IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


අම්පාරේ හිටපු ඇමති අඩ සියවසක්ම නිල නිවසේ ලැගලා

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න මහතා එම නිවාසය ඊයේ(31) වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදීමට කටයුතු කළේය.

1977 එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර ආසනය සඳහා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පී. දයාරත්න මහතා  සිය දේශපාලන කටයුතු සඳහා අඛණ්ඩව  මෙම නිවාසය  පාවිච්චි කළ අතර 2015  වසරේ දී පාර්ලිමේන්තු අසුන පරාජයවීමෙන් පසුවත් එවකට පැවති රජයන්හි  අවසර මත  මෙම  නිවාසයේ  රැදී  සිටියේය.

වත්මන් ජාතික ජනබලවේගය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීජවරුන් සියළු දෙනාටම ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස ආපසු භාරදීමට සිදුවූ අතර ඒ අනුව මෙම නිවාසය නැවත ලබාගැනීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළේය.

මේ අතර අම්පාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ විමලවීර දිසානායක යන මහත්වරුන්, ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස දෙකක් පසුගිය දිනක නැවත අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදී ඇති බව එම කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (6)

අම්පාරේ හිටපු ඇමති අඩ සියවසක්ම නිල නිවසේ ලැගලා

Lalla Friday, 01 November 2024 02:11 PM

බලපුවාම මන්ත්‍රීලා ඇමැතිලා පඩිත් අරගෙන ජරාවක් කාලා අවසානයේ මහජන මුදලින් නඩත්තු වෙන රජයේ නිවාගත් පරිහරණය කරනවා. මොවුන් සිඟන්නෝ වෙන්න ඕනෑ නේද?

:       2       104

පිටරටවැසියා Friday, 01 November 2024 02:21 PM

දශක හතක් තිස්සේ බත්කන හරක්ට පුළුවන් දැන් මේ "රටකාපු හොරුන්ට, තක්කඩින්ට" සුදුහුණු ගාලා, අනෙක් කමෙන්ට්ස් වලට ඕසේට අන්ලයික් කරන්න... ඔක්කෝටම ඉස්සෙල්ලා, තමන් ගැන, තම දූදරුවන්ගේ අනාගතය ගැන, රට ගැන කැක්කුමක් තියෙන්න ඕනෑ... මේවා හරිගස්සන්න. නැත්නම් හැමදාම රටේ සාමාන්‍ය අසරණ ජනතාවට සැමදා අබ සරණම තමයි...

:       4       66

Sisiranath Wanniarachchi Friday, 01 November 2024 02:48 PM

ඇත්තටම පී දයාරත්න නම් ලැජ්ජාවක් නැති කෙනෙක්. මෙයාගේ ළමයි ව්‍යාපාරිකයෝ. ලැජ්ජාවක් නැතුව ආණ්ඩුවේ ගෙවල්වල ලැගලා ඉන්නවා මැරෙනකම්. මොවුන්ගේ ළමයිවත් මහා එකාට කියන්නේ නැද්ද මේවා වැරැදියි කියලා...!

:       0       28

DHARMATILEKE Friday, 01 November 2024 02:50 PM

රජයේ ක්‍රමවේදය අනුව පී. දයාරත්න යම් මුදලක් අපට ගෙවිය යුතුයි. පාරේ යනකොට හූ කියන්නේ මේ වගේ හොරුනේ...

:       0       21

M.K.P.I. KUMARA Friday, 01 November 2024 02:58 PM

මේ හොර දේශපාලකයන්ගෙන් මේවාට වන්දි ලබා ගෙන නීතියෙන් දැඩි දඩුවම් ලබා දිය යුතුය. මොවුන්ගේ දේපල වහා රාජ සන්තක කළ යුතුයි.

:       0       19

ravin Friday, 01 November 2024 03:11 PM

මේ එක්කෙනෙක් ගැන විතරයි. හැත්ත බුරුත්ත පිටින් දේශපාලනය කරන්න වලිකන හේතුව දැන් හැමෝටම තේරෙනවා ඇති නේද? ඔන්න අපිට පෙන්නපු සංදර්ශනයේ තරම. මේ නිවාසයේ නඩත්තු වියදම්...?

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අරණායක විදුහලක සිසුන් 13කට ආහාර විසවෙලා
2024 නොවැම්බර් මස 01 99 0

අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන්ට අද( 01) දිවා ආහාරය සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනිමෙන් අනතුරුව සිසුන් 13 ක් දෙනකු හදිසියේ රෝගි වි අ


කොළඹ -බදුල්ල පාරේ ගමන් ගන්නා අයට විශේෂ දැනුම්දීමක්
2024 නොවැම්බර් මස 01 360 0

මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ


රාජගිරියේ ගින්නක්
2024 නොවැම්බර් මස 01 670 0

රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොස් අලෙවිය සහ අලුත්වැඩියා කරන ස්ථානයක අද දහවල් ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි.


අම්පාරේ හිටපු ඇමති අඩ සියවසක්ම නිල නිවසේ ලැගලා
2024 නොවැම්බර් මස 01 3397 6

වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන


පෙම්වතියට අපූරු දඬුවමක් දෙන්න ගිය පෙම්වතාට මාංචු
2024 නොවැම්බර් මස 01 2325 3

පෙම්වතියගේ නිරුවත් ජයාරූප ලබාගෙන එම පිංතූර සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් ඇය බියගන්නවා මුදල් ලබාගත් පෙම්වතෙක් රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින්


අපේක්ෂක රුව සහිත බසය සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 01 1326 3

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සර්ව ජන බලය පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය සහ රුව සහිත ඉෂ්ටිකරයක් බස් රථයක් සම්පූර්ණයෙ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 648 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site