IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව "2025 අයවැය" ඉදිරිපත් කිරීම සහ පෙර එකඟවූ කොන්දේසි ඉටු කිරීම මත පසුගිය නොවැම්බර් කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි තෙවැනි සමාලෝචනයට විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් කොසැක් මහත්මිය ප්‍රකාශ කර සිටියේ තෙවැනි සමාලෝචනය විධායක කමිටු අනුමැතිය සඳහා ඉදිරි සති කීපයේදී ඉදිරිපත් කරනු ඇති බවත් විධායක කමිටු අනුමැතිය ලැබීමෙන් පසු සිව්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත්ය.

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර දී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය.

2024 වසරේ තෙවැනි සහ සිව්වැනි කාර්තුවල සියයට 5.5 ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගෙන තිබෙන බවද කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

එසේම සිව්වැනි කාර්තුවේදී ඉලක්ක කළ උද්ධමන මට්ටමට වඩා අඩු මට්ටමක් පහසුවෙන් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවද ඒ මහත්මිය පැවැසුවාය.

පසුගිය වසරේදී මෙරට නිල සංචිත ඩොලර් බිලියන 6.1 දක්වා වැඩි වී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.

 



අදහස් (0)

අයි.එම්.එෆ් සිව් වන වාරිකය ලෙස ඩොලර් මිලියන 333

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

උමාඔයෙන් අසරණ වුවන්ට සහන දෙනවා
2025 පෙබරවාරි මස 09 19 0

උමා ඔය ව්‍යාපෘතිය හෙතුවෙන් අසරණ වු ජනතාවට සහන සැලසිම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබාදීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරිමට සහ එම යෝජනාව පෙබර


ත්‍රිරෝද රියක් මස් කළ තුනක් අල්ලයි
2025 පෙබරවාරි මස 09 26 0

සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් කොටස් වලට ගලවමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන පොලීසිය කියයි.


මත් ජාවාරම්කරුවෙක් ඇතුළු 6ක් මාට්ටු
2025 පෙබරවාරි මස 09 153 0

හොරණ බටු විට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක් වටලා එම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව හොර


කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් පිටකොටුවේ
2025 පෙබරවාරි මස 09 164 0

කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් අළෙවියට සූදානම්කර තිබියදී පිටකොටුව පරනයොන්වීදියේ වෙළඳ සැලකින් පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින්


ප්‍රබල භූමි කම්පාවකින් කැරිබියානු දූපත් කැලඹේ
2025 පෙබරවාරි මස 09 708 0

කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය.


ෆිච් රේටින්ග්ස් ලංකාව ඉහළින් තබයි
2025 පෙබරවාරි මස 09 1081 0

මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික ර


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 47 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 110 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 852 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site