(යොහාන් භාසුර)
අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් කරන නාට්‍යයක් බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය.
අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීම සඳහා ජන අරගල සන්ධානය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා එසේ කීය.
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන්න සූදානම් වුණ ප්‍රශ්නගත සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකර යන්න තීරණය කළේ යැයි නිවේදනය කර ඇති බවත් අදානි සමාගම ක්‍රියාත්මක කරන්න ගිය එම ව්‍යාපෘතියට ආරම්භක මොහොතේ සිටම විශාලා ජනතා විරෝධයයක් එල්ල වූ බවත් නාගමුව මහතා පැවසීය.
අදානි සමාගමට එම ව්‍යාපෘතිය නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව පිරිනැමීම එම ජනතා විරෝධයට පදනම බවත් අධික මිල ගණන් යටතේ මේ ව්‍යාපෘතිය දීම නිසා වංචා සිදුවූයේ යැයි සැකයක් ඇති බවත් ඔහු කීය.
එම යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා විශාල පාරිසරික හානියක් වන බවට ඉදිරිපත් වුණ තක්සේරුව සහ අදාළ ව්‍යාපෘතිය නිසා රටේ ස්වාධිපත්‍යයට හානි වීම එහි තිබූ බරපතලම තත්වය බවත් නාගමුව මහතා සඳහන් කළේය.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශය ලෝකයේ දේශගුණ වෙනස්වීම් කාලවල පක්ෂීන්ගේ සංක්‍රමණය, පර්යටනය සම්බන්ධයෙන් වැදගත්ම කලාප 16 න් එකක් බව කී දුමින්ද නාගමුව මහතා පැවසුවේ රටවල් 30ක පක්ෂීන් මිලියන 15කට අධික ප්‍රමාණයක් මේ ප්‍රදේශය හරහා රට ඇතුළට ගමන් කරන්නේ යැයි පරිසරවේදීන් පවසන බව ද සඳහන් කළේය.
එම පක්‍ෂීන්ගෙන් මිලියනක් පමණ මන්නාරම ප්‍රදේශයේ සැරිසරනව නිසා පරිසර ප්‍රශ්නය සරලව ගතනොහැකි බවත් ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ පාරිසරික සමතුලිතතාවයට මෙය බලපාන නිසා සරළ ප්‍රශ්නයක් ලෙස ගත නොහැකි බවත් ඔහු කීය.
මන්නාරම ප්‍රදේශයට වඩා හම්බන්තොට සුළං විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සුදුසු යැයි මොරටුව විශ්වවිද්‍යාලය කළ සමීකරණයක් හෙළිවී ඇති බවත් ප්‍රදේශය අතහැරලා මන්නාරමේ මේක අටවන්න යන එකන්ම මෙතන ඉන්දියානු මැදිහත්වීමක් තිබීම පැහැදිළි වන බවත් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා වැඩි දුරටත් පැවසීය.
වසරේ හොඳම ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට හිමි සම්මානය සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා හිමිකර ගත්තේය.
පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ වන දිනය පිළිබඳ සඳහන් කරමින් රජය විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.
මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේ දී ඊයේ(18) වන දා රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නවහැවිරිදි දරුවා ද අද(19)වන දා කරාපිටිය ශික්ෂණ රෝහ
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි අධ්‍යාපන කලාපයේ පාසල් 10ක සිසු සිසුවියන් 3266ක් සඳහා පාසල් පාවහන්, පොත් පත් ලබාදීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිනී චන්ද්
හෙරොයින් ළඟ තබාගෙන සිටි පාසල් සිසුවියක් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් අම්බලන්ගොඩ කුරුඳුවත්ත ප්‍රදේශයේදි අද(19)සවස අත් අඩංගුවට ග
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
අදානි සමගාම වාසිගන්න නාට්‍යයක් කරනවා
de silva berlin Sunday, 16 February 2025 04:21 PM
මේ පිළිබඳව එක එක පුද්ගලයෝ මාධ්‍ය සාකච්චා තබමින් විශ්ලේෂණයට යාම නොකළ යුතු දෙයක්..., ඒකෙන් කිසිම වාසියක් රටට ලැබෙන්නේ නැහැ. පාඩුවක් මිසක්, සමහර විට මේක හොඳ දෙයක් වෙන්න පුළුවන්..., දැන් කළ යුත්තේ එක රටක එක සමාගමක් පමණක් නොකර ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් කරන්න. එහෙම කළොත් පුනර්ජනනීය විදුලිය නිපදවීමට පළපුරුදු සහ මුදල් තිබෙන දෙස් විදෙස් සමාගම් වලට පුළුවන් ටෙන්ඩර් ඉදිරිපත් කරන්න. ඉන්පසු අපට හොඳම එක තෝරාගන්න පුළුවන්... නමුත් මේක ඉක්මණට කළයුතු දෙයක්...
සෙනෙවිරත්න Sunday, 16 February 2025 06:53 PM
මේ අදානි සමාගමේ අධ්‍යක්ෂක වරයෙක්ද? මෙච්චර දේවල් දන්නේ.
රුවන් Sunday, 16 February 2025 07:00 PM
ඕනෑම පොඩි කෙනෙක්ට පේනවා හම්බන්තොට තමයි හොඳටම හිරු එළිය ලැබෙන, කාලගුණය ඉතාම පැහැදිලියි (ලුණු නිෂ්පාදනය කරන්නෙත් ඒ නිසා) ප්‍රදේශය. හැබැයි වටිනා සම්පත් එහෙම නෑ. කාටද මතක බදුර්දීන්ලා මන්නාරමේ නටපු සෙල්ලං. ඒ හින්දා මට කියන්න පුළුවන් මේක අදානි සම්පත් මංකොල්ල කන්නම කරපු යටි අරමණුක් ඇතුව ආරම්භ කරන්න ගිය ව්‍යාපෘතියක්. අනිත් දේ මන්නාරම අදානිට අනාගතයේ වරායක් හදන්නත් බැරි නෑ කෙලින්ම මැදපෙරදිග සිට දිවෙන නෑව් මාර්ගයක් ඉලක්ක වෙනවා...
Suresh RajiSunday, 16 February 2025 07:25 PM
මේක සූර්ය බල ව්‍යාපෘතියක් නෙවෙයි, සුළං ටර්බයින ව්‍යාපෘතියක්. හිරු එළියෙන් ඔයා මොනවාද කරන්න යන්නේ...?
ප්‍රියන්තSunday, 16 February 2025 09:03 PM
හලෝ සුරේශ්, හුලංද වෙන එකක්ද යන එක කෙසේ වෙතත් පහුගිය ආණ්ඩුවත් එක්ක අදානියා වෙන ව්‍යාපෘතියකට සෙට් වෙච්චි බව නං ඕන මෝඩයෙකුට තේරෙනවා….!
Shyama NanayakkaraSunday, 16 February 2025 09:55 PM
සුළ පාවිච්චි කරන්න නැතුව සෝලා ව්‍යාපෘතිය නෙමෙයි