( තිළිණි ද සිල්වා )
කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබාගත් වයස්ගතම තැනැත්තා ලෙස ඉතිහාසගත වීමට ශ්‍රී ලංකාවේ උපත ලැබූ කාන්තාවක් සමත් වූවාය.
මෙලෙස සමත්කම් දක්වා ඇත්තේ වරදා ෂන්මුගනාදන් නැමැති අසූහත් හැවිරිදි කාන්තාවකි .
ඇය කැනඩාවේ යොර්ක් විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් වන පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. වරදා ෂන්මුගනාදන් යාපනයේ වේලනයි ප්‍රදේශයේ උපත ලැබූ අයෙකු වන්නීය.
ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබාගත් ඇය පසුව මෙරට ඉංග්‍රීසි සහ ඉතිහාසය යන විෂයන් ඉගැන්වීමේ ගුරුවරියක් ලෙස සේවය කර ඇති බව වාර්තා වේ.ඉන්අනතුරුව ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක් ලෙස 1990 වසරේදී එංගලන්තයේ ලන්ඩන් වෙත ගොස් ඇති අතර එහිදී ඇය ව්‍යවහාරික වාග් විද්‍යාව පිළිබඳ පළමු පශ්චාත් උපාධි ලබා ගත්තාය.
2004 වර්ෂයේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති වරදා ෂන්මුගනාදන් පසුව එරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් නොමිලයේ පශ්චාත් උපාධි පාඨමාලා පැවැත්වෙන බවට දැනගැනීමෙන් අනතුරුව ඇය එම අධ්‍යයන කටයුතු සඳහා යොමු වූවාය.
වරදා ෂන්මුගනාදන් විසින් ලබාගත් දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියේ දී ඇය ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳව සිය අධ්‍යයනයන් ඉදිරිපත් කර ඇත.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
87 ලක් මව කැනඩා සරසවියකින් පශ්චාත් උපාධියක් ගනී
යෝගා Monday, 08 November 2021 03:58 PM
සිවිල් යුද්ධය ගැන අතිනුත් දාලා ලිව්වේ නෑ නේද ඇන්ටි?
විපරමා Monday, 08 November 2021 07:36 PM
අපේ රටෙත් ඉන්නේ උපාධි අරන් ප්‍රසිද්ධියට පත්වෙච්චි දේසපාලුවෝ...?
dona Monday, 08 November 2021 07:40 PM
සිවිල් යුද්ධය ගැන ටිකක් කියාගෙන එනකොට මාධ්‍යය එය නතර කළා....