IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


76,000 පිළිකා පෙත්ත අපි 370වට දුන්නා

(නිමල් පෙරමුණ)

පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා. ඉන් පස්සෙ ඒ බෙහෙත ඒ සමාගමම දැන් රුපියල් තුන්සිය හැත්තෑවට (370) ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය කළේය.

උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී (17) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා පැවැසූවේය. මෙතැනදි මට හරි දුකක් දැණුන පාසල්වල අළුත්වැඩියා සඳහා රුපියල් මිලියන දෙකක පහක වගේ වැඩතමයි තියෙන්නෙ. අපි ඒව හදාගන්න හීන දකිනව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසෙකට කල්ඉකුත් වෙලා පුච්චන බෙහෙත් බිලියන ගණනින් විනාශ කරන්නෙ. ඒවා පුත්තලම සිමෙන්ති කම්හලට යවල හැම මාසෙකම පුච්චනව. ඒවා අපරාධ ගණයට අයිතිවෙන ඒව. හැබැයි නීතියාණුකූලයි ඒනිසා අපිමේ හැම දේම වෙනස් කලයුතුයි. දැනට අපි අමාත්‍යාංශ මට්ටමින් කරන්න පුළුවන්. හැමදේම කරනව අපිට නොයෙක් ප්‍රශ්න එනව. සමහර වෙලාවට මාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න අහනව මේ බොහෝඅය මාධ්‍ය හැදුණුපතක් තිබුනට ඔවුන් ඖෂධ සමාගම් වල අය ඒ අය අපෙන් තොරතුරු ලබාගැනීමට තමයි කතා කරන්නෙ. මේක සංවිධාත්මක අපරාධ කරුවන්ගෙන් පිරිච්ච රටක් ඒක අපි දැන් ජාතික මට්ටමින් හොඳින්ම අත්විඳිනව ඉහල ඉඳල පහලටම ඇවිත් තියෙන්නෙ රජයේ සේවකයො විදිහට ඔබ කොයිතරම් අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ කියන එක අපි දන්නව මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් ඒවා පසෙකලා අපි එකතුවෙලා වැඩකරමු.

 



අදහස් (17)

76,000 පිළිකා පෙත්ත අපි 370වට දුන්නා

Sanath Sunday, 19 January 2025 03:44 PM

76000 ඉන්ජෙක්ෂන් එක 370 ට දෙනවා නම් කෙහෙලිය වගේ ඇල්වතුර තමයි විදින්න වෙන්නේ...

:       127       199

සනිල් සනිල් Sunday, 19 January 2025 03:50 PM

කවුරු හරි සිලින්ඩර් බයියෙක් මාලිමාව මොනවාද කරේ කියලා ඇහුවොත් ඔලුව අතගාලා මේක පෙන්නන්න..

:       189       106

pj Sunday, 19 January 2025 03:59 PM

මෙයාගේ දැනුමේ තරම තමයි.. 76000 යි කියන පෙත්ත දැන් භාවිතයේ නැහැ. හේතුව ඊට වඩා ප්‍රබල මිල අධික නව බෙහෙතක් දැන් සොයාගෙන තිබෙන නිසයි. ලෙඩක් හැදෙන්න පෙර ඒ ගැන දැනගන්න ක්‍රමයක් නැති බව මෝඩ උන්නැහැට තේරෙන්න ටිකක් කල්යාවි. නැතිනම් කල් ඉකුත් වන බෙහෙත් ගැන මෝඩ කතා කියන්නේ නැහැ.

:       93       190

MahajanathawaSunday, 19 January 2025 04:22 PM

අනේ මචන්, තව ටිකක් මේ වගේ ඒවාට සහභාගි වෙලා ඔයාගේ අදහස් දෙන්න, ඔයාට ගොඩක් දැනුම තියනවා කියලා පේනවා. අත දෙන්න තමයි කවුරුවත් නැත්තේ...

:       72       42

රනේSunday, 19 January 2025 06:00 PM

pj ට තියෙන ලෙඩේ හොඳ කරන්න ටිකක් කල් යාවි. බෙහෙත් නම් ටික ටික දීගෙන එන්නේ. බලමු ඉතින්. පස්සේ හරි යාවි...

:       59       25

sbTuesday, 21 January 2025 11:27 AM

මේකේ අනික් කියන ඒවාටනම් එකඟ නැති වුනාට ඔය බෙහෙත් එක්ස්පයර් වෙන එකනම් අතිශයෙන්ම ඔය සම්බන්ධව ඉන්න අයගේ අකාර්‍යක්ෂමතාවය නිසා වෙන දෙයක් - අපිට වඩා තද නීති වලින් රෝගීන්ගේ අයිතිවාස්ක රකින රටවල පවා අපේ තරම් බෙහෙත් අහක දාන්නේ නෑ අපේ තනිකරම ප්ලෑන් එකක් නැති එක, ඕවා මිලදී ගන්න අයගේ ව්ෘතීය භාවයේ අවුල් සහ කොමිස් නිසා තමයි වෙන්නෙ මට නම් තේරෙන විදියට එක්තරා ප්‍රතිශතයක් කල් ඉකුත් වෙන එක ඇත්ත ඒත් අපේ ඒක ඉතාමත් අභව්‍ය විදියට වැඩියිලු

:       0       2

නිමල් Sunday, 19 January 2025 04:15 PM

මල් මිටක් දිය යුතු වැඩක්. හැබැයි මම නොදැන කියපු කතාවක් කියලා පස්සේ කියන්න නම් එපා හොඳේ...

:       2       50

ගමේ එකාලා Sunday, 19 January 2025 04:23 PM

කෙහෙළිය වගේ දූෂිතයෝ කෙරුවේ ලෙඩ්ඩුන්වත් ගසා කාලා, බාල බෙහෙත් දීලා ඇස් අන්ධ කරපු එක.. ජනාධිපති අරමුදලෙන් හිටපු දේශපාලුවෝ ගසාකාපු හැටි ලෝකෙම දන්නවා. බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි, දූෂිත දේසපාලුවෝ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය නොකෙරුවා නම්, ජනතාවට ඕනෑ හැටියේ සහන දෙන්න තිබුණා.

:       7       51

fairoos Sunday, 19 January 2025 06:16 PM

කොමිස් කාක්කෝ ටික අල්ලලා ඇතුළට දැම්මා නම් වැඩේ හරි...

:       2       29

karolis Sunday, 19 January 2025 07:18 PM

ලංකාවේ දේශපාලන පක්ෂත් සංවිධානාත්මක අපරාධ කල්ලි තමයි

:       0       26

බොනිකර තරුව Sunday, 19 January 2025 09:41 PM

බොරු කියන්න එපා ඇමති තුමා. ඔය කියන බෙහෙත 350ට ගන්න තියන තැන කියන්න මට.

:       4       21

Hashan Vishwapriya Sunday, 19 January 2025 11:53 PM

මොකක්ද ඒ බෙහෙත?

:       0       18

FreemanHAT Monday, 20 January 2025 06:15 AM

මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් ගන්න තව කෙනෙක් ඉන්නවනන් ලියන්නකො ඇත්තටම තත්වය. මටනන් ලියන්න හිතෙන්නෙ නෑ මේ බොරුවලට උත්තර.

:       5       16

රසික Monday, 20 January 2025 07:22 AM

Sanath, මූට නං ඌරු මූත්‍රා දාලා තමයි ගහලා ඇත්තේ. බං ගොයියා,

:       4       17

Gagana Monday, 20 January 2025 11:41 AM

නුගත් ජෙප්පෝ මොනවා කිව්වත් බුදු බන වගේ විශ්වාස කරනවා.

:       1       13

Nishan Monday, 20 January 2025 12:50 PM

මේ කතාවේ හංගපු තැන් බොහෝයි. කෝ ඒ බෙහෙතේ නම? මොකද්ද ඒ කොම්පැණිය? අඩු ගානේ ඒ වැදගත් විස්තර දෙකවත් නොකියා මෙහෙම කියන්න කාට බැරිද?

:       0       12

Dasun Monday, 20 January 2025 01:34 PM

ඔය කියන 378/= කථාවයි කළින් අය කියන 78000/= කථාවයි දෙකම විශ්වාස කරන අය ලංකාවේ ඉන්නවා. ඒ හින්දා නයි අරින්නේ බලාගෙන...

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කුරින්වර්කනි පාලමට ඩොලර් මිලියන 10.5 ක්
2025 ජනවාරි මස 22 119 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදි


ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය
2025 ජනවාරි මස 22 112 0

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි
2025 ජනවාරි මස 22 269 0

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කො


විද්‍යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි
2025 ජනවාරි මස 22 1313 3

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන


අලුත උපන් බිළිඳා ළිඳකට දමලා
2025 ජනවාරි මස 22 206 0

තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි.


එජාප - සජබ සාකච්ඡා සාර්ථකයි
2025 ජනවාරි මස 22 870 6

එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 452 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 342 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site