ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ දැවැන්ත ජයග්‍රාහකයකු වූ ශෘංගාරාත්මක සංගීතමය සිනමාපටය "ලා ලා ලෑන්ඩ් (La La Land)" මීළඟ මාසයේ පැවැත්වීමට නියමිත "බ්‍රිටිෂ් ඇකඩමි ඔෆ් ෆිල්ම්ස් ඇන්ඩ් ටෙලිවිෂන් ආර්ට් (BAFTA)" සම්මාන උලෙළේද සම්මාන 11ක් උදෙසා නාමයෝජනා වෙමින් එම සම්මාන උලෙළේ සම්මාන අතර ඉදිරියෙන් සිටින බව පසුගියදා ප්‍රකාශයට පත් වී ඇත.
එසේම විද්‍යා ප්‍රබන්ධමය සිනමාපටයක් වන "අරයිවල් (Arrival)" සහ මෝස්තර නිර්මාණ ශිල්පී "ටොම් ෆෝර්ඩ්" නාට්‍යමය සිනමාපටයක් වන "නොක්ටර්නල් ඇනිමල්ස් (Nocturnal Animal)" සිනමාපටයද මෙම සම්මාන උලෙළේ සම්මාන 9 බැගින් නම් යෝජනා වී ඇති අතර, "මැනිචෙස්ටර් බයි ද සී (Manchester by the Sea)" සිනමාපටය සම්මාන 6ක් සඳහා නාමයෝජනා වී ඇති බවද වාර්තා වෙයි.
"ලා ලා ලෑන්ඩ්" හි ප්‍රධාන නළු නිළි යුවළ වන රයන් ගොස්ලින් සහ එමා ස්ටෝන් ද හොඳම නළුනිළි යුවළ වෙනුවෙන් නම් යෝජනා වී තිබීමද සුවිශේෂත්වයකි. පියානෝ වාදකයකු සහ හොලිවුඩ් නිළියක අතර ආදර අන්දරයක්ද දැක්වෙන කතා තේමාවකින් යුත් මෙම ලා ලා ලෑන්ඩ් සිනමාපටය හොඳම සිනමාපටය, හොඳම සංගීතය, හොඳම සංස්කරණය, හොඳම සිනාමාරූපණය, හොඳම ශබ්දරසය, හොඳම නිෂ්පාදන නිර්මාණය සහ හොඳම වේශ නිරූපණය යන සම්මාන උදෙසා නම යෝජනා වී ඇත. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේද සම්මාන 7ක්ම දිනා ගනිමින් මේ දිනවල හොලිවුඩයේ දැවැන්ත ජයග්‍රාහකයෙක් බවට පත්වී සිටින ලා ලා ලෑන්ඩ් සිනමාපටය පෙබරවාරි 12 දිනයේද දැවැන්ත ජයග්‍රහණයක් ලබයිද යන්න නිර්මාණකරුවන්ගේ කුතුහලය දනවන බලාපොරොත්තුව වී ඇත.
- අනුෂි දන්තනාරායන
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.
දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
La La Land සිනමා පටය ' BAFTA' සම්මාන උලෙළේ නාමයෝජනා අතරද ඉදිරියෙන්...