IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘අත‘ පුංචි ඡන්ද සටනට බහී

ඉදිරියේ එන මැතිවරණයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සූදානම් කරනු වස් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන දැනටමත් වැඩ ආරම්භ කර අවසන්ය. පක්ෂයේ ශක්තිය සමග ඔහු දිනාගැනීමට අපේක්ෂා කරන අරමුණු කිහිපයක්ම ඇත.ඒවා අතරින් වඩා වැදගත් වන අරමුණු දෙකක් ලෙස, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ලබන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණෙන් එල්ල වන අභියෝගයට සාර්ථකව මුහුණදීම සහ පක්ෂයේ සාමාජිකයන් එක්රැස් කිරීම මගින් වත්මන් රජයේ අනෙක් පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂය හමුවේ නිදහස් පක්ෂයේ මතයද ප‍්‍රබල ලෙස ඉදිරියට ගෙන ඒමට හැකි පදනමක් ඇති කරගැනීම සඳහන් කළ හැකිය.

පසුගිය සිකුරාදා ජනපති මන්දිරයේ පැවති රාතී‍්‍ර හමුවකදී එහි පැමිණ සිටි ගණනින් 168 කට ආසන්න වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සංවිධායකයින් අමතමින් කළ අදහස් දැක්වීමේදී ජනපති සිරිසේන මෙම කරුණු විශේෂයෙන් සදහන් කර සිටියේය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ද, පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ද මෙම හමුවට සහභාගීව සිටියේය.

පක්ෂයේ සාමාජිකත්වය ලක්ෂ 50 ක් දක්වා ඉහළ නැංවීමට පක්ෂ සංවිධායකයෝ කටයුතු කළ ඇති බව ජනපති සිරිසේන පැවසුවේය.දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවක් මගින් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලක්ෂ 10 ක අගයට ගෙන ඒමට බලාපොරොත්තු වන බව පවසන බැසිල් රාජපක්ෂ මහතාට ඔහු දුන් පිළිතුර එය විය.මෙය කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ.කෙසේවුවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඡුන්ද කොට්ඨාස මට්ටමින් නව සංවිධායකවරුන් බදවා ගැනීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇත.

‘‘මමත් ඉන්නේ පක්ෂය හැදෙනකන්.බලමුකෝ..‘‘

ජනපතිවරයා පැවසුවේය.දකුණට යමින් සිටින අතර, සංඥා පෙන්වා වමට හැරීමටද තමන්ට හැකි බව ඔහු කීවේය.මෙය හිටපු යුගොස්ලාවියානු ජනපති මාර්ෂල් ජොසිප් බ්‍රොස් ටිටෝ ද භාවිතා කළ යෙදුමකි.කිසිවකු හා ඒකාබද්ධ නොවී ගමන යා හැකි බව ඔහු එයින් ඉගි කළේය.ජනපති සිරිසේන එවැනි ප‍්‍රකාශයක් සිදුකළේ, යුගොස්ලාවියා හිටපු ජනපතිවරයා අනුගමනය කරමින්ද, නැතහොත් අවස්ථාවේ සැටියට අදහස් දැක්වීමක් ලෙසද යන්න අපැහැදිලිය.පසුගිය සතිය පුරාවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අතර කතාබහට ලක්වූ මාතෘකාව වූයේ මෙයය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ටද ආරාධනා කරන්නැයි ජනපති සිරිසේන පක්ෂ සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියේය.මේ ඔස්සේ පක්ෂය ශක්තිමත් වනවා පමණක් නොව එක්සත් වන බවද ඔහු පෙන්වා දුන්නේය.තම තමන්ගේ මැතිවරණ කොට්ඨාස වල වැඩි කාලයක් ගතකරන ලෙසත්, ඒවායේ වෙසෙන ජනතාවගේ ගැටලූ හදුනාගනිමින් අවශ්‍ය විසදුම් ලබාදීමට පියවර ගන්නා ලෙසත්, ජනපති සිරිසේන පක්ෂ සංවිධායකයින්ට උපදෙස් දුන්නේය.

පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සදහා මූලික කටයුතු දැන් ආරම්භ කර ඇත.මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුදුකුඩිරිප්පු සහ මාරිමෙපට්ටු ප‍්‍රාදේශීය සභා වල මැතිවරණයන්ද ඒ සමගම පැවැත්වීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ අපේක්ෂාවයි.මෙම ප‍්‍රාදේශීය සභා වල මැතිවරණයන් පැවැත්වීමට නියමිතව තිබුනේ 2011 මාර්තු මස 17 වැනිදා වුවද, එම ප‍්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු හා නැවත පදිංචි කිරීමේ කටයුතු අවසානව නොතිබූ නිසා මැතිවරණය කල් දැමින.නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස පලවූ දැන්වීම් අදටත් වලංගු බවද මුස්තාපා කිවේය.එසේ වුවත් ඇතැම් පුද්ගලයින් මියගොස් සිටීමත්, නාම යෝජනා භාර දීමට සුදුසුකමක් වන වයස අවුරුදු 35 ක සීමාව ඇතැමුන් මේ වන විට ඉක්මවා සිටීමත් නිසා, එම දැන්වීම් වල වෙනස්කම් කිහිපයක්සිදුකිරීමේ අවශ්‍යතාවක් පැනනැගී තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

දැනට ලැබී ඇති නාම යෝජනා අවලංගු කිරීමේ අවසරය අන්තර්ගත වන කෙටුම්පතක් නීති කෙටුම්පත්වරයාගේ දෙපාර්තමෙන්තුව ලවා සකස් කර ගැනීමට මුස්තාපාට අවශ්‍යය.මෙම අවසරය මාර්ගයෙන්, නාම යෝජනා අවලංගු කිරීමට අමතරව, අපේක්ෂකයින් තැන්පත් කර ඇති මුදල් නැවත ඔවුන්ට ලබාදීමටත් (පොලියක්ද සමග* ඔහු බලාපොරොත්තු වේ.මේ හරහා අලූතින් නාම යෝජනා කැදවීමට මාර්ගය විවර වනු ඇත.තම අමාත්‍ය සගයින්ට යවා ඇති යෝජනාවලියක මැතිවරණය මිශ‍්‍ර ක‍්‍රමයක් යටතේ පැවැත්විය යුතු බව මුස්තාපා සදහන් කර ඇත.නමුත් මෙම මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමය ගැන විස්තරයක් ඔහු ඊට ඇතුළත් කර නොමැත.

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට මුහුණදිය හැකි වන සේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට අමතරව පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් හමුවේදී සාම දූතයකුගේ භූමිකාවට පණ පෙවීමටද ජනපති සිරිසේනට සිදුවිය.මෙවර කැබිනට් හමුව පැවැත්වුනේ පාර්ලිමෙන්තු සංකීර්ණයේ අංක තුන කමිටු කාමරයේදීය.එය පැවැත්වෙන අතරවාරයේ අයවැය විවාදයද පැවැත්වෙමින් තිබින.හමුවේ එක් අවස්ථාවක නගර සැළසුම් සහ ජල සම්පාද අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ කර්මාන්ත සහ වෙළද අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, දරුණු වාග් සංග‍්‍රාමයක පැටලූණහ.

ගැටුමට තුඩු දුන්නේ බදියුදීන් ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවකි. යකඩ සහ යකඩ නොවන ඉවත දමන ලෝහ කොටස් සහ ලෝහ කුට්ටි අපනයනය කිරීම එහි මාතෘකාව විය.මෙම කැබිනට් පති‍්‍රකාව කැබිනට් උපකමිටුවක අධ්‍යනයට දැනටමත් යොමුකර තිබෙන්නකි.

මේ සම්බන්ධයෙන් හකීම් සහ උසස් අධ්‍යාපන හා අධිවේගී මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන දෙදෙනාම පෙර සිටම විරෝධතා මතු කළහ.ඔවුන්ගේ විරෝධතා කරුණු තුනක් මත පදනම් විය.

1. සුුළු පරිමාණ පිත්තල භාණ්ඩ නිශ්පාදන කර්මාන්තය සදහා ප‍්‍රමාණවත් පරිදි ඉවත දමන ලෝහ කොටස්, විශේෂයන් තඹ ලෝහ කොටස් තිබීමේ වැදගත්කම

2. මෙම ලෝහ කොටස් අපනයන කළහොත් අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගත නොහැකිව දේශීය පිත්තල භාණ්ඩ නිශ්පාදකයින්ට මුහුණදෙන්නට සිදුවනු ඇති දුෂ්කරතා

3. දේශීය පිත්තල භාණ්ඩ නිශ්පාදකයන් ආරක්ෂා කරනු වස් කිසියම් කාලයකට හෝ මෙම ලෝහ කොටස් අපනයනය කිරීම තහනම් කළ යුතු වීමේ අවශ්‍යතාවය

කෙසේවුවත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර තවදුරටත් සාකච්ඡා කිරීමට අමාත්‍යවරු දෙදෙනාම එකඟව සිටියහ.

පසුගිය අගහරුවාදා මෙය නැවත සාකච්ඡාවට ගැනුනු අවස්ථාවේ පිත්තල භාණ්ඩ නිශ්පාදනය සම්බන්ධයෙන් නම ගිය නුවර දිස්ති‍්‍රක්කය නියෝජනය කරන හකීම් සහ කිරිඇල්ල දෙදෙනාම පවසා සිටියේ යකඩ සහ යකඩ නොවන ලෝහ කොටස්, ගණනින් 2000 ඉක්මවන පිත්තල භාණ්ඩ නිශ්පාදකයන්ට අත්‍යාවශයම වන අමුද්‍රව්‍යයන් බවය.මෙම අමුද්‍රව්‍යයන් අපනයනය කිරීමක් සිදුවුවහොත් ව්‍යාපාර අතහැර දැමිීමට සිදුවන්නේ යැයි එම නිශ්පාදකයන් පවසන බව ඔවුහු කීවෝය.දැනටමත් ඇතැම් අපනයනකරුවන් මෝටර් බැටරි වල බහා ඊයම් කුට්ටි විදේශයන්ට යවමින් සිටින බව හකීම් වැඩිදුරටත් පැවසුවේය.නමුත් මේ සියල්ල හමුවේ බදියුදීන් සිටියේ තම පති‍්‍රකාවට අනුමැතිය ලබාගැනීමේ දැඩි අරමුණකින්ය.

 

විවාදය දරුණු අතරට හැරුනේ බදියුදීන්, හකීම්ට කළ චෝදනාවකින්ය.තමා මේ හරහා මුදල් උපයාගන්නේ යැයි හකීම් ප‍්‍රසිද්ධ රැුස්වීමකදී පවසා ඇති බව බදියුදීන් කීවේය.එය දැඩිව ප‍්‍රතික්ෂේප කළ හකීම් කියා සිටියේ තමා එම ප‍්‍රකාශය දේශපාලන අරමුණු තකා සිදුනොකළ බවය.තමා නියෝජනය කරන මැතිවරණ කොට්ඨාස වලින් තැබුනු තොරතුරු මත පදනම්ව පමණක් එම ප‍්‍රකාශය සිදුකළ බව ඔහු පැවසුවේය.කිරිඇල්ල අමාත්‍යවරයාවද කතාවට ඈදා ගත් හෙතෙම අනතුරුව පැවසුවේ දේශීය කර්මාන්තය අනතුරේ වැටෙනු ඇතැයි තමන් දෙදෙනාම බියට පත්ව සිටින බවය.මෙහිදී වාදයට මැදිහත්වූ ජනපති සිරිසේන, හකීම්, කිරිඇල්ල සහ බදියුදීන් තිදෙන වෙනම හමුවී මෙම ගැටලූව විසදාගත යුතුව ඇති බව කීවේය.මේ අනුව පසුගිය කැබිනට් හමුවේදීද තම පති‍්‍රකාවට අනුමැතිය ලබාගැනීමට බදියුදීන්ට නොහැකි විය.

 

එතනොල් ආනයනය සම්බන්ධයෙන්ද බදියුදීන් කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබින.අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ පැලවත්ත සහ සෙවණගල සීනි කම්හල් ද්විත්වයම වෙළදපල මිලට වඩා අඩු මිලකට එතනෝල් අලෙවි කරමින් සිටින නිසා රජයට විශාල පාඩුවක් සිදුවෙමින් පවතින බවය.එතනොල් අපනයනය අරබයා වඩා පුලූල් සාකච්ඡුාවක් සිදුකළ යුතු වීමේ වැදගත්කම මෙහිදී ඉස්මතු විය.නමුත් ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනුනේ නැත.

 

අනතුරුව සාකච්ඡුාවට ගැනුනේ ජල ගාස්තු ඉහළ සියයට 30 කින් ඉහළ නැංවීමට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ගෙන ඇති තීරණයයි.ජල ගාස්තු ඉහළ දැමිීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමක් සිදුව නොමැති බව අමාත්‍යවරු කිහිපදෙනෙක්ම පෙන්වා දුන්නෝය.මේ සම්බන්ධයෙන් තමාද නොදන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.ජල සම්පාදන මණ්ඩලයට අලූතින් බදවාගෙන ඇති කාර්යමණ්ඩලයට වැටුප් ගෙවීමට හා දීමනා ලබාදීමට මෙසේ ගාස්තු වැඩිකර ඇතැයි තවත් අමාත්‍යවරයෙක් කීවේය.මෙහිදී අදහස් දැක්වූ බදියුදීන් පැවසූයේ ජල සම්පාදන මණ්ඩලයට නව කාර්යමණ්ඩලයක් බදවා ගෙන ඇත්තේ දේශපාලන වුවමනාකම් මත බවය.එය හකීම් වෙත එල්ල කෙරුණක් බව පැහැදිලිව පෙනින.ජල ගාස්තු සියයට 30 කින් ඉහළ නැංවීම අයවැයෙන් ජනතාව බලාපොරොත්තු වූ සහන වලට ඉදුරාම පටහැනි බව ජනපති සිිරිසේන ද කීවේය.

 

ගාස්තු ඉහළ දැමිීමක් සිදුකිරීමට අවශ්‍ය නම් ප‍්‍රථමයෙන් එවැන්නක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ ඇයිදැයි ජනතාව දැනුම්වත් කිරීමක් සිදුකළ යුතුව තිබුනු බව ජනපතිවරයා පෙන්වා දුන්නේය.ගාස්තු ඉහළ දැමිීම අත්හිටුවීමට ඔහුට වුවමනා විය.

 

’‘ ජල ගාස්තු අධ්‍යනය කිරීම සහ අවශ්‍ය පරිදි සංශෝධන කිරීම වසර තුනකට වරක් සිදුවෙනවා.නමුත් පසුගිය වසර හතර පුරාවටම බදු වැඩිවීමක් සිදුවෙලා නැහැ.‘‘ හකීම් මෙහිදී පැහැදිලි කළේය.වසරක කාලයකට එක් නිවසකට ජලය සැපයීමට පමණක් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් ලක්ෂ පහක - හයක වියදමක් දැරීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසුවේය.

 

’‘ මේ කටයුතු වලට මහා භාණ්ඩාගාරයෙන් අපිට මුදල් ලැබෙන්නේ නැහැ.නඩත්තු සහ පිළිසකර කිරීම් වල වියදම් දරන්නට සිදුවෙලා තිබෙන්නෙත් අපටමයි.අද, දවසක ජල ගාස්තුවට වැටෙන්නේ රුපියල් 18 ක් විතර.මේ ගාන තේ කෝප්පයක, බනිස් ගෙඩියක ගානටත් වඩා අඩුයි.මෙහෙම තත්ත්වයක ජල සම්පාදන මණ්ඩලය ජලය ඝණ මිීටරයකට දවසකට රුපියල් 48 ක මුදලක් වැය කරනවා.‘‘ හකීම් කීවේය.

 

ජල සම්පාදන මණ්ඩලයේ වැටුප් සංශෝධන සහ දීමනා ගෙවීම් සදහා මුදල් සපයා ගැනීම භාණ්ඩාගාරය හා සාකච්ඡුා කිරීමෙන් සිදුකළ යුතු වන්නක් මිස හිතූමනාපයට ජල ගාස්තු වැඩි කිරීමෙන් සිදුකළ යුත්තක් නොවන බව මෙහිදී තීරණය විය.ජනපති නියමයෙන් මිල නියම කිරීමේ සූත‍්‍රයක් සකස් කිරීමට ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කෙරුනු අතර එහි සාමාජිකයෝ ලෙස හකීම්, සරත් අමුණුගම සහ රවී කරුණානායක නම් කැරින.අමාත්‍යංශ ආරංචි මාර්ගයකට අනුව ජල මිලෙහි සුළු වැඩි වීමක් බලාපොරොත්තු විය හැකිය.

 

මාර්ග නීති කඩ කිරීමේ අවම දඩ මුදල රුපියල් 2500 ක් දක්වා ඉහළ දැමිීමට අයවැයෙහි සදහන් වන යෝජනාව අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡුාවට බදුන් විය.

 

සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා සදහන් කළේ මෙම අගය කිසිසේත්ම සංශෝධනය නොවන බවය.නමුත් කැබිනට් මණ්ඩලයේ එකගතාව අනුව මාර්ග නීති කඩකිරීමේ කාණ්ඩ තුනකට බලපැවැත්වෙන දඩ මුදල රුපියල් 15,000 ක් දක්වා ඉහළ දැමිීමට තීරණය කර ඇති බව ඔහු කීවේය.එම කාණ්ඩ තුන වන්නේ

 

1. මත්පැන් පානය කර රථවාහන පැදවීම

2. වයස සම්පූර්ණ වීමට පෙර රථවාහන පැදවීම

3. රියදුරු බලපතක් නොමැතිව රථවාහන පැදවීම

 

මෙම ගාස්තු ගෙවීමට යෝජිත ක‍්‍රමවේදයෙන් විපක්ෂය චෝදනා නගන ආකාරයට කිසිසේත්ම මහ බැංකුව පෞද්ගලීකරණය වීමක් සිදු නොවන බවද කරුණානායක අවධාරණය කළේය.

 

කරුණානායකගේ අයවැය යෝජනාවලිය පසුගිය සිකුරාදා පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් අනුමත විය.එය අයවැයෙහි සදහන් වූ වැදගත් යෝජනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවූ එකගතාවයන්ගේ ප‍්‍රතිඵලයකි.නමුත් එය අයවැය යෝජනා කි‍්‍රයාත්මක කිරීම අරබයා රජයට සුභ ලකුණක් වන බව සිතීම හිතලුවකි.ඇතැම් යෝජනා මුල් කොටගෙන දැනටමත් විවිධ ක්ෂේත‍්‍ර වලින් මතුවෙමින් ඇති විරෝධතා වලට මුහුණදීමට රජයට සිදුව ඇත.හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු අරබයා ඇතිව තිබෙන තත්ත්වය එයින් එකකි.

 

මෙම වරාය සංවර්ධනය කිරීම සදහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා වලට වරාය සහ නාවික අමාත්‍යංශය සපුරාම විරුද්ධය.අමාත්‍යංශය එසේ විරෝධතා මතු කරනුයේ හම්බන්තොට වරායේ හිමිකරු සහ මෙහෙයුම් භාරකරු ලෙස අමාත්‍යංශයට හිමිව ඇති අයිතීන්, අයවැය යෝජනා වලින් උල්ලංඝණය වන්නේ යැයි යන පදනමේ සිටය.මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවේ පෙර අවස්ථාවලදී විරෝධතා මතු කළ වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අදහස් වලට ඌණ පූර්ණයක් එක් කරමින්, ඔහු වෙනුවෙන් අදහස් දැක්වූ වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසා සිටියේ හම්බන්තොට වරාය අනෙක් වරාය ආශි‍්‍රත ව්‍යාපෘතීන් වන කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තය සහ දකුණු ආසියා ද්වාරය, හා සැසදීමේදී බෙහෙවින් වෙනස් බවය.ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය හම්බන්තොට වරායේ හිමිකරු, වරාය කි‍්‍රයාකරවන්නා සහ වරාය මෙහෙයවන්නා ලෙස කටයුතු කළ බව ඔහු පෙන්වා දුන්නේය.මෙම කටයුතු වල වෙනසක් සිදු කිරීමට යන්නේ නම් වරාය අධිකාරී පණත පාර්ලිමෙන්තුව හරහා සංශෝධනයට ලක් කළ යුතුව තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.එවැනි සංශෝධනයක් සිදුකිරීමකින් තොරව ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට මෙවැනි එකගතාවන්ට හෝ අවබෝධතා ගිවිසුම් වලට හෝ එළැඹිීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කළේය.

 

හම්බන්තොට වරාය වෙනත් සමාගමකට පවරාදීමට ඉදිරිපත් කර ඇති යෝජනාවත් සමග, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සිටිනුයේ මෙම යෝජනාව මාර්ගයෙන් හම්බන්තොට වරායේ සියලූම කටයුතු එම සමාගම වෙත පවරා දෙනු ඇතැයි යන අදහසේය.හම්බන්තොට වරායෙන් දැනට උපදින ආදායම ද එම සමාගමටම හිමිවනු ඇති බවත්, ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට අදායම් උපයා ගනු හැකිවනු ඇත්තේ ප‍්‍රදීපාගාර අලූත්වැඩියාවට වැය කරන මුදල් පමණක් බවත්, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය පෙන්වා දේ.මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කැරුනු පති‍්‍රකාවක අන්තර්ගතව තිබූ ඇතැම් කරුණු පහත දැක්වේ.

 

වරායක පර්යන්ත වල මෙහෙයුම් කටයුතු, රජය හා පෞද්ගලික සමාගමක් අතර ඇතිවන සබදතාවයකින් පෞද්ගලීකරණය වුවද, එම වරායේ හිමිකාරීත්වය සහ මෙහෙයුම් කටයුතු වල අධිකාරීත්වය සාමාන්‍යයෙන් ලැබෙනුයේ රජය යටතේ කි‍්‍රයාත්මක වරාය අධිකාරීන්ටය.

 

මෙවන් යෝජනා, පවරා දීමට යන සමාගමේ හෝ පහසුකම් වල වෙළද වටිනාකම සහ පැවරීමෙන් පසු ගතවන කාලයේ මෙම සමාගම් වලින් හෝ පහසුකම් වලින් උපයාගන්නා මුදල හා අධ්‍යනය කිරීමෙන් පසුව සකස් කළ යුතුය.නමුත් මෙම අවස්ථාවේ අප සැළකිල්ලට ගෙන ඇත්තේ ගෙවීමට ඇති ණය පිළිබදව පමණකි.සම්පත් වල මුළු වටිනාකම සැළකිල්ලට ගෙන නොමැත.

 

වරායන් යනු ජාතික ආරක්ෂාවට වැදගත් වන සාධකයන්ය.එනිසා අතීත අත්දැකීම් සැළකිල්ලට ගැනීමේදී ඒවායේ සම්පූර්ණ පාලනය පැවතිය යුත්තේ රජය අතය.ප‍්‍රධාන මුහුදු මාර්ගයන්ට ඉතාම සමිීපව, මූලෝපායික වශයෙන් වැදගත් පිහිටුමක ඇති හම්බන්තොට වරාය වෙනත් සමාගමකට පැවරීම යනු අප රටේ ජාතික ආරක්ෂාවට අනතුරේ හෙළන්නකි.හම්බන්තොට වරාය ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙන් ඉවත් කෙරුණහොත් බරපතල මට්ටමේ නොසන්සුන්කාරී වාතාවරණයකට මුහුණදීමට රජයට සිදුවනු ඇත.හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ගන්නා තීරණ වලදී වරාය අධිකාරිය හවුල් කර නොගැනීම අරබයා එහි අධ්‍යක්ෂක මණ්ඩලය, විෂය භාර අමාත්‍යවරයා ඉදිරියේ අප‍්‍රසාදය ද පලකර තිබේ.

 

කොළඹ වරාය සැළකීමේදී ඇතිවූ එකගතාවය වූයේ වසර 35 ක කාලයක් ඇතුළත එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරීමත්, මෙහෙයුම් කටයුතු සිදු කිරීමත්, ශී‍්‍ර ලංකාව වෙත පවරා දීමත් සම්පූර්ණ කිරීමටය.නමුත් හම්බන්තොට වරාය දැන් ඉදිකර අවසානය.එය වසර 99 කට බදු දීමට යෝජනා කරද ඇත.මෙය වහාම අවධානයට ගත යුත්තකි.වරායේ හිමිකරු, කි‍්‍රයාකාරීත්වය භාරකරු සහ මෙහෙයුම් කටයුතු භාරකරු ලෙස කි‍්‍රයාත්මක විය යුත්තේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය පමණකි.වරාය ඉදිකිරීම්, මෙහෙයුම් කටයුතු හා නැවත පවරාදීම වසර 99 කට නොව වසර තුනක් වැනි කාලයකට සීමා කළ යුතුය.

 

පසුගිය මස කැබිනට් මණ්ඩලයට විශේෂ දැනුම්දීමක් සිදුකළ වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසා සිටියේ හම්බන්තොට වරායේ අදියර එක සහ අදියර දෙක ව්‍යාපෘති කටයුතු සදහා සහ, බන්කර පහසුකම් සමග ඉන්ධන ගබඩා කිරීමේ ටැංකි සමූහයක් ඉදිකිරීම සදහා ඩොලර් බිලියන 1.4 ක මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇති බවය.මෙම මුදල ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ අරමුදල් සහ අධිකාරිය ලබාගන්නා ණය ආධාරයෙන් දැරීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා පැවසුවේය.මෙම මුදලට අමතරව, ඉඩම් මිලයට ගැනීම සහ වෙනත් කටයුතු සදහා වරාය අධිකාරිය සැළකිය යුතු මුදලක් දැනටමත් වියදම් කර අවසන් බවද ඔහු කීවේය.වර්තමානයේ හම්බන්තොට වරායේ මුළු වටිනාකම ඩොලර් බිලියන 1.5 කට ආසන්නය.

 

‘‘ හම්බන්තොට වරායට පෞද්ගලික ආයෝජකයින් හවුල් කරගැනීමට ඇති අවකාශය හදුනාගැනීමෙන් පසු, බන්කර පහසුකම් බද්දට ගැනීමට යෝජනා ඉදිරිපත් කිරීමටත්, ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට ආයෝජන යෝජනා ඉදිරිපත් කිරීමටත් අවශ්‍යය පහසුකම් සැළසීමට වරාය අධිකාරිය කටයුතු කළේය.මෙම කටයුතු දියත් කෙරුනේ කැබිනට් මණ්ඩලයේ අධීක්ෂණය යටතේය.‘‘

 

‘‘ නමුත් මෙම යෝජනා කැදවීම ආර්ථික කලමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව ගත් තීරණයකට අනුව අත්හිටැවින.දිනය ජූලි මස 22 වැනිදා විය.අනතුරුව ආර්ථික කලමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව නැවත කැදවුනු සැප්තැම්බර් මස හත්වැනිදා උපදෙස් ලැබුනේ හම්බන්තොට වරායේ බන්කර පහසුකම් සම්බන්ධයෙන් ලැබී ඇති යෝජනා සියල්ල මුදල් අමාත්‍යංශය, වරාය හා නාවික අමාත්‍යංශ්‍ය යටතේ අධ්‍යනය කර, ඒ පිළිබද වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙසය.‘‘

 

‘‘ සැප්තැම්බර් 14 වැනිදා පැවැති ආර්ථික කලමණාකරන කටයුතු පිළිබද කැබිනට් හමුවේදී ගැනුනු තීරණයකට අනුව හම්බන්තොට වරාය භාර ගැනීමට චීන රජය යෝජනා කර තිබූ සමාගම් දෙක පිළිබදව වැඩිදුර අධ්‍යනය කිරීමටත්, එම සමාගම් සමග සාකච්ඡුා කිරීමටත් විශේෂ ලේකම් කමිටුවක් පත් කැරින.මෙම සමාගම් දෙක අතරින් එකක් තෝරාගත යුතු විය.‘‘

 

1. චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට‍්‍රක්ෂන් කම්පැනි

 

2. චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග් කම්පැනි ලිමිටඞ්

 

’‘ ලේකම් කමිටුවේ නිර්දේශය වූයේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග් කම්පැනි ලිමිටඞ් සමාගම තෝරා ගැනීමටය.එම නිර්දේශයට ආර්ථික කලමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුවේද අනුමැතිය හිමිවිය.එය කැබිනට් මණ්ඩලයට දැනුම්දීම ද සිදුවිය‘‘.

 

’‘ ඔක්තෝබර් මස 24 වැනිදා පැවැති කැබිනට් හමුවේ දී මේ සම්බන්ධයෙන් මා හට පැවැති ගැටලූ මම ඉදිරිපත් කළෙමි.කැබිනට් අමාත්‍යවරුන් මට දැනුම් දුන්නේ ඒ පිළිබදව වැඩිදුර තොරතුරු සදහන් කර ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙසය.ඒ අනුව මම ඔක්තෝබර් මස 25 වැනිදා අගමැතිවරයා වෙත ලිපියක් යොමු කළෙමි.එම ලිපිය මා සකස් කළේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා මා වෙත එවා තිබූ ලිපියකින් සහ ඉදිරිපත්ව තිබූ යෝජනාවලීන් දෙක සංසන්දනය කිරීමෙන් උකහාගත් තොරතුරු ආශ‍්‍රයෙන්ය.‘‘

 

ඔක්තෝබර් මස 26 වැනිදා පැවැති ආර්ථික කලමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටු හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡුා වූ බවත්, එහිදී වරාය අධිකාරියේ නියෝජිතයන්ද අදහස් දැක්වූ බවත් අමාත්‍යවරයාගේ ලියවිල්ලේ සදහන්ය.

 

’‘ හම්බන්තොට වරායේ ණය බර කොළඹ වරාය මත පැටවෙන්නේ නම් එය කොළඹ වරායේ සංවර්ධන කටයුතු වලට බාධාවක් බව අගමැතිවරයාගේ අදහස විය.වරාය හා නාවික අමාත්‍යංශ්‍ය ද, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය ද, අගමැතිවරයා හා එකග විය.ඔක්තෝබර් 26 වැනිදා පැවති කමිටු රැුස්වීමේදී මෙම එකගතාවය නිසා ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය මත පැටවී තිබෙන විශාල ණය බරක් ඉවත් වෙන බවද, එහි සම්පත් හම්බන්තොට වරායේ ගෙවීම් වලට වැය කිරීමෙන් නිදහස් විය හැකි බවද, පෙන්වා දෙනු ලැබින.මේ ඔස්සේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට එහි ආර්ථික හැකියාවන් පුලූල් කරගනිමින්, අනාගත වරාය සංවර්ධන කටයුතු වල නියැලීමට අවස්ථාව හිමිවන බවද පෙන්වා දෙනු ලැබින.‘‘‘

 

’‘ ඔක්තෝබර් මස 24 වැනිදා කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම්දුන් පරිදි මා මෙම ලියැවිල්ල කැබිනට් අමාත්‍යවරුන්ගේ දැනගැන්ම සහ අවධානය පිණිස මෙසේ යොමු කරමි.‘‘

 

ඉන්දියාවේ කි‍්‍රෂ් සමූහ ව්‍යාපාරය ශී‍්‍ර ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව සිටි නිවාස සහ වෙළද මධ්‍යස්ථාන ව්‍යාපෘතියට නැවත පණ දීමට සංවර්ධන මූලෝපායන් සහ අන්තර්ජාතික වෙළදාම් අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා උත්සාහ කරමින් සිටී.කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හා සමානව මෙම ව්‍යාපෘතියද ශී‍්‍ර ලංකාවට හිමිවූයේ පිළිගත් කි‍්‍රයාපටිපාටියට බැහැරවය.කි‍්‍රෂ් ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකාවට හිමිවූයේ කෙසේද, සහ ඒ පසුපස හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාගේ භූමිකාව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ අවධානයට ලක්ව තිබෙන්නකි.කොළඹ ට‍්‍රාන්ස්වරක් චතුරස‍්‍රයේ මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීමටත්, එය සංවර්ධන මූලෝපායික පණත යටතේ සිදු කිරීමටත්, කි‍්‍රෂ් සමාගම ගිවිසුමකට එළැඹ ඇත.

 

මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් කි‍්‍රයාත්මක වුවද එය ව්‍යාපෘතියේ කටයුතු වලට බාධාවක් නොවන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය තමාට දැනුම් දී ඇතැයි පවසන සමරවික‍්‍රම, එසේ වුවත් ව්‍යාපෘතිය යළි ආරම්භ කරන්නේ නම් ඒ සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුව තිබෙන බවට නීතිපති උපදෙස් තමාට ලැබී ඇති බවද කියයි.ආර්ථික කලමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ ද අදහස වන්නේ මෙයයි.මෙයට හේතුව වන්නේ ව්‍යාපෘතිය භාර සමාගම පෙර ඉදිරිපත් කර තිබූ යෝජනාවලිය සංශෝධනය කර තිබීම වන අතර, නව යෝජනාවලියට අනුව ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ කි‍්‍රයාත්මක කිරීමටත්, ඉන් එක් අදියරකදී නිවාස වෙනුවෙන් වෙන්වූ කුලූනු දෙකක්ද, අනෙක් අදියරේදී වෙළද කටයුතු වෙනුවෙන් වෙන්වුනු කුලූනක්ද ඉදිකිරීමට නියමිතය.මේ අතරම හෙරිටේජ් ගොඩනැගිල්ල ද ප‍්‍රතිසංස්කරණය කිරීම සිදුවේ.ව්‍යාපෘතියේ අදියර දෙක සදහා පිළිවෙලින් ඩොලර් ලක්ෂ 1910 ක් හා ඩොලර් ලක්ෂ 2080 බැගින්, ඩොලර් ලක්ෂ 3990 ක මුදලක් වැය වෙනු ඇතැයි ගණන් බලා ඇත.

 

ගිවිසුමට අනුව ඉඩම පවරාගැනීමට නිසි ලෙස ගෙවීම් සිදුකර ඇති නිසා, එම පදනමේ මත පිහිටා සමරවික‍්‍රම දැන් සැරසෙන්නේ කි‍්‍රෂ් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමටය.

 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධ යෝජනාව පැවති මහින්ද රාජපක්ෂ රජය, ඉන්දියාවේ කි‍්‍රෂ් සමූහ ව්‍යාපාරය වෙත යොමු කළේ 2012 ජූලි මස 31 වැනිදාය.මාස කිහිපයකට පෙර ඉන්දියාව බලා ගිය නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර මහතා ප‍්‍රධාන පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් කි‍්‍රෂ් සමාගමේ ආයෝජකයින් ලෙස හදුනාගත් පිරිසක් සමග සාකච්ඡුා කළෝය.නාමල් රාජපක්ෂ හා ඔවුන් අතර ඇති සබදතා පිළිබදවද සොයා බැලූ ඔවුහු, ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා ශී‍්‍ර ලංකාවට මුදල් එවූ ආකාරය ද විමසුමට ලක් කළෝය.

 

ජනපති සිරිසේනගේ අවධානය ළග එන පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයට යොමුව තිබෙන බව පක්ෂය ශක්තිමත් කිරීමට ඔහු ගනිමින් සිටින පියවර වලින් පැහැදිලිය.අනෙක් පසින් එක්සත් ජාතික පක්ෂය වඩාත් යොමු වෙමින් සිටින්නේ රටේ ආර්ථික කටයුතු වලටය.බටහිර දුන් පොරොන්දු වචන වලට පමණක් සීමාවී තිබෙන තත්ත්වයක, ශී‍්‍ර ලංකාවට සිදුව තිබෙන්නේ තව තවත් චීනයේ සහය පැතීමටය.

 

මහ බැංකු බැදුම්කර වංචාවට හවුල් පුද්ගලයින් නීතිය හමුවට පමුණුවන තෙක් මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව රජයේ පාර්ශවකරුවෙක් වන ජාතික හෙළ උරුමය පසුගියදා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේය.මැතිවරණ, ආර්ථිකය අතර සිරවී සිටින රජයට පොරොන්දු වූ අයුරින් වංචනියකයින් හා දුූෂිතයින් නීතිය හමුවට ගෙන ඒම තවත් ප‍්‍රමාද වෙමින් තිබීමත්, ඒ නිසාවෙන්ම රජයට එරෙහිව නැගෙමින් තිබෙන ජනතා විරෝධයත් මහත් හිසරදයක් බවට පත්වෙමින් තිබෙනවාට සැක නැත.



අදහස් (0)

‘අත‘ පුංචි ඡන්ද සටනට බහී

සුජිත් Monday, 21 November 2016 02:37 AM

අතද කටද අපිට වැඩක් නැහැ. මහින්ද මහතාගෙන් පිට අපි ඡන්දය දෙන්න නැහැ (නි)

:       0       0

මදුර Monday, 21 November 2016 03:22 AM

එදා ආප්ප කාලා නිදහස් පක්ෂය විනාස කරපු අය අතෙන් නෙමේ ඔලුවෙන් හිටන් ආවත් ජනතාව නිසි පිළිතුරු දෙයි (බ)

:       0       0

අමිත් Monday, 21 November 2016 03:30 AM

බයවෙන්න එපා. ඔය ඡන්දය තියන්න (නි)

:       0       0

සත්‍යයා Monday, 21 November 2016 03:34 AM

අතක් ලැබුනේ හිඟාකන්නවත් හොරකම් කරන්නවත් නොවේ. හිසක් ලැබුනේ හිස හැරුන හැරුන අත යන්න නොව බුද්ධිමත්ව හිතා කටයුතු කරන්න. දෙපයක් ලැබුනේ දඩාවතේ යන්න නොව හිස කෙළින් තබාගෙන සෘජුව දිරියට යන්න. කටක් ලැබුනේ ගිජුව බත් ගිලදාන්නවත් අනුන්ට පරිහව කරන්නවත් නොවේ. එහෙත් අප ඉන්නේ කොතනද? (නි)

:       0       0

වික්‍රම Sunday, 20 November 2016 10:07 AM

මේ පාර නම් දෙන්නම් අතටම! (හේ)

:       0       0

රංචාගොඩ Sunday, 20 November 2016 10:07 AM

අත පෙන්නගෙන එන උන්ට අතට අහු වෙච්ච එකෙන් දෙනවා අපි නම්! (බ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 20 November 2016 11:00 AM

කවුරු කෙසේ කීවත් , මම නං දෙන්නේ අතට . (හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 20 November 2016 11:51 AM

අතට ඡන්දය දුන්නොත් අපිට යන එන මන් නැති වෙන බව දන්නා නිසා දෙන්නේ නම් නැහැ.(හේ)

:       0       0

රත්නායක Sunday, 20 November 2016 01:08 PM

අත පාන්න එයි දැන් ගෙන් ගෙට,අපි දෙන්නම් එක අතකට නෙවෙයි,දෝත පුරාම තෑගි.(හේ)

:       0       0

විශ්ව Sunday, 20 November 2016 01:08 PM

එන්නකෝ ඡන්දය ගන්න.(හේ)

:       0       0

ලුසේනා Sunday, 20 November 2016 03:19 PM

අතට දෙනවට වඩා අලියාටම කතිරය ගැහුවානම් ඉවරනේ , දෙකම එකයි (බ)

:       0       0

සුසන්ත Sunday, 20 November 2016 04:34 PM

දැනටමත් අවුරුද්දකට වඩා මිනිසුන්ගේ ඡන්ද අයිතිය අහිමි කරලා මේ යහපාලනය යැයි කියන ආණ්ඩුවෙන්. ඉස්සර මිනිසුන්ගේ ඔලුවටම වෙඩි තියන ලෙස පවා කටමැත දෙඩූ මැතිවරණ කොමසාරිස්ලා හොයන්නත් නැහැ දැන්. ඔන්න කියන යහපාලනේ (නි)

:       0       0

ඉන්ද්‍රා Sunday, 20 November 2016 05:00 PM

රටේ සිටින සියලු ගිහි පැවිදි බුද්ධිමතුන් එකතුව රටට නව දේශපාලන පක්ෂයක් බිහි කරන්න ඕනෑ. දැනට තියන සියලු පක්ෂ දේශපාලනය තමන්ගේ දියුණුවට පමණක් සීමා කරගෙන. මේ අයවැයෙන් එය හොඳට පැහැදිලියි (නි)

:       0       0

චන්න බුවනක Sunday, 20 November 2016 05:56 PM

අනේද කියන්නේ. අත කෑල්ලෙන් නොවෙයි මුළු ඇඟෙන්ම ආවත් මේ පාර හුළං තමයි (නි)

:       0       0

ජනහිත Sunday, 20 November 2016 09:30 PM

ඔක්කොම අයගේ අත් එකතු කරගත්තොත් පා නඟා පෙරට යාහැකියි. නැත්නම් වෙන්නේ කුමක්ද කියලා දැන්ම හිතුවොත් හොඳයි. හැබැයි අත කඩා ගන්න තැනට කටයුතු කරන්න එපා. සියල්ලටම පෙර ගොඩක් දෙනෙක් ඉන්නේ කොතනද කියලා හොයලා බලන්න. පුද්ගලික කෝන්තර නිසා සමහරු කටමැත දොඩවන්නේ තමා ගැනවත් හිතන්නේ නැතුවයි. (නි)

:       0       0

ජනහිත Sunday, 20 November 2016 09:32 PM

ජගත් ලියනගේ, ටිකක් හිතලා බලන්න දැන් මොනවද ලැබෙන්නේ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1309 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 71 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 738 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1025 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 293 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 652 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 205 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site