සමිත් බෝධිපක්ෂ (චීනයේ ෂැංහයි නුවර සිට)

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි ජාතික ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි.
පෙර ප්‍රදර්ශනවලදී මෙන්ම මෙවරද එහි ව්‍යවසාය ව්‍යාපාර ප්‍රදර්ශන, Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය, වෘත්තීය සහාය ක්‍රියාකාරකම් සහ සංස්කෘතික හුවමාරු ආදී ක්‍රියාකාරකම් ඇතුළත් වෙයි.
රටවල් 30කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් සහභාගි වන මෙම ප්‍රදර්ශනය වර්ග මීටර් 330,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැවැත්වෙයි.
2018 වසරේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවද කිහිප වතාවක් සහභාගි වී තිබෙන අතර, මෙවරද ශ්‍රී ලංකාවෙන් ප්‍රදර්ශන කුටි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද ප්‍රධාන ප්‍රදර්ශන කුටිය ප්‍රදර්ශන භූමියේ පිහිටි ජාත්‍යන්තර කලාපයේදී අද සවස විවෘත කෙරිණි. චීනයේ ෂැංහයි නුවර කොන්සල් ජනරාල් අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි. මීට අමතරව මෙරට ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කරන කුටි කිහිපයක්ම මෙවර ප්‍රදර්ශනයට එකතු කර තිබේ.
මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට මැලේසියාව, උස්බෙකිස්තානය, ස්ලෝවැකියාව, මොංගෝලියාව, සර්බියාව සහ කසකස්තානය යන රටවල අග්‍රාමාත්‍යවරුන්, අනෙකුත් රටවල නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මෙවර ප්‍රදර්ශනය එළඹෙන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
766
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ