IMG-LOGO

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා


අක්කරයට දසදහසක පොහොර සහනාධාර වෙනුවට 1486 ක් දීලා

(සමිපත් ප්‍රියනන්දන)

බලංගොඩ  නෙල්ලිවල  අලකොළ ඇල්ල  ග්‍රාම  නිළධාරි  වසමේ  තරුණ ගොවි  මහතෙකුට  කුඹුරු  අක්කරයක්  සදහා  රජය විසින්   ලබාදෙන  රුපියල්  10,000  ක  පොහොර සහනාධාර   මුදල වෙනුවට  රුපියල්  1486  ක මුදල් පමණක් ලැබි  ඇති  බවට  එම  ගොවි මහතා චෝදනා කර  සිටියි.

පසුගිය  ජනවාරි මාසයේ  එම  මුදල බැංකු ගත  කර  තිබුණ  බවත්  තමන්ට  කුඹුරු අක්කර  එක  හමාරක ප්‍රමාණයක් තිබෙන  බවත්   එයින් අක්කරයක  ප්‍රමාණයක්  වගා  කර  තිබෙන  බවද  පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජි.ඩබ්ලිව්  වසන්ත  ගොවි  මහතා මෙසේ කීය.

මට  කුඔුරු  අක්කර  එක හමාරක  ප්‍රමානයක්  තිබෙනවා. මම  අක්කර  එකක   ප්‍රමානයක්  මෙවර ගොයම් වගා  කරලා  තිබෙනවා.ඉතින්  හෙක්ටයාර් එකක් සදහා   රුපියල්  25,000 පොහොර සහනාධාර මුදල් ලබා  දෙන  බවට රජය  මගින් නිවේදනය කර තිබෙනවා. ඒ  අනුව  අක්කරයක් සදහා  රුපියල්  10,000 මුදල්   මට  ලැබෙන්න .ඔනෑ.

පසුගිය  මස 07 වැනිදා  මට බැංකු ගිණුමට රුපියල්  1486 ක වැනි  ඉතා අඩු  මුදලක්  බැර  කරලා තිබුණා. මට කැට පොහොර සහ  යුරියා පොහොර  කිලෝ  හැටක් විතර අවශ්‍ය වගා කර  ඇති අක්කරය සදහා   යොදන්න. ඉතින් රජයෙන් ලබා දුන්  මුදලට  මිලදී ගන්න  පුළුවන් පොහොර කිලෝ නවයක්  විතර  තමයි .මට  රතු  කුඩු  පොහොර  කිලෝ 13  ට ආසන්න ප්‍රමාණයක්  ගොවිජන සේවා  එකෙන් ලැබුණා.

පොහොර නොමැතිව මගේ  කුඔුරේ ගොයම් පදුරු වල වර්ධනය බාල  වෙමින් තිබෙනවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය



අදහස් (0)

අක්කරයට දසදහසක පොහොර සහනාධාර වෙනුවට 1486 ක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

නිධන් ගන්න ගිය පහක් මරුට
2025 පෙබරවාරි මස 01 17 0

හොරණ කඳන උතුර සුසාන භූමිය ඉදිරිපිට මාර්ගයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් ගැනීමට කැනීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු සහ ගල් විදීමට යොදාගන්නා වාය


ලක්ෂ 70 ක වියළි ඉගුරු සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 01 74 0

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ප්‍රවාහනය කරමින් තිබු රුපියල් ලක්ෂ 70 කට අධික වියළි ඉගුරු තොගයක් සැකකරුවන් සිව් දෙනෙකු සමග කල්පිටිය පොලිස්


කෝටි පහක පාරක් සය මසක් යන්නට කලින් නාය ගිහින්
2025 පෙබරවාරි මස 01 206 0

රුපියල් කෝටි ගණනක් වියදම් කර පසුගිය රජය මගින් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බලංගොඩ මද්දෙගම - පිඬලිගන්නාවෙල මාර්ගයේ කොටසක් අධික වර්ෂාවත් සම


ගාල්ල බන්ධනාගාරයේ ජංගම දුරකතන තුනක්
2025 පෙබරවාරි මස 01 96 0

ගාල්ල බන්ධනාගාරයේ එච් වාට්ටුවේ සිදු කරන ලද සෝදිසියකදි රැදවියන් ලඟ තිබු ජංගම දුරකතන තුනක් චාජර් හතක් බැටරි පහක් ඇතුළු උපාංග රැසක් අද (1) සවස සොයාගත් බව බ


අක්කරයට දසදහසක පොහොර සහනාධාර වෙනුවට 1486 ක් දීලා
2025 පෙබරවාරි මස 01 497 0

බලංගොඩ නෙල්ලිවල අලකොළ ඇල්ල ග්‍රාම නිළධාරි වසමේ තරුණ ගොවි මහතෙකුට කුඹුරු අක්කරයක් සදහා රජය විසින් ලබාදෙන රුපියල් 10,000 ක පොහොර සහනාධාර මුදල වෙනුව


බස් - ත්‍රීවීල් ගැටී අයෙක් රෝහලේ
2025 පෙබරවාරි මස 01 180 0

කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළේ බස් රථ තුනක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 71 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 708 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 722 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site