IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


Fan චිත්‍රපටය එළිදකී


2016-04-12-ent-97බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන් මේ වසරේ මුල්වරට සිය රසික පිරිස් මුණගැසෙන "ෆෑන්" චිත්‍රපටය අද දිනයේදී (අප්‍රේල් 15 වැනිදා) බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළේය. ත්‍රාසය, භීතිය හා කුතුහලයෙන් පිරි චිත්‍රපටයක් ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ ෂාරුක් ද්විත්ව චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි.

ඉන්දීය රුපියල් කෝටි 60ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටය "යශ්රාජ්" චිත්‍රපට සමගාම වෙනුවෙන් ආදිත්‍ය චොප්රා නිෂ්පාදන බරපැන දරා ඇත. මනිෂ් ෂර්මාගේ චිත්‍රපට අධ්‍යක්ෂණයක් වන මෙහි ෂාරුක් පළමු වතාවට මනිෂ් ෂර්මාගේ චිත්‍රපටයට ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම කැපී පෙනෙන සිදුවීමකි. ෂාරුක් මෙහි එන "ගෞරව්" හා "ආර්යන් ඛන්නා" ලෙස ද්විත්ව චරිත මවන අතර, වලුස්චා ඩී සෝවුසා මෙහි ෂාරුක්ගේ පෙම්වතිය බවට පත්ව සිටියි. ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ උපත ලැබූ වලුස්චා වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක් වන අතර, ඇයගේ පළමු සිනමා රංගනය මෙය වීම විශේෂත්වයකි.

2014 වසරේ ජූලි මාසයේදී මෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කළ අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙහි සියලු රූපගත කිරීම් කටයුතු නිමාකර තිබුණි. ඉන්දියාවේ මුම්බායි හා දිල්ලි නගරවලදී මෙන්ම එංගලන්තයේ ලන්ඩන්, නොටින්ග්හැම් නගරවලත් කොරෝටියාවේදිත් %ෆෑන්^ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සිදුකර ඇත. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහය වී ඇත්තේ "ෆිල්ම් ෆෙයාර්" සම්මානලාභී විශාල් හා ශංකර් දෙදෙනාය. ෂාරුක්ගේ "ඕම් ශාන්ති ඕම්", "රා වන්", "චෙන්නායි එක්ස්ප්‍රස්" හා "හැපි නිව් ඉයර්" චිත්‍රපටවලදී සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබුවේද ශංකර් හා විශාල් දෙදෙනාය.

පසුගිය වසරවලදී ෂාරුක් වසරකට එක් චිත්‍රපටයට පමණක් සීමා වුවද මේ වසරේදී "ෆෑන්" චිත්‍රපටයට අමතරව ජූලි 03 වැනිදා නැවතත් ෂාරුක් සිය සිනමා ප්‍රේක්ෂකයන් හමුවීමට සූදානමින් සිටියි. ඒ රාහුල් ඩෝල්කියාගේ "රායිස්" චිත්‍රපටය තුළිනි. පසුගිය වසර කිහිපයේදීම ෂාරුක්ගේ චිත්‍රපට ආදායම් උපයා ගැනීම අතින් අතිසාර්ථක ඒවා බවට පත් වූ නිසාම අප්‍රේල් 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත "ෆෑන්" චිත්‍රපටයද එවැනි විශාල ආදායමක් උපයාගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. 2008 වසරේ තිරගත වූ "රබ් නේ බානා ඩී ජෝඩි" චිත්‍රපටය හා පසුගිය වසර අවසානයේදී තිරගත වූ "දිල්වාලි" චිත්‍රපටය අතර ගෙවුණ කාල පරාසය තුළ තිරගත වූ ඔහුගේ සෑම චිත්‍රපටයක්ම ඉහළ ආදායමක් උපයා ගැනීමට සමත් විය.

2008 වසරේ තිරගත වූ "රබ් නේ බනා ඩී ජෝඩි" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 215ක්ද, 2010 වසරේ තිරගත වූ "මයි නේම් ඊස් ඛාන්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 243ක්ද, 2011 වසරේ තිරගත වූ "රාවන්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 277ක්ද, එම වසරේම තිරගත වූ "ඩෝන්" දෙවැනි චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 239ක්ද, 2012 වසරේ තිරගත වූ "ජබ් තක් හේ ජාන්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 320ක්ද, 2013 වසරේ තිරගත වූ "චෙන්නායි එක්ස්ප්‍රස්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 396ක්ද, 2014 වසරේ තිරගත වූ "හැපි නිව් ඉයර්" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 383ක්ද, පසුගිය වසරේ තිරගත වූ "දිල්වාලි" චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 394ක්ද උපයා ගැනීමට සමත් විය. මෙම චිත්‍රපට සියල්ලම පා‍හේ ඉන්දියාවට වඩා වැඩි ආදායමක් විදෙස් රටවලදී උපයා ගැනීමට සමත්ව තිබීම කැපී පෙනෙන්නකි. ඒ නිසාම "ෆෑන්" චිත්‍රපටයටද ඉන්දියාවට වඩා විදෙස් රටවලදී වැඩි රසික අවධානයක් යොමු විය හැකියැයි අනුමාන කළ හැකිය.

"ෆෑන්" චිත්‍රපටයේ පළමු ගීතය වූ "ජබ්රා ෆෑන්" ගීතය පසුගිය පෙබරවාරි 16 වැනිදා එළිදැක්වූ අතර, පැය කිහිපයක් ගෙවෙද්දි එය ලොවපුරා ෂාරුක් ඛාන්ගේ රසික, රසිකාවියන් බිලියනට අධික පිරිසක් "යූ ටියුබි" වෙබ් අඩවිය තුළින් එය නරඹා තිබුණ බව සඳහන් වෙයි. %ජබ්රා ෆෑන්^ ගීතය වරූන් ගෝවර්ගේ පද රචනාවකට අනුව නාකාෂ් අසීස් විසින් ගායනා කර තිබුණි. එමෙන්ම මෙම ගීතය පන්ජාබ්, බෝජීපූර්, ගුජරාටි, මරාටි, බෙංගාලි, දමිළ යන භාෂාවලින්ද හඬ කවා ලොවපුරා සිටින සිනමා රසික, රසිකාවියන්ට අසන්නටත්, දකින්නටත් ඉඩ සළස්වා තිබුණ බව සඳහන් විය.

 

 



අදහස් (0)

Fan චිත්‍රපටය එළිදකී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 106 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 456 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 488 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 306 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 889 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site