(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාවේ ක්‍රියාත්මක වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
ලාංකික මහජනතාව ඔවුන්ගේ අනාගතය පිළිබඳ වගකීම පහුගිය ජනාධිපතිවරණයේදී බාරගෙන තිබෙන බව කී අබෙිවර්ධන දැන් රටේ ක්‍රියාත්මක වන්නේ රනිල් වික්‍රමසිංහ ගෙනගිය ආර්ථික සැලැස්ම නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි පැවසීය.
මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ, ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරඟ වදින අපේක්ෂකයින් සමග ගාල්ල උලුවිටිකේ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති විශේෂ හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
විපක්ෂය විසින් ඔවුන්ගේ කාර්යභාරය හරිහැටි ඉටු කර නොමැති වාතාවරණයක අද විපක්ෂයේ කාර්යභාරය එක්සත් ජාතික පක්ෂය විසින් අනාගතයේදී හසුරුවන්නේ කෙසේද යන අභියෝගය පැවරී තිබෙන බව අබෙිවර්ධන මහතා පැවසීය .
"ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරි කාලය තුළ පෙලගැස්වීමේ කටයුතු අප දැනටමත් ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම ආණ්ඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳවත් විවිධ පාර්ශවය විවිධ මත ඉදිරිපත්කර තිබෙනවා. නමුත් ඒ ගැන තවම අපට නිසියාකාරව කියන්න හැකියාවක් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ආර්ථික පරිවර්තන පනත, අයවැය කාර්යාලය, දූෂණ විරෝධී පනත, කාන්තාවන් සවිබලගැන්වීමේ පනත, ණය ප්‍රතිව්‍යුහගත කර නැවත ගෙවීමේ පනත යන පනත් සියල්ලම අපට පෙනෙන ලෙස වර්තමාන ජනාධිපති විසින් ඉදිරියට ගෙනයමින් තිබෙනවා. ඒ නිසා අපට දැන්ම ඒ සම්බන්ධයෙන් යම්කිසි නිගමනයකට එන්න හැකියාවක් නැහැ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෙනගිය ආර්ථික ක්‍රියාදාමය වෙනස් නොකර එලෙසම වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියට ගෙනයන බවක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප එකඟ කරගත් ක්‍රියාදාමය ඔවුන් එලෙසම පවත්වාගෙන යනවා නම් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති මාලාව ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එසේනම් අපි දේශපාලන වශයෙන් ඒ දෙස වෙනම ආකාරයකට බැලිය යුතුව තිබෙනවා යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා පැවසීය.
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
රඛිත Tuesday, 15 October 2024 06:04 PM
ගෙදර නැවැතිලා කෙසෙල් පැලයක් හදාගෙන ජනමාධ්‍ය ඉස්සරහට එන්නැතුව හිටියා නම් මෙතුමා රටට, ජාතියට කරන්නේ මහඟු සේවයක්...!