IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


A සමාර්ථ 25ක් ගෙදරට ගෙනා නිවුන්නු තිදෙනා

(ජේ.ඉඳුරුවගේ)

අපොස සාමාන්‍ය පෙල විභාගයෙන්  ඒ සාමාර්ථ 25 ක ත්‍යාගයක් දෙමාපියන්ට  දායාද කිරීමට ගාල්ල මාපලගම නිවුන් සොයුරෝ තිදෙනෙක් සමත් වූහ.

මාපලගම පදිංචි අනුද මිනුල ගජනායක,අකිඳු විරුල ගජනායක,අමිරු සනුල ගජනායක මේ අපූරු නිවුන් සොයුරෝ වෙති.

මෙයින් අනුද ඒ සාමාර්ථ නවයක් ද , අමිරු හා අකිඳු ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථ දෙක බැගින් ලබාගෙනද විභාගය ඉහළින්ම සමත්ව සිටිති.

මේ තිදෙනාම එකට ඉපිද නාගොඩ ප්‍රාථමික විදුහලේ එකට ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර අනුද 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 172 ක් ලැබ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලට ද ,ශිෂ්‍යත්වයෙන් ලකුණු 162 ක් ලැබ සමත්වූ අකිඳු සහ ආසන්නයටම පැමිණ එම කඩ ඉම අහිමිවූ අමිරු නාගොඩ රාජකීය මහ විදුහලටද 6 ශ්‍රේණියට ඇතුළත්ව ඉගෙනුම ලබා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්හ.

 



අදහස් (16)

A සමාර්ථ 25ක් ගෙදරට ගෙනා නිවුන්නු තිදෙනා

ආනන්ද පිටබැද්දර Friday, 08 December 2023 03:44 PM

බුදු සරණයි පුතේ ඔයාලාට... අධ්‍යාපනයේ ඉහළටම ගොස් ලක්මවගේ නාමය ලොව දසඅත පතුරුවන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි හදවතින්ම පතමි...

:       0       108

පිටරැටියා Friday, 08 December 2023 04:16 PM

ඔබ තුන්දෙනාගේ දක්ෂතාවය අපි අගය කරනවා. ඉගෙනීමේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වී රටට වැඩදායි පුරවැසියන් වෙන්න හැකිවේවා..!

:       0       89

Aravinda Monarawila Friday, 08 December 2023 04:20 PM

එළ බ්‍රෝ එළ...!

:       0       48

Muthukumara Friday, 08 December 2023 04:38 PM

බුදු සරණයි පුතේ, අධ්‍යාපනයේ ඉහළටම ගොස් ලක්මවගේ නාමය ලොව දසඅත පතුරුවන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි හදවතින්ම පතමි

:       0       56

nina Friday, 08 December 2023 06:11 PM

හරිම සන්තෝෂ දෙයක්... ඔබලා හැදූ වැඩූ දෙමව්පියන්ටත්, ගුරු භවතුන්ටත් ආඩම්බරයක්... ජයවේවා...!

:       0       43

නිට්ටඹුවේ, ශාන්ත ප්‍රේමසිරි Friday, 08 December 2023 06:35 PM

දරු තිදෙනෙකුගෙ රැකවරණය අතනෑර ඉගෙනුම ලබාදී පෙන්වන නිසිපාර... ලක්මව වෙතට සම්පත් දෙන අතිසූර ගුරු දෙගුරුන්ට කළයුතුමයි උපහාර...!

:       1       47

Janaka Kariyawasam Saturday, 09 December 2023 05:10 AM

සුභ පැතුම් යාලුවනේ

:       0       1

Hungama chandi Saturday, 09 December 2023 08:05 AM

පුතේ ඔයාලට බුදුසරණයි

:       0       1

pakeer Saturday, 09 December 2023 08:37 AM

සුභ පතනවා ,හොඳ පුරවැසියන් වෙයල්ලා .පුලුවන් හැම වෙලේම මිනිස්සුන්ට උදව් කරපල්ලා .මෙහෙන් පලයල්ලා .අපිවත් එහෙට ගනිල්ලා

:       0       3

Bunny Preena Saturday, 09 December 2023 08:52 AM

සුබපැතුම්...!!! හොඳ කීර්තිමත් පුද්ගලයින් හැටියට අනාගතයේදී ඔබ තිදෙනාගේ සේවය ලංකාවට ලබාගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

:       0       1

janaka Saturday, 09 December 2023 11:08 AM

දන්න කෙනෙක් කියනවද ඕ ලෙවල් ලකුණු දෙන්නේ කීයෙන්ද කියලා ඉස්සර35 තමයි... එස් එක දැන් නම් ගණිතයට ලකුණු 17න් එස් එක දීපු කාල තිබ්බා... ඇත්තම එක් ළමයි නොමග යවන ක්‍රමයක් මම ගොඩාක් තැන්වල මේ ප්‍රශ්නය අහලා තිබ්බාට කවදාවත් හරියට උත්තරයක් ලැබිලා නැහැ...

:       0       1

Kaveesha KumarasingheSunday, 10 December 2023 06:34 PM

35න් තමයි දෙන්නේ. ගණිතය නම් 17න් දුන්නු කාලයක් තිබ්බට දැන් එහෙම නෑ කියලා තමයි උත්තර පරීක්ෂක ගුරුවරු කියන්නේ...!

:       0       1

සුසන්ත Saturday, 09 December 2023 05:33 PM

ඔබගේ සාමාර්ථ ගැන සතුටු වෙමි. නමුත් ඔබ ඊළඟට පිවිසෙන උසස් පෙළ සැහැල්ලුවට නොගත යුතුයි. සා පෙළ සහ උ පෙළ අතර පරාසය ඉතා වැඩියි. සාමාන්‍යයෙන් සා පෙළ අසමත් වීමට අමාරු විභාගයක්. උ පෙළ A තුනක් ගත්තත් විවි යාම අපහසු වන විභාගයක්. පරිස්සමට වැඩ කරන්න. 90 ට ආසන්න A නවයක් ගේන්න... මම නම් බුදු සරණයි, දෙවි පිහිටයි කියන කෙනෙක් නෙවෙයි. ඔබට ඔබේ පිහිටයි...

:       1       2

Sithija Saturday, 09 December 2023 10:09 PM

හරිම ආඩම්බරයි පුතේ... පුදුම සතුටක්... වාසනාවන්ත අනාගතයක්... ජයම වේවා....!

:       0       2

නිලන්ති පතිරණ Saturday, 09 December 2023 11:45 PM

ජයග්‍රහණය බෙහෙවින් අගයමි. වාසනාවන්ත අනාගතයක් ඔබ තිදෙනාටම...!

:       0       2

Ishara Thursday, 28 December 2023 10:02 AM

උසස් පෙළ පාස් වුණාම හොඳ රටකට යන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 88 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 121 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 192 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 704 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 581 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි


කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 579 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site