්‍රානී විජය බණ්ඩාර ආදීහු ගැයූ ගීත අදටත් එදා සේම ජනප‍්‍රියයි. මියුරුයි.

මේ ගීතවල පද මාලාව, තනුව, සංගීත නිර්මාණය සේම ගායනය ද සුවිශේෂය. එතෙක් පැවැති ඉන්දීය ආභාෂය සහමුලින්ම ඉවතලා දේශීය මුහුණුවරකට නිර්මාණය කිරීම නිසාය. එහෙත් ඉන්දීය චිත‍්‍රපටවලට වහ වැටී සිටි පේ‍්‍රක්ෂකයන් නම් මේ මොන ජරාවක් දැයි ඇසූ බව ද වාර්තා වී තිබේ. එසේ වුවත් සිංහල චිත‍්‍රපටයට රේඛාව පූර්වාදර්ශයක් සපයා තිබේ.2017-01-15-ent-33

හැට පැනපු අනෙක් නිර්මාණය විරාගය නව කතාවයි. හෙළයේ අග‍්‍රගණ්‍ය ලේඛකයා හෙවත් කොග්ගල ප‍්‍රාඥයා ලෙස ජාතියේ බුහුමනට පාත‍්‍ර වූ මාර්ටින් වික‍්‍රමසිංහ රචනා කළ විරාගය නව කතාවට පාදක වන්නේ නිදහසින් අට වසරකට පසු ලංකාවේ ගැමි ජීවිතයයි.

බුදු දහම පදනම් කර ගත් ගැමි ජීවිතය මොනවට නිරූපණය කරන විරාගය නව කතාවේ අරවින්ද අදටත් නිතර කතාබහට ලක් වන චරිතයකි.

පසු කලෙක ආචාර්ය තිස්ස අබේසේකර අතින් සිනමාවට ද නැගුණු විරාගයේ ප‍්‍ර‍්‍රධාන චරිතය වූ අරවින්දට පණ දුන්නේ සනත් ගුණතිලකය. ඔහු මේ චරිතය වෙනුවෙන් මාස කිහිපයක් තිස්සේ නොකා නොබී කල් ගත කළ බව ද ප‍්‍රසිද්ධ රහසකි.

හැට පැනපු මේ නිර්මාණ තුනම අපේ රට සතු මහඟු සම්පත් සේ මේ දක්වාම ඉතුරු වී තිබේ. යුගයෙන් යුගයට මේ නිර්මාණ තුනම ගැන අප කතා කරන්නේ එම නිර්මාණ තුන යුගයක සුවිශේෂී නිර්මාණ වීම නිසාය. හැට පමණක් නොව හැත්තෑව, හැත්තෑපහ, අසූව, අනූව, සීය ආදී වශයෙන් අවුරුද්දෙන් අවුරුද්දට අනාගතයේදී ද මනමේ, රේඛාව සහ විරාගය සම්භාවනාවට පාත‍්‍ර වනු ඇත්තේය.

 

ශාන්ත කුමාර විතාන

 

2017-01-15-ent-32 

 



අදහස් (0)

60 පැනපු මනමේ රේඛාව විරාගය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 824 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 125 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 305 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 454 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2145 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4174 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site