IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


Next Gen සංගීත ප්‍රසංගය

2017-01-15-ent-49

"දියමත ලියමි","ගඟ අද්දර", "භාර්යාවෝ" වැනි ටෙලිනාට්‍ය කිහිපයක නිෂ්පාදනයෙන් දායක වූ ඇය star events ආයතනයේ ප්‍රධානියාද වන්නේය. සුධර්මා නෙත්තිකුමාර නම් වූ ඇයගේ මීළඟ වැඩකටයුත්ත වන්නේ මේ මස 15 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 7.00ට පැවැත්වෙන Next Gen සංගීත ප්‍රසංගයයි. මේ කතාබහ ඒ පිළිබඳවයි

 

ප්‍රසංගය ගැන මුලින්ම කතා කළොත්?

2017-01-15-ent-50කිර්ති පැස්කුවල් මහතා මේ ප්‍රසංගය කරද්දි තමයි මුලින්ම මම බලන්න ගියේ. ඉතිං මම එහිදී අලුත් පරපුරේ අයගේ දක්ෂතා දැක්කා. ඇත්තටම ඒ දෙමව්පියන්ටත් වඩා සමහර දරුවන් දක්ෂයි. මට ඒ ගැන සතුටු හිතුණා. මේ අපේ අනාගතය. ඒ අයට අපි ඉඩක් ලබාදිය යුතුයි. මම ඒ ප්‍රසංගය පවත්වනවා. මෙහිදී කීර්ති පැස්කුවල් සහ ඔහුගේ පුතා කසුන්, සංගීත් වික්‍රමසිංහගේ පුතා සනුක, සමිතා මුදුන්කොටුව හා ඇගේ දියණිය කාවින්ද්‍යා, නුවන් ගුණවර්ධන හා ඔහුගේ පුතා ගයාන්, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා ඔවුන්ගේ දියණියන් වන රයිනි හා වින්ඩි, චාන්දනී හෙට්ටිආරච්චි හා ඇගේ දියණිය ජැක්ලීන්, අමල් පෙරේරා හා ඔහුගේ පුතා නදීමාල්, මායා දමයන්ති හා ඇගේ දියණිය කුෂානි සදරේඛා, රනිල් මල්ලවආරච්චි හා ඔහුගේ පුතා පවන් මල්ලවආරච්චි එකම වේදිකාවක ගීත ගායනා කරනවා. ඒක වෙනස් අත්දැකීමක් වෙයි. මේක මව්පියන්ටයි ඔවුන්ගේ ප්‍රතිභාසම්පන්න දරුවන්ගෙයි දක්ෂතා දක්වන්න හොඳ අවස්ථාවක් වෙයි. ඒ වගේම මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් කඩුවෙල කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම වෙනුවෙන් යොදවන්න මම කටයුතු කරනවා.

 

පසුගිය කාලයේ ඔබේ ආයතනයෙන් ප්‍රසංග රැසක් සංවිධානය කළා නේද?

ඔව්. රූකාන්ත චන්ද්‍රලේඛා ප්‍රසංගය සංවිධානය කළා. නිරෝෂා විරාජනීගේ ප්‍රසංගයක් සංවිධානය කළා. සෝනු නිගම්ගේ ප්‍රසංගය සංවිධානය කළා. එය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගයක්. ඒ නිසා එයට ජාත්‍යන්තර ප්‍රමිතියේ ශබ්ද විකාශන යන්ත්‍ර හා ආලෝකයන් භාවිත කළා. ඉන්පසු අමරදේවයන්ගේ 86 වන ජන්ම දිනය වෙනුවෙන් ප්‍රසංගයක් සංවිධානය කළා. එය මට අමතක නොවන අත්දැකීමක්. මුදල්වලින් ගන්න බැරි ආත්මතෘප්තියක් එයින් මම ලැබුවා.

 

මේ වන විට ටෙලිනාට්‍ය නිෂ්පාදනයෙන් ඈත්වෙලාද ඉන්නේ?

නැහැ. අපි කොතරම් හොඳ නිර්මාණ කළත් එය ජනතාව අතරට ගෙන ඒමට කලක් ගත වෙනවා. ටෙලිනාට්‍ය සඳහා විශාල පෝලිමක් තියෙනවා. මම නිෂ්පාදනය කළ තවත් ටෙලිනාට්‍ය විකාශය වීමට නියමිතවත් තිබෙනවා. ඉන්පසු මාගේ නිෂ්පාදන දායකත්වයෙන් තවත් ටෙලි නිර්මාණ සිදුවේවි.

 

ඉදිරි කටයුතු ගැන කතා කළොත්?

මේ වසරේම තවත් ජාත්‍යන්තර සංගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ කලාකාරිනියන්ගේ ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

නිදුක් මදුෂික



අදහස් (0)

Next Gen සංගීත ප්‍රසංගය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 860 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 133 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 318 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 463 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2153 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4190 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site