IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


Pencil Art වලට කැමති ලසන්ත

2016-05-27-ent-113

පුංචි කාලේ ඉඳන්ම සිතුවම් කලාවට ආදරය කළ ඔහු අදවනවිට සිතුවම් කලාවේ විවිධ ඉසව් තුළින් තම දක්ෂතා පෙන්නුම් කරනවා. ඉතිං හදසර අපිත් හිතුවා Pencil Art ගැන ඔහුත් එක්ක ටිකක් වැඩිපුර කතා කරන්න.

 

2016-05-27-ent-106නම?

ලසන්ත ජීව කල්පගේ

 

ගම?

බදුල්ල

 

පාසල?

මම පාසල් දෙකක ඉගෙන ගත්තා. බදුල්ල සිරි සුමන මහ විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත විද්‍යාලය

 

පවුලේ විස්තර?

අම්මා තාත්තා නංගි මල්ලි තමයි මට ඉන්නෙ. දැන් නම් මම විවාහකයි. මට පුංචි පුතෙක් ඉන්නවා එයාගේ නම අනුහස් ජීව කල්පගේ. දැන් 2 වසරේ ඉගෙන ගන්නේ.

 

කොහොමද චිත්‍ර කලාවට යොමු වුණේ?

ගොඩක් පුංචි කාලේ ඉඳන්ම තමා චිත්‍ර වලට ආදරය කළේ. පෙරපාසල් යන කාලේ ඉඳන්ම මම ඇන්ද චිත්‍රවල යම් හැකියාවක් තියෙන බව පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා තමා මගේ මව්පියන් පාට පෙට්ටි ගෙනත් දීලා ඒ අදින චිත්‍ර දිහා සතුටු සිතින් බලන් හිටියේ. ඒවා අගය කළේ. එහෙම තමා යොමු වුණේ.

 

පාසල් කාලේ තරගවලට ඉදිරිපත්වෙලා තියෙනවද?

ඔව්. පාසල් සහ දහම් පාසල් තරග රැසක මට ජයග්‍රහණ පවා ලැබුණා. වැඩියෙන්ම පහ වසරෙන් පස්සෙ තමා තරගවලට ඉදිරිපත් වුණේ.

 

දැන් ඔබේ වෘත්තියද කලර් ආර්ට් කියන්නේ?

වෘත්තියම නෙවෙයි. මොකද මම කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවලට සම්බන්ධයි. කලා අධ්‍යක්ෂණය, පිටපත් රචනය ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකම සහය අධ්‍යක්ෂවරයෙක් විදියටත් කටයුතු කළා. සින්දුත් ලියනවා මම. Music Videoවල කලා අධ්‍යක්ෂණයට සම්බන්ධ වෙනවා. ඒ වගේම මම ස්වර්ණවාහිනියේ පසුතල නිර්මාණ ෙව්දියෙක් විදියට ඇඳුම් නිර්මාණ කටයුතු කළා. මහා සිංහලේ වංශ කතාවේ පසුතල නිර්මාණය මගෙ. ගොක්කොළ වලින් කළ පෝරැ නිර්මාණය පවා කරනවා. නමුත් ගොඩක් අය මාව දැනගත්තේ පෙන්සිල් ආර්ට් හරහා.

 

ඔබ චිත්‍ර කලාවට යොදා ගන්නා මාධ්‍ය?

සාමාන්‍යයෙන් මම හැම මාධ්‍යයකින්ම කරනවා. මේ කලර් පෙන්සිල් ආර්ට් පටන් ගත්තෙ නම් දැනට අවුරැදු දෙකකට කලින්. ලංකාවේ මිට කලින් ගොඩක් අය බ්ලැක් ඇන්ඩ් වයිට්නෙ කළේ. ඉතිං මේක අලුත් දෙයක් වුණා. මට ඒක දැනුණේ මගේ FB Page එෙකන්. කලර් පෙන්සිල් Page එකක් තියෙන්නෙත් මගේ විතරයි. Page එකට ඇවිත් මගේ Art බලන්න පුළුවන්.

 

කලර් පෙන්සිල් ආර්ට්වලට යොමු වුණේ කොහොමද?

මම අන්තර්ජාලය හරහා හොයලා බැලුවා. ඇයි ලංකාවේ කවුරැත් මේ දේ කරන්නෙ නැත්තෙ කියලා. ඉතිං මම ඒ දේ කළා, ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම FB එක හරහා මම ඇන්ද චිත්‍රවලට ෙහාඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හරහා තමා මම ගැන ගොඩක් අය දැනුම්වත් වුණේ.

 

ඔබ ඔබේ මේ නර්මාණ (චිත්‍ර) දකින්නේ කොහොමද?

ඇත්තටම ඖෂධයක් කිව්වොත් හරි. මොකද චිත්‍ර ඇඳීම හරහා හිත පවා සුවපත් වෙනවා. මමත් මගේ ජීවිතයේ ගොඩක් ප්‍රශ්නවලට මැදිවුණ කෙනෙක්. මම මේ දේවල් කරන නිසා සිතට සතුටක් සැනසීමක් පවා ලැබුණා.

 

ඔබේ චිත්‍ර එකතුවක් එළිදක්වන්න අදහසක් නැද්ද?

තියෙනවා. මගේ හිතේ ලොකු අදහසක් තියෙනවා. ලංකාවේ කවුරැත් නොකරපු විදිෙහ චිත්‍ර දැක්මක් කරන්න කලර් පෙන්සිල් නෙවෙයි වෙනත් මාධ්‍යයකින් Oil Panting වගේ දෙයකින්. අපේ ජීවමානව ඉන්න විශිෂ්ට කලාකරැවන් 10 දෙනෙකු වගේ තෝරගෙන ඒ අයගේ ශරීර ප්‍රමාණයට චිත්‍රයක් අඳින්න. දැන් ඔය ඉටි රෑප කලාව හරහා නිර්මාණය කරලා තියෙනවා වගේ. මගේ මේ අදහස කොහොම හරි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැන් ඉතිං මට කලින් කවුරැ හරි ඒ දේ කරයිදි දන්නේ නෑ මේක බලලා.

 

ඔබ සතු දැනුම තව පරපුරකට දෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

අනිවාර්යයෙන්ම තියෙනව සහ දැනටමත් මට පුළුවන් විදියට මේ Pencil Art වලට කැමති අයට උදව් කරනවා. මොකද මට අත්දැකීම් තියෙනවා. මම මේ සඳහා උනන්දු වෙද්දී මට කවුරැත් උදව් කළේ නෑ. මම කිහිපදෙනෙක්ගෙන්ම ඇහුවා කොහොමද Pencil Art කරන්න අමතර උපකරණ ගන්නේ කියලා. හැබැයි කනගාටුවෙන් හරි කියන්න තියෙන්නේ මට උදව් ලැබුණේ නැහැ. ඊට පස්සෙ මමම අන්තර්ජාලය හරහා හොයලා බැලුවේ. ඒ අතර තමයි මම Color Pencil Art පවා දැක්කේ. මම කැමැතියි මේ දේ හැමෝම එක්ක බෙදාගන්න.

 

Pencil Art වලට කැමති කෙනෙක්ට ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තියෙනවද?

මගේ දුරකථන අංකය 0713944988. එහෙම නැත්නම් මගේ FB Page ඒක හරහා මට Massage එකක්දාලත් පුළුවන්. FB නම Lasantha Jeeva Kalpage. Page එක drawing on my style.

 

ඔබට ලබාදෙන රෑපයම ඔබ කොහොමද කලර් පෙන්සිල් Art එකකට ගන්නේ. ඒ තුළ තියෙන සාර්ථකත්වය ගැන පොඩ්ඩක් කිව්වොත්?

ඇත්තටම මම කෙනෙක් ලබා දුන්නොත් මෙන්න මේ Photo එක කලර් පෙන්සිල් Art එකක් කරලා දෙන්න කියලා මම මුලින්ම ඒ Photo එක මගේ Phone එකේ සහ Lap Screen එකට දාගන්නවා. එතකොට මම ඒක නිතරම දකිනවා. ඒක මගේ හිතේ තමා මුලින්ම ඇඳෙන්නේ. මනෝ විද්‍යාත්මකවත් කියනවනේ කෙනෙක්ගේ රෑපයක් හිතේ ඇඳෙනවා කියලා. ඒක බොරැවක් නෙවෙයි. ඒක තමා ඇත්ත. ඒ නිසා මට පහසුයි මේ දේ කරන්න. අනිත් එක තමා මම ගොඩක් උත්සාම කරනවා 3D විදියට අඳින්න. තව දෙයක් පැහැදිලිවම කියන්න ඕන. මම අදින චිත්‍රවල තියෙන හැම රේඛාවකම තියෙන්නේ මගේ හැඟීම්. මොකද මම චිත්‍රයක් අඳින්න ඒ දේ මගේම කරගෙන. මම අන්තිමට තමා ඇස්දෙක අඳින්නේ මොකද ඇස් දෙකෙන් තමා ඒ Art එකේම ජීවය ගන්නේ.

 

ඔබ කොහොමද ඔබේ නිර්මාණවලට මිලක් නියම කරන්නේ?

හැකියාව කියන දේ මිල කරාට කමක් නැහැ. නමුත් ෙකනෙකුට දරන්න බැරි මුදලක් ගන්න බැහැ. මම සාමාන්‍යයෙන් පොඩි මුදලක් ගන්නේ. ද්‍රව්‍යමය වශයෙන් දෙයක් මිල කරාට නිර්මාණයේ වටිනාකමට මිලක් නියම කරන්න බැහැ. මම දකින්නේ ඒ විදියට කලාව කියන්නේ මහ අමුතුම දෙයක්.

 

ගෙදරින් ලැබෙන සහෝගය කොහොමද?

ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද මම ගෙදර ඉන්න වෙලාවට මේවාම තමා කරන්නේ. මගේ පුතාවත් මතක් කරන්නම ඕන පුංචි වුණාට හොඳ කලාත්මක ඇසක් තියෙනවා එයාටත්. එයත් මට උදව් කරනවා. සමහර තැන්වලදී තාත්තා ඕකට මේ පාට ලස්සනයි නේද කියලා එයාම පාට තෝරලා දෙනවා. අනික මම හිතනව ඉගෙනීම දෙන අතරේ කලාවට යොමුවීමත් ළමයෙකුට ගොඩක් වටිනවා කියලා.

 

අනාගත බලාපොරොත්තු?

කලාව පැත්තෙන් ඉදිරියට යන්න තමා බලාපොරොත්තුව. චිත්‍ර කලාව වගේම මම දැනට සින්දුවක් කරලා තියෙනවා. ඒකට Music Video එකක් කරන්නත් ලොකු ආසාවක් තියෙනවා ඒ වගේම ලංකාවේ දැනට කවුරැත් කරපු නැති ප්‍රදර්ශනයක් කරන්න ඒ තුළින් මගේ සලකුණක්, අනන්‍යතාවයක් ඇති කරගන්න තමා ලොකුම බලාපොරොත්තුව.

 

අනූෂා රණසිංහ

 

2016-05-27-ent-107
2016-05-27-ent-108
2016-05-27-ent-109
2016-05-27-ent-110
2016-05-27-ent-111
2016-05-27-ent-112

 



අදහස් (0)

Pencil Art වලට කැමති ලසන්ත

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 269 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 202 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 539 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 261 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 79 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 250 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site