බර්මින්ග්ම් නුවර ගුවන්තොටුපොළට ගොඩ බෑමට පෑමිණි කේ එල් එම් ගුවන් සේවයට අයත් බොයින් 737 යානයක් අකුණු තුනකට මැදිවන අයුරු දැක්වෙන ඡායාරුපයක් ගැනිමට මෙකින්ග් වයිට් සමත් වුවාය.
ඇය ජංගම දුරකතනයෙන් මේ ඡායාරූපය ගත්තාය.
විශාල ආලෝක ධාරවකට යානය සෙලවුනා අපි හැමෝම කෑ ගැහුවා, වාසනාව තිබ්බෙ අපි ගාව.
යානය සාර්ථකව ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වු මගීහු පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත් ලෝහමය කබොලක් තුල භූගත සම්බන්දයක් නැති විටදී ඒ තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතින්නේ නෑ. ඒකාකාරී විද්‍යුත් කෟෂේත්‍රයක් පවතින හින්ද නොවෙයි මෙය සිදුවන්නේ.(නදී)
ලංකාවේ ඇමති කෙනෙක් හිටියානම්? (නදී)
ඡන්දෙ කාලේදී පොරොන්දු දුන්න අපේක්ෂකයෙක් වත් ඔය යානාවේ හිටියාද ? (නදී)
මේක පළමුවෙන්ම හොයාගත්තේ ඇල්බර්ට් අයින්ස්ටයින්. එයාගේ ජීවිත අවදානමද නොතකා.(නදී)
අම්මෝ බයෙත් බැහැ නේද ? (නදී)
චන්දන, ඇතුලේ හිටපු කෙනා එලියට පැනලා තමයි අරන් තියෙනේ.(නදී)
අවුරුද්දකට සැහෙන වතාවක් අකුනු වදිනවා ගුවන් යානා වලට. සාමාන්‍ය දෙයක්. බොහොම කලාතුරකින් තමා හානියක් වාර්ථා වෙන්නෙ. යානය ලෝහමය නිසා අකුන යානය හරහා පිටත ප්‍රුෂ්ඨයෙන් ගමන් කරනවා.(නදී)
අනේ අම්මේ හොඳ වෙලාවට අපේ දේශපාලඥයෙක් යානය ඇතුලේ හිටියේ නැත්තේ නැත්නම් භෞතික විද්‍යා සිද්දාන්තයත් බිඳ වැටිලා තවත් ජිවිත සිය ගණනක් එක්ක යානය විනාශ වෙන්නත් තිබුන කියන කරන දේවල් වල හැටියට.(නදී)
ෆොටෝ එක නම් පැහැදිලි නැහැ. මේක ඇත්තනම් මිනිස්සු බේරිලා තියෙන්නේ පුරුවේ වාසනාවට.(නදී)
මෙහෙම අවස්තාවක මගීන්ට කිසිම හානියක් නොවෙන්නේ ගුවන් යානය පොලව සමග විද්යුත් වශයෙන් සම්බන්ධ නොවන නිසා. එහෙම අවස්තාවක විදුලි ධාරාවක් ශරීර තුලින් ගමන් නොකරන නිසා කිසිවෙකුට හානියක් වෙන්නේ නැහැ. මේ සිද්ධාන්තය මුල්වරට ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වූ මයිකල් ෆැරඩේ විසින් 1843 තරම් ඈත කාලෙකදී. ඔහු එය නම් කලේ අයිස් බදුන් පරීක්ෂණය කියලා. එය ලන්ඩන් වල පැවති ප්‍රදර්ශනයකදී මිනිසුන් යොදාගෙන කර පෙන්නුවා. (නදී)
වාසනාව තමයි! (නි)
බොරු කියන, අපරාධ කරන අය ප්ලේන් වල නොවෙයි අකුණු ගහද්දි එළියටවත් නොයන එක හොඳයි. (නි)
හරිම පුදුමාකාර බේරිල්ලක්නේ... (නි)
මේ ලෝකයේ මේ වගේ අනතුරු වලින් කී දෙනක් බේරෙනවද? පොඩ්ඩක් හිතන්න. මාර්ග අනතුරුම කීයක් වළකිනවද? මේක තමයි අපිට නොතේරෙන අසිරිය (නි)
'අර්ත්' වයර් ර්ක හොඳට තියෙන්න ඇති. ඒකයි කරදරයක් වෙලා නැත්තේ (නි)
නිශාන්...අදහස් දක්වන සැමට ආදර්ශයක් ඔබ.වැදගත් වන්නේ වල් පල් නොව අදහස් තුළින් ද පාඨකයා ලබන දැනුවත් බවයි. (ස)
ලෝහමය කබොලක් තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඒකාකාරී නිසා විදුලි සැර වැදීමක් වෙන්නේ නැහැ. යානය හරහා අකුණ පොළවට ඇදුනත් පරිපථ හෝ මිනිසුන්ට හානියක් වෙන්නේ නැහැ. අකුණු ගහන පරිසරයකදී ඔබට ආරක්ෂිතම තැන තමයි වාහනයක් ඇතුලේ සියලු ජනෙල් දොරවල් වහගෙන ඉන්න එක. වාහනයට හෙණ ගැහුවත් ලෝහමය කබොල ඇතුළත සිටින අය ආරක්ෂා වෙනවා. (නි)
ගුවන් යානා වලට අකුණු වදින්නේ නැහැ. ෆැරඩේ තමයි ඒක හොයා ගත්තේ. "ෆැරඩේ කේජ් " කියල තමයි ඒකට කියන්නේ. (ස)
කුමාරි, රට ඉන්නවා කියල කියන්න මේ අවස්ථාව යොදා ගත්තා. එහෙම නේද? (ස)
මේක හොයා ගත්තෙ ෆැරඩේ නෙමෙයි. ෆ්ලෙමින් කියන විද්‍යාඥයා. ෆ්ලෙමින්ගේ අයිස් කෝප් නියමය. එයට අනුව සංවෘත්ත සන්නායකයක අභ්‍යන්තරයේ ආරෝපණ රඳා නොපවතී. (ස)
සොරි ෆ්ලෙමින් නෙමෙයි ෆැරඩේ තමයි. පොඩි පැටලීමක් වුනේ. (ස)
විද්‍යාව හදාරලා නැති අයට මේක පුදුම දෙයක් තමයි. සරලව කිව්වොත් අකුණු ගහනකොට ඉන්න ඕනි හොඳම තැන සංවෘත පද්ධතියක් තුළ. ඒ කියන්නේ අකුණු ගහන වෙලාවක අපි ඉන්නේ වහනයක් තුළ නම් කවදාවත් එළියට නැත්තම් ගෙට දුවන්න එපා. ආාක්ෂාකාරිම තැන තමයි වාහනේ ඇතුළ ගුවන් යානයක් කියන්නෙත් ඒ වගේ තැනක්. (ස)
දර්ශන, මම මේ සියලු දේට වඩා ඔබ අගය කරනවා. නිවැරදි කිරීම ගැන. ෆැරඩේ කේජ් තව ගොඩක් තැන්වල භාවිතා වෙනවා. ප්‍රයෝජනයට ගන්නවා. (නි)
හැබැයි අපේ අහවලා හිටියා නම් යානය ඇතුළේ, හෙණ වදිනවා අනිවාර්යයෙන්ම (නි)
මේක පුදුමයක් නෙවි සංවෘත ලෝහ කැබැල්ලක් ඇතුලේ ඉන්න කෙනෙකුට අනතුරක් ස්ථිති විද්‍යුත් බලයකින් වෙන්නේ නැහැ කුලොම්ගේ පරීක්ෂණයෙන් මේ බව ඔප්පු කරලා තියෙනවා .සාමාන්‍ය විද්‍යාත්මක කරුණක් .මේක කලාව පෙත්තෙන් දුර්ලබ දසුනක් (දී)
මේ වගේ දේවල් වලත් වීඩියෝ තියෙනවානම් මැලේෂියා ගුවන් යානයට මොකද උනේ කියලා හොයා ගන්න බැරිද (දී)
මේ කතාවේ වීඩියෝ එක දැක්කාම ඇඟ හිරිවැටෙනවා (දී)
ගුවන් යානා හෝ මෝටර් වාහන කියන්නේ ෆැරඩේ කුටීර. ඒවාට කොච්චර විදුලි බලයක් ලබාදුන්නත් ඒකේ ඇතුළේ ඉන්න අයටවත් තිබෙන දේවල් වලටවත් මොනවත් වෙන්නේ නැහැ. හැබැයි ඒ කුටීරයේ ලෝහ කොටස්වල නොගෑවී ඉන්න ඕනෑ. ඒක ඇතුළේ යම් පරිවාරකයක් මත රැඳී ඉන්න ඕනෑ. ගුවන් යානයේදීත් වුණේ ඒකයි. (නි)
මේ වෙලාවට අනතුරක් වෙන්න විදිහක් නැහැ. ගුවන් යානා, දුම්රිය වගේ වාහන ෆැරඩේ කුටීරයක් විදිහට ක්‍රියා කරනවා. මේක මේ වෙනත් මොකක්හරි ෆැන්ටසි අසිරියක් නෙවෙයි. මේක තමයි විද්‍යාව කියන්නේ. (ස)
නොදන්නා දෙයක් ගැන ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි ලංකාදීපයට.. (ස)
අම්මෝ බයේ බෑ. මේ වගේ වෙලාවට එළියට බහින්නත් බයයි. (ස)
නොදන්නා බොහෝ දේ නිශාන්ගෙ අදහසින් දැනගත්තා. ස්තූතියි නිශාන් දැනුවත් කළාට.(නදී)
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවේලු (දී)
කෝ ඒ ඡායාරූපය නැද්ද බලන්න? (නි)
http://www.dailymail.co.uk/news/article-2593322/Ladies-gentlemen-noticed-hit-lightning-Pilots-calm-announcement-plane-stuck-THREE-bolts-once.html (නි)
මේ ලින්ක් එක බලන්න. http://www.huffingtonpost.co.uk/2014/03/31/incredible-pictures-show-klm-flight-hit-by-lightning_n_5063300.html (නි)
කෝ ඡායාරූපයක් දාන්නකෝ. (නි)
කෝ අපිටත් බලන්න පුලුවන්ද යානාව? (දී)
මේකනම් යානාවේ මිනිසුන්ගේ වාසනාවට බේරිලා තියෙන්නේ (දී)
අනේ! දැන්නම් අහන්න ලැබෙන ප්‍රවෘත්ති එක්ක ලංකාවට යන්න ප්ලේන් එකක් නැතුව වෙන විදියක් බලන්න වෙනවා. (නි)
යානාවක් අකුනකට මැදි උනා කියල අනතුරක් වෙන්නේ නැහැ.. (දී)
මේප්ලේන් එක අකුණු ගහන වෙලාවට එලියට දාන්න හොදයි (දී)
ගුවන් යානා වලට අකුණු වදින් නෑ. (දී)
අනේ! මේ වගේ ගුවන් යානා ගොඩක් හදන්න.එතකොට අපිට බය නැතුව ගමන් යන්න පුළුවන්. (නි)
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවේ යන එක හොඳයි වගේ (නි)
ගුවන් යානා වලට අකුණු වදින්නෙ නැහැ නේද? (නි)
ජීවිතවලට මොකුත් නොවී මිනිසුන් බේරුනා එක ගැන සතුටුයි (දී)
අනේ මන්ද විදුලි කොටන වෙලවට අපිවත් එලියට යන්නේ නැ දුරකථනය එක්ක පුදුමයි දුරකතනයට මුකුත් නොවී තුබුන එක (දී)
කෝ දාන්නකෝ බලන්න ඒ ඡායාරූපය (නි)
එතකොට කොහොමද මේ ෆොටෝ එක ගත්තේ? (දී)
භෞතික විද්‍යාවට අනුව, ගුවන් යානාවලට සහ වාහනවලට අකුනුවැදීමේ සම්භාවිතාවය ඉතාම අවමයි . නමුත් බෝට්ටු සහ නෞකා වලට වැඩි . එනිසා කුමාරි නැවේ නම් ලංකාවට යන්න හිතන්න එපා. සුපුරුදු විදිහට ගුවන් යානා වෙන්ම යමු, මොකද තවම ලෝකයේ වඩාත් අරෂාකාරී ප්‍රවනන ක්‍රමය ගුවනින් යාමයි (දී). (දී)
ඇත්තටම සම්මානයක් දෙන්න වටිනා පින්තුරයක් (දී)
බෝට්ටු සහ නෞකා පොළොවට සම්බන්ධ නැති නිසා අකුණු වදින්න විදිහක් නැහැ කියලයි මමනම් හිතන්නේ (දී)
මිනිස්සු බේරුණු එකට සතුටුයි (දී)
ගුවනේ ගමන් ගන්නා ගුවන් යානා වලට අකුණු වැදීමෙන් යානාවට කිසිදු උපද්‍රවයක් වෙන්නේ නැ. උඩු ගුවනේදී යනාවන් අකුණු අතරට හසු වීම සාමාන්‍ය දෙයක්. එයින් ඇතුලත ගමන් ගන්නා මගීන්ට හානියක් වන්නේ නැ , (දී)
අකුණක් හෝ විදුලිය ඇගට වදින්න ධාරාවක් ගලායාම වෙන්න ඕනේ .පොලවේ විභවය 0 යි . (දී)
සමන්, ජලය තුලින් විදුලිය (ඉලෙක්ට්‍රොන ) ගමන් කිරීම ඉතා පහසුයි . අකුණක් වදිනවිට නෞකා සහ බෝට්ටු හොද මාධ්‍යක් වෙනවා, ඉලෙක්ට්‍රොන පොලව තුලට ගල යාමට. එනිසා නෞකා සහ බෝට්ටු වලට ඉතා හොද අකුණු සන්නායකයක් අවශයි. (දී)
අම්මෝ (දී)
වාසනාව තියෙනවා ඒ සැමදෙනාටම ජිවත් වෙන්න.(නදී)
99 යෙන් බේරිලා තියෙන්නේ.(නදී)
ඔය වගේ සිද්දියක් ද දන්නේ නෑ එම්.එච් 370 ටත් වුනේ.(නදී)
අනූ නවයෙන්නේ බේරිලා තියෙන්නේ (නි)
මෙය දෙවියන් විසින් කළ දෙයක් (නි)