IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අයවැය ගුණදොස්

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

(වීඩියෝ අකිල බද්දේවිතාන)

ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස

(වීඩියෝ අඛිල බද්දේවිතාන)

කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය පුබුදු ලක්මාල්

(වීඩියෝ අඛිල බද්දේවිතාන)

හොරණ වෙළඳසල් හිමිකරුවකු වන එල්.පී.උබේසිරි මහතා

(වීඩියෝ අඛිල බද්දේවිතාන)

ත්‍රී රෝද රථ රියදුරකු වන අසංක සඳමාල්

(වීඩියෝ අඛිල බද්දේවිතාන)

සබරගමු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තාරක බාලසූරිය

(වීඩියෝ අඛිල බද්දේවිතාන)

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා -

(වීඩියෝ -තරිඳු ජයවර්ධන)

 

‘මෙවර අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට බලාපොරොත්තු රැසක් තිබුණා. අපිට ලැබෙන වැටුප වැඩි වී තියෙන්නේ 2200කින්. ආණ්ඩුව කියනවා වගේ විශාල ගණනකින් වැඩි වෙලා නෑ. අනිත් එක ගුරු විදුහල්පති සේවා ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළැයි කියනවා. සේවා ව්‍යවස්ථාවල තියෙන්නේ 2008 වැටුපක්. එය ගත්තම අපිට පැහැදිලිවම කියන්න පුළුවන් වැදුහල්පතිසේවයේ පළමු වැනි පන්තියට වැටුප් වැඩි වෙන්නේ රුපියල් 135යි. විදුහල්පති සේවයේ තුන්වැනි පන්තියට වැඩිවෙන්නේ රුපියල් 1065යි.

ගුරු සේවයේ වැටුප් වැඩි වෙන්නේ රුපියල් 105 ඉඳන් රුපියල් 290 වෙනකම්.  නව සේවා ව්‍යවස්ථාවේ තියෙන වැටුප 2008 වසරේ ඉදිරිපත් කළ වැටුපක්. පලාපොරොත්තු වෙලා හිටපු වැටුප් වැඩිවීම් මේකේ නෑ. මේ අයවැය යෝජනා තුළ කියනවා ගුරුවරුන්ට යතුරුපැදි ලබා දෙනවැයි කියා. එහෙම තියෙනවා නම් එය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියා පැහැදිලි කිරීමක් තියෙන්න ඕනෑ. එහෙම නෑ. අනිත් විශේෂ කාරණය තමයි දළ ජාතික වියදමෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස අපි දැඩි ඉල්ලීමක් කළා. නමුත් ඒ වෙන්කිරීම කරලා නෑ. දෙසැම්බර 31ට පෙර අධ්‍යාපනයේ හිඟ වැටුප් ගෙනවා කියා කිව්වා. ඒ හිඟ වැටුප් ගෙවන්න අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන විදිය පෙන්වා නැහැ.

ඊළඟට බරපතලම කාරණය තමයි අවුරුදු දෙකක් තිස්සේ අයවැයෙන් කියන්නේ ද්විතියීක පාසල් 1000යි, ප්‍රාථමික පාසල් 5000යි සංවර්ධනය කරනවා කියලා. එතකොට ලංකාවේ තියෙන පාසල් 9962න් ඉතිරි පාසල් හාර දහස් ගණනට  මොකද වෙන්නේ?  ඒ ගැන කියන්නේ නෑ. මහින්දෝදය විද්‍යාගාර පෙන්න පෙන්න අධ්‍යාපනයේ සංවර්ධනයක් ඇති වුණා කියා කියන්න උත්සාර කරනවා. එහෙම වෙලා නෑ. අපි කියන්නේ සමස්ත පාසල් 9962ම ක්‍රමානුකූලව සංවර්ධනය කරන්නේ කොහොමද කියල  දක්වන්නයි අවශ්‍ය වෙන්නේ. මිනිස්සුන්ගේ බලාපොරොත්තු වැඩියි. අපිට ලැබිලා තියෙන දේවල් අඩුයි. ‘

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සහ රාජ්‍ය අර්ධරාජ්‍ය හා පෞද්ගලි වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය -

(වීඩියෝ -තරිඳු ජයවර්ධන)

saman-rathnapriya

මේ අයවැය ලේඛණයෙන් වැටුප් වැඩිවීම්, යම් යම් සහන ප්‍රකාශයට පත් කිරීම්, මහපොළ වැඩි කිරම්, ජූලි වර්ජකයන්ට සහන ආදී කාරණා ධනාත්මක කරනා විදියට තියෙනවා. නමුත් රාජ්‍ය සේවාව හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් ගත්තොත් ප්‍රමාණවත් නෑ. ආණ්ඩුව වැටුප් වැඩිවීම් ලොකු ලොකු ගණන් වලින් ප්‍රකාශයට පත් කළාට ඇත්ත වශයෙන්ම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරලා තියෙන්නේ රුපියල් 2900කින් විතරයි. මූලික වැටුප වැඩි කර තියෙන්නේ රුපියල් 924කින් විතරයි. 11730යි රජයේ සේවකයාගේ ආරම්භක වැටුප. එය 15000 දක්වා වැඩි කරන බව ආණ්ඩුව කියනවා. නමුත් මේකෙදි රුපියල් 2346ක් තියෙනවා ජීවන වියදම් දීමනාව. මෙය දැනට ගෙවනවා. එතකොට රුපියල් 11730යි ජීවන වියදම් දීමනාව රුපියල් 2346යි  දෙක එතු කළාම රුපියල් 14076යි. එහෙනම් 15000 දක්වා වැඩි කර තියෙන්නේ රුපියල් 924යි. ආණ්ඩුව ලබා දී ඇත්තේ රුපියල් 924ක වැඩිවීමක්.

ජීවනාංක දීමනාව රුපියල් 2200කින්වැඩි කර තියෙනවා. එය යම් ප්‍රමාණයක ධනාත්මක කාරණයක්. හැබැයි 2006 ජනවාරි මාසයෙන් පස්සේ ආණ්ඩුව වැඩුප් වැඩි කළේ නැහැ රජයේ සේවකයන්ගේ. ජීවන වියදම වැඩි කළා. සේවා ගාස්තුව වැඩි කළා. ආණ්ඩුවේම සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියනවා හතර දෙනකුගේ පවුලකට ජීවත් වෙන්න රුපියල් 52000ක් ඕනෑ කියා. නමුත් අද දීමනා සහිත අවම වැටුප රුපියල් 21000යි. 52000ක් ඕනෑ නම් මෙය දෙගුණයකටත් වඩා වැඩි කළ යුතුයි. අපි රටේ ආර්ථිකය ගැන හිතලා අපි රුපියල් දස දහසක් ඉල්ලුවා. නමුත් ආණ්ඩුව දුන්නේ රපියල් දෙදහස් ගානයි.

පෞද්ගලික අංශය ගත්තොත් අවම වැටුප රුපියල් 9000යි. එය 10,000 කරන්න ආණ්ඩුව යෝජනා කර තියෙනවා. මේක කිසිසේත් ප්‍රමාණවත් නෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලුවේ පෞද්ගලික අංශයේ අවම වැටුපත් රුපියල් 15000 කරන්න කියලයි. පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම් ආණ්ඩුවට කළ නොහැකියි. එය පරිපාලක සභා සහ හාම්පුතුන්ගේ සම්මේලන වලින් සාකච්ඡා කර සහ බලපෑම් මගින් කළයුතු නිසා පෞද්ගලික අංශයට රුපියල් 5000ක අයවැය සහන දීමනාවක් දෙන්න කියා අපි ඉල්ලුවා. මේය ආචාර්ය එන් එම් පෙරේරා ඉතිහාසයේ ක්‍රියාත්මක කළ දෙයක්. මේ  අයවැයෙන් ඒ ගැන අවධානයක් යොමු කර නැහැ.

සෞඛ්‍යක්ෂේත්‍රයට දෙන විශේෂ දීමනා ගැන සඳහනක් නැහැ. නිල ඇඳුම් දීමනා රුපියල් 500කින් වැඩි කර තියෙනවා. එය ගණන් ගන්නවත් බැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 150ක් වෙන්කළා කියා ආණ්ඩුව කියනවා. නමුත් සත්‍ය වශයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම සඳහා අවම වශයෙන් බිලියන 200ක් වුවමනායි. අවුරුද්ධ පුරා රටේ ඖෂධ ගිඟයක් ඇති වෙනවා, සෞඛ්‍ය උපකරණ හිඟයක් ඇති වෙනවා, සැත්කමක් කරන්න ගියාම ඊට අවශ්‍ය දේවල් පිටින් ගේන්න කියා කියනවා . මේ ප්‍රශ්න විසදන්න නම් අවම වශයෙන් බිලියන 200ක් අවශ්‍යයි. නමුත් එය මේ අයවැයෙන් වැඩි කර නැහැ. අනිත් එක රටේ ඖෂධ නිශ්පාදනය වැඩි කළ යුතුයි. රටින් ගෙන්වන්න විශාල මුදලක් යනවා. ඒ සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ධාරිතාවය වැඩි කළ යුතුයි. ඒ සඳහා බරපතල අවධානයක් යොමු කළ යුතු වුවත් එහෙම අවධානයක් යොමුවී ඇති බවක් අපට පෙනෙන්නේ නෑ.

පහළම රාජ්‍ය සේවකයට රුපියල් 2928ක වැඩි කිරීමක් කරද්දී, ඉහළම ස්ථිර ලේකම්ට රුපියල් 16000කට ආසන්න වැඩිකිරීමක් කරලා තියෙනවා. මේක රාජ්‍ය සේවාවේ පන්ති බේදය තව තවත් වැඩි කරන, රාජ්‍ය සේවයේ ඇති නැති පරතරය තව තවත් වැඩිකරන කාරනාවක්. ජීවත් වෙන්න බැරි මිනිහට රුපියල් 2928යි. ඉහල රජයේ ලේකම්ට රුපියල් 16000යි. ආණ්ඩුව එතැන් නතර වෙලත් නැහැ. තවත් රුපියල් 15000ක දීමනාවක් විශේෂ වෘතිකයන් ලෙස නම් කර දි තිබෙනවා මේ 16000ට අමතරව. අනුව ඒ අයගේ වැටුප් වැඩිවීම රුපියල් 31000ක් පමණ වෙනවා. ජීවත් වෙන්න බැරි මිනිහට 2928යි. හතර දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් 52000ක් අවශ්‍ය වුවත් ජීවත් වෙන්න බැරි මිනිහට ආණ්ඩුව සාධාරණයක් කර  නැහැ.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් පැත්තෙන් මේ අයවැය බරපතල දුර්වල මට්ටමක තියෙන්නේ.

ගිණුම්කරණය උපකරක පන්ති ගුරුවරයකු වන දිමුතු හෙට්ටිආරච්චි මහතා -

‘මේ අයවැයෙන් පෞද්ගලික අංශය දිරිගැන්වීමේ ආර්ථික ප්‍රතිපත්ති අඩුයි.  රාජ්‍ය සේවකයන්ට රුපියල් 2200කින් වැටුප් වැඩි කළා කියා කියනවා. නමුත් පෞද්ගලික අංශයට වැටුප් වැඩි කරන්න ඉල්ලා තියෙන්නේ රුපියල් 500කින් පමණයි. රජයේ සේවකයන් ජීවත් වෙන විදියටම තමයි පෞද්ගලික අංශයේ සේවකයන් ජීවත් වෙන්නෙත්. ජීවන වියදම වැඩි වෙද්දි ඊට සරිලන විදියට වැටුප් වැඩි විය යුතුයි.

අනිත් කාරණය තමයි වාහන ආනයනය කරද්දි අලුත් බදු ක්‍රමයක් ඇති කරන බව කිව්වා. ඒ එක්කම කිව්වා ඒ මගින් රජයේ බදු ආදායම වැඩි කරගන්න පුළුවන් කියලා. එයින් කියන්නේ වෙනත් නමකින් බදු ක්‍රමය ආවත් වාහන ආනයනය කරද්දී බද්ධ වැඩිවෙනවා කියන එකනේ. නම වෙනස් කරලා බද්ධ වැඩි කරන එකනේ.

ඒ වගේම තමයි පාසල් සිසුන් වෙනුවෙන් සපත්තු දෙනවා කියා මීට පෙර කියා තිබුණා. නමුත් එය හරියට ක්‍රියාත්මක වුණේ නෑ. තෝරාගත් පිරිසකට පමණයි දුන්නේ. මේවා ගැන විශේෂ සඳහනක් මේ අයවැයෙන් කියැවුණේ නැහැ.‘

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා -

(වීඩියෝ -තරිඳු ජයවර්ධන)

‘සියලුම පොලිස් නිලධාරීන් ඉතාම සතුටු වෙනවා නව සේවා ව්‍යවස්ථාවක් හම්බුණු එක ගැන. මෙච්චර කාලයක් අපිට කිව්වේ අපි හමුදාවක් නෙවෙයි කියලා. හමුදාවකට තියෙන වරප්‍රසාද පොලිසියට තිබුණේ නෑ. අනිත් පැත්තෙන් අපි කියනකොට කියනවා දෙපාර්තමේන්තුවක් නෙවෙයි පොලිසිය කියලා. අපිට සාමාන්‍ය රජයේ සේවකයකුට තියෙන වරප්‍රසාදවත්  තිබුණේ නෑ. ඕටී නෑ, නිවාඩු දින නෑ. මේ දෙපැත්ත අතරට වෙලා හිටියේ. ඒ නිසා මේ අයවැයෙන් පොලිසියට වෙනම සේවා ව්‍යවස්ථාවක් ගෙනත් තියෙනවා. ඒ ගැන මුළු පොලිසියම ඉතාමත් සතුටු වෙනවා. අපේ පොලිසිය පිහිටවපු දවසේ ඉඳලා නොලබපු ජයග්‍රහණයක්. ‘

නම හෙළි කිරීමට අකමැති වූ කනිෂ්ඨ පොලිස් නිලධාරියෙක් -

‘පොලිසියේ කොස්තාපල්වරුන්ට හා සැරයන්වරුන්ට රජකාරි පහසු කිරීමට සහන මිලට යතුරුපැදි ලබා දීම හොඳයි. ඒ වගේම රජයේ සේවකයන්ට වැටුප් වැඩි කළ එකත් හොඳයි. ආර්ථිකේට හොඳ තත්ත්වයක් ලැබුණා. සාමාන්‍ය වශයෙන් මේ අයවැය හොඳයි. හැබැයි තවත් බොහෝ දෑ දෙයි කියලා බලාපොරොත්තු වුණා. ‘

සමුපකාර සංවර්ධන නිලධාරී නිමාලි දිසානායක මහත්මිය (බදුල්ල)-

‘මේ අය වැයෙන් ගොඩක් සහන ලැබිලා තියෙනවා, ඒක ගොඩක් හොඳයි. අය වැයෙන් කිරිපිටි මිල අඩු කර එක කුඩා ළමයි ඉන්න දෙමාපින්ට ගොඩක් වටිනවා. තවත් බොහෝ දීමනා විවිධ සමාජ මට්ම්වල අයටලබා දුන්නා. මේවා මේ විදියට ක්‍රියාත්මක වෙනවා නම් ඉතාමත් හොඳ අයවැයක් කියලා කියන්න පුළුවන්.‘

සරත් ඉද්දමල්ගොඩ පියතුමා -

(වීඩියෝ -තරිඳු ජයවර්ධන)

‘බැලූ බැල්මට අපට පේන්නේ මේ අය වැය ජනතාවට හිතවත් අයවැයක් හැටියටයි. ජනතාවක් බොහොම කැමතිවෙන්න පුළුවන්. රජයේ සේවකයන්ට, ගොවියන්ට, ධීවරයන්ට, සුළු පරිමානයේ කර්මාන්ත කරුවන්ට, ස්වයංරැකියා කරන අයට සහන සලසනවා කියලයි‍ බැලූ බැල්මට පේන්නේ.

මෙහි නොපෙනෙන දෙයක් තියෙනවා. ඒ තමයි රජයේ වියදම අධික ලෙස ඉහළ යනවා. මේ ඉහළ යන වියදම කොහෙන්ද හොයාගන්නේ කියලා බලන්න ඕනෑ. 2013/2014 ලංකාවේ ඇතිවූ සංවර්ධනය නිසා දැන් රජයට සල්ලි තියෙනවා කියලා කියන්න බෑ.  රජයේ ආදායම් විශාල ලෙස වැඩි වෙලා කියන්න සාක්කි නෑ.  ඒ නිසා ජනතාව පිට විශාල බරක් පැටවෙනවා. ජනතාවගෙන්ම තමයි මේ සල්ලි ගන්න වෙන්නේ. විවිධ භාණ්ඩවලින් බදු අය කරලා තමයි මේ සල්ලි හොයාගන්න වෙන්නේ.  මේක විශාල ප්‍රශ්නයක් වෙනවා.

වියදම වැඩි වෙද්දි රජයේ ණය බර වැඩි වෙනවා. ඒ ණය ගෙවන් වෙන්නෙත් ජනතාවටයි. මේ අයවැය  දිහා බලනකොට තව දෙයක් තමයි මුදල් වෙන් කරද්දී ප්‍රමුඛතා පිළිබඳ ගැටළුවක් පේන්න තියෙනවා. ආරක්ෂක කටයුතු සඳහා සියයට 36ක් වෙන් කර තියෙනවා. ජනාධිපති වියදම් සදහා සියයට 16ක් පමණ වෙන් කර තියෙනවා. අධ්‍යාපන හා සෞඛ ක්ෂේත්‍රවලට මුදල් වෙන්කිරීම මදි. ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න දෙකක් තමයි සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රශ්න.

ඉතින් මේ විදියට බලනකොට කියන්න තියෙන්නේ මැතිවරණයක් ඉලක්ක කර සැකසූ අයවැයක් කියලයි.. මෙහි සැබෑ තත්ත්වය පේන්න ජනවාරි මාසය පහු වෙන්න ඕනෑ.

වැලිවේරිය ගල්ලොලුව සම්බුද්ධජයන්ති විහාරාධිපති පිරිවෙන් ආචාර්ය තෙරිපැහැ සිරිධම්ම හිමි -

(වීඩියෝ -තරිඳු ජයවර්ධන)

‘දේශපාලන ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සුවිශේෂි තැනක් හිමිවන තැන හැබෑවයි. නමුත් මේ අයවැයේදි පොරොන්දු රැසක් දී තිබුණත් ඒවා ක්‍රියාත්මක වෙයිද කියන ප්‍රශ්නය තිබෙනවා. කොපමණ කාලයකට ක්‍රියාත්මක වෙයිද කියලා සැක සහිතයි. ඉදිරි ජනාධිපතිවරණයට පෙර විධායක බලතල අහෝසි කරන පාටක් පෙනෙන්නට නැහැනේ. ඉතින් ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිතුමා හෝ වෙනත් කෙනෙක් බලයට පත්වුණාම ඔහුට ගැහැණියෙක් පිරිමියෙක් කිරීම හා පිරිමියෙක් ගැහැණියෙක් කිරීම පමණක් බැරි අනිත් හැම දෙයක්ම පුළුවන් විධායක බලතල හිමිවෙනවනේ. ඉතින් ඒ බලතල භාවිතා කරලා අයවැයෙන් දුන්න ඕන සහනයක් කපා හරින්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. නොකර ඉන්න පුළුවන්.

ඉදිරි මැතිවරණයක් ගැන බියකින් සහන දී ඇති බව පෙන්වනවා කියලයි මේ අයවැය දිහා බැලුවහම පෙනෙන්නේ.

ගම්වල ඉන්න ජනතාව පුදුමාකාර අමාරුවෙන් තමයි දවස ගෙවන්නේ. නාගරික පැතිවල ණයවෙලා හරි මිනිස්සු කාලා බීලා හිටියට ගම්වල සමහරුන්ට තුන්වේල කන්නත් නෑ. බෙහෙතක් හේතක් ගන්න සල්ලි නෑ.

සෑම පුරවැසියෙක්ම පිටරැටියන්ට ණයයි. උපදින්න ඉන්න දරුවොත් පිටරැටියන්ට ණයයි. මේ අයවැයෙන් ලබා දී තිබෙන සහන ගැන දෙවතාවක් හිතන්න වෙනවා. ඉදිරියේ දී රට පාලනය කරන රජයට ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. කෙලින්ම නොපෙනුනාට අද බොහෝ දෑ පුද්ගලීකරණය වෙලා. රටේ සම්පත් රැසක් පිටරැටියන්ට විකුණලා.

අපි භාවිතා කරන්නේ වැඩිපුරම රටින් ගෙන්වන දේවල්. ඇයි අපිට බැරි අපේ නිශ්පාදන වැඩි කරන්න. මේ අයවැයෙන් ඒ සඳහා දක්වා තියෙන අවදානය මදි.‘

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික -

(වීඩියෝ -තරිඳු ජයවර්ධන)

Najith-Indika

‘අපි වසර දෙකක් තිස්සේ අරගල කළා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ මහපොළ ශිෂ්‍යත්වය වැඩි කරන ලෙස. මේ අයවැයෙන් විශ්ව විද්‍යාල මහපොළ වැඩිකළා. ඒ වසර නවයකට පස්සේ. මේක ලබා ගන්න ශිෂ්‍යයන් ප්‍රහාරයට ලක්වෙන ප්‍රමාණයෙන් අරගලයක් කරන්න වුණා. අපේ සටන් තුළ  ලබා ගත් ජයග්‍රහණයක් ලෙස මෙය අපි දකිනවා.

මේ වැඩිකිරීම් තුළ මුලා වෙන්න හොඳ නෑ. වසර නවයක්, දහයක් තිස්සේ අයවැය ගෙනාවේ මේ ආණ්ඩුව. ඉතින් වසර නවයක් තිස්සේ වැඩි නොකර ඉදලා දැන් වැඩි කළේ ඇයි කියලා හිතලා බලන්න ඕනෑ. මේ අවුරුද්දේ විතරක් මහපොළ මතක් වෙන්න හේතුවක් නෑ. ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන තමයි මේ සහන දුන්නේ. ජනතාවගේ බෙල්ල මුලටම හිර කර  තියෙද්දි, කැස යන්තම් බුරුල් කරලා විතරයි තියෙන්නේ. මේකේ සත්‍ය තේරුම් ගන්න ඕනෑ. තමන්ගේ බලය අභියෝගයට ලක්වුණාම තමයි සහනයක්ම දෙන්න මතක් වෙලා තියෙන්නේ. 

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ 

(වීඩියෝ -තරිඳු ජයවර්ධන)

download

‘මේ ආණ්ඩුවේ දහ වැනි අයවැය පසුගියදා ඉදිරිපත් කළා. එය ඉදිරිපත් කරද්දි දැනුනේ නත්තල කලින් ආවා වගේ කියලා තමයි. දෙසැම්බර 25 වැනි දා තමයි නත්තල් සීයා ඇවිත් තෑගි බෙදන්නේ. හැබැයි ඔක්තෝබර 25 වැනි දා ඉඳන් තෑගි බෙදන්න පටන් අරං තියෙනවා.  රාජ්‍ය සේවකයන්ට, ගොවියන්ට, ශිෂයන්ට ඔක්කොටම වගේ පොඩි පොඩි ගණන් දුන් බව පෙනෙනවා.

රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 15000ක් කළා කියලනේ කියන්නේ. පෞද්ගිලක අංශයේ වැටුප 10000ක් කරන්න කියලා කියනවා. හැබැයි  මහ බැංකුවම කියනවා පවුලකට සාමයක් ජීවත් වෙන්න රුපියල් පනස් දෙදාස් එකසිය තිස් හරතක් අවශ්‍යයි කියලා. එ කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය වැටුපට එන්න නම් තව තුන් ගුණයකින් හතර ගුණයකින් මේ වැටුප වැඩි වෙන්න ඕනෑ. ආණ්ඩුව කියනවා කරන්න පුළුවන් උපරිමය තමයි කළේ කියා. මැතිවරණය සහ ජනතාවගේ වර්ධනය වන අසහනයත් එක්ක අපිත් හිතනවා ආණ්ඩුව හොදටම බය වෙලා ඉන්නේ කියලා. ඔවුන්ට දෙන්න පුළුවන් උපරිමය තමයි මේ දීලා තියෙන්නේ.

ජනතාවට කියන්න තියෙන්නේ මේක තමයි මේ ක්‍රමයට දෙන්න පුලුවන් උපරිමය. මෙය සොච්චමක් විතරයි. මාස දෙක යද්දි තේරෙයි ඕකෙන් කිසිම වැඩක් නැහැ කියා. රජයේ ආදායමෙන් සියයට අසූ තුනයි දශම හතයි තුනක්ම උපයන්න ඉන්නේ බදු හරහා. ඒ කියන්නේ අකුණු අතින් දීලා වම් අතින් ගන්නවා කියන එකයි. තිබ්බට වඩා බඩු මිල වැඩිවෙනවා. අපි හිතනවා මිට වඩා වෙනස් පාරක් අවශ්‍යයි කියලා. මේ ක්‍රමයෙන් බැරිනම් වෙනත් ක්‍රමයක් , වෙනත් මාර්ගයක් අවශ්‍යයි කියා අපි හිතනවා. ඒ ගැන සංවාදයකට අපි සූදානම්.‘

 

හාළිඇළ ත්‍රීරෝද රථ රියදුරකු වන ආනන්ද කුමාර 

‘අපිට ඉන්ධන සහනාධාර දෙනවා කියා කළින් කිව්වා. ටික දවසක් දුන්නා. නමුත් එය නතර වුණා. අපි බලාපොරොත්තු වුණා මේ අයවැයෙන් නැවත එය ලැබෙයි කියලා. ඒත් එමෙව ලැබුණේ නැහැ. තෙල් මිල අඩුවුණු එකනම් හොදයි. අනිත් බඩුවල මිලත් අඩුවෙන්න ඕන. කිරිපිටිවර්ගවල මිල, හාල්, පොල් වගේ හැම දේකම මිල අඩුවෙන්න ඕනෑ. නැත්නම් අපිට ජීවත් වෙන්න අමාරුයි.‘

නම හෙළි කිරීමට අකමැති දේශීය ආයුර්වේද වෛද්‍යවරයෙක් 

‘දේශීය ආර්වේදය වෙනුවෙන් යම් යම් සහන ලැබී තියෙනවා. නමුත් එය කියන්න තරම් ප්‍රමාණවත් නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමය වගේම අපිටත් සම තැනක් දිය යුතුයි. බටහිටර වෛද්‍ය විද්‍යාවේ සුව කළ නොහැකි ලෙඩ ඕනෑ තරම් අපි සුව කර පෙන්වා තියෙනවා.

 ආයුර්වේද වෛද්‍යවරුන් ජීවත් වෙන්නේ ගොඩක් අමාරුවෙන්. අපිට රජයෙන් දෙන සහන මදි. වැටුප මීට වඩා වැඩි වෙන්න ඕනෑ.

අනිත් එක තමයි ඉන්දියාවේ වගේ ගත්තම දේශීය වෛද්‍ය විද්‍යාවේ දියුණුවට බොහෝ දෑ කරනවා. ඒ සඳහා විවිධ පර්යේෂණ කරනවා. පර්යේෂණාගර තියෙනවා. අපේ ඒ පහසුකම් මදි. දේශීය වෛද්‍ය දැනුම් වැඩි කර  ගන්න තියෙන අවස්ථා අඩුයි. මේ අයවැයෙන් එය වැඩි කළේ නැහැ.

ඉන්දියාවේ අරිශ්ඨ  වෙනුවට බෙහෙත් පත්තක් හදලා තියෙනවා. නමුත් අපේ රටේ තවම එතරම් දියුණු වෙලා නෑ. අපේ දක්ෂ වෛද්‍ය වරුන්ට පර්යේෂණ මගින් නව අත්හදා බැලීම් කරන්න අවස්ථාව ඕනෑ. ඒ සඳහා මේ අයවැයෙන් ලොකු ඉඩක් ලැබෙයි කියා හිතුවත් එහෙම ලැබිලා නැහැ.

ආබාධිත යුද හමුදා සෙබළකුගේ මවක වන ගුණසීලි මහත්මිය 

‘රණවිරුවන්ටයි රණවිරු පවුල්වලටයි මේ අයවැයෙන් සහන රැසක් දුන්නා. බඩු මිල අඩු වුණා. අපේ ජනාධිපතිතුමා යුද්දේ දිනුවා වගේම අපේ දරුවන් ගැනත් හොදින් බැලුවා. අයවැයෙන් දුන්නු සහන අපට හොඳටම ඇති.‘

සාමදාන විනිශ්චයකාර ඊ.ආර්.ජි.බි. ඇටම්පාවල

Atampawala

මීට කලින් මෙ වාගේ සහන දිපු අය වැයක් නම් මම දැකලා නැහැ. මේ අකාරයෙන් සහන දෙන්න යාමේදි සාමාන්‍යයෙන් එදිනෙදා මුදලක් හොයාගෙන ජිවත් වෙන ජනතාවට විශාල වු හානියක් මේ ඔස්සේ සිදු වෙයිද කියන පුංචි බයකුත් තියනවා. එහෙම වුනොත් මීට වඩා ලොකු අර්බුදයකට මුහුණ පැමේ ඉඩ කඩකුත් තියනවා. ඒ සියලූ ප‍්‍රශ්නත් මෙ අය වැය ඔස්සේ සංවර්ධනයක් තියනවා නම් වරදක් නැහැ.

මම දකින් තවත් දෙයක් තමයි මහ පොළ ශිෂත්වය රුපියල් 4000 කින් වැඩි කරලා තියනවා. නමුත්  රජයේ රැකියා කරන අයගේ දරුවන්ට මේ ශිෂ්‍යත්වය හිමි නැහැ. සමහර රාජ්‍ය සේවකයන්ගේ දරුවන් කිහිප දෙනෙක්ම අධ්‍යාපනය හදාරනවා වුනාට මෙ ක‍්‍රමයෙන් ඔවුන්ට මේ ප‍්‍රතිලාභය අහිමියි. නමුත් කෝටි ගණන් මුදල් උපයන ව්‍යාපාරිකයන්ගේ දරුවන්ට මෙ මුදල් ලැබෙනවා. ඒ ක‍්‍රමය ගැන අපි එතරම් සැහිමකට පත් වන්නේ නැහැ.

අපේ රට අද සෑම තැනින්ම සංවර්ධනය වනවා. ඒක රටක හොඳ ආනාගත පිරිවැයක් හා රටක දිවුණුවකට අවශ්‍ය දෙයක් නමුත් පසුව ඒවා සංවර්ධනය හා නඩත්තු කටයුතු නොකිරිම අත පසු වේලා ඒ මහජන මුදල් විනාශ මුඛයට යනවා. මෙ වාගේ දේවල් වලට ආණ්ඩුවේ විදිමහත් සැලස්මක් නැති බවට නම් කියන්න ඔනෑ.

රබර් ගොවීන්ට ස්ථාවර මුදලක් දැන් හිමි වේලා තියනවා. ඒක සැහෙන්න හොඳයි. නමුත් මෙ රටේ රබර් අශ‍්‍රිත සියලූ ව්‍යාපාර තියෙන්නේ පෞද්ගලික අංශයේ ඒ නිසා මෙක ලොකු ප‍්‍රශ්නයක්. මෙ මිළ රජයට ලබා දෙන්න පුළුවන් තත්වයක් එයිද කියන එක. ඒ වාගේම පිට රටින් රබර් කිරි ගෙන්විමත් නවත්වන්න ඔනෑ. එහෙම වුනේ නැතිනම් ලොකු ගැටලූවක්.

අපි දැක්කා මෙ අයවැයෙන් රජයට ගුරු සහයකයින් 50000 ක් බදවා ගන්න යනවා. ඒක හොඳයි. නමුත් හැමදාම කිසි දෙයකට අසුවෙන්නේ නැති කොට්ඨාංශයක දරුවන් පිරිසක් ඉන්නවා. ඒ අය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඔනෑ. මන්ත‍්‍රී වරුගේ හා ඇමති වරුගේ අදාර කරුවන් හිතවත්තු මෙ මගින් තොරන්න ගියොත් එක ලොකු අසාධාරණයක්.

මෙ අයවැය ඔස්සේ සමුපකාර ක්ෂේත‍්‍රය පිළිබඳ වචනයක් වත් කථා කලේ නැහැ. ඒ නිසා ඒ වාගේ අඩුපාඩු තියනවා. ඒවා ගමේ මිනිස්සුන්ට දැනෙන දේවල් ඔවුන් එදා සිට ස්ථාවර ක‍්‍රමයකට හා සාදාරණ මිළකට බඩු ගත්තේ සමුපකාර සේවාව මගින්.

ජනාධිපත්තුමන්ට අවුරුදු 10 ක් විතර ජනතාවට සහන දෙන්න බැරි වුනා. මෙ විදිහට සහන දෙන්න දැන් රටේ ආර්ථිකය විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා ඇති නේ ඒ නිසා සමස්තයක් වශයෙන් අසාධාරණයක් නොවෙන්න මෙ සහන සැමට ලැබෙනවා නම් ලොකුම සෙතක්.

චිත‍්‍ර ශිල්පි එච්. ජි. සුජි දිමුත් ප‍්‍රියදර්ශන

සාමාන්‍ය ජනතාවට හොඳ අය වැයක් ලැබුණා. විදුලි බිල්, වතුර බිල් වාගේ අපේ එදිනෙදා ජිවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් ලැබුණා. මෙ අයවැයෙන් අපිටත් ණය හා වෘත්තිය කරගෙන යන්න අවශ්‍ය පසුබිමක් ලැබිලා තියනවා.

මිනිස්සුන්ට සල්ලි තිබුණොත් තමයි වැඩ වෙන්නේ වැඩ වෙනවා කියන්නේ අපිටත් හොඳයි. ඒ වාගේම දැන් සැම ගෙදරකටම මොනවා හරි වාහනයක් තියනවා. ඒ නිසා මෙ වැඩ පිළිවල හරි හොඳයි. මෙ සියලූ දේවල් සධාරණව බෙදි ගියොත් මෙ රට ලංකාවේ අශ්චර්යක් කරන්න පුළුවන් නැත්නම් ආණ්ඩුවට මෙ වා ආනාගත්තොත් ඒවාට අවශ්‍ය ජනතා ප‍්‍රතිචාරත් හම්බ වෙනවා.

මෙවා කරන්න යාමේදි අසාධාරණ කම් වෙන්න බෑ. මෙ වැරදි කරන්නේ ජනාධිපති තුමා නොවෙයි. එතුමාගේ වටා ඉන්න පිරිස අය වැය ජය ගත්තා වාගේම ඒ පසුබිමත් ඉතා ඉක්මනින් ඇති වෙන්න ඔනෑ. රජකාලේ හිටපු චේතිය වාගේ රජකෙනෙක් නම් වෙන්න බැහැ. ජනාධිපති තුමා එහෙම වුනොත් තමයි ගැටලූව.

අබුඩාබු හි සේවය කරන මංජුල ප‍්‍රසාද් මහතා

අපි පිටරටවල් වල අවුරුදු ගානක් වැඩ කරන අය. ඔය අයවැයෙන් ගොඩක් පැති වලට සහන දුන්නා.  රාජ්්‍ය  සේවකයින්ට පඩි වැඩි කරා. ඒක හොදයි ඒ වගේම බහුතරයක් වූ අහිංසක කම්කරුවන්ට, ගොවියන්ට, පුංචි පුංචි ව්‍යාපාර කරන අයට මේ අයවැයෙන් මොනවද ලැබිලා තියෙන්නේ.

ඒ වගේම තමයි  විදේශ ගත ශ‍්‍රමිකයන් වන අපිටත් කිසි දෙයක් නැහැ.  අපි පිටරට ඉඳලා විඳින දුක ගැන නම්  මේ අයවැයෙන් පොඞ්ඩක්වත් හිතලා නැහැ. රටවිරුවන්ගෙන් එයාලට ඡුන්දෙ වැටෙන්නේ නැති නිසා වෙන්න ඇති මෙහෙම කළේ. 

අපි මිට වඩා සහන බලාපොරොත්තු උනා. රටවිරුවා ලංකාවට එවන මුදලෙන් සියයට හැටක වටිනාකමට  තීරු බදු රහිත වාහනයක් ගෙන්න පුලූවන් කියා අයවැයෙන් කිව්වා.  විශ‍්‍රාම වැටුපක් යෝජනා කර තිබෙනවා. මේ දෙකෙන්ම විදේශගත ශ‍්‍රමිකයාට පැහැදිලි සෙතක් නැහැ.

විශ‍්‍රාම වැටුප ගැන අපිට විශ්වාස කරන්න බැහැ. විදේශ සේවා නියුක්ති කාර්්‍යංශය ගුවන්තොටුපොළේදි  රක්ෂණය ගෙවලද කියා පස්සෙන් පන්නා අය කරගන්නවා වගේ විශ‍්‍රාම වැටුපටත් කියා තවත් ගානක් කපා ගනීවි. පේනවනේ ගොවි විශ‍්‍රාම වැටුප ගෙවන හැටි.

අනිත් එක අපි වගේ අයගේ මාසේ පඩිය රියාල්  800 ත් 1000 ත් අතර තියෙන්නේ.  ඉතින්  ඕකෙන් කොහොමද වාහන ගේන්නේ.  කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න.

අඩුම තරමේ  ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඇමරිකානු ඩොලර් 1750.00 සිට 5000.00 දක්වා වත් වැඩි කරන්න තිබුනා. ඒ වගේම අපි පාවිච්චි  කළ වාහනය බදු රහිතව මෙරටට ගෙන්වා ගැනීමටවත් දුන්නා නම් සෑහීමකට පත් වෙන්න තිබුනා.

ඒ වගේම පිරටවල රැුකියා නැතිව අසරණ වෙලා තැන තැන දුක්විදින අයව ගෙන්වාගන්න යම්  සහනයක් අඩුම තරමේ ඔවුන්ගේ ගුවන් ටිකට්පත වත් නොමිලයේ ලබා දුන්නා නම් ඒ ගැන වත් හිතලා හිත හදාගන්න තිබුනා. 

පිටරට රැකියාවල් කරන අය නීත්‍යානුකුලව ලංකාවට මුදල් එවීමෙන් විදේශ විනිමය වැඩිවෙලා තියෙනවා. නමුත් කිසිම සහනයක් දීලා නැහැ.

මේ අයවැය සම්පුර්ණයෙන්ම තියෙන්නේ රජයේ සේවකයෝ සහ ඡන්දය ඉලක්ක කරගෙන.

කේ.වීර පුත‍්‍රන් ගොවි මහතා

”අපි දැන් නැවත පදිංචි වෙලා අවුරුදු 4කට ආසන්නයි යුද්දෙ ඉවර වෙලා අවුරුදු 5ක් වෙලා අයවැය නම් කිහිප අවස්ථාවකදීම අහන්න ලැබුනා නමුත් අපිට වෙච්ච සෙතක් නැහැනේ අපි තාමත් අටවගත්තු පැල් කොටේක තමයි ජීවත් වෙන්නේ ලංකාවේ අනිත් පලාත් වලට වැඩියෙන් අපිට නියගය බලපෑව දැන් වැස්ස අටවගත්තු පැල් කොටෙත් හේදිලා යයි. ඇයි අපිට හිසට ස්ථීර වහලයක් ලබා දෙන එක ගැන ඔය කව්රුත් කතාකරන්නේ නැත්තේ එක පැත්තකින් උතුරේ නැවත පදිංචි වැසියන් බොහෝ පිරිසකට ස්ථීර ගෙවල් ලැබුනා නමුත් අපිට දැන් අවුරුදු 4ක් වෙනවා ගෙදරක් නැහැ මොනවා ඇහුවත් මට කියන්න තියෙන්නේ ඔය දේ තමයි”

එක පැත්තකින් මේ වතාවේ අයවැයෙන්නම් ගොවියන්ට සෙතක් ලැබිලා කියලා මට හිතෙනවා අපේ වී වලට සහතික මිලක් තියනවා පොහොර ටික රජයෙන් අඩු මිලට වෙලාවට ලැබෙනවනම් ඊට පස්සේ වී ටික නියමිත මිලකට විකුණගන්න පුලූවන්නම් ටිකක් හරි ඔලූව උස්සගන්න පුලූවන් වෙයි නමුත් මේ මිල ගණන් කවදා වෙනකම් තියෙයිද කියන එකයි ගැටලූව අපි කුඹුරු ගොවිතැන් කරන කොට නියමිත මිලක් තිබිලා අස්වැන්න නෙලන කාලෙට මිල ගණන් පහල යනවනම් අයවැයෙන් වැඩක් නැහැ.

 

වව්නියාවේ ත‍්‍රී රෝද රථ රියදුරෙකු වන තිරුඥාන කුමාරන්

”මමනම් හිතන්නේ මේ අය වැය කොහාම හරි දිනන්න  ඕන මොකද එහෙම වුනොත් තමයි අපිට සෙතක් වෙන්නේ ? පුරා නිදිමරාගෙන කරන මේ රස්සාවේ දුක දන්නෙ අපි විතරයි දැන් මිනිස්සුන්ට සල්ලි නැහැ හයර් එකක් කතාකරන්නෙ කලාතුරකින් මොකද අපේ හයර් එකේ ගාන කියපුවහම ඒ අය රට පහක නැති බැරිකම් කියලා අපි කියපු ගණන් අඩු කරනවා නමුත් අපි මේ හයර් වල ගණන් කිව්වේ එක හයර් එනේ පෝසත් වෙන්න නෙමෙයි වැඩි වශයෙන්ම තෙල් මිල ගණණ් බලලා තමයි දැන්නම් පොඞ්ඩක් තෙල් මිලත් අඩු කරලා තවත් මේ තෙල් මිල අඩු කරනවනම් ලොකු දෙයක්.

තව එකක් තමයි මගේ මාමා මේ දවස් වල වකුගඩු රෝගෙන පෙලෙනවා මම හම්බ කරපු දේකින් තමයි එයාට බෙහෙත් අරන් දුන්නේ රජයෙන් ඉස්සෙල්ලා නම් මාසෙකට දුන්නේ රුපියල් 500යි නේ නමුත් මේ අයවැයෙන් වකුගඩු රෝගීන් වෙනුවෙන් රුපයල් 3000ක මුදලක් දෙනවලූනේ එකත් ලොකු දෙයක් ඒ අයගේ වියදමට සෑහෙන්න මේ මුදල ගොඩක් වටිනවා මේ මුදල් ඉක්මනටම ලැබෙනවනම් ඒ ඇති අයවැයට ජයවේවා.

ව්‍යාපාරික සිරිල් ගොඩලියද්ද මහතා

මෙවර අය වැය සහන ලබා දෙන අය වැයක් වුවත් ජනාධිපතිතුමා දුර දක්නා වැඩ ඇතිව වැඩ කරන බව පේනවාගවිපක්ෂය කියන්නේ ජනාධිපතිවරණය ඉල්ලක කරගෙන මේ අය වැය ගෙනවා කියලාගකෙසේ හෝ අය වැයෙන් මහජනතාවට සහනයක් ලැබෙයි කියලා අපි හිතනවාගසුලු ව්‍යාපාරිකයින්ට යම් සහනයක් ලැබුණොත් අපිට හොදයි

ජයසේන අමුණුගම මහතා- විශ්‍රාමික ගුරුවරයෙක්

විශ්‍රාමික අපිටත් යම් මට්ටමේ විශ්‍රාම වැටුප වැඩිවිමක් වෙලා තියෙනවා කියලා දැනගන්නට තියනවාගනමුත් බඩු මිල වැඩියිගඅපි රජයත් එක්ක ඉන්නවාගඒත් ඇතැම් කරුණු අපිට අනුමත කරන්න බැහැගරජයේ සේවයෙන් විශ්‍රාම ලබන අය විදිහට අපේ ස්ථාවර තැන්පතුවලට පොලිය වැඩි කරලා කියනවාගනමුත් සමාන්‍යයෙන් ජිවත්වෙන්න අමාරුවක් තියනවාගඅපි කියන්නේ බඩු මිල ටිකක් පහල දාන්න කියලා

 

සේනක විරසිංහ මහතා - සිල්ලර වෙළෙදසැල් හිමියෙක්

අපිට මෙවර අය වැයෙන් යම් සහනයක් ලැබුණා කියන්න පුළුවන්ගසිල්ලර වෙළදාමේ නිතර අපට යම් මට්ටමක සහනයක් තියනවාගඅත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තව ටික දවසකින් අඩුවේවිගසහන ලැබුණු අයවැයක්ගමේ අපි දන්න ඉතිහාසයේ මේ වගේ අය වැයයක් ලබා දුන්න ජනාධිපතිතුමා ඇතුලු රජයට අපේ ස්තුතිය හිමිවෙන්න ඕන

නිතිඥ හිරන්ත ඉද්දමල්ගොඩ මහතා

මෙවර අයවැය සියයට සියයක් සැහිමකට පත්විය නොහැකියිගවෘත්තිකයින් සදහා මිට වඩා යම් සහනයක් ලැබෙයි කියලා බලාරොත්තු වුවත් එය ඉටු වි නැහැගරාජ්‍ය සේවක වැටුප් වැඩිවිම ගැන සැලකුවත් එයද බලාපොරොත්තු වු අකාරයෙන් සිදු වි නැහැගමිට පෙර රජයන් ඉදිරිපත් කළ අයවැය ලේඛණ සමග සැසදිමේදි ප්‍රගතිශිලි අයවැයක් ලෙස මෙය හැදින්විය හැකි අතර පෙර පාසල් ක්ෂේත්‍රයන්ට යම් දිමානාවක් දිම වැනි දේ පිළිබදව සතුටු විය හැකියි

වවුනියාව වුඞ්සෙට් හි  පදිංචි රජයේ සේවක එස්.ශිවපාලන් මහතා 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ දහ වැනි අයවැය වාර්ථාව සාමාන්‍ය ජනතාවට ,ගොවීන්ට , ධීවරයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට ලබාදුන් සහන පිළිබඳ උතුරේ ජනතාව හැටියට සතුට පලකරන අතර මෑත කාළයේදී රාජ්‍ය නිලධාරීන්ට ලැබුණු වැඩිම ප‍්‍රතිලාභ සහිත අයවැය වාර්ථාවක් ලෙස දැක්වන්න පුළුවන්, බඩු මිළ අඩුකරමින් රජ්‍ය නිලධාරියාගේ පඩි වැඩිකිරීම තුළින් ලබාදුන් සහනවලට රජයට ස්තූතිය පළකරනවා.

වවුනියාව නගරයේ ව්‍යාපාරික කාන්තාවක් වන වී. සයිලසරි මහත්මිය 

            යුද්ධයෙන් බැටකාපු පළාතක් ලෙස වවුනියාව නගරය හදුන්වා දිය හැකි අතර උතුරේ ආර්ථික වශයෙන් වඩාත් දියුණු නගරයක් වවුනියාව නගරය. මෙවර 2015 අයවැය තුළින් කාන්තාවට සුවිශේෂී ප‍්‍රමුඛතාවයක් ලබාදී තිබෙනවා. අයවැය තුළින් කිරිපිටි මිළ සු`ඵ වශයෙන් අඩුකළ තිබෙන අතර කාන්තාවන්ට ස්වයං රැුකියා ස`දහා ප‍්‍රතිපාදන ලබාදී තිබීමත් ,  විශ‍්‍රාමික කාන්තාවට ලබාදී තිබෙන සහන පිළිබ`ද කාන්තාවක් හැටියට සතුටු වනවා. පසුගිය කාළයේ පාරිභෝගිකයින්ට අතේ මුදල් තිබුණෙ නැහැ. ව්‍යාපාර වශයෙන් අපි දුර්වල තත්වයක සිටින අතර මෙවර අයවැය තුළින් ජනතාවට හා රාජ්‍ය නිලධාරීන්ට සහන ලැබීම අපගේ ව්‍යාපාර කටයුතුවලට ආශිර්වාදයක් වන බව නිසැකයි.

යාපනය , පේදුරුතුඩුව ප‍්‍රදේශයේ පදිංචි ධීවරයකු වූ වී. සිල්වා මහතා දැක්වූ අදහස්.

පේදුරුතුඩුවේ පදිංචි අපි ධිවරයින් ලෙස මා`ඵ අල්ලලා තමයි ජීවත්වෙන්නෙ. රජයට අපි ඉන්ධන මිල අඩුකරන්න කියා පසුගිය අවුරුදු



අදහස් (0)

අයවැය ගුණදොස්

ගාමිණී Sunday, 26 October 2014 12:59 PM

මේක අය වැයක් නොවේ නිකම්ම වැයක් පමණි. හරියට මගේ පොකට් එකට ගහල ටික කාලෙකට පස්සේ ඇවිත් එ්කේ තිබුන සල්ලි වලින් ටිකක් මට දීල අනේ මට මේ පාරත් ඡන්දෙ දීපන් කීව වගේ වැඩක්. (නදී)

:       0       0

කුසල් Sunday, 26 October 2014 01:26 PM

උරුගුවේ රටේ ජනාදිපති අපේ රට හොද නිදසුනක්. හරියට හරි එතුමාගේ වසරක පඩිය ඩොලර් 12000 යි. ඒ මුදලෙන් 90%ක් ම ජනතාවගේ සුබසාදනය වෙනුවෙන් වියදම් කරනවා ජීවත් වෙන්නේ කුඩා නිවසක අමතර අාදයමකට කෘෂි කර්මාන්තයේ යෙදෙනවා. එතුමාගේ වැඩ එතුමා විසින්ම කරගන්න පරණ කාර් එකක් පාවිචිකරන්නේ. ඔහු විසින්මයි පදවාගෙන යන්නේ. ආරක්ෂක නිලදාරීන් නැහැ එතුමාගේ සියලු වැඩ එතුමා විසින්ම කරගන්නවා. අවංකව රටට සේවය කරමින් ඉතා නිහතමානි ජිවිතයක් ගෙවයි ලෙඩට දුකට රජයේ ඉස්පිරිතාලයටම ගොස් පෝලිමේ සිට බෙහෙත් ලබා ගනී. මෙවන් උතුම් රාජ්‍ය නායකයන් ලංකාවට කවදා ලැබේවිද ? (නදී)

:       0       0

ලසන්ත Sunday, 26 October 2014 02:23 PM

මංගල පිට රට වැඩකරන අපි තමයි රටට වැඩිම අදායමක් ලබා දෙන්නේ. ජාතික අදායමෙන් 40% කිට්ටු වෙන්න. නමුත් හැම දාම බොරු කරලා වැඩේ මගහරිනවා. කිසිම රජයකින් අපිට සලකල නැහැ. නමුත් අපිව හුරගෙන කන්න රජයෙන් හැම විටම බලන් ඉන්නවා. ලංකාවේ ආර්ථිකයට විශාල සේවාවක් අපි කරන්නේ. අපි රටට නය නැහැ දේශය වෙනුවෙන් අපේ වගකීම් ඉස්ට කරලා තියෙන්නේ. (නදී)

:       0       0

රාජිත Sunday, 26 October 2014 03:55 PM

දැන් ඉතින් කාලය හරි තීරණයක් ගන්න (නි)

:       0       0

චමින්ද-බෙර්ලින් Sunday, 26 October 2014 04:01 PM

ආදයමට සරිලන අයවැයක් කවදාවත් ලංකාවට එන්නේ නැහැ. රටේ උගතුන්ට තැනක් නැහැ (නි)

:       0       0

නිශාන්ත Sunday, 26 October 2014 04:53 PM

රජයේ සේවකයන්ට මූලික වැටුප ගණනය කීරීමේදි අවම වැටුප වැඩිවීම එකතුකළ පසු දැනට ලැබෙන සියයට විස්සෙ දීමනාව එකතු කීරීමට කටයුතු කළොත් පමණයි රජයේ සහ සේවකයාගේ දෙපැත්තෙම අභිමතාර්ථය ඉටුවෙන්නෙ.නැත්නම් ටිකක් අමාරු වේවි. (නි)

:       0       0

පියසේන Monday, 27 October 2014 09:17 AM

මහින්නද චින්තනය බොරු බොරු හිලක් !! (බ)

:       0       0

පියල් Monday, 27 October 2014 09:50 AM

සියලු දෙනා දතකන්නේ අපිට ආදරේටද ?? නැහැ ගසා කෑමට රටේ සියලු සම්පත් සුරා කා බඩ වඩාගන්න (අ)

:       0       0

ආශා Sunday, 26 October 2014 11:19 PM

රටතොට ගැන නොදන්නා බහුතරයක් ඉන්න රටේ, මේ උත්සාහය කුමක්ද කියා සක්සුදක් සේ පැහැදිලියි! (නි)

:       0       0

බමුණු Sunday, 26 October 2014 05:58 AM

සහන ලැබෙනවා නම් ලැබෙන්නේ කොහොමද කියන එක සමහරුන්ට ප්‍රශ්න නොවෙයි. බිලියන 521 නය වෙලයි මේ සහන දෙන්න යන්නේ මට දුක කාටවත් දුන්න මෝටර් සයිකල් වලටත් අපේ ළමයින්ට ගෙවන්න සිදුවීම ගැන (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 26 October 2014 06:36 AM

හිතුව වගේම අන්තරේ අයියල මහපොළ වැඩි කරපු එක එයාලගේ බිලට කඩා ගෙන. එයාල ඔය කියන නිදහස් අධ්‍යාපනයට ලබා දීපු හැම ජයග්‍රහණයක්ම ඔහොම හොර ඔප්පු ලියපු ඒවා තමයි. හැබැයි හොර ඔප්පු නැතුව එක දෙයක් ලබල දුන්නා. ඒ තමයි සරසවි සිසුන්ට මර බිය. ඒක දැන් ඉන්න සිසුන් දන්නේත් නැහැ දැකලත් නැහැ අහලත් නැහැ. එ් හින්දා එෆ් බි පරම්පරාවේ අය ඉදිරියටත් මෙයාලට සුපුරුදු ලෙසම රැවටේව් (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 26 October 2014 07:08 AM

මට පෙනෙන විදියට බොහෝ දෙනෙක් තමන්ට ලැබෙන දෙය අනුව අය වැය දිහා බලනව විනා රටේ අනාගතය ගැන හිතන බවක් දැනෙන්නේ නැහැ.

:       0       0

අජිත් Sunday, 26 October 2014 07:13 AM

කතා කරන්න දෙයක් නෑ මෙලෝම රහක් නෑ (බ)

:       0       0

කරුණාරත්න Sunday, 26 October 2014 07:22 AM

මේක නිකන් නයට සල්ලි අරගෙන මගුල්කනවා වගේ වැඩක් බිලියන 521 නය බර පැන ගෙවන්නේ අපිමනේ ඒ මුදල උපයන්න ඕනි බදු ගහල මේ තුලින් වෙන්නේ ජනතාව තව තවත් අගාදයට වැටෙනවා විතරයි දේශපාලන වාසි ගන්න සිහින ලෝක මවනවා. (බ)

:       0       0

සේන Sunday, 26 October 2014 07:47 AM

වෙන කව්රුවත් අපිව මොදයෙන්ට අන්දන්න ඕන නැහැ අපි කොහොමත් මොඩය්, ගනං සුත්තර වලට රැවටෙන ය අපේ රටේ කොච්චර ඉන්නවාද? කියලා මේ අයගේ අදහස් වලින්ම තේරෙනවා. (බ)

:       0       0

සත්‍යයා Monday, 27 October 2014 02:54 AM

මේක ජනතාවාදී අයවැයක් නම් මේ ආණ්ඩුවට දොස් කියන එක වැරදියි. ඒ නිසා මේ අයවැයෙන් දෙන පොරොන්දුයි ඡන්දයක් ළං වුණවිට අවස්ථාවාදී දේශපාලකයින් වේදිකාවල දෙන පොරොන්දුයි අතර ඇති සම්බන්ධය සසඳා බලා තමන් මේ සිටින්නේ සිහිනයක නිමග්නවීද නැත්නම් ඇස් බැන්ඳුම් කරන විජ්ජාකාරයෙක් ඉදිරියේද කියා පියවි සිහි එළඹවා ගතයුතුයි. (නි)

:       0       0

සමන්ත Sunday, 26 October 2014 08:03 AM

මේ ලංකාවෙ අයට කොච්චර දුන්නත් මදිනේ..! (බ)

:       0       0

තිලක් Sunday, 26 October 2014 08:13 AM

හුලන් පුම්බල හදපු මේ අය වැයේ හුළං බහින්නේ ජනවාරියේ කොච්චර වෙන්කෙරුඅවත් ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ තුන්ඩු විතරයි දෙන්නේ කඩේට බඩු ගන්න ගියාම එලව පොල් පේනවා ජීවත් වෙන්න ඕනි හින්ඳ ජීවත් වෙනවා අපේ පුරුවේ කරුමෙකට ලංකාවේ ඉපදුනේ මෙවන් තාඩන පීඩනවලට ලක්වෙන්න.(බ)

:       0       0

මංගල Sunday, 26 October 2014 08:20 AM

එක්සත් ජාතික පක්ෂය කාල යේ පිට රට වැඩ කරන අයට වාහන ගෙන්න පුළුවන් ඩියුටි ෆ්‍රී වාහන මේ ආණ්ඩුවෙන් නම් අපිට වාහන ගෙන්න බැහැ මොකද ජනාදිපති තුමා එඉස්සර නම් පැවසුවා පිට රට වැඩකරන අයට හොඳට සලකනවා කියල නමුත් අදවෙන තුරු කිසිම හොඳක් වෙලා නැහැ අපිවගේ දීර්ග කාලයක් පිට රටවල වැඩකරන අයට. මේ ආණ්ඩුවෙන් හෝ අය වැයකින් පිට රට වැඩකරන මිනිසුන්ට කිසිම හොඳක් සිද්දවෙලා තියනවද නැහැ පිට රට වැඩකරන මිනිස්සු තමයි ෆොරින්ග් කරන්සි උපයන්නේ මේ මින්නිස්සුන්ට කුඩම්මාගේ සලකිල්ලද.පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට සහ රජයේ ලොකු තනතුරු දරන අයට සහ පන්සලේ හාමුදුරුවන්ට යම් යම් අයට පමණක් ඩියුටි ෆ්‍රී වාහන ගෙන්න අවසර තියනවා.එත කොට පිට රට වැඩකරන අයට දෙවියන්ගේ ම පිහිටද.(බ)

:       0       0

සිල්වා Sunday, 26 October 2014 08:23 AM

ජනතාවට ව්හිලු සැපයීම රජයේ වගකීමක්ද ඔය හොර ඇමති මණ්ඩලේ අඩුකර 25 ට ජනාදිපති තුමාගේ වියදම 50%කින් අඩුකර බොරු සංදර්ශන සැනකෙලි අවම කර ජනතාව සහ රට ගැන ප්‍රයෝගිකව බැලුවොත් අපිට රටේ දරුවන්ට අනාගතයක් ලැබෙනු ඇත ජාතික අදායමට සරිලන අය වැයක් නිර්මාණය කර සැවොම ඒකා සේ අවංකව වැඩ වැඩකර කාලයට උචිතයි. උරුගුවේ රටේ ජනදිපති අපේ රට හොද නිදසුනක්.(බ)

:       0       0

රෝහණ Sunday, 26 October 2014 08:35 AM

බමුණු සහ කරුණාරත්න හරි.15000 වැඩි කළා කිව්වට වැඩි වෙලා තියෙන්නේ 924. දන්නේ නැති නම් අඩු ගානේ උ/පෙ ට ආර්ථික විද්‍යාව කරපු සිසුවෙක් ගෙන් අහන්න අපේ රටේ ඇමතිලාට වඩා ඒ දරුවන්ට තේරෙනවා. මේ ව්ජ්ජාව බොරුවක් කියලා එහෙමත් නැත් නම් චන්ද ගුන්ඩුවක් නැත්නම් චන්ද අල්ලසක් කියලා උවේ දුන්න වගේ අන්තිම මොහොතේ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 84 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 954 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 257 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 156 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 356 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 872 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site