IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


sirasa super star season 7 අවසන් 8දෙනා එක්ක කතාබහක්

2016-06-10-ent-158

මේ ඉන්නේ සිරස සුපර් ස්ටාර් සීසන් 7 Final සුපර් 8 කට්ටිය කිරුළ අබියස හදවත ඩග් ඩග් ගාලා ගැහෙන ඉසව්වක ඉඳන් Super 8ලා හදසර එක්ක කතා කළා. හැමෝම කීව බව නොලිව්වත් හැමෝම සිරසටත්, වාදක මණ්ඩලයටත්, විනිශ්චය මණ්ඩලයටත් උදවු කළ හැමෝටමත් තමන්ගේ සංගීත ගුරැවරැන්ටත් හෘදයාංගම භක්තියකින් ස්තූතියි කීවා. ජය කාටද? හෙට දවසේ තීරණයක්. මේ අද දවසේ Super 8ලා කියන දේවල්.

 

ප්‍රියාත් රාජපක්‍ෂ

මගේම සින්දු ටිකක් කරලා එළිදක්වනන්ට අදහසක් තිබුණත් රියැලිටි වැඩසටහනකට එන්න මගේ අදහසක් තිබුණේ නෑ. නමුත් මගේ අම්මාගේ සහ යහළුවන්ගේ උනන්දු කිරීමත් එක්ක සිසර සුපර්ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වුණා.

ඇත්තටම තරගය තියෙන්නේ හෙටනම් කලින් දවසේ රූ තමයි මම හරියටම තීරණය කළේ තරගයට යනවා කියලා. ඒ ලෙස ආරම්භ කරපු ගමන තමයි අද මේ තරම් දුරක් එන්නට හැකිවෙලා තියෙන්නේ. තරග වටවලදී බය වුණ අවස්ථාවන් වගේම ගොඩක් සතුටු හිතුණ අවස්ථාවක් තිබුණා.

සුපිරි අට දෙනාගෙන් හයට ආව දවසෙ තමයි ගොඩක් සතුටු හිතුණේ. එදා ඉතින් ලොකු බයකුත් තිබුණා. මගේ ගායනයකදී උමාරියා මිස් කිව්වා අද වෙනස් සිරස සුපර්ස්ටාර් එකේ Consistent Performer කෙනෙක් ඉන්නවා නම් ප්‍රියාත් රාජපක්‍ෂ කියලා. ඒක ඉදිරියේදී විකාශය වෙන්න තියෙන්නේ. ඉතින් මේ වගේ කමෙන්ට් එකක් හම්බවුණ එක සතුටක්. ඒ වගේම තවත් හොඳ ප්‍රතිචාර තියෙනවා.

ඇත්තටම මගේ බලාපොරොත්තුව වෙන්නේ පෙර දිග, අපරදිග යන මේ සියලුම සංගීත ක්‍රම උපයෝගී කරගෙන අන්තර්ජාතික මට්ටමේ නිර්මාණ කරා යන්නයි.

 

මහේෂ් නිලංක

2016-06-10-ent-156
 

සිරස සුපර්ස්ටාර් මුලින්ම පෙන්වපු කාලෙ ඉඳලම මගේ හිෙත් ආසාවක් තිබුණා මේ වගේ වේදිකාවක සින්දු කියන්න තියෙනවා නම් හොඳයි කියලා. අන්න ඒ ආසාව තමයි අද වෙද්දි මේ ඉෂ්ඨ වෙලා තියෙන්නේ. කොහොමත් පොඩි කාලෙ ඉඳලම සින්දු කියන්න ගොඩක් ආසයි.

තරග වටයෙන් තරගවටයට ඉදිරියට යද්දි ලොකු සතුටක් දැනුණා. මොනවාහරි කරලා දිනන්නට ඕනෙ කියන මානසිකත්වයක් නම් නෑ. නමුත් තරගය තුළ මට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. කොහොමත් දැනටමත් දිනලා වගේනෙ.

මොකද මාව නොදැනගෙන හිටිය බොහෝ පිරිසක් දැන් මාව හඳුනනවා. සහයෝගය දෙනවා. කතා කරනවා. ඒකත් විශාල ජයග්‍රහණයක්නෙ.

 

භාෂි මධුභාෂිණි

2016-06-10-ent-155


මගේ හැකියාව පෙන්විය හැකි හොඳම අවස්ථාව මෙය කියලා හිතුණා නිසා තමයි මම සිරස සුපර්ස්ටාර් තරගය සඳහා සම්බන්ධ වුණේ. ගුරැවරියක් විදිහට නාට්‍ය හා රංග කලාව උගන්නන අතරේ සංගීතය පැත්තෙනුත් ඉහළම හැදෑරීම් කළා. 

මගේ BA එකවගේ MA එක කළෙත් සංගීතය විෂයෙන්. මේ තරගයට මම මුලින්ම ගායනා කළේ ජගත් වික්‍රමසිංහ මහත්මයාගේ ආදරේ ඔබගෙන් හිමි වේදෝ ගීතය. එතනදි කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතිව අපි ඔයාට ඊළඟ වටයට තෝරනවා කිව්වා. ඉතින් ඒ ආව දුර තමයි මේ වෙනක් ඇවිත් තියෙන්නේ. තරගවටයෙන් තරගවටයට ඉදිරියට යද්දි අපි හැමෝගෙම හිතේ පොඩි දෙගිඩියාවක් තියෙනවා.

කොහොම වුණත් අපේ උපරිමය පෙන්වලා ඉදිරියටම රියැලිටි වේදිකාවේ මගේ ඉදිරිපත් කිරීවලදී සමාජ ප්‍රශ්න ගැන කතාකරන්න මම ගොඩක් කැමතියි. මගේ හිතේ තිබුණ කවදා හරි දවසක රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න ලැබුණෙත් සමාජ ප්‍රශ්න දැක්වෙන ඉදිරිපත් කිරීම් කරන්න තිබුණොත් හොඳයි කියලා.

අද ඒක වෙලා තියෙනවා. ඒ සඳහා සිරස ආයතනයෙන් මට සහයෝගය ලබා දුන්නා.

 

ජනක සම්පත්

2016-06-10-ent-157
 

රියැලිටි ෂෝ එකකට කියලා මුලින්ම මම සම්බන්ධ වුණේ මේ සිරස සුපර්ස්ටාර් වැඩසටහනට. පොඩි කාලෙ ඉඳලම සංගීත කටයුතුවලට සම්බන්ධ වුණත් අධ්‍යාපන කටයුතු ගායනය පැත්තට නැඹුරැ වෙන්නට හැකියාවක් ලැබුණේ නෑ.

විශ්ව විද්‍යාල පළමු වසරේ ඉඳිද්දී කාර්යබහුලකම අඩු නිසා මම හිතුවා සුපර්ස්ටාර් තරගයට සහභාගි වෙන්න ඕනි කියලා. මේ තරගයට මගේ ඇප්ලිකේෂන් එක දැම්මේ මගෙ නංගි. ඉතින් මෙහෙම ඇවිල්ලා පළමු වටයෙන් තේරැණාට පස්සේ බලාපොරොත්තුවක් ආවා ඉදිරියට යන්නට පුළුවන් වේවි කියලා. සුපර්ස්ටාර් තරගාවලිය මට අලුත්ම අත්දැකීමක්.

පළවෙනි වටයේ සින්දු කියද්දී ගොඩක් බය හිතුනා ඒක හරිගියා. මේ වෙද්දී ලබාගෙන තියෙන අත්දැකීම් එක්ක මම හිතනවා මේ වේදිකාව තුළ මම ටිකක් පරිණත වෙලා කියලා. අපේ තරගකරැවෝ අතරේ තරගයට එහාගිය සහෝදර බැඳීමක් තිබෙනවා. හැමෝටම හැමෝම උදව් කරගන්නවා. මෙතනදී අවසන් තරගකරැවන් හයදෙනා තේරැණාට පස්සේ වයිල්ඩ්කාඩ් ක්‍රමයෙන් තවත් දෙන්නෙක්ව ආයෙ තරගයට ගත්තා. මේකට අපි හය දෙනාම කැමති වුණේ නෑ. මොකද මේ අය ආවෙ SMS වටයකින් නෙමෙයි. විනිසුරැවන්ගේ තේරීම මත.

SMS වටයක් සඳහා අපි ගොඩක් මහන්සි වෙනවා. ඉතින් මෙහෙම මහන්සි වෙලා හයදෙනා අතරට ආවට පස්සෙ තවත් තරගකරැවන් එනවා කියන්නේ ඒක තරගයකදී අවාසියක්. එහෙම නැතිව අකමැත්තක් නෑ. නමුත් තරගයේ තරගකරැවන් විදිහට ඒ දේට අකමැතියි.

 

2016-06-10-ent-160

 

ඉසුරැ විතානගේ

මම මේ සුපර්ස්ටාර් තරගයකට ආව දෙවෙනි වතාව. සීසන් 6 වලදී අවසන් 36 දෙනා අතරට ඇවිත් ඉවත්වෙන්නට සිදුවුණා. මේ වතාවෙ එන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැතත් මගේ අම්මා තමයි බලකරලා මාව මේ තරගයට එව්වේ.

එහෙම ඇවිල්ලා අද මේ තාක් දුර ආව එක ගැන ගොඩක් සතුටු වෙනවා. මම තරගයට මුලින්ම ගායනා කළේ ජෝතිපාල මහත්තයාගේ සරාසඳේ ගීතය. හොඳම කමෙන්ට් එකක් හම්බවුණේ ජූලියා ෆිල්ම් එකේ සරත් සඳේ ගීතයට.

එදා ජජ් බෝඩ් එකෙන් වගේම පිටිනුත් මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ ආව ගමනෙදි ගොඩක් බාධක තිබුණා. කැපකිරීම් කළා. ඉතින් මගේ උපරිම කැපවීමෙන් තමයි අද මේ වගේ තැනකට ඇවිත් ඉන්නේ. හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා. අනිත් අයට වගේම මටත් උදව් උපකාර කරපු විශාල පිරිසක් ඉන්නවා. එක නමක් හරි නොකියවුණොත් අසාධාරණයක් වෙන නිසා නම් නොකියා මම හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා.

සුපර්ස්ටාර් කිරැල දිනාගන්නවා කියන්නේ විශාල අභියෝගයක්. ඒ අභියෝගය ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් මගේ ඉලක්කය වන්නේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙ සුපර්ස්ටාර් කෙනෙක් වීමයි.

 

නිලාන් හෙට්ටිආරච්චි

මුල ඉඳලම විනිසුරැ මඩුල්ලෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. හැම රවුන්ඩ් එකක්ම ෆයිනල් එක කියලා හිතාගෙනයි ප්‍රැක්ටිස් කළේ. අපේ පවුල සංගීත පවුලක් නෙමෙයි. ඒත් ඒ හැමෝම මියුසික්වලට ගොඩක් ආසයි.

මමත් එක වසරෙ දෙක වසරෙ ඉඳලම සින්දු කියනවා. අපේ පන්තියේ මගේ ඩෙස්ක් එක වටේට තමයි යාළුවෝ ඔක්කොම වටවෙලා ඉන්නේ. ඉස්කෝලෙන් අයින් වෙනකම්ම ඒ තත්ත්වෙ තිබුණා. මේ දවස්වල නම් වෙන මුකුත්ම නෑ, සුපර්ස්ටාර් විතරමයි. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. සිරස නිසා තමයි දැන් මුළු රටක්ම මාව අඳුනන්නේ.

පවුලේ අය ඇතුළු හැමදෙනාගෙන්ම මට විශාල සහයෝගයක් ලැබෙනවා.

ඊට අමතරව මම වැඩ කරන මාස් ෙහා්ල්ඩින්ග්ස් ආයතනයෙන් මට ලැබෙන සහය නැත්නම් ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නැතිව කැපිලා යන්නත් තිබුණා.

 

සම්මානි දිනූෂා

මගේ අම්මා, තාත්තා, මල්ලි තමයි මේ තරගයට එන්න මාව උනන්දු කළේ. අද ඇත්තටම මේ ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙනවා. මේ තරගයේදී එක්තරා අවස්ථාවකදී මට තරගයෙන් ඉවත්වෙන්නට සිදු වුණා. නමුත් වයිල්ඩ් කාඩ් වටයට එන්නට වාසනාව ලැබුණා. අපේ ගායනාවලට ආදරය කරන පිරිසක් අද අප වටේ ඉන්නවා. ඒක කියන්න බැරි සතුටක්.

 

නෙල්කා තිළිණි

සුපර්ස්ටාර් සීසන් 6ට ආවත් සුපර් බැට්ල් එකෙන් ඉවත්වෙන්නට සිදු වුණා. ඊට පස්සෙ තමයි මේ සැරෙත් ආවේ. මේ තරගයේදී මම මුලින්ම කිව්වෙ සුජාතා අත්තනායක මහත්මියගෙ පරවුණු මල්වල ගීතය. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඒ අනුව වටයෙන් වටයට ඉදිරියට එන්නට හැකි වුණා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසරේ ඉගෙනුම ලබනවා. තරගය නිසා අධයාපන කටයුතු ටිකක් මඟහැරැණත් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරැන්ගෙන් වගේම යාළුවන්ගෙනුත් විශාල සහයක් ලැබෙනවා.

මගේ පවුලේ හැමදෙනාමත්, මා ඉගෙනගත් පාසල්වල ගුරැ මෑණිවරැන් පියවරැණුත් මට ගොඩක් උදව් කරවා. විනිසුරැ මඩුල්ලේ කමෙන්ට් නිසා ඇත්තටම අපි දවසින් දවස මුවහත් වෙනවා.

 

කුමී 

 

DESHAYA

 

2016-06-10-ent-159



අදහස් (0)

sirasa super star season 7 අවසන් 8දෙනා එක්ක කතාබහක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1027 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 144 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 138 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 428 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1101 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2160 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site