තවමත් පාසල් අධ්‍යාපනය හදාරමින් සිටින ඇය රංගනයට, නිරූපණයට මෙන්ම නිවේදිනයට දස්කම් දක්වන්නීය. නමින් සඳු සෙනෙවිරත්න වන ඇය, කලාවට පැමිණි සම්බන්ධයෙන් මෙලෙසින් අදහස් දැක්වූවාය.
ඔබ ගැන කිව්වොත්?
මම සඳු සෙනවිරත්න. මගේ වයස තාම 19යි.
තාම ඉගෙන ගන්නවාද?
තාම ඉගෙන ගන්නවා. හැබැයි ඉස්කෝලේ නම් අහන්න එපා මොකක්ද කියලා.
උසස් පෙළ කරන්නේ මොන අවුරුද්දෙද?
2017 දී තමයි උසස් පෙළ කරන්නේ.
නිරූපණට එකතු වෙන්නේ කොහොමද?
ඒක ඇත්තටම හිතා ගන්නත් බැරිව මට අහම්බෙන් ලැබුණ චාන්ස් එකක්. මොඩ්ලින්වලට නෙමෙයි මම මුලින්ම ආවේ. රඟපාන්නයි අවස්ථාවක් ලැබුණේ. ඒකත් ලොකු දෙයක් නෙමෙයි. පොඩි දේකට ඇවිල්ලා ඊට පස්සේ තමයි දිගින් දිගටම චුට්ටක් වැඩ ආවේ.
රඟපාන්න අවස්ථාව ලැබුණේ?
ඒක එච්චර ලොකු වැඩක් නෙමෙයි. UKවල කරපු වැඩකටයුත්තක්. ඒකට අතිරේක නළුනිළියන් ගන්න ෂූට් එකක් තිබ්බා. එහෙම වැඩක් සඳහා තමයි මුලින්ම දායක වුණේ.
රංගනයෙන් නිරූපණය ආවා එකට ගෙදරින් අකමැත්තක් නැද්ද?
නැහැ. අම්මා තමයි මාව මේ පැත්තට යවන්න කැමති වුණේ. ගොඩක් මගේ ලොකු ආසාවක් තිබුණේ නැහැ. අම්මා තමයි පස්සෙන් ඉඳගෙන හැම එකටම එක්කන් ගිහිල්ලා, එතැනට වෙලා ඉඳලා හැම වැඩකටයුත්තක් කළේ.
ඔයාගේ කැමැත්තක් නැද්ද?
මගේ වැඩි ආසාවක් තිබ්බේ නිවේදිකාවක් වෙන්න.
කලාව පිළිබඳව අදහසක් තියෙන ඔයා පාසලෙන් පස්සෙත් කලාවට යොමුවෙනවාද?
තාම එහෙම අදහසක් නැහැ. ගොඩක් දුරට උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒක් අරමුණු කරගෙන තමයි මම Languages කළේ. ඒත් දැන් මේ පැත්තට ආසාවක් ඇති වෙලා තියෙන්නේ. දෙගිඩියාවෙන් වගේ තමයි ඉන්නේ මොකක්ද කරන්නේ කියලා.
අද තියෙන වාතාවරණය එක්ක නිරූපණය කරන්න ආසාවක් ඇති වෙනවාද?
මෙහෙමයි, මට ඒ පිළිබඳව කියන්න බැහැ. මට ඒ පිළිබඳව ලොකු දැනුමක් නැහැ. නිරූපණය කියන්නේ හොඳ දෙයක්. ගෑණු ළමයෙක් හොඳට මේ ක්ෂේත්‍රය තුළ හිටියොත් ඉදිරියට යන්න හැකියාව තියෙනවා. පිරිමි ළමුන් එහෙම ගොඩක් අවස්ථාවක් නැහැ.
ක්ෂේත්‍රය තුළ යම්කිසි පරිස්සම් වීමක් තියෙනවාද?
ඔව්, ඒකට තමන්ගේ කටයුතුවලට අම්මා හරි කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවානම් තමන්ට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.
සිනමාව ගැන ආසාවක් නැද්ද?
රංගනයට පැත්තට ආසයි. ඊටත් වඩා ගොඩක් ආසා නිවේදිකාවක් වෙන්නයි. දෙකටම ආස නිසා හොඳ දෙයක් ලැබුණොත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නිවේදිකාවක් වෙන්න හැදෑරීමක් කරනවාද?
පාසලේදීත් මීඩීයා විෂය පිළිබඳව ඉගෙන ගනිමින් තමයි ඉන්නේ. 2017 උසස් පෙළට මීඩියා විෂයෙනුත් ඉදිරිපත් වෙනවා.
ඉදිරි බලාපොරොත්තු?
දැන්නම් මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න කැමැතියි. නිවේදිකාවක් විදිහට හරි. ඒ පැත්තට යන්න තමයි ගොඩක් කැමති. ඒ අතර නිරූපිකාවක් විදිහටත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
මම ගොඩක්ම ආදරෙන් මගේ අම්මව මතක් කරන්න ඕනේ. එයාව තමයි මුලින්ම මතක් කරන්න ඕනේ. එයා තමයි මම පොඩිකාලේ ඉඳන්ම මම වැටුණත් ඉස්සරහට යන්න උදවු කරපු කෙනා. ඒ තරම් එයා මාව හරියට ධෛර්යයමත් කරලා තියෙනවා. හැමවෙලාවෙම මගේ හෙවණැල්ල වගේ ළඟින්ම හිටියේ එයා තමයි.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ලහිරු දිල්රංග සිල්වා (0774483783 / 0758178728)
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
UK වල කරපු වැඩකටයුත්තක්ට තමා මුලින්ම දායක වුණේ