IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේග රජයේ  මංගල  අයවැය (2025) වැඩි ඡන්ද 114කින්  පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.

අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 159 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද  45ක් පමණි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු අයවැයට පක්ෂවත් සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය  යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු අයවැයට විරුද්ධවත් ඡන්දය ප්‍රකාශ කළහ.

රාමනාදන් අර්චුනා  මන්ත්‍රීවරයා  අයවැයට විරුද්ධවද කාදර් මස්තාන් මහතා අයවැයට පක්ෂවද  ඡන්දය ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයා අයවැය ලේඛනය( අයවැය කතාව) පාර්ලිමේන්තුවට  පෙබරවාරි මස 17 ඉදිරිපත් කිරීමෙන් පසු අයවැය විවාද දින විසි හයක් පුරා  පැවැත්විණ.

අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය පෙබරවාරි මස 18 සිට පෙබරවාරි මස  මස 25 දක්වාද  අයවැය කාරක සභා අවස්ථාවේ විවාද  පෙබරවාරි  27 වැනිදා සිට අද  (21)  දක්වාද  පැවැත්විණ.

අද (21)  පැවැත්වුණේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයයි.



අදහස් (6)

අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

Asela Friday, 21 March 2025 08:49 PM

මේ රටේ ජනාධිපති විදිහට තේරී පත් වුණු වැඩකට නැති කෙනෙක්. ඔහු මෛත්‍රීට හෝ ගෝඨාභයට නොදෙවෙනියි. ගෝඨාභය අඩුම තරමේ කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නා. කිසිම ප්‍රගතියක් නැතුව අවුරුදු පහක් ගෙවිලා යයි.

:       37       13

පුරවැසියා Friday, 21 March 2025 10:17 PM

අසේල ඔයාලාටත් අයවැයනේ මුදල් වෙන් කරලා තියෙන්නේ...!

:       0       7

Jagath Leanage Friday, 21 March 2025 08:54 PM

අනුර ඇතුලු ජා.ජ.වේගයට ජයවේවා! මෙය සැබවින්ම ජනතාවාදි අය-වැයකි.

:       9       24

Sabhri Friday, 21 March 2025 09:30 PM

අසේලගේ කුහකකම පේනවා...

:       1       8

Gamini Friday, 21 March 2025 10:35 PM

පේනවනේ ටොම්පච අතඇරලා ජෙබයියෝ රැවැට්ටුවා කියලා දාන හිනාව...

:       4       2

චන්දරෙ Friday, 21 March 2025 10:43 PM

අද අන්දරේත් පාර්ලිමේන්තු ඇවිත් සභාවම හිනැස්සුවා...

:       6       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අයවැය⁣ට කථානායක සහතිකය
2025 මාර්තු මස 21 222 1

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
2025 මාර්තු මස 21 1070 6

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.


කප්පම් කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2025 මාර්තු මස 21 680 0

සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප


ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
2025 මාර්තු මස 21 966 8

ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි


නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්
2025 මාර්තු මස 21 853 0

රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්


කුඩු ජාවාරමා ළඟ උණ්ඩ සහ වාහන අංක තහඩු
2025 මාර්තු මස 21 329 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත්ව තිබු ටී 56 උණ්ඩ 60 ක්, එමි 16 වර්ගයේ උණ්ඩ 06 ක් පුහුණු හිස් පතුරම් 09 ක් තියුණු කඩු 01 ක් සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 27 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1090 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site