IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


Melheim Kandy දම්පාට අනන්තයට ඉගිලී යන්නට

Text-02.jpg-2016-02-25-01

Text-02.jpg-2016-02-25

 

Text-02.jpg-2016-02-25-09මහනුවර පිළිබඳව දෙස් විදෙස් බොහෝ සංචාරකයන්ගේ මනස් තුළ මතුවන්නේ ඓතිහාසික පූජා නගරයක් ලෙසයි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින දළදා මන්දිරය වැඳපුදා ගන්නට පැමිණෙන සැදැහැවත් බොදු ජනතාව මෙන්ම ඓතිහාසික කෞතුක වස්තු දැකබලා ගැනීමට නොනිත් ආශාවෙන් පෙළෙන විදෙස් සංචාරකයන්ගෙන්ද සෑම කල්හිම මහනුවර නගරය පිරීඉතිරී යයි.

මහනුවර නගරය සංචාරක පුරවරයක් ලෙසින් ඉස්මතු වන්නේ එම පූජා නගර සංකල්පය නිසා පමණක්ම නොවේ. එහි ඇති සොබාසෞන්දර්යත්, සෞම්‍ය දේශගුණයත් හේතුවෙන් මහනුවර යනු ගිමන් හරින්නන්ටත් අරමුණක් නැතිව කල් ගෙවන්නටත් අපූරු ප්‍රදේශයකි. බෙරගල - හපුතලේ පිහිටි Melheim Resort හි නව සංචාරක හෝටලය වන Melheim Kandy නිර්මාණය වන්නේ පොදුවේ මෙම සමස්ත සංචාරක ප්‍රජාව වෙනුවෙනි.

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සිට කි.මී. 5 පමණ දුරින් හිරුස්සගල ප්‍ර‘දේශයේ අයස්කාන්ත පරිසරයක නිර්මාණය වූ Melheim Kandy නූතන පහසුකම්වලින් සපිරි කාමර දහයකින් යුත් සංචාරක හෝටලයකි. ඉදිරිපසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක් ඉමකින්ද, පසෙකින් හන්තානේ කඳුවැටියෙන්ද වටවූ හෝටලය වඩාත් සුවිශේෂී වන්නේ කඳු බෑවුමක ඉමක පිහිටීම නිසා ඇති කරන පාවෙන (Floating) ගතිය හා නිමක් නොපෙනෙන අනන්තය දක්වා විහිදෙන චමත්කාර දසුනෙන් එහි එන සංචාරකයන්ගේ ප්‍රහර්ෂය වඩවන නිසාවෙනි.

අරුමැසි වටපිටාව නිසාම ප්‍රේමවන්තයන්ට මධුසමය ගතකිරීම සුසැදි (Honeymoon destination) ස්ථානයක් ලෙසින් ඉස්මතු කළ හැකි අතරම, පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් සමගින් නිවාඩු පාඩුවේ කල්ගෙවීමට යෝග්‍ය නිවාඩු නිකේතනයක් ලෙසද Melheim Kandy පහසුකම් සලසයි. විශේෂයෙන්ම ඇතැම් කාමර පවුල් කණ්ඩායම් හෝ පවුල් දෙකකට එකට නවාතැන් ගත හැකි ලෙස සම්බන්ධිතව නිර්මාණය කර ඇති නිසා එය කණ්ඩායම් ලෙස එන සංචාරකයන්ට සුබවාදී කාරණයක් වේ.

දෙස් විදෙස් ආහාරපාන රිසි සේ ලබාගත හැකි මෙහි පැය 24 පුරා ලබාදෙන සුහද ආගන්තුක සත්කාරය වැඩි වටිනාකමක් ගෙන දෙයි. හෝටලයේ සුවපහසු බවට අමතරව හන්තාන හා නකල්ස් කඳු තරණය සමගින් හඳුන්වාදෙන සුවිශේෂී අත්දැකීම් සාමාන්‍ය සංචාරක හෝටලයකින් ලබන අත්දැකීමට එහා ගිය යමක් ඔබේ ජීවිතයට එකතු කරනු ඇත.

 

Text and Photography : Malaka Weligodapola

 

Text-02.jpg-2016-02-25-13

Text-02.jpg-2016-02-25-03
Text-02.jpg-2016-02-25-04
Text-02.jpg-2016-02-25-05
Text-02.jpg-2016-02-25-06
Text-02.jpg-2016-02-25-07
Text-02.jpg-2016-02-25-08
Text-02.jpg-2016-02-25-10
Text-02.jpg-2016-02-25-11
Text-02.jpg-2016-02-25-12

 



අදහස් (0)

Melheim Kandy දම්පාට අනන්තයට ඉගිලී යන්නට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 899 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 317 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4042 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1454 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 693 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2450 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site