(රොමේෂ් මධූෂංක)
යාපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) අත්අඩංගුවට ගත් බවට යපනය පොලීසිය පැවසීය.
ගුරුනගර් සිට නීතිවිරෝධි වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් පිළිබඳව යාපනය පොලීසියට ලැබුණ තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ගුරුගර ප්‍රධාන මාර්ගයේ මුරකාවල් යොදා සිටියදී අදාල වැලි ට්‍රැක්ටරය ධාවනය වී ඇති අවස්ථාවේ පොලීසිය විසින් ට්‍රැක්ටරය නැවත්වීමට එහි රියදුරුට අණ කොට ඇත.
පසුව ට්‍රැක්ටරය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් ට්‍රැක්ටරය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව ට්‍රැක්ටරය නොනවැත්වීම නිසාවෙන් ට්‍රැක්ටරයට වෙඩි තබා ඇත.
එහිදී රියදුරු බියට පත්ව ට්‍රැක්ටරය දමා පලා යාමට උත්සහ ගත් අවස්ථාවේදී පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන
මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වර
මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අරගල සමයේ සිය දේපළ විනාශය වෙනුවෙන් රුපියල් එකසිය විසි දෙකෝටි හතළිස් එක් ලක්ෂ තිස් හතර දහස් හත්සීය තිස් හතක් (1224134737) ලබාගෙන ඇතැයි
මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස පත්වූවාය.
මහත් ආන්දෝලනයකට තුඩුදුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වු විත්ත
ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා ගෞරවනීය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අණ නොතැකූ වැලි ට්‍රැක්ටරයට වෙඩි