IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘අපරාධ විනිශ්චය කොමිසම කරළියට‘

කැබිනට් මණ්ඩලයේ සැළකිය යුතු සාමාජිකයන් පිරිසකගේ එකතාවය අනුව ඉදිරිපත් වූ, වංචාවන්ට, දුූෂණයන්ට, මුදල් අවභාවිතා කිරීම් වලට හවුල්ව ඇති පුද්ගලයන්ට දඩුවම් කරනු වස් අපරාධ විනිශ්චය කොමිසම් ඇති කිරීමේ යෝජනාව පිළිබද සාකච්ඡුාවට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල න්‍යාය පත‍්‍රයේ අවස්ථාවක් හිමිව තිබූයේ නැත.සාකච්ඡුාවට ගතයුතුම යෝජනාවක් ලෙස වෙනත් කරුණු හා ලැයිස්තු ගත කර තිබුණද එයට අවස්ථාවක් හිමි නොවූයේ ගෙවුනු උඳුවප් පෝදා රැුස්වූ කැබිනට් මණ්ඩලය එදින මධ්‍යහන ද පසුවන තුරු විසිර නොගිය නිසාවෙනි.කෙසේවුවත් මෙම යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩල හමුවේ දී සාකච්ඡුාවට ගැනෙන බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන සහතික කළේය.
මේ හමුවේ, යෝජනාව ඉදිරිපත් කිරීමට මුල් තැන ගත් සරත් අමුණුගම අමාත්‍යවරයාට එම යෝජනාවට තවදුරටත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ සහය ලබා ගැනීමට අවකාශය හිමිව ඇත.ඒකාබද්ධ කැබිනට් පත‍්‍රිකාවක් ලෙස ඉදිරිපත් කැරෙන මෙම යෝජනාවට සහය දක්වන බව සඳහන් කර, අමුණුගමට අමතරව තවත් අමාත්‍යවරුන් 14 දෙනෙක් පසුගිය ඉරිදා (11* වන විට අත්සන් තබා තිබින.මිතුරු අමාත්‍ය සගයන්ගේ සහයද මෙම යෝජනාවට හිමිවන බව පවසා සිටින මෙම කණ්ඩායමේ මතය වන්නේ අපරාධ විනිශ්චය කොමිසම් මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව, සහ විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය වැනි ආයතනයන් දැනට සම්පූර්ණ කර ඇති විමර්ෂණයන් වලින් වැරදිකරුවන් ලෙස නම් කර ඇති පුද්ගලයින්ට නිසි දඩුවම් පැමිණවිය යුතුව ඇති බවය.
මෙම කැබිනට් පති‍්‍රකාවට අත්සන් තබා ඇති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙක් නම හෙළි නොකිරීමේ පොරොන්දුව මත සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් කියා සිටියේ මහ බැංකු බැදුම්කර සිදුවීමද අපරාධ විනිශ්චය කොමිසම ඉදිරියේ විභාග කෙරෙනු ඇති බවට මෙම යෝජනාවට පක්ෂ සියලූම දෙනාම අපේක්ෂා කරන බවය.ඒ ආධාරයෙන්, හදිසියේවත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමක් සිදුවුවහොත් ඇතිවිය හැකි ප‍්‍රමාදයන් වළක්වාගැනීම ඔවුන්ගේ අරමුණයි.මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටුව පිළියෙල කර තිබෙන වාර්තාව පාර්ලිමෙන්තුවේ විවාද කිරීම ආරම්භ වූ වහාම අධිකරණ යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවට ජනපති සිරිසේන තමන් ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට සහතික කර පැවසූ බවද ඔහු කීවේය.ජනවාරි මස 24 සිට 27 දක්වා අතර කාලයේ දින එකක් හෝ දෙකක් කෝප් කමිටු වාර්තාව විවාදයට ලක් කිරීම සදහා වෙන් කිරීමට නියමිතය.විවාදය දින දෙකක් පුරාවට පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරන්නේය.
අපරාධ විනිශ්චය කොමිසම් පණත් කෙටුම්පත (අංක 14 - 1972*  මුල්ම වරට ශී‍්‍ර ලංකා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වූයේ අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේදීය.එම සංකල්පය ඉදිරිපත් කළේ එවක නීතිපති වික්ටර් තෙන්නකෝන් මහතාය.1971 කැරැුල්ලට වගකිව යුතු ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සම්බන්ධ පරීක්ෂණ පවත්වනු වස් මෙම කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කැරින.එදවස මෙම නීතියට අනුව වින්දිතයන් සදහා දඩුවම් නියම කිරීමට අගවිනිසුරුවරයා මැදිහත්ව විනිසුරුවරුන් කණ්ඩායමක් නම් කළේය.ශී‍්‍ර ලංකාවේ භාවිතයට ගැනෙන සාක්කි පිළිබද ප‍්‍රඥප්තියේ නිර්නායකයන්ට එරෙහිව යමින් කටයුතු කිරීමේ අයිතියද සිරිමාවෝ බණ්ඩාරනායක සමයේ ඉදිරිපත් වූ මෙම පණත් කෙටුම්පතින් හිමිවිය.එදා අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ එච්.එන්.ජී. ප‍්‍රනාන්දු මහතා තම සභාපතීත්වය සහ විනිසුරුවරුන් පස් දෙනකු යටතේ කොමිසම ආරම්භ කළ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් අධිකරණය වෙන ගෙන ඒම සිදුවිය.ඒ පැමිණි බෝහෝ දෙනාට සමාව හිමිවූ අතර සුළුතරයකට පමණක් කල් දමන ලද සිර දඩුවම් නියම කැරින.සිරගත කිරීමට ලක්වූයේ ප‍්‍රධාන පෙලේ නායකයින් පමණකි.මේ නිසාවෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි විශ්ව විද්‍යාල සිසුනට නැවත වරක් ඔවුන්ගේ අධ්‍යන කටයුතු වල නිරත වීමටත්, පක්ෂය හා සම්බන්ධව සිටි තරුණ තරුණියන්ට නිරුපද්‍රිතව ඔවුන්ගේ රැුකියා වල යෙදීමටත්, අවස්ථාව හිමිවිය.සාක්කි පිළිබඳ ප‍්‍රඥප්තියේ නිර්නායකයන්ට එරෙහිව යමින් කටයුතු කිරීමේ බලය කොමිසමට ලබාදී තිබුණද ද, කොමිසම ඒ කිසිවක් නොකිරීමට තීරණය කර තිබූ බව විනිසුරු ප‍්‍රනාන්දු මහතා පැවසුවේය.
මෙම කොමිසමේ කි‍්‍රයාකාරීත්වය දුටු එදවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂකවරයා වූ ටියිරෙල් ගුණතිලක මහතා, විනිමය සම්බන්ධ නීති උල්ලංඝණය කෙරෙන අවස්ථා විමර්ෂණය කිරීම වෙනුවෙන් මෙවැනි තවත් කොමිසමක් පිහිටුවන ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක, ඇයගේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් සහ නිළධරයින් උනන්දු කළේය.එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විනිමය සම්බන්ධ නීති උල්ලංඝණය වූ අවස්ථා පිළිබදව විමර්ෂණ පවත්වමින් සිටි සමයක් විය.අවසන, ඇතැම් ජේ්‍යෂ්ඨ රාජ්‍ය නිළධාරීන්ගේ විරෝධතා මැද වුවද, විනිමය සම්බන්ධ නීති උල්ලංඝණය කිරීම් පිළිබද විමර්ෂණය කිරීම සදහා දෙවැනි අපරාධ විනිශ්චය කොමිසම පිහිටැවින.එහි කි‍්‍රයාකාරීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇට්ලැන්ටා සහ ට්‍රොපිකානා වැනි රාතී‍්‍ර සමාජ ශාලා දාමයක් පවත්වාගෙන යමින් සිටි මුබාරක් තාහා නීතියේ රැුහැනට හසුවිය.බුකී හිමිකරුවකු වූ ඒ.ආර්.එම්.මුක්තාර් ද නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්විය.එම සමයේ මෙම දෙදෙනම දේශපාලනිික වශයෙන් එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධව සිටියෝ වූහ.
අපරාධ විනිශ්චය කොමිසම් පණතෙහි අන්තර්ගත වූ ඇතැම් කරුණු ඇත්ත වශයෙන්ම ආන්දෝලනාත්මක විය.එයින් ප‍්‍රධානම වූයේ සාක්කි යොදා ගනිමින් සැකකරුවන් පීඩනයට පත් කිරීමයි.පණතෙහි සඳහන්ව තිබෙන ආකාරයට,
‘‘ මෙම පණත යටතේ කි‍්‍රයාත්මක වන  ඕනෑම කොමිසමක්, සිදුකරන ලද සොයාගැනීමක් හෝ පනවන ලද දඩුවමක් හෝ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව වන අතර එම තීන්දුව අධිකරණයක් හෝ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ ප‍්‍රශ්න කිරීමකට, කි‍්‍රයාමාර්ග ගැනීමකට, වෙනස් කිරීමකට, අභියාචනයක් ඉදිරිපත් කිරීමකට, රිට් ආඥාවක් නිකුත් කිරීමකට, ලක් කළ නොහැකිය.‘‘
අපරාධ විනිශ්චය කොමිසම් පණත මේ වන විට පවතිනුයේ බල රහිත තත්ත්වයකය.එය බල රහිත කැරුනේ සිරිමාවෝ බණ්ඩාරනායක අතින්ය.නීතිය මෙසේ ශක්තිමත් කිරීමත් සමග එල්ල වන්නට ගත් බරපතල පීඩනයට මුහුණදිය නොහැකි වූ ඇය 1977 දී අපරාධ විනිශ්චය කොමිසම් බල රහිත කැරෙන නීතියක් හදුන්වාදීමට කටයුතු කළාය.මේ හමුවේ නව අපරාධ විනිශ්චය කොමිසමක් පිහිටුවීමට, ඒ සම්බන්ධ කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ යුතුය.අමාත්‍යවරුන්ට අනුව එළෙස කෙටුම්පතක් ඉදිරිපත් කෙරෙන්නේ නම් එයට නව පහසුකම්, කි‍්‍රයාමාර්ගයන් ආදිය ඇතුළත්ව තිබිය යුතුමය.වංචාව හා දුූෂණය විනෝදයක් බවට පත් කරගෙන ඇති දෙපාර්ශවයේම සිටින පුද්ගලයින් හට තවදුරටත් ඔවුන්ගේ වංචනික කි‍්‍රයාවන්හි නියැළීමට නොහැකි වන සේ පරිසරය සකස් කිරීමට අවශ්‍ය නීති හා පියවරයන් ද, මෙම නම කෙටුම්පතට ඇතුළත් කළ යුතුවම තිබෙන බවද ඔවුහු අවධාරණය කළහ.

පහත දැක්වෙන්නේ දුූෂණ විමසුමට ලක් කිරීම සදහා පිහිටැවෙන විනිශ්චය සභාව මැයෙන් දැනට කැබිනට් මණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකුගේ එනම් මුළු කැබිනට් මණ්ඩලයෙන් තුනෙන් එකක අනුමැතිය යටතේ ඉදිරිපත් කැරුනු කරුණු 19 කින් යුත් ඒකාබද්ධ කැබිනට් පති‍්‍රකාවේ සම්පූර්ණ පිටපතයි.
1.දුූෂණ චෝදනා විමසුමට ලක් කිරීමත්, වරදකරුවන්ට සම්බාධක පැනවීමත්, කඩිනමින් සහ විනිවිදභාවයකින් යුතුව, නීතියේ ප‍්‍රතිපත්ති වලට යටත්ව සිදුවිය යුතුයැයි ජනතාව අතරින්ම හඩක් නැගෙමින් පවතින වාතාවරණයක් දැන් හඳුනාගත හැකිය.දුූෂණ වල යෙදුනේයැයි වරදකරුවන් වන පුද්ගලයින්ට අපරාධ නීතිය යටතේ හෝ වෙළද හෝ සිවිල් නීතිය යටතේ හෝ දඩුවම් පැමිණවිය හැකිය.
2.මෙවන් තත්ත්වයක මෙම කරුණු ද්විත්වයම සාක්ෂාත් කැරෙන විනිශ්චය සභාවක් පිහිටැවීම ඉතාම වැදගත්ය.වත්මන් නීති ව්‍යූහයේ මෙවැන්නක් නොමැත.උදාහරණයක් ලෙස ගතහොත් අපරාධ නීතිය කඩ කැරෙන අවස්ථා විභාග කෙරෙනුයේ සාමාන්‍ය අධිකරණ වලය.යුක්තිය පසිදලීමට සැළකිය යුතු කාලයක් ගතවන්නේය.මෙම ප‍්‍රමාදය සිවිල් සහ පරිපාලන නීති ව්‍යුහ වලටද පොදුය.
3.අවධානය යොමු කිරීම සදහා පහත සඳහන් කරුණු ඉස්මතු වේ.
4.1972 අංක 14 දරන අපරාධ විනිශ්චය කොමිසම් පණත යටතේ පිහිටැවුනු කොමිසම් වලට මූල්‍යමය හෝ විදේශ විනිමය හෝ ආදී වන ජාතික ආර්ථිකය හෝ ජාතික ආර්ථික කටයුතු අනතුරේ හෙළන සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව පැවැතින.
5.එසේ වුවද, ඉහත සදහන් කැරුණු සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ඉහත කී කොමිසම් වලට, සිදුවීම විමසුමට ලක් කිරීමේ සිට වරදකරුවන්ට සම්බාධක පැනවීම දක්වා පුලූල් පරාසයක විහිදෙන බලය හිමිව තිබින. (2 5 සහ 15 යන කොටස්*
6.අපරාධ විනිශ්චය කොමිසම් පණතේ 2(2* බී සහ සී කොටස් වලින්, පිහිටැවෙන කොමිසම් වලට කිසියම් පුද්ගලයකු ඉහත සදහන් කළ සිදුවීම් වලට වරදකරුවකුදැයි තීරණය කිරීමට හා, එවන් පුද්ගලයකු වරදකරුවකු හෝ නිවැරදිකරුවකු හෝ තීරණය වීම මත පණතෙහි සඳහන් පරිදි කටයුතු කිරීමට බලය ලබාදී තිබින.
7.පණතෙහි 15 වැනි කොටසෙහි දැක්වෙන ආකාරයට කිසියම් පුද්ගලයකු වරදකරුවකු වන බව තහවුරු කැරෙන යම් සොයාගැනීමක් සිදුකිරීමට අපරාධ විනිශ්චය කොමිසම සමත් වුවහොත්, එම පුද්ගලයාට මරණ දඩුවම හැරෙන්නට අන්  ඕනෑම දඩුවමක් පැමිණවීමේ බලය කොමිසම සතුය.අදාළ පුද්ගලයා ශ්‍රේෂඨාධිකරණයේ විනිශ්චයටද යටත්ව සිටින්නෙක් නම් වරද අනුව ඔහුට මරණ දඩුවම පැමිණවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බාධාවක් නැත.
8.විමර්ෂණය ආරම්භ කැරෙන තෙක් අත්අඩංගුවේ සිටීම වැදගත් වන පුද්ගලයින්ව, අත්අඩංගුවට ගැනීමේ බලයද මෙම කොමිසම් සතුවිය.(14 කොටස*

9.පාර්ලිමෙන්තු අනුමැතිය ලැබ දීර්ඝ කිරීමට ලක් කැරෙන තෙක්, අපරාධ විනිශ්චය කොමිසම් පණත අවුරුදු අටකට පමණක් සීමා විය.නමුත් මෙම පණත 1977 අපරාධ විනිශ්චය කොමිසම් අවලංගු කිරීමේ පණතින් (1977 අංක 12* බල රහිත කැරින.
10.එතැනින් පසු 1978 අංක 4 දරන පණතින් සංශෝධනය කැරුනු 1978 අංක 7 දරන විශේෂ ජනපති විමර්ෂණ කොමිසම් නීතිය බලාත්මක කැරින.
11.සමස්ථයක් වශයෙන් ගත් කළ අපරාධ විනිශ්චය කොමිසම හා සැසදීමේදී විශේෂ ජනපති විමර්ෂණ කොමිසමට හිමිවූයේ අතිශයින් සීමිත බලතලය.පුද්ගලයෙක් වරදකරුවෙක් බව සනාථ කෙරෙන කිසියම් සොයාගැනීමකින් පසු එම පුද්ගලයාට එරෙහිව සම්බාධක පැනවීමට අපරාධ විනිශ්චය කොමිසමට හිමිවූ බලය, විශේෂ ජනපති විමර්ෂණ කොමිසමට හිමි නොවීය.
12.ජනපති විමර්ෂණ කොමිසම් වලට බලය ඇත්තේ එවැනි පරිපාලන ගැටලූ හා සිදුවීම් සම්බන්ධයෙන් ඇති තොරතුරු විමසුමට ලක් කිරීමට සහ වාර්තා කිරීමට පමණකි.( 2 කොටස*
13.සම්බාධක පැනැවීමට විශේෂ ජනපති විමර්ෂණ කොමිසම් වලට බලය නැත.
14.මෙවැනි කොමිසම් වලට බලය ඇත්තේ ‘‘තවදුරටත් සේවයේ යෙදිය නොහැකි‘‘ යැයි  පාර්ලිමෙන්තුව ලබාදෙන අනුමැතීන් සහතික කිරීම පමණකි.
15.එවැනි අවස්ථාවකට උදාහරණයක් ලෙස හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, තවදුරටත් සේවය කළ නොහැකි යැයි පදනමේ සිට පාර්ලිමෙන්තුවෙන් නෙරපා හැරීම දැක්විය හැකිය.එවක රජයට අයත් නොවූ වෙනත් දේශපාලඥයින්ටත් මෙවැනි ඉරණමකට මුහුණදීමට සිදුවිය.
16.එනම් කිසියම් පුද්ගලයකු මත දඩුවමක් පැනවීමේ බලයක් මෙම විශේෂ ජනපති විමර්ෂණ කොමිසම් වලට නැත.එවැනි දඩුවමක් පැනවිය හැක්කේ වෙනම අධිකරණයක සිදු කැරෙන විභාගයකින් පසුවය.විශේෂ ජනපති විමර්ෂණ කොමිසම් වල අකාර්යක්ෂමතාවට මූලිකම හේතුව වන්නේද මෙසේ පියවර දෙකක් අනුගමනය කිරීමට සිදුවීමය.
17.අපරාධ විනිශ්චය කොමිසම් පණතෙහි සදහන් මොඩලයට අවශ්‍ය වෙනස් කම් සිදුකර එය නෛතික වශයෙන් ස්ථාපිත විනිශ්චය මණ්ඩලයක් බවට පත් කිරීමෙන්්, එවන් විනිශ්චය මණ්ඩලයක කි‍්‍රයාකාරීත්වය බලාපොරොත්තුවෙන් සිටින ජනතාවගේ අපේක්ෂා ඉටුවනු ඇත.මෙයත් සමග විශේෂ ජනපති විමර්ෂණ කොමිසම් තිබීම තවදුරටත් අවශ්‍ය නොවනු ඇත.
18.මෙයට හේතුව වන්නේ මෙවන් විනිශ්චය මණ්ඩලයකට සම්බාධක පැනවීමේ සිට පුළුල් පරාසයක විහිදෙන බලතල ලබාදිය හැකි බැවින්ය.සිදුවීමක් සම්බන්ධයෙන් සොයා බැලීමකට, තීරණය කිරීමකට සහ වාර්තා කිරීමකට සීමා වන ජනපති විමර්ෂණ කොමිසමකට එම කටයුතු සදහා වැයවන අනවශ්‍ය කාලය සහ මුදල් මේ ඔස්සේ ඉතිරි කර ගත හැකිය.දඩුවම් හා සම්බාධක පැනවීමට ජනපති විමර්ෂණ කොමිසමකට නොහැකිය.එම කටයුතු සිදුවන්නේ අධිකරණයක් හරහා නීතිය කි‍්‍රයාත්මක වීමෙන්ය.මේ හමුවේ යුක්තිය ඉටුවීමට කල් ගතවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

19.මෙම මොඩල වඩාත් කාර්යක්ෂම කිරීමට, යෝජිත විනිශ්චය මණ්ඩල වල බලතල සහ කි‍්‍රයාකාරී වපසරිය පුළුල් කළ යුතුය.මෙහිදී සිවිල් සහ වෙළද නීති කඩකිරීම්ද විනිශ්චය මණ්ඩලය හමුවේ විභාග කිරීමට හැකිවිය යුතුය.එයත් සමග, මූල්‍යමය වශයෙන් සිදුවන හානි, නෛතික කටයුතු සදහා වැයවන වියදම්, නැවත ආයතනගත කිරීම්, සහ සහන ගාස්තු ගෙවීම් ආදී ලෙස, අගතියට පත්වූවන් වෙනුවෙන් මෙම විනිශ්චය මණ්ඩලය හරහා සහන සැළසීමද සිදුවිය යුතුය.
දෙපක්ෂයේම සහය
ඩබ්ලියු.ඞී.ජේ.සෙනෙවිරත්න, පාඨළී චම්පික රණවක, රාජිත සේනාරත්න, මහින්ද අමරවීර, සුසිල් පේ‍්‍රමජයන්ත, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, ෆයිසර් මුස්තාපා, චන්ද්‍රාණි බණ්ඩාර, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, සහ අර්ජුන රණතුංග, සරත් අමුණුගම සමග මෙම කැබිනට් පති‍්‍රකාවට අත්සන් තැබුවෝ වූහ.
මෙසේ දෙපාර්ශවයේම සහය හිමිවීම නිසාත්, තවත් අමාත්‍යවරුන් පිරිසක් අත්සන් ලබාදීමට නියමිත නිසාත්, මෙම කැබිනට් පති‍්‍රකාවට අනුමැතිය හිමිවනු ඇතැයි ඉහළ තැන්හි රජයේ ආරංචි මාර්ග වල විශ්වාසයයි.නව නීති හදුන්වාදීම අනතුරුව සිදුකැරෙනු ඇති බවද මෙම ආරංචි මාර්ග පැවසුවේය.එසේ වුවත් විනිමය පාලන නීති කඩකිරීම සම්බන්ධ කරුණු මෙයට ඇතුළත් කරනු ඇතිදැයි යන්න තවමත් පැහැදිලි නැත.
ශී‍්‍ර ලංකාවට නැවත මුදල් ගෙන ඒම
මෙය සිදුවන්නේ නීත්‍යානුකූලව මුදල් රැුස්කර විදෙස් බැංකුවල තැන්පත් කර ඇති පුද්ගලයින්ට, එම මුදල් ශී‍්‍ර ලංකාවට ගෙන ඒම සදහා පහසුකම් ඇතිකිරීමට මුදල් අමාත්‍ය රවී කරුණානායකට ඇති සැළසුමකට අනුවය.මේ සදහා විනිමය පාලන නීති ලිහිල් කිරීමට යෝජිතය.එසේවුවත් ප‍්‍රශ්න නැගීමට තුඩුදෙන අයුරින් මුදල් උපයාගෙන එම මුදල් විදෙස් බැංකු ගිණුම් වල තැන්පත් කර ඇති පුද්ගලයින්ට මෙම පහසුකම භුක්ති විදීමට අවස්ථාවක් නොලැබෙන බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙවන් පුද්ගලයින් ස්විස් බැංකු ගිණුම් වල පමණක් නොව, වෙනත් තැන්හිද තම මුදල් තැන්පත් කර ඇති බවට තොරතුරු ඇත.පැනමා අනාවරණයට මෙයට කදිම උදාහරණයකි.ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වන ගවේෂණාත්මක මාධවේදීන්ගේ අන්තර්ජාතික සංසදය සහ ජර්මනියේ සුඩෙවුච් සෙයිටුන්ග් වලින් ලබාදෙන ලද විශේෂ අවසරයකට අනුව මෙම තොරතුරු සන්ඬේ ටයිම්ස් වෙත ලබාගැනීමට හැකිවිය.වැඩි විස්තර අද ලිපිය අවසානයට සදහන්ය.
වංචා, දුූෂණ සහ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විභාග කිරීමට අධිකරණ යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුයැයි කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කරන්නේ ඒ සම්බන්ධ කටයුතු පාර්ශවයන් දෙකක් ආවරණය වන සේ දියත් කිරීමට සිදුවන වාතාවරණයකය.එක් පසෙකින් වංචා, දුූෂණ සහ මහජන මුදල් අවභාවිතා කිරීම් පිළිබද සිදුවීම් කිහිපයක්ම අනාවරණය කරගැනීම සිදුව තිබෙන අතර, ඒවා තවමත් පවතින්නේ විමර්ෂණ අවධියේය.අනෙක් පසින් වත්මන් රජයේ ඇතැම් සාමාජිකයෝ මෙගා ඞීල් වල යෙදෙමින් වංචා හා දුූෂණ වල නියැගෙන බවට චෝදනා නැගී තිබෙන්නේය.ඒකාබද්ධ විපක්ෂය මෙවැනි අවස්ථා කිහිපයක්ම සම්බන්ධයෙන් නැවත නැවතත් හඩ අවදි කළ අතර, හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ නියැලී සිටින චීන සමාගමට කර්මාන්ත පුරයක් ඉදිකිරීම වෙනුවෙන් අක්කර 15000 ක බිම් කොටසක් වෙන් කර දීම ඒ අතුරින් ප‍්‍රධාන විය.විදුලියෙන් ස්වයංපෝෂිත වීම සදහා එහි විදුලි බලාගාරයක් ඉදිකිරීම මෙම සමාගමේ අපේක්ෂාවයි.එවිට ඔවුනට ජාතික විදුලි බල පද්දතිය මත රදා පැවැතීමට සිදුනොවනු ඇත.
කොළඹ වරාය පුළුල් කිරීම
වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ විරෝධතා ගණනකට නොගෙන අවසානයේ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට තීරණය විය.රජය නියෝජනය කළද, ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය හම්බන්තොට වරාය සංවර්ධන කටයුතු වෙනුවෙන් වූ ගිවිසුමට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කළේය.මෙම ගිවිසුමේ අනෙක් පාර්ශවකරුවා වන, ව්‍යාපෘතිය භාර, චයිනා මර්චන්ට්ස් හෝල්ඩින්ග්ස් කම්පැනි ලිමිටඞ් වෙත වසර 99 ක බදු කාලයකට යටත්ව හම්බන්තොට වරාය ලබාදී තිබේ.ගිවිසුමට විරෝධය දක්වමින් අමාත්‍යවරයා විවිධ පදනම්හි සිට අදහස් පළකළ අතර, එක් අවස්ථාවකදී ජාතික ආරක්ෂාවට එල්ලවිය හැකි තර්ජන සම්බන්ධයෙන්ද ඔහු අවධානය යොමු කළේය.
දැන් ඔහු නැවත වරක් හඩ අවදි කර ඇත.මෙවර එය කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ය.මෙම ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර බහාලූම් පර්යන්තය සංවර්ධනය කිරීමට නියමිතය.තම චෝදනාව සම්බන්ධයෙන් පිටු තුනක ලිපියක් පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කළ අමාත්‍යවරයා චෝදනා කළේ ‘‘අමතර තෝරාගැනීමේ ක‍්‍රමවේදයක්‘‘ භාවිතා කිරීම මගින් එක්තරා ආයෝජකයකුට ව්‍යාපෘතිය සදහා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.මෙම ක‍්‍රමවේදය හමුවේ අයහපත් ප‍්‍රතවිපාකයන් අත්විදීමට සිදුවනු ඇති බව ඔහු කීවේය.කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතෙක් පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡුා වලට සහභාගී වීමෙන් වැළකී සිටි රණතුංග, එයට හේතුව ලෙස පවසා තිබුනේ ව්‍යාපෘතිය සදහා ලංසු ඉදිරිපත් කිරීමට ඉන්දියා සමාගමක් සමග සබදතා ඇති ශී‍්‍ර ලංකා සමාගමක් නියෝජනය කරමින් තම සොහොයුරාද ඉදිරිපත්ව සිටින නිසා එසේ කටයුතු කරන බවය.
කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා 2016 පෙබරවාරි මස හය වැනිදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවක් සැළකිල්ලට ගනිමින්, මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණය යටතේ ලැබුනු අවසරයෙන් ආසියා සංවර්ධන බැංකුව ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ උපදේශකයා ලෙස පත් කරගැනීමත්, ඒ මාර්ගයෙන් මෙම ව්‍යාපෘතිය සදහා දායකත්වය ලබාදීමට කැමැති පාර්ශවයන්ගෙන් යෝජනා කැදවීමත් සිදුවූ බව රණතුංග අමාත්‍යවරයාගේ ලිපියේ සදහන්ය.
ගනුදෙනු සදහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පත් කරගැනුනු උපදේශකයා වන ආසියා සංවර්ධන බැංකුවට, එහි සේවය වෙනුවෙන් ඩොලර් ලක්ෂ 56 ක් මුදලක් ගෙවීමට නියමිත වූ බව අමාත්‍යවරයාගේ ලිපියේ දැක්වේ.ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුම සකස් කිරීමේ මූලික අදියරේ සිට අවසන් අදියර දක්වා ආසියා සංවර්ධන බැංකුවෙන් මේ යටතේ උපදෙස් ලැබෙන බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.
නැගෙනහිර බහාලූම් පර්යන්තය සංවර්ධනය කිරීම සදහා සුදුසු මෙහෙයුම්කරුවකු තෝරාගැනීම, ඉදිකිරීම, කි‍්‍රයාත්මක කිරීම සහ පවරා දීම යන පදනම්හි සිට 2016 ජූනි මස හයවැනිදා සිට සිදුවූ ව්‍යාපෘතිය භාර ගැනීමට කැමැති පාර්ශවයන්ගේ යෝජනා කැදවීමේ සිට සිදුවූ බව අමාත්‍යවරයා කියයි.යෝජනා කැදවීම සිදුවූයේ එසේ යෝජනා ඉදිරිපත් කරන පුද්ගලයින් හා සමාගම් වල, බහාලූම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට, නැව්ගත කිරීම් සිදුකිරීමට සහ ආර්ථික කුසලතාවයන් ආදී හැකියාවන් ආවරණය වූ ක‍්‍රමවේදයක් යටතේ බවද අමාත්‍යවරයා පවසයි.
‘‘ මෙම කි‍්‍රයාවලිය, කි‍්‍රයාත්මක වෙමින් පැවතිය දී ආර්ථික කටයුතු වෙනුවෙන් වන කැබිනට් කමිටුව 2016 ජූලි මස 20 වැනිදා ගත් තීරණයකට අනුව ව්‍යාපෘතිය භාර ගැනීම සඳහා කලාපයේ, මූලෝපායික වශයෙන් වැදගත් වූ ආයෝජකයකුද ඇතුළත් මූලායතන සමූහයක් ලංසු තැබීමේ කි‍්‍රයාවලියට ඇතුළත් කිරීම සදහා අවශ්‍ය අතිරේක තෝරාගැනීමේ ක‍්‍රමවේදයක් හදුන්වාදීම සිදුවිය.කෙසේවුවත් මෙම ආයෝජකයාට, එය නියෝජන කරනා මූලායතන සමූහයේ සියයට 20 ක වත් හිමිකාරීත්වයක් නැත.‘‘
‘‘ යෝජනා කැදවීම 2016 සැප්තැම්බර් මස 20 වැනිදා නිමාවිය.ලැබුනු යෝජනා මේ වන විට කැබිනට් මණ්ඩලය යටතේ පත්කර සිටින සාකච්ඡුා කිරීමේ කමිටුව යටතේ අධ්‍යනය කැරෙමින් පවතී.මෙම කටයුතු සිදුවන්නේ ආසියා සංවර්ධන බැංකුවේ සහය ඇතිවය.‘‘
‘‘ 2016 නොවැම්බර් මස 23 වැනිදා පැවැති ආර්ථික කටයුතු වෙනුවෙන් වන කැබිනට් කමිටුව ගත් තීරණයකට අනුව ව්‍යාපෘතිය සදහා ආයෝජකයකු තෝරාගැනීමේ දී පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුවිය.‘‘
x    තරගකිරීම සදහා රජයේ ආයතනයකට ඉදිරිපත් වීමේ අවස්ථාවක් නොමැත
x    කලාපය නියෝජනය කරන තරගකරුවන්ටද අවස්ථාවක් නොදිය යුතුය.කොළඹ වරායේ ව්‍යාපෘති වල නියැලී සිටින මෙහෙයුම්කරුවන්ට මේ සදහා ඉදිරිපත් වීමට නම් බහාලූම් මෙහෙයුම් සම්බන්ධයෙන් දැනුම තිබිය යුතු අතර, වෙනත් සමාගමකට නම් වරාය කළමණාකරනය සම්බන්ධයෙන් පුලූල් දැනුමක් හා අත්දැකීම් තිබිය යුතුය.
‘‘ ව්‍යාපෘතිය සදහා පූර්ව සුදුසුකම් විමසා බැලීම අවසන්ව තිබියදී සහ ඉදිරිපත් වූ යෝජනා අධ්‍යනය කෙරෙමින් තිබියදී, නව තෝරාගැනීමේ ක‍්‍රමවේදයක් හදුන්වාදීමට නොහැකිය.අයදුම්පත් කැදවීම අවසන් වූ පසු සිදුකැරෙන  ඕනෑම සංශෝධනයක් හෝ නව ක‍්‍රමවේදයක් හදුන්වාදීමක් ඉතාම අයහපත් වන අතර, එවැන්නක් හමුවේ අගතියකට පත්වන පාර්ශවයක් වේ නම් එවන් පාර්ශවයකට නීතියේ පිහිට සොයා යා හැකිය.එහි ප‍්‍රතිඵලය වන්නේ ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම ප‍්‍රමාද වීමය.‘‘
ඉදිරිපත් කර තිබෙන නව ක‍්‍රමවේදය අනුව දැනට ඉදිරිපත්ව ඇති, අධ්‍යනයට ලක් කැරෙමින් පවතින, සියලූම යෝජනා ව්‍යාපෘතිය භාර ගැනීම සදහා සුදුසුකම් නොලබන බවත්, අතිරේක තෝරාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස එක් ආයෝජකයකුට පමණක් එම අවස්ථාව ලැබීමේ හැකියාව ඇති බවත්, එය රජයේ ප‍්‍රතිරූපයට දැඩි හානියක් සිදුකරනු ඇති බවත් අමාත්‍යවරයාගේ ලිපියේ සදහන්ය.අනෙක් පසින් අතිරේක තෝරාගැනීමේ ක‍්‍රමවේදය හදුන්වාදී ඇත්තේ රජයේ වුවමනාව මත එක්තරා ආයෝජකයකුට පමණක් මෙම ව්‍යාපෘතිය භාර දීමට යැයි, යෝජනා ඉදිරිපත් කර ඇති අනෙක් ආයෝජකයින් හා සමාගම් චෝදනා නගනු ඇති බවද පෙන්වා දී ඇති අමාත්‍යවරයා, අතිරේක තෝරාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෙර සුදුසුකම් ලබා, දැන් සුදුසුකම් නොලබන එක් ආයෝජකයකු හෝ වේ නම්, සමස්ථ අතිරේක තෝරාගැනීමේ කි‍්‍රයාවලියේ නෛතික පදනම අභියෝගයට ලක්කළ හැකි අවදානමක් තිබෙන බවද පවසයි.

‘‘ නව ක‍්‍රමවේදයක් හදුන්වාදීම සිදුවන්නේ නම්, දැනට සිදුවෙමින් පවතින සියලූම කටයුතු නවතා, පූර්ව සුදුසුකම් ලැබීමේ කි‍්‍රයාවලිය නැවත ආරම්භ කළ යුතුවනු ඇත.මෙවැනි පියවරක් හමුවේ, සියල්ල මුල සිට පටන් ගැනීමට සිදුවීමෙන් ඇති වන ප‍්‍රමාදයත් සමග කොළඹ වරාය කොටස් වෙළදපල වටිනාකම් ඉතා සීඝ‍්‍රයෙන් පහත වැටෙනු ඇති බවද, කලාපයේ වරායන් දැනටමත් ඒවායේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමේ නිරතව සිටින හෙයින්, එම වරායන් හමුවේ පරාජයට පත්වන්නට සිදුවනු ඇති බවද, සදහන් කළ යුතුය.‘‘


රණතුංග අමාත්‍යවරයාගේ ලිපියෙන් අනාවරණය වන බරපතල කරුණු ගණනාවකි.විවෘත හා විනිවිදභාවයකින් තොරව මෙසේ කටයුතු සිදුවෙමින් පැවතීම හමුවේ නින්දාවට සහ අපහසුතාවට පත්වීමට සිදුව ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාටය.මෙවැනි තත්ත්වයන් සමනය කිරීමේ සමත් යාන්ත‍්‍රණයක් තවමත් භාවිතයේ නොමැත.
2017 නව වසර උදාවන්නේ සිරිසේන - වික‍්‍රමසිංහ රජයට විසදීම සදහා නව ගැටලූ රැුසක්ද, මුහුණදීම සදහා නව අභියෝග රැුසක්ද සමගය.වංචා, දුූෂණ මැඩලීමට දැඩි පියවර ගත යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයෙන්ම ඉල්ලීමක් ඉදිරිපත් වීම කිසිසේත්ම සුලූකොට තැකිය නොහැකිය.ඒ සම්බන්ධයෙන් ගන්නා නිසි පියවරක් රජයේ ස්ථාවරත්වය පවත්වාගැනීමට මෙන්ම, ජනතාවගේ ප‍්‍රසාදය දිනා දීමේද සමත් වනු ඇති බව අමුතුවෙන් සදහන් කළ යුතු නැත.

පැනමා පති‍්‍රකා - විදේශන්හි කි‍්‍රයාත්මක වන ශී‍්‍ර ලංකා සමාගම්

පැනමාවේ මොසෑක් ෆොන්සේකා සමාගමේ උපදෙස් මත විදේශන්හි කි‍්‍රයාත්මක වන ශී‍්‍ර ලංකා සමාගම් පිහිටුවීමට කටයුතු කළ පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබද තොරතුරු සන්ඬේ ටයිම්ස් වෙත ලැබී ඇත.මෙම තොරතුරු ලබා ගැනීමට හැකිවූයේ ඇමරිකාව පදනම්ව කි‍්‍රයාත්මක වන ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය සහ ජර්මනියේ සුඩෙවුච් සෙයිටුන්ග් සමග සන්ඬේ ටයිම්ස් ගොඩනගාගත් සම්බන්ධතාවයකට අනුවය.සන්ඬේ ටයිම්ස් මෙම පුද්ගලයින් පිළිබද තොරතුරු හෙළි කරනුයේ ඔවුන් නීතිවිරෝධීව කටයුතු කර ඇතැයි හෝ, අයථා ගනුදෙනු වල යෙදී ඇතැයි යන පදනමක පිහිටා නොවේ.මොවුන් ඇත්ත වශයෙන්ම නීත්‍යානුකූල ලෙස තම ව්‍යාපාර කටයුතු වල නියැළී තිබෙන්නට පිළිවන් විය හැකිය.
බි‍්‍රතාන්‍ය වර්ජින් දිවයින් හි ලියාපදිංචි කර ඇති ස්කයිලයින් ප්‍රොෆිට්ස් ලිමිටඞ් හි ගාමිණී උඩුවර, සහ පාලිත මැතිව් සහ සමාගමේ, පාලිත මැතිව් සහ ඔහුගේ පවුලේ සාමාජිකයකු, ඔවුන්ගේ සේවා ලබාගැනීමට පැමිණෙනන් සදහා විදේශ බැංකු ගිණුම් විවෘත කර දීමේ කටයුතු වල නියැළී ඇති බවට තොරතුරු ඇත.බොහෝ අවස්ථාවන්හිදී ඔවුන් මෙම කටයුතු වල නියැළී ඇත්තේ මොසෑක් ෆොන්සේකා සමාගමේ සිංගප්පූරු ශාඛාව හරහාය.
මොසෑක් ෆොන්සේකා සමාගම ලබාදෙන සේවය යටතේ විවිධ රටවල විදෙස් බැංකු ගිණුම් විවෘත කිරීමට, කිසියම් සමාගමක් පවත්වාගත යුතු අවම ප‍්‍රාග්ධනයක්් නොමැත.අවම වශයෙන් එක් අධ්‍යක්ෂකවරයකුගේ නම යටතේ විදේශයක කාර්යාලයක් ලියාපදිංචි කිරීම පමණක් මෙහිදී සිදුවේ.අදාළ ලියැකියවිලි සියල්ල ලැබුණු පසු සතියක් ඇතුළත විදේශයක සිට කි‍්‍රයාත්මක වන බව ඇගවෙන සමාගමක් නිර්මාණය කළ හැකිය.උදාහරණයක් ලෙස ගතහොත් මොසෑක් ෆොන්සේකා සමාගමේ ලන්ඩන් ශාඛාව, සමාගමක් පිහිටුවීම, බදු ලියාපදිංචි කිරීම සහ බැංකු ගිණුමක් විවෘත කිරීම වෙනුවෙන් අය කරන්නේ ස්ටර්ලිං පවුම් 3900 ක් වැනි මුදලකි.
පහත දැක්වෙන්නේ විදේශයන්හි සිට කි‍්‍රයාත්මක වන ශී‍්‍ර ලංකා සමාගම් කිහිපයක හෝ පුද්ගලයින්ගේ තොරතුරුය
ඇවන්ගාඞ් පුද්ගලික සමාගම - බි‍්‍රතාන්‍යය වර්ජින් දුූපත්
අධ්‍යක්ෂකවරුන් - යාපා හෙට්ටිපතිරණලාගේ නිස්සංක යාපා සේනාධිපති, වයි.එච්.පී.කිත්සිරි මංජුල යාපා, සෙනරත් බණ්ඩාර දිසානායක, සහ ප‍්‍රසන්න ඇත්නාසියුස් සිරිමෙවන් රාජරත්න
එම්පයර් ස්ටාර් හෝලිඩින්ග්ස් - බි‍්‍රතාන්‍යය වර්ජින් දුූපත්
අධ්‍යක්ෂකවරුන් - ජොනතන් ඬේවිඞ් පීරිස්, ඬේවිඞ් පර්සිවල් පීරිස්, පලවින්නගේ සුමිත් කුමාරතුංග, එස්තර් මවුරීන්
සෙල්වීරා ටේ‍්‍රඩින්ග් ලිමිටඞ් - බහාමාස්
ජෝන් එම් සෝයර් - සභාපති, ලේකම් සහ අධ්‍යක්ෂක
බන්දුල වීරවර්ධන - කළමණාකාර අධ්‍යක්ෂක
අද්වානි ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඞ් - බහාමාස්
ආර්.ජේ.අද්වානි (ඉන්දියා ජාතික*, ජස්පි‍්‍රට් කාහාල් (බි‍්‍රතාන්‍යය ජාතික*, මොහොමඞ් අක්තාර් අබ්දුල් කරීම් (ශී‍්‍ර ලංකා ජාතික*, ප‍්‍රකාශ් රාම්චාන්ඞ් අද්වානි (ඉන්දියා ජාතික*
ලකී ස්ටෝන්ස් ඉන්ඩුස් ලිමිටඞ් - සීෂෙල්ස්
ජයකොඩි ආරච්චිගේ දෝන මේරියන් පැමෙලා ජයකොඩි
ඉන්ටර්පෝර්ට් එන්ටර්ප‍්‍රයිසස් ලිමිටඞ් - බහාමාස්
දිලීපන් ත්‍යාගරාජා
අස්ලින් ප්‍රොපර්ටි හෝල්ඩින්ග්ස් ලිමිටඞ් - බි‍්‍රතාන්‍යය වර්ජින් දුූපත්
නිලන්ති සොයිසා, චන්දුලාල් ස්ටෙපන් සොයිසා - සමාගමට මුදල් ලැබෙන බව පැවසෙන්නේ කුලී පදනම මත ලබාදී ඇති ලන්ඩනයේ දේපළකිනි

පැක්ස්විල් ටේ‍්‍රඩින්ගේ ඉන්කෝර්පොරේටඞ් - බි‍්‍රතාන්‍යය වර්ජින් දුූපත්
කිම් සුන් කාන්, කෙනෙත් ජෝන් පෙන්ඩෙග‍්‍රාස්ට් (ශී‍්‍ර ලංකාව*, උමාර් මනික්කු
ස්ටෝන් ක්‍රොෂ්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඞ් - බි‍්‍රතාන්‍යය වර්ජින් දුූපත්
අධ්‍යක්ෂකවරු - ජානක් හිර්දිරාමනි, මෝනා හිර්දිරාමනි, සිදත් හිර්දිරාමනි සහ අරූන් හිර්දිරාමනි
අල්ටිමෝ කැපිටල් ලිමිටඞ් - බි‍්‍රතාන්‍යය වර්ජින් දුූපත්
අධ්‍යක්ෂකවරුන් - සිවසුබ‍්‍රමනියම් සිවයෝගරාජසිංහම් (ශී‍්‍ර ලංකාව*, සිවයෝගරාජසිංහම් සවුමියන් ( ඕස්ටේ‍්‍රලියාව*
එලින්වෙස්ට් ලිමිටඞ් - බි‍්‍රතාන්‍යය වර්ජින් දුූපත්
අධ්‍යක්ෂකවරු - වැලෙයි ගුරිනොව්, දිමිති‍්‍ර ද වන්සා වික‍්‍රමසිංහ (ශී‍්‍ර ලංකාව*
ලෙට්නි ටෙක්නොලොජි ගෲප් ලිමිටඞ් - බි‍්‍රතාන්‍යය වර්ජින් දුූපත්
අධ්‍යක්ෂකවරු - සපූර්ති කුලතිලක, ඔලිවර් ලයිටන්, කසුර එදිරිවික‍්‍රමසූරිය
ට‍්‍රාන්ස්ෆීල්ඞ් එන්ටර්ප‍්‍රයිසස් එස්.ඒ. යෝර්ක් ටවුන් ඩිවෙලොප්මන්ට්ස් - බි‍්‍රතාන්‍යය වර්ජින් දුූපත්
සේන යද්දෙහිගේ
ඇතැම් විපක්ෂ දේශපාලකයින්, මොසෑක් ෆොන්සේකා සමාගම හරහා විදෙස් සමාගම් පිහිටුවා, ඒ ආධාරයෙන් විදෙස් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය බවට ශී‍්‍ර ලංකා ජනතාව අතර පැවති විශ්වාසය මෙම අනාවරණයත් සමග පදනම් විරහිත තත්ත්වයට පත්ව ඇත.මෙම සමාගම් බොහෝමයක් වෙළද සමාගම් ගණයට අයත් වන ඒවා වන අතර අනෙක්වා තනි පුද්ගලයින්ගේ ය.

 

මෙම වසරේ සන්ඬේ ටයිම්ස් දේශපාලන ලිපි පෙලින් අනාවරණය කැරුණු වැදගත් කරුණු වල සංක්ෂිප්තයක් පහත දැක්වේ.

ජනවාරි 03

එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය 2016 වසර ආරම්භ කරනුයේ එම පක්ෂ දෙක අතර ඇති බරපතල ගණයේ වෙනස්කම් වල ප‍්‍රතිඵලයක් ලෙස ඇතිව තිබෙන ගැටුමෙහි තවත් දිගුවක් සනිටුහන් කරමිනි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරික වශයෙන් ඇතිව තිබෙන බෙදීම ද ක‍්‍රමයෙන් පුලූල් වෙමින් පැවැතින.එසේ වුවද රජයේ ධූර කාලයේ අවසානය දක්වා පක්ෂ දෙකට සහයෝගයෙන් වැඩකටයුතු වල යෙදිය හැකි ගිවිසුමක් සකස් කිරීම සදහා අවශ්‍ය සැළසුම් සකස් කිරීමේ කටයුතු වලද රජය යෙදී සිටියේය.

ජනවාරි 17

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හිතවාදීහු නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සදහා සැළසුම් කිරීමේ යෙදී සිටියහ.රාජපක්ෂගේ නායකත්වය යටතේ වන මෙම නව පක්ෂය මේ දක්වාම නොපැවැත්වුනු පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත විය.ඒ සදහා අවශ්‍ය මූලෝපායක් සකස් කරගනු වස් රාජපක්ෂ පළාත් පාලන ආයතන සාමාජිකයෝ හමුවී සාකච්ඡුා පැවැත්වූයේය.

පෙබරවාරි 07

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය රට පුරා පුවත් මැවීමට සමත් විය.කාල්ටස් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය පිහිටුවීමෙහි ලා සිදුව ඇති බවට චෝදනා නැගුනු අයථා මූල්‍ය කටයුතු අරබයා ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුවිය.මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්්ෂය නියෝජනය කළ ඇතැම් අමාත්‍යවරු කෙතරම් කෝපයට පත් වූයේද යත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය විසිරුවා හැරිය යුතුව ඇතැයි ඔවුහු කීහ.නමුත් එවැන්නක් සිදු නොවින.යෝෂිත පසුව ඇප මත මුදා හැරින.

පෙබරවාරි 14

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් රාඞ් අල් හුසේන්ගේ සිව්දින සංචාරය ශී‍්‍ර ලංකා



අදහස් (0)

‘අපරාධ විනිශ්චය කොමිසම කරළියට‘

රන්ජිත් Tuesday, 27 December 2016 01:25 AM

හොඳ යෝජනාවක්. අපි බලමු මේකට විරුද්ධවෙන්නේ කවුද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 127 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 365 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 285 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 794 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 91 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 195 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site