IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


අරක්කු පැක්ටරිකාරයෝ හොරෙන් තබෑරුම් ඇරලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සල් ( තැබෑරුම්) රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යෑම හේතුවෙන් මත්පැන් හා සම්බන්ධ අක්‍රමිකතා විශාල වශයෙන් සිදුවන බව පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මොවුන් මෙම තැබෑරුම් පවත්වාගෙන යන්නේ වෙනත් වෙනත් නම් යොදා ගනිමින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙවැනි කටයුතු කරන මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් ගැන තොරතුරු සොයා බලා ගෙන යන බවත් ඒ පිළිබඳ තොරතුරු තහවුරුවූ පසු ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර සැක සහිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය දිනවල අත්අඩංගුට ගනු ලැබූ බවද සියඹලාපිටිය මහතා කීවේය.

 



අදහස් (5)

අරක්කු පැක්ටරිකාරයෝ හොරෙන් තබෑරුම් ඇරලා

sam Saturday, 09 September 2023 10:11 PM

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනා, සිටි පක්ෂ, විපක්ෂ දේශපාලකයන් විසින් රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන මත්පැන් අලෙවිසල් පිළිබඳව සොයාබලා දේශපාලකයින් විසින් ලංකාවේ පවත්වාගෙන යන්නා වූ මත්පැන් අලෙවිසල් පිළිබඳ තොරතුරු දේශපාලකයින්ගේ නාම ලේඛනය සහිතව සහ ඔහුට කොපමණ මත්පැන් අලෙවිසල් අයත්ද යන්න රටට හෙළිකිරීමට පූජ්‍ය පක්ෂය ඉදිරිපත් විය යුතුවේ. ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි සොයාබලා මේ පිළිබඳව රටට හෙළි කරන්න... ඉදිරි පාර්ලිමේන්තුවකට මත්පැන් අලෙවිසල් සම්බන්ධ කිසිඳු දේශපාලකයකු පත්කර නොගැනීමට ද කටයුතු කළයුතුවේ.

:       0       0

Perakum Sunday, 10 September 2023 06:15 AM

ඔය කියන දැඩි නීතිමය පියවර කිසිදා සිදුනොවන්නක් බව අපි හොදින් දනිමු. මේ වන විටත් අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති මොවුන්ට නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් මිලට ගැනීම ඉතා සුලු කජ්ජකි…!

:       0       0

sam Sunday, 10 September 2023 06:50 AM

අනිවාර්යයෙන්ම කපුටු ජොනියා මේකේ මහ මොළකාරයා වෙන්න ඇති

:       0       0

sumanasiri Sunday, 10 September 2023 07:57 AM

හොර දුෂිතයින් රටේ පාලකයන් වූ කල මේවා පුදුම විය යුතු නැහැ ,ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න සමහර උනුත් යටින් හවුල් ඇති අනිවාර්යෙන්

:       0       0

de silva Sunday, 10 September 2023 10:29 AM

ආණ්ඩුව නොසෑහෙන ලෙස බදු ගැහුවා .බද්ද සුරාබදු නිලධාරියෝ ,නිෂ්පාදකයෝ සහ තැබෑරුම් කාරයෝ එකතුවෙලා හොරකම් කළා,පාරිභෝගිකයාට සහ ආණ්ඩුවට හුලන්,ඔය බද්ද බෝතලයකට රුපියල් 200-300 අතර මිලක් අඩු කරන්න. එවිට පාරිභෝගිකයාට හෝ යහපතක් වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’මෙරට වැඩිම ජිවිත තර්ජන ඇත්තේ මහින්දට’’
2025 පෙබරවාරි මස 03 3 0

මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන


සුද්දගෙ කාලේ තැපැල් හලක් බලන්න ඇමති යයි
2025 පෙබරවාරි මස 03 279 1

ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා එහි සංචාරය ක


රාජ්‍ය සේවය ඩිජිටල් කරන මුල් අඩිය තබයි
2025 පෙබරවාරි මස 03 531 0

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.


රනිල් ලන්ඩන් යයි
2025 පෙබරවාරි මස 03 635 3

විදෙස් මාධ්‍ය හමුවක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේය.


නිදහස් සැමරුමට සමගාමීව ආගමික වතාවත්
2025 පෙබරවාරි මස 03 196 0

77වන ජාතික නිදහස් දින සැමරුමේ ආගමික වතාවත්වලට සමගාමීව උදෑසන හීල් දානයක් කොළඹ 2 හුණුපිටිය ගංගානම විහාරස්ථානයේ දී අද(03) පැවැත්විණි.


සම්බාහන මධ්‍යස්ථානයකට පැන ලක්ෂ 10ක් කොල්ල කාලා
2025 පෙබරවාරි මස 03 693 0

’මන්නා පිහි’, ’කිනිසි’ අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් හතර දෙනකු එහි කළමනාකාරවරයා ගේ බෙල්ලට මන්නා පිහියක් තබ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 76 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 733 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 729 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site