IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


78ආච්චි දූෂණය කළ 17 කොල්ලා රිමාන්ඩ්

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩි එමි. චන්ද්‍රසේකර මහතා  නියෝග කළේය.

සැකකරු සම්බන්දයෙන් කායික,මානසික සහ සමාජ රෝග පිළිබඳව වාර්තාවක් කැදවන ලෙසත් සැකකරු ඩි.එන්.ඒ.පරික්ෂණකට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිළධාරින් වෙත නියෝග කළේය.

බළංගොඩ මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි එමි.එල්. සිරියාවති නැමති කාන්තාවක දිය නැම සදහා ඉකුත් 27 වැනිදා දොරවෙළ ඔයට ගොස් තිබුණ අතර එහිදී ඇගේ සිරුර දොරවෙළ ඔයේ තිබි සොයාගනු ලැබිය.

ඇය දියේ ගිලි මියගොස් ඇති බවට සැක කළ අතර බලන්ගොඩ මුලික රෝහලේදි සිදුකළ මරණ පරික්ෂණයේදි මරණ සම්බන්දයෙන් වෛද්‍ය වරුන්ට සැකයක් මතු විම හේතුවෙන් මේ සම්බන්දයෙන් පොලිසිය මගින් අධිකරණවෙත දැනුම් දිමක් කර තිබුණි.

එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යයා දිල්රැක්ෂි මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණට සිදුකර අධිකරණ වෛද්‍යවරියක ලවා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියෝග කර සිටියාය.

බලන්ගොඩ මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිනි අයි.එල් රත්නායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අතර එහිදී තහවුරු වි තිබුණේ මෙම කාන්තාව අවස්ථා කිහිපයකදිම ලිංගික අපයෝජනයට ලක් කර ගෙළ සහ මුඛය සිරකර ඝාතනය කර ඇති බවටයි.

 



අදහස් (6)

78ආච්චි දූෂණය කළ 17 කොල්ලා රිමාන්ඩ්

පිටිගල මිලානෝ Sunday, 07 July 2024 09:15 AM

බොහෝ පිං කල අය පමණක් උපදිනවා කියන පිං බිමක ඉපදුන ආච්චී කෙනෙක්ගේ දුක්බර ශෝඛාන්තය….

:       5       13

ABS Module Monday, 08 July 2024 08:18 AM

කාලකණ්ණි ඉපදෙන එකට රටද පළි මෝඩයෝ

:       0       2

lankaputha Sunday, 07 July 2024 10:47 AM

දකුණ කිව්වොත් ගැම්මක් තමයි... කෙසේවෙතත් කොහොමද අවුරැැදු17 කොල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ ...ඔහුට තවමත් 18 ක් නැ නේ

:       11       2

ABS Module Monday, 08 July 2024 08:17 AM

බලංගොඩ තියෙන්නේ දකුණෙද මෝඩයෝ...

:       1       2

Ruwan De Silva Sunday, 07 July 2024 08:13 PM

lankaputha මහත්තයෝ ඔයාගේ අම්මාව, බිරිඳව, දුවට ඔහොම දෙයක් කරාම ,එයාට අවුරුදු 17ක් නේ කමක් නෑ කියලා ඉන්නවා ද?

:       0       3

M.r ch perera Monday, 08 July 2024 05:12 AM

කොල්ලව හොයලා අල්ලාගෙන මුලින්ම කපාලා දාන්න ඕනේ.ඕකට ඔය වගේ වැඩේ වැඩ කරන්න බැරි වෙන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site