IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අර්ථ නිරූපණ තීන්දුව

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට සම්බන්ධ පෙත්සම් වලින් පැන නැගුණු ප්‍රශ්න වලට පිළියම් සොයමින් අභියාචනාධිකරණය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථනිරූපණයක් පතා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පැතීය.

නිමල් ගාමිනී අමරතුංග ප්‍රධාන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අර්ථ නිරූපනය අනුව විනිසුරුවරියට එරෙහිව ක්‍රියා කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොහැකිය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග නීතියක් නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය තුන්වැනිදා තීන්දු කළේය. එම තීන්දුව කොටස් වශයෙන් මෙසේ  පළ කරයි.

 

1 වැනි කොටස

 

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදීය.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තිය යටතේ හා ඊට අනුකූල නිර්දේශනය සම්බන්ධයෙනි.

ශ්‍රේෂ්ඨාධිකරණ

සැඳැහුම් අංකය 3/20/2012

අභියාචනාධිකරණ (රිට් ආඥා)

ඉල්ලීම - අංකය 358/2012

චන්ද්‍රා ජයරත්න

2, ග්‍රීන්ලන්ඩ්ස් ඇවන්‍යු, කොළඹ 5.

පෙත්සම්කරු

එදිරිව

1. ගරු අනුර ප්‍රියදර්හන යාපා, පා.ම

ඊරියගොල්ල, යක්විල.

2. ගරු නිමල් සිරිපාල ද සිල්වා, පා.ම.

93/20, ඇල්විටිගල මාවත, කොළඹ 8.

3. ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත. පා.ම.

123/1, දුම්රිය පොළ පාර, ගංගොඩවිල

නුගේගොඩ.

4. ගරු වෛද්‍ය රාජිත සේනාරත්න පා.ම.

සීඩී . 85, ග්‍රෙගරි පෙදෙස, කොළඹ 7.

5. ගරු විමල් වීරවංස පා.ම.

18, රොඩ්නි පෙදෙස, කෝට්ටේ පාර,

කොළඹ 8.

6. ගරු ඩිලාන් පෙරේරා පා.ම.

30, බණ්ඩාරනායක මාවත,

බදුල්ල.

7. ගරු නියෝමාල් පෙරේරා, පා.ම.

3/3 රොක්වුඩ් පෙදෙස,

කොළඹ 7.

8. ගරු ලක්ෂ්මන් කිරිඇල්ල පා.ම.

121/1, පහළවෙල පාර, පැලවත්ත,

බත්තරමුල්ල.

9. ගරු ජෝන් අමරතුංග පා.ම.

88 මීගමු පාර,

කඳාන.

10. ගරු රාජවරෝදියම් සම්පන්දන් පා.ම.

2 ඩී., සමිට්ස් තට්ටු නිවාස,

කැප්පෙටිපොළ පාර,

කොළඹ 5.

11. ගරු විජිත හේරත්, පා.ම.

44/3, මැදවත්ත පාර,

මුදුන්ගොඩ, මිරිස්වත්ත,

ගම්පහ.

වගඋත්තරකරුවෝ  

ජයසූරිය අලංකාරගේ පීටර් නෙල්සන් පෙරේරා,

22/51, චමිකර ඇළ පාර,

හලාවත.

මැදිහත් වන්නා / පෙත්සම් කරු / වග උත්තරකරු

ඉදිරියේ: අමරතුංග විනිශ්චකාරවරයා

ශ්‍රී පාවන් විනිශ්චයකාරවරයා

ඩෙප්, පී.සී. විනිශ්චකාරවරයා

නීතිඥවරු: කේ. කානග් ඊස්වරන්, ජනාධිපති නීතිඥ/ ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012/3 අනුව පෙත්සම්කරු වෙනුවෙන් ලිලන්ත ද සිල්වාගේ උපදෙස් මත බී. ඉලංගතිලක, ටී. වේරගොඩ සමග.

එස්.එල්. ගුණසේකර ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012/4 අනුව පෙත්සම්කරු වෙනුවෙන් පෝල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස් මත, චානක ද සිල්වා, සුරේන් ද සිල්වා, රියාද් දමීන් සමග. ජ්‍යොෆ්‍රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ / ශ්‍රේෂ්ඨාධිකරණ සැඳහුම් අංක 2012/5 අනුව පෙත්සම්කරු වෙනුවෙන් ලිලන්ත ද සිල්වාගේ උපදෙස් මත ඊ.ආර්.එස්.ආර්. කුමාරස්වාමි, (කණිෂ්ඨ) මොහොමඩ් ආදමලි හා ලසන්ත් ගරුසිංහ සමග.

ශිබ්ලි අසීස් ජ.නී. /ශ්‍රේෂ්ඨාධිකරණ සැඳහුම් අංක 2012/6 අනුව පෙත්සම්කරු වෙනුවෙන් විජය වික්‍රමරත්න, ජ.නී. උදිත ඒගලහේවා, ජ.නී. රාජා ඩෙප් හා ක්‍රිෂ්මාල් වර්ණසූරිය සමග උදිත ඒගලහේවා, ජ.නී. රාජා ඩෙප් හා කි්‍රස්මාල් වර්ණසූරිය සමග. උදිත ඒගලහේවා, ජ.නී. / ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012/7 අනුව පෙත්සම්කරු වෙනුවෙන් ක්‍රිෂ්මාල් වර්ණසූරිය, අමරනාත් ප්‍රනාන්දු, ගිහාන් ගලබඩගේ, හේමන්ත ගාර්දිහේවා සහ රාජා දයානන්ද සමග ක්‍රිෂ්මාල් වර්ණසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012/8 අනුව පෙත්සම්කරු වෙනුවෙන් මොහාන් බාලේන්ද්‍රගේ උපදෙස් මත දුෂන්ත කුලරත්න හා නාලක ජයසූරිය සමග සංජීව ජයවර්ධන ජ.නී. ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012/9 අනුව පෙත්සම්කරු වෙනුවෙන් මොහාන් බණ්ඩාරගේ උපදෙස් මත ශාන්ත ජයවර්ධන, පුලස්ති හේවාමාන්න, හා වර්ධනී කුරුණාරත්න සමග.

වග උත්තරකරුවෝ පෙනී නොසිටියහ. නියෝජනය නොවුහ.

නීතිපති පාලිත ප්‍රනාන්දු, ජ.නි. අතිරේක සොලිස්ටර් ජනරාල් ඒ. ඥානදාසන්. ජ.නී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශවින්ද්‍ර ප්‍රනාන්දු, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සන්ජේ රාජරත්නම්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඒ.එච්.එම්.ඩී. නාවාශ්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා, නෙරින් පුල්ලේ, එස්.එස්.සී. ආචාර්ය අවන්ති පෙරේරා, එස්.සී. සුරේන් ඥානරාජ්, එස්.සී. සහ මනෝහර ජයසිංහ, එස්.සී සමග නීතිපති වෙනුවෙන්.

චාන්දනී ලියනපටබැඳි, ජ.නී  අතුල ද සිල්වාගේ උපදෙස් මත හර්ෂණ රණසිංහ හා සමන් සිල්වා සමග ශ්‍රේෂ්ඨාධිකරණ අංක 2012/3 මැදහත්කරු /පෙත්සම්කරු/ වග උත්තරකරු වෙනුවෙන් මහාචාර්ය එච්.එම්. සෆ්රුල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ අංක 2012/4 අනුව කේ.ඩබ්ලිව්. බන්දුලගේ උපදෙස් මත මැදහත්කරු / පෙත්සම්කරු / වග උත්තරකරු වෙනුවෙන් රශික් ශරූක් ජ.නි. / ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012/5 අනුව, මේරි ටී. ඩික්මන්ගේ උපදෙස් මත මහේෂ් කටුලන්ද සමග මැදහත්කරු / පෙත්සම්කරු / වගඋත්තරකරු වෙනුවෙන්.

බී.මානවඩු , ශ්‍රේෂ්ඨාධිකරණයේ සැඳැහුම් අංක 2012/6 අනුව සාගල අබේවික්‍රමගේ උපදෙස් මත අසංක දිසානායක සමග මැදහත්කරු / පෙත්සම්කරු / වගඋත්තරකරු වෙනුවෙන්.

නිගෙල් හච් ජ.නි. , ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2015/7 අනුව, සාගර කාරියවසම්, එස්. ඉලංගගේ මහත්මිය හා සුමුදු කාන්තහේවගේ සමග මැදහත්කරු / පෙත්සම්කරු / වග උත්තරකරු වෙනුවෙන්.

ඩී.පී. මෙන්ඩිස් ජ.නී. ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012/8 අනුව ඩිලාන් ද ආබෘ සමග මැදහත්කරු / පෙත්සම්කරු / වග උත්තරකරු වෙනුවෙන්.

කුෂාන් ද අල්විස් ජ.නී. , ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 2012/9 අනුව මැදහත්කරු වෙනුවෙන්.

තර්ක කරන ලද්දේ: 2012 දෙසැම්බර් 13 හා 14 දිනවල ශ්‍රේෂ්ඨාධිකරණ සැඳැහුම් අංක 4/9 දක්වා.

තීරණය: 2013/01/01 වැනිදා.

අධිකරණ නියෝගය

අභියාචනාධිකරණය, ඒ වෙත ඉදිරිපත් වුණු රිට් ආඥා ඉල්ලීම් කීපයක් සලකා බැලීමේදී 2012.11.20 වැනිදා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තියට අනුකූලව එම ව්‍යවස්ථාවේ 107 (3) වැනි වගන්තියේ අර්ථ නිරූපණය පිළිබඳ මෙම ප්‍රශ්නය මෙම අධිකරණය වෙත යොමු කර ඇත.

‘චෝදනා සාධනය අධිකරණයක් අබියසදී සිදු විය යුත්තක් නිසා එවැනි අධිකරණයකට අදාළ කටයුතු සම්බන්ධයෙන් හෝ සාධන ප්‍රකාරය, සාධන භාරය, සාධන සම්මතය යනාදී කිසිවක් සම්බන්ධයෙන් හෝ සිදුවිණැයි කියන අපචාර හා අශක්නුතා සම්බන්ධයෙන් හෝ එවැනි අපචාර හා අශක්නුතා පිළිබඳ පරීඬණ සම්බන්ධයෙන් හෝ පාර්ලිමේන්තුව නීති පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (3) වගන්තිය යටතේ නියෝගානුකූලද?‘

අභියාචනාධිකරණය විසින් එදින සලකා බලන ලද රිට් ආඥා ඉල්ලීම් හතම සම්බන්ධයෙන් එම ප්‍රශ්නය යොමු කරන ලද්දේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 (2) අනුව අග්‍රවිනිශ්චකාර ගරු (ආචාර්ය) ශිරාණි ඒ. බණ්ඩාරනායකට එරෙහිව කතානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ 2012.11.06 වැනි දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වුණ යෝජනාවෙහි අඩංගු වූ අපචාර හා අශක්නුතා පිළිබඳ චෝදනා විභාග කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් එකොළොස් දෙනාට තහනම් කරන ලෙස පෙත්සම්කරුවෝ රිට් ආඥා අයැදුම් හතෙන්ම ඉල්ලා සිටියහ.

1978 ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවල 64 (1) (බී) අනුව අභියාචනාධිකරණය කටයුතු කර නැති බව, අභියාචනාධිකරණයේ නිර්දේශන හත (ශ්‍රේෂ්ඨාධිකරණ යොමු අංක 2012/3 සිට 9) මෙම අධිකරණය හමුවට 2012.11.22 වැනි දින පැමි‚ විට දක්නට ලැබි‚. එහෙයින්, මෙම අධිකරණය, ඉහත දැක්වුණු නියෝගය අනුව නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට නියම කළ අතරම නීතිපතිවරයාට නොතීසි නිකුත් කරන ලෙසද නියම කළේය. ඒ අනුව, නීතිපතිවරයා එදිනම ප.ව 1.30ට අධිකරණය නැවත රැස්වුණු විට වහාම එහි පෙනී සිටියේය. මෙම අධිකරණය දුන් නියෝගය අනුව, 64 (1) (බී) රෙගුලාසියට අනුකූලව අදාළ පාර්ශව වෙත නොතීසි නිකුත් කර ඇති බව අභියාචනාධිකරණය එහි ලේකම්වරයා මගින් මෙම අධිකරණයට වාර්තා කළේය.

වග උත්තරකරුවන් මෙම අධිකරණය හමුවට නොපැමි‚ අතර ඔවුහු 64 (1) (බී) රෙගුලාසිය අනුව ලිඛිත කරුණුද ඉදිරිපත් නොකළහ. පෙත්සම්කරුවන් ඔවුන්ගේ ලිඛිත කරුණු ඉදිරිපත් කළ පසු නීතිපතිවරයා යථොක්ත 64 (2) රෙගුලාසිය අනුව ලිඛිත කරුණු ඉදිරිපත් කර ඇත.

2012.12.13 වැනි දින නිර්දේශන හතම එකට විභාග කිරීමට ගන්නා ලද අවස්ථාවේ පෙත්සම් හා දිවුරුම් පත් ඉදිරිපත් කර ඇති පාර්ශව හත එක් එක් නිර්දේශනය සඳහා මැදහත්කාර වග උත්තරකරුවන් වශයෙන් මැදහත් වීමට බලාපොරොත්තු වූහ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තිය යටතේ මෙම අධිකරණයට ඉදිරිපත්ව ඇති නිර්දේශන සඳහා එසේ මැදහත් වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි  වගන්තියෙන් හෝ 1978 ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලින් හෝ අවසර නොලැබේ. එසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvi වැනි පරිච්ඡේදය යටතේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් පුද්ගලයකුට හෝ ඔහුගේ නීත්‍යානුකූල නියෝජිතයකුට ඇහුම්කන් දීම අවශ්‍යයැයි අධිකරණයට පෙනී යන්නේ නම් එසේ කිරීමේ අභිමතය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 134 (3) හා 134 (1) එකට ගෙන කියැවුණු විට අධිකරණයට හිමි වන්නේය. ඒ අනුව, සිය කරුණු ඉදිරිපත් කරනු පි‚ස මැදහත් වීම අපේඬා කළ පාර්ශවවලට ඔවුන්ගේ නීතිවේදීන් මගින් එසේ කිරීම සඳහා අවස්ථාව සලසා දීමට අධිකරණය තීරණය කෙළේය. මෙම අධිකරණ කාර්ය පටිපාටියට මැදහත් වීම අපේඬා කළ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම්වල අන්තර්ගත වූ ඇතැම් නිශ්චිත ප්‍රකාශ සැලැකිල්ලට ගත් අධිකරණය, මෙම විනිශ්චයකාර මණ්ඩලය මෙම නිර්දේශන විභාග කිරීම ගැන කිසියම් විරුද්ධත්වයක් තිබේදැයි මැදහත් වීම අපේඬා කළ සියලූ පාර්ශවවලින් විශේෂයෙන් විමසුවේය. එහෙත් මැදහත් වීම අපේඬා කළ පාර්ශවද ඇතුළු කිසිදු පාර්ශවයකින් විරුද්ධත්වයක් නොදැක්වි‚. එහෙයින්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සියලූම උගත් ජනාධිපති නීතිඥයන්ගේත් අනෙක් උගත් නීතිඥයන්ගේත් මැදහත් වීම අපේඬා කළ පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේත් උගත් ජනාධිපති නීතිඥයන්ගේ හා අනෙක් සියලූ උගත් නීතිඥයන්ගේත් දේශනවලට අධිකරණය ඇහුම්කන් දුන්නේය. දේශන අවසානයේදී අධිකරණය එහි අභිමතය පරිදි ඒ සියලූ දෙනාටම 2012.12.18 වැනි දින හෝ ඊට පෙර ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසා දුන්නේය.

මෙම විභාගය ආරම්භ වීමට කලින් නීතිපතිවරයා ඔහුගේ ලිඛිත කරුණු මගින් ‘අභියාචනාධිකරණය නිසි නිර්දේශනයක් කර නැත‘ යනුවෙන් ඔහුගේ තර්කයට අනුබල වශයෙන් ඉදිරිපත් කළ කාරණය ආරම්භයේදීම සලකා බැලීමට අපි කැමැත්තෙමු. නීතිපතිවරයා ඔහුගේ වාචික කරුණු ඉදිරිපත් කිරීමේදීද අවධානය යොමු කළ පළමුවැනි කාරණය වූයේද එයයි.

125 (1) වගන්තියේ විධිවිධාන මේ අවස්ථාවේදී මෙසේ ඉදිරිපත් කිරීම යෝග්‍යය.

‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සම්බන්ධ සෑම ප්‍රශ්නයක්ම විමර්ශනය කොට තීන්දු දීමේ තනි හා සුවිශේෂී අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබිය යුතු අතර, එවැනි ප්‍රශ්නයක්, වෙතත් කවරම අධිකරණයක හෝ විනිශ්චය සභාවක හෝ යුක්තිය පසිඳලීම සඳහා නීතියෙන් බලයලත් වෙනත් ආයතනයක හෝ අධිකරණ හෝ අර්ධ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇති ආයතනයක හෝ කාර්ය පටිපාටියේදී ඉස්මතු වන හැම අවස්ථාවකදීම ඒ පිළිබද තීරණය කිරීම සඳහා එම ප්‍රශ්නය වහාම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතුය.‘

අභියාචනාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 (1) අනුව යෝග්‍ය නිර්දේශනය කර නැතැයි සිය කරුණුවලට අනුබල වශයෙන් නීතිපතිවරයා ප්‍රකාශ කිරීමේදී හෙතෙම, බිලිමෝරියා, එරෙහි ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන ඇමැති හා තවත් දෙදෙනකුගේ (1978/79/80) නඩුවේදී අග්‍රවිනිශ්චයකාර සමරකෝන් කළ ප්‍රකාශය මත පිහිටා ඇත්තේය.

 

2 වැනි කොටස

 

මේ විභාගය ආරම්භ වන්නට කලින් සිය ලිඛිත කරුණු ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා ඊට අදාළ වන කොටසක්, බිලිමෝරියාගේ නඩුවේ දී අග්‍රවිනිශ්චයකාර සමරකෝන්ගේ ප්‍රකාශයකින් උපුටා දක්වා ඇත. එසේ වුවද මම නීතිපතිවරයා ඔහුගේ ලිඛිත ප්‍රකාශයෙහි උධෘත කළ කොටසද සමගම අග්‍රවිනිශ්චයකාර සමරකෝන්ගේ ප්‍රකාශය ඇතුළත් මුළු ඡේදයම මෙහි උපුටා දක්වමි. ඒ මෙසේය.

‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අරගලය සම්බන්ධයෙන් නියෝගයක් කරන ලෙස නීති නිදේශක අපට ආරාධනා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් කිසියම් අරගලයක් මේ පිළිබඳ විවාදයේ දී හට ගෙන ඇති බව අභියාචනාධිකරණ නියෝගයෙන් පෙනී යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අර්ථ නිරූපණය සම්බන්ධ කවරම හෝ අරගලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තිය අනුව මේ අධිකරණයට යොමු කිරීම අවශ්‍ය වෙයි. 125 වැනි වගන්තියෙන් අදහස් කැරෙන්නේ නෛතික කාර්ය පටිපාටියක දී ඉස්මතු වන ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණයට අදාළ ඕනෑම ප්‍රශ්නයක්‘ යනුයි. නියත ප්‍රශ්නයක් හෝ පාර්ශව අතර මත භේදයක් හෝ පරස්පර කාර්ය පටිපාටි කිසිවක් හෝ නිරාකරණය කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පිළිබඳ අර්ථ නිරූපණයක අවශ්‍යතාව ඉස්මතු වන බව මෙයින් දැක්වෙයි. එක් පාර්ශවයක් ව්‍යවස්ථා විධිවිධානයක් මත යැපීමම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය පිළිබඳ ප්‍රශ්නයක දී අවශ්‍යයෙන්ම අදාළ විය යුතු නොවේ. අර්ථ නිරූපණය පිළිබඳව පාර්ශව අතර ආරවුලක් තිබිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය නියත ආරවුලකට හේතු වී ඇති අවස්ථාවක හා එවැනි ප්‍රශ්නයක් පාර්ශව අතර ගැටලූවක් වශයෙන් ඍජුව ඉස්මතු වී තිඛෙන අවස්ථාවක හෝ යම් ප්‍රශ්නයක් එක් පාර්ශවයක ගැටලූවක් බවටද අනෙක් පාර්ශවයේ විරෝධතාවට ද හේතුවන අවස්ථාවක දී හෝ මෙම ප්‍රශ්නය පිළිබඳව අධිකරණයේ තීන්දුවක අවශ්‍යතාව...............? පමණක් 125 වැනි වගන්තිය අදාළ විය හැකියැයි හැෙඟන සේ ඊට සීමා පැනැවී ඇති බව මෙයින් ඇඟැවෙයි‘

ඉහත උපුටා දැක්වුණු ෙජ්දයෙහි ඇතුළත් ප්‍රකාශය මත රැඳෙමින් නීතිපතිවරයා 125 වැනි වගන්ති යටතේ නිර්දේශන ඉදිරිපත් කිරීමේ ඉඩ සැලැසෙන කාර්ය පටිපාටි ඒවා පාර්ශව අතර ප්‍රතිවිරුද්ධ කාර්ය පටිපාටිවලට සීමා වී ඇතත් අභියාචනාධිකරණය එහි නිර්දේශනය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ දී එක් පාර්ශවයකට අදාළ වන හා අනෙක් පාර්ශවයේ විරෝධතාවට හේතු වන හෝ අධිකරණය එය නිරාකරණය කිරීමේ අවශ්‍යතාව උද්ගතවන හෝ නිර්දේශනයක් නොවීයැය තර්ක කෙළේය. ‘විනිශ්චයකාරවරු තුන් දෙනෙක් විනිශ්චයකාර වරුන් තුන් දෙනකුගේ ඒකමතික තීරණයක් රීතියක් වශයෙන් අනුගමනය කරති.‘ යනුවෙන් සාරාංශ කොට දැක්විය හැකි අධිකරණ සම්මුතියක් වසර ගණනක් තිස්සේ අප රටේ පවත්නේයැයි ශ්‍රේෂ්ඨාධිකරණ එහි තීරණයෙන් ප්‍රකාශ කළ වෝකර් සහ පුත්‍රයෝ සමාගම (එක්සත් රාජධානිය) එදිරිව ගුණතිලක සහ පිරිස (1978/79/80)  ීඛඍ 231, 235 නඩුවේ තීරණය ගෙන හැර දක්වමින් නීතිපතිවරයා බිලිමෝරියාගේ නඩුවේ දී අග්‍රවිනිශ්චයකාර සමරකෝන් බිලිමෝරියාගේ නඩුවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 වැනි වගන්තියේ විෂය ප්‍රමාණයට අදාළව කළ ප්‍රකාශය අනුගමනය කරන ලෙස අපට ආරාධනය කෙළේය. 125 වැනි වගන්තිය යටතේ නිර්දේශනයක් කළ හැකි අවස්ථා පෙන්නා දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය බිලිමෝරියා නඩුවේ දී සඳහන්  කළ ශ්‍රේෂ්ඨාධිකරණ යොමු අංක 2011/4 දරන (ප්‍රේමජයන්ත එදිරිව ප්‍රාදේශීය ලේකම්¦ ීක‍ඵ 2012.01.06 ) නඩුවේ තීරණය කෙරෙහි අපගේ අවධානය යොමු කළ නීතිපතිවරයා බිලිමෝරියා සහ ප්‍රේමජයන්ත නඩුවල තීරණ අනුගමනය කරන ලෙසත් අභියාචනාධිකරණ නිර්දේශනයේ වලංගුභාවයක් නැති බව තීන්දු කරන ලෙසත් අපගෙන් ඉල්ලා සිටියේය.

නිර්දේශනය බාර නොගැනීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්නය යොමු කළ උසාවියටම එය ආපසු යැවීමට හෝ මෙම අධිකරණයට බලය ඇතැයි පෙන්නා දුන් නීතිපතිවරයා ඊට අනුබල වශයෙන් ප්‍රේමජයන්ත හා අබේවික්‍රම එදිරිව පතිරණ (1984) 1 ීඛඍ 215 නඩුද පෙන්නා දුන්නේය.

මේ කාර්ය පටිපාටියට මැදිහත් වීමට බලාපොරොත්තු වූ සියලූම උගත් නීතිවේදීහු, අභියාචනාධිකරණ නිර්දේශනයෙහි වලංගු භාවයක් තිබේද යන ප්‍රශ්නය සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණුවලට සහභාගි වූහ. අදාළ පාර්ශව වෙනුවෙන් (නඩු විභාගයෙන් පසුව) ඉදිරිපත් වුණු ලිඛිත කරුණුවල නීතිපතිවරයාගේ ලිඛිත හා වාචක කරුණුවලින් අනාවරණය වූ සාධකවලට වඩා වෙනස් කිසිවක් ඇතුළත් නොවීය.

ශ්‍රේෂ්ඨාධිකරණ යොමු අංක 2012/4 දරන නිර්දේශයේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි උගත් නීතිඥවරයාද ඔහු නඩු විභාගයට කලින් ඉදිරිපත් කළ ලිඛිත කරුණුවල දී එහි සඳහන් කළ හේතු මත අභියාචනාධිකරණ නිර්දේශනය වලංගු නිර්දේශනයක් නොවේය යන ස්ථාවරයෙහි සිටියේය. එසේ වුවද ප්‍රේමචන්ද්‍ර එදිරිව මොන්ටේගු ජයවික්‍රම හා තවත් කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ යොමු අංක 1993/2/5 (1994)2 ීඛඍ 90 (මෙහි පසුව සඳහන් කරනු ලබන) නඩුවේ අධිකරණ නියෝගයේ ඡේදයක් ගැන සඳහන් කළ උගත් නීතිඥවරයා මෙම අධිකරණයට යොමු කරන ලද ප්‍රශ්නයට පිළිතුරක් වැඩිදුර ප්‍රමාදය වැළැක්වීමේ ප්‍රායෝගික පියවරක් වශයෙන් සපයන ලෙස මෙම අධිකරණයට ආරාධනය කෙළේය. සිය ලිඛිත කරුණුවලදී උගත් නීතිඥවරයා මෙසේ තර්ක කෙළේය.

(1) බිලිමෝරියාගේ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර සමරකෝන්ගේ ප්‍රකාශය ආගන්තුගය¦ සහ

(11) ශ්‍රේෂ්ඨාධිකරණ විනිචයකාර සමරකෝන් ඔහුගේ ප්‍රකාශය කෙළේ පාර්ශවකරුවන් අතර කාර්ය පටිපාටි සම්බන්ධයෙනි. ඔහු ඒක පාර්ශවික කාර්ය පටිපාටියක දී තත්ත්වය කෙබඳු වේද යන්න ගැන සැලකිලිමත් වී නැත.

ඊටද අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ යොමු අංක 2012¡4 පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි උගත් නීතිඥවරයා 118 (ඒ) සහ 125 1 වැනි උප වගන්තියෙන් (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණයට සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් විභාග කොට තීන්දු  කිරීමේ විශේෂ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබිය යුත්තේය.) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවැරී තිඛෙන්නේ විශේෂ අධිකරණ බලය නිරපේඬයැයි ද එය යටත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම පමණක්යැයිද එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හෝ එහි කවරම විධිවිධානයක් පිළිබඳව හෝ අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි අධිකරණ බලය අධිකරණයේ මතය අනුව එසේ කිරීම අවශ්‍යවන හෝ අදාළවන කවරම අවස්ථාවක වුවද නිරපේඬයැයි ද 125 (1) යටතේ වලංගු නිර්දේශනයක් කරනු ලබන නඩුවලට කිසිදු ආකාරයකින් සීමා නොවේයැයිද ප්‍රකාශ කෙළේය.

 

3 වැනි කොටස

 

ශ්‍රේෂ්ඨාධිකරණ යොමු අංක 2012/5 දරන නිර්දේශනයේදී පෙත්සම්කරු වෙනුවෙන් ලිඛිත කරුණු ඉදිරිපත් කරමින් ඔහු මේ වෙනුවෙන් පෙනී සිටි උගත් ජනාධිපති නීතීඥවරයා බිලිමෝරියාගේ නඩුවේදී කරන ලද ප්‍රකාශය නිරපෙඬය යන මතයට දායක වූයේය.

අධිකරණය පළමුවෙන්ම ඒ කරුණු සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරයි. බිලිමෝරියාගේ නඩුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 (1) වගන්තිය යටතේ කරන ලද නිර්දේශනයක් නොවීය. එය අභියාචන කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලත් අවසර ඇතිව කරන ලද අභියාචනයක් විය. එය අභියාචනාධිකරණයේ එක් විනිශ්චය මණ්ඩලයක් නිකුත් කළ නැවැතුම් නියෝගයත් වැරැදීමකින් නිකුත් කරන ලද්දක් සේ සලකා එම අධිකරණයේම වෙනත් විනිශ්චය මණ්ඩලයක් විසින්  බැහැර කිරීමේ නියෝගයට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනායක් විය. ‘මේ අභියාචනයේදී අප තීරණය කළ යුතු එකම ප්‍රශ්නය, එම නැවැතුම් නියෝග වැරැදීමකින් නිකුත් කරන ලද්දක්ද යන්න පමණක්.........‘යැයි අග්‍රවිනිශ්චයකාර සමරකෝන් ඔහුගේ තීන්දුවෙන් ප්‍රකාශ කර ඇත. (1978¡79¡80 ෂීඛඍ 10¡12) ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අග්‍ර විනිශ්චයකාර සමරකෝන්ගේ වචන වලින්ම මෙසේ විය. ‘ප්‍රශ්නයට තුඩ දී තිඛෙන තැවැතුම් නියෝගය, කරුණු සලකා බැලීමෙන් පසුව නිකුත් කරන ලද්දක් නොව වැරදීමකින් නිකුත් කරන ලද්දක් නොවේ යන්න මගේ මතයයි.‘ (13 වැනි පිටුව) එහෙයින් එම නඩුවේදී අභියාචනය පිළිබඳව තීරණය සඳහා 125(1) වගන්තියේ විෂය ප්‍රමාණය ගැන සලකා බැලීමේ අවස්ථාවක් හෝ අවශ්‍යතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොතිබි‚.

125 (1) වගන්තිය සම්බන්ධයෙන් සිය ප්‍රකාශය කරන්නට තමාට සිදුවූ හේතු අග්‍ර විනිශ්චයකාර සමරකෝන් ඔහුගේ තීන්දුවෙහි පෙන්නා දෙයි. ඔහුගේ ප්‍රකාශය අඩංගු ඡේදය මෙසේ ආරම්භ වෙයි.,

‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අරගලය සම්බන්ධයෙන් නියෝගයක් කරන ලෙස නීතිවේදීහු අපට ආරාධනා කළහ. අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අරගලයක් ඒ පිළිබඳ තර්කය අතරතුරේදී පැන නැඟ=ණු බව අභියාචානාධිකරණ නියෝගයෙන් පෙනී යයි. ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව පිළිබඳ අර්ථ නිරූපණය මත ඇති වන සෑම අරගලයක්ම මෙම අධිකරණය වෙත යොමු කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 125 අනුව අවශ්‍යය‘ (අවධාරණය සහිතව)

ඒ වචන වලින් පසු අග්‍ර විනිශ්චයකාර සමරකෝන් 125 (1) වගන්තියේ විෂය, ප්‍රමාණය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශය කෙළේය. අග්‍ර විනිශ්චයකාර සමරකෝන් ඉහත සඳහන් ඡේදයෙහි සඳහන් කර ඇති අරගලය වන වචනය 125 වැනි වගන්තියෙහි නොදැක්වෙන අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්ථනිරූපනයට අදාළව එහි සඳහන් වන්නේ සෑම ප්‍රශ්නයක්ම යන පදයයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අර්ථ නිරූපණයට අදාළව අරගලයක් නැතිව ඊට අදාළ ප්‍රශ්නයක් තිඛෙන්නට පිළිවන. අරගලයක් හට ගැනීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයක නිවැරැදි අර්ථ නිරූපනය සම්බන්ධයෙන් එක් පාර්ශවයක් දරන මතයට එම විධිවිධානයම සම්බන්ධයෙන් වෙනස් අර්ථ නිරූපණයක් දක්වන තවත් පාර්ශවයක් විරුද්ධ වීම නිසා ඇතිවන ප්‍රතිවාදයක් තිබිය යුතුය. එසේ වුවද, එක් පාර්ශවයකින් ඉදිරිපත් වන කරුණු මත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපනයට අදාළ ප්‍රශ්නයක් එම පාර්ශවයෙන් ඉදිරිපත් වුණු කරුණු මත උද්ගතව ඇති බවට අනෙක් පාර්ශවයත් අධිකරණයත් එකඟ වන විටෙක ඉස්මතු විය හැක්කේය.

 

4 වැනි කොටස

 

ප්‍රේමචන්ද්‍ර එදිරිව ජයවික්‍රම නඩුවේදී ද මෙය සිදුවී ඇත. අධිකරණ නියෝගයේ අදාළ ඡේදය මෙසේය.

‘ඉල්ලීම් හතර 93.6.21 වැනි දින අභියාචනාධිකරණයේදී එකටම විභාගයට ගන්නා ලදි. ඊට පසුදා මහ ඇමැතිවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එල්.සී. සෙනෙවිරත්න මහතා අධිකරණයේ විමසුමට පිළිතුරු වශයෙන් නීතියේ ඇතැම් ප්‍රතිරෝධ සම්බන්ධයෙන් ඔහුගේ කරුණු ඉදිරිපත් කෙළේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්ථනිරූපණයට අදාළ ප්‍රශ්න ඉස්මතු වූ බවට අධිකරණය හා සියලූ නීතිවේදීන් එකඟ වූ අතර එම ප්‍රශ්න ගොනු කිරීමෙන් අධිකරණයට සහාය වන ලෙස නීතිවේදීනට ඇරැයුම් තරන ලද්දේය.

(1994) 2 ීඛඍ 90/96 (අවධාරණය සහිතව)

එම නඩුවේදී ගොනු කරන ලද ප්‍රශ්න පහ ඉන් අනතුරුව 125 වැනි වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදි. මෙම ප්‍රශ්න වඩා නිශ්චිතාකාරයෙන් ගොනු කළ යුතුව තිබිණැයි ද, පාර්ශවවලට ඇහුම්කන් දීමෙන් පසුව අදාල අභියෝගවල පදනම පිළිබඳ හා එම කරුණුවලින් මතුව තීන්දු ලැබිය යුතුව තිඛෙන ඉල්ලීම් පිළිබඳව ද විශේෂ සඳහනක් ඇතිව ප්‍රශ්න ගොනු කරන ලද්දේ නම් එය වඩාත් සතුටු දායක විය හැකිව තිබිණැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශකර තිබියදීත් (100 වැනි පිටුව) අධිකරණයට ඉදිරිපත්ව තිබුණු ප්‍රශ්න සලකා බලා පිළිතුරු දීම සඳහා කටයුතු කරගෙන ගොස් ඇත්තේය. සිය නියෝගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය, බිලිමෝරියා නඩුව සැලැකිල්ලට ගෙන නැති බව සටහන් කිරීම යෝග්‍යය.

ව්‍යවස්ථාවේ විධිවිධානයක නිවැරැදි අර්ථ නිරූපණය සම්බන්ධයෙන් ප්‍රතිවාදී පාර්ශව අතර අරගලයක් නැතිව වුවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයක් පිළිබඳ ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ හැකි බව මෙයින් පෙනේ. අධිකරණයක විනිශ්චය සභාවක හෝ වෙනත් ආයතනයක ගොනු කරනු ලැබ. යළි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කැරුණු අරගලයකට පාදක වුණු හේතු හා අභියාචන කිසිවක් වේ නම් ඒවාද සලකා බලන ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ප්‍රශ්න බාර ගෙන ඊට පිළිතුරු දිය හැකි ද යන්න තීරණය කළ හැක්කේය.

‘125 වැනි වගන්තියෙන් අදහස් කැරෙන්නේ නීති කාර්ය පටිපාටියකදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථනිරූපණයට අදාලව මතුවන සෑම ප්‍රශ්නයක්ම යන්න බව අග්‍රවිනිශ්චයකාර සමරකෝන් ඔහුගේ ප්‍රකාශනයෙන් පවසා ඇත. නිශ්චිත ප්‍රශ්නයක් හෝ පාර්ශව අතර මතභේදකාරී ප්‍රශ්නයක් හෝ ඔවුන් අතර මතභේදකාරී කාර්යපටිපාටිවලදී නිරාකරණය කිරීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පිළිබඳ අර්ථනිරූපණයක අවශ්‍යතාව ඇති විය යුතු බව එයින් අදහස් කැරේ (අවධාරණ සහිතව)

125 වැනි වගන්තියෙන් දැක්වෙන්නේ නීති කාර්යපටිපාටි විනා ප්‍රතිවාදී කාර්යපටිපාටි නොවන හෙයින් එම පාඨය භාවිත කැරෙතොත් එයින් 125 වැනි වගන්තියේ විෂය  ප්‍රමාණය සංඬිප්ත වීමේ බලපෑමක් ඇති වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයක නිවැරැදි අර්ථනිරූපණය පිළිබද කිසියම් මතයක් සම්බන්ධයෙන් පාර්ශව දෙක හෝ සියලූ පාර්ශව එකඟ වන අවස්ථාවකදී වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථනිරූපණයක් පිළිබඳව නිර්දේශනයක් ප්‍රකාශ කිරීමේ තීරණයක් සිය මෙහෙයවීමෙන්ම ගැනීමට අධිකරණයට හැක්කේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපණය නීතිය පිළිබඳ ප්‍රශ්නයක් වන අවස්ථාවකදී අධිකරණය අදාල පාර්ශවල අනුග්‍රහයෙන් බැෙඳන්නේ නොවේ. එවැනි අවස්ථාවකදී 125 වැනි වගන්තිය යටතේ නිර්දේශනයක් කිරීමෙන් අධිකරණය වලක්වන කිසිවක් 125 වැනි වගන්තියෙහි නැත.

අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළ යුතු ද යන්න හුදෙක් ඒක පාර්ශවිකව සලකා බැලු හෙයින් 125 වැනි වගන්තිය යටතේ නිර්දේශනයක් කළ හැකි වන නඩු පටිපාටිකරයක් අභියාචනාධිකරණයෙහි නොවීයැයි මේ පිළිබඳ නඩු විභාගයේ කරුණු ඉදිරිපත් වී තිබේ. අපට ඒ කරුණු පිළිගැන්වීමට නුපුළුවන. අභියාචනාධිකරණයේ රිට් ආඥාව අයැදුමක් (දිව්රුම් පෙත්සමක් හා වෙනත් ලියවිලිවල ආචාරය සහිත පෙත්සමක්) මඟින් ඉල්ලා ඇත. අයැදුමක් පිළිබඳ කාර්යපටිපාටිය ආරම්භ වන්නේ ඊට පිහිටාධාර සඳහා එය විභාගයට ගැනෙන විටය. එවිට අධිකරණ බලය ඉල්ලා සිටින අයැදුම ඒ පිළිබඳ කාර්යපටිපාටියේ කොටසක් බවට පත් වෙයි. අධිකරණය නොතිසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් අදාළ කාර්යපටිපාටිය එතැනින් අවසන් වන අතර නොතිසි නිකුත් කරන්නේ නම් අධිකරණය අවසාන තීරණයක් කරන තෙක් එම කාර්යපටිපාටිය ක්‍රියාත්මක වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අර්ථනිරූපණයට අදාලව ප්‍රශ්නයක් ඇතැයි අධිකරණය ඒකපාර්ශිකව තීරණය කරන්නේ නම් එවිට වඩා යෝග්‍ය කාර්යපටිපාටිය වන්නේ නීතිපතිවරයා නිවැරැදිව තර්ක කළත් මෙන්ම, අනෙක් පාර්ශවය හා නීතිපතිවරයා වෙත නොතිසි නිකුත් කොට එම අන්තර් පාර්ශවලට  සීමා කිරීමට ඉඩ දෙන කිසිවක් 125 වැනි වගන්තියෙහි ඇතුළත් නොවේ.

අග්‍රවිනිශ්චයකාර සමරකෝන්ගේ තීන්දුවෙහි 125 වැනි වගන්තියට අදාළ ප්‍රකාශයට පදනම් වූ හේතු අපි දැනටමත් පෙන්නා දී ඇත්තෙමු ‘එම විවාදය අතරතුරදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපණයට අදාළ යම් අරගලයක් උද්ගත වූ බව අභියාචනාධිකරණ නියෝගයෙන් පෙනෙන˜ බව ඔහු ප්‍රකාශ කර ඇත. අග්‍රවිනිශ්චයකාර සමරකෝන් සඳහන් කර ඇති අභියාචනාධිකරණ නියෝගය හා ව්‍යවස්ථා අර්ථනිරූපන අරගලය සම්බන්ධයෙන් නියෝගයක් කරන ලෙස නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුන් ඉදිරිපත් කළ කරුණුද අපට ලබාගත හැකි නොවේ. අග්‍රවිනිශ්චයකාර සමරකෝන්ගේ තීන්දුවෙහි ඇතුළත් ප්‍රකාශයේ වදන් යෙදී ඇති ආකාරයෙන් පෙනීයන්නේ අග්‍රවිනිශ්චයකාරවරයාට ඒ අවස්ථාවේදී ලද හැකිව තිබුණු සාධක හා ඉදිරිපත් වුණු කරුණු අනුව විය හැකිය.

කුමන තත්ත්වයක් යටතේ වුවද අග්‍රවිනිශ්චයකාර සමරකෝන් බිලිමෝරියා නඩුවේදී 125 වැනි වගන්තිය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය ඛෙහෙවින් උසස් කොට සැලකිය යුත්තකි. ඊට පසු මෙම අධිකරණය මෙහි ඉදිරිපත් වුණු නිර්දේශන සලකා බැලීමේදී යථොක්ත ප්‍රකාශය ඉතා අව්‍යාජව ගෙන හැර දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානයක අර්ථනිරූපණයක් සම්බන්ධයෙන් පාර්ශව අතර එකිනෙකට වෙනස් මත පවත්නා අවස්ථාක වුවද 125 වැනි වගන්තිය යටතේ වලංගු නිර්දේශනයක් කිරීමේ හැකියාව කිසිදු නීතිවේදියකු විසින් බැහැර නොකරන ලද්දේය. පෙත්සම්කරුවන්ගේත්, විශේෂයෙන්ම අංක 2012/4 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශනය වෙනුවෙන් පෙනී සිටි උගත් නීතිවේදීන්ගේත් තර්කය වූයේ 125 වැනි වගන්තිය යටතේ වලංගු නිර්දේශනයක් කළ හැකි අවසරය අග්‍රවිනිශ්චයකාර සමරකෝන්ගේ ප්‍රකාශයට සීමා නොවන බව හා එවැනි නිර්දේශනයක් කිරීමට ඉඩ සැලැසෙන වෙනත් අවස්ථා ද තිබිය හැකි බවය. අප දැනටමත් ඉදිරිපත් කර ඇති. කරුණු මත එම තර්කයට අප එකඟ වන අතර, ඒ අනුව අප ඉදිරියෙහි වලංගු නිර්දේශනයක් ඇතැයි නිගමනය කරමු.

නඩු විභාගය ආරම්භ වීමට කලින් නීතිපතිවරයා ඉදිරිපත් කළ ලිඛිත කරුණු මගින් මෙසේ ප්‍රකාශ කර ඇත ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථනිරූපණය පිළිබද සෑම ප්‍රශ්නයක්ම විමසා තීරණය කිරීමේ ඒකාන්ත හා සුවිශේෂී අධිකරණ බලය 125 (1) වගන්තියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිව ඇති නමුත්, 118 වැනි වගන්තියෙහි සඳහන්, ‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව‘ යන වචන හා පහත සඳහන් 8.0 ඡේදයෙහි දැක්වෙන කරුණු ද අනුව සලකා බලන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හෝ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ ප්‍රශ්නය ඉස්මතුවන අවස්ථාවකදී ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයක් අර්ථනිරූපණය කිරීමේ හෝ රිට් ආඥා නිකුත් කිරීමේ හෝ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට හෝ හිමි නොවන බව ගෞරවයෙන් ප්‍රකාශ කරමි. ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ හෝ විනිශ්චයකාරවරුන් ඉවත් කිරීමේ බලය. ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිමි වෙතියි යනුවෙන් සඳහන් වීම අධිකරණයට යෙදෙන වැළැක්මකැයි ලිඛිතව ඉදිරිපත් වුණු කරුණුවල 8.2 ඡේදයෙහි සඳහන් වෙයි. ඒ අනුව අධිකරණ නිරීඬණයක් වශයෙන් හෝ ආණ්ඩුක්‍රමව්‍යවස්ථා අර්ථ නිරූපණයකදී වුවද, විනිශ්චයකාරයකු ඉවත් කිරීමේ කාර්යපටිපාටියකට අධිකරණය අත පෙවීම ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ සම්පාදකයන් අධිකරණය වෙත යෙදූ වැළැක්ම අහෝසි කිරීමකි.

 

5 වැනි කොටස

 

නීති



අදහස් (0)

අර්ථ නිරූපණ තීන්දුව

ජීව Wednesday, 23 January 2013 12:07 AM

කොහොම වුණත් ඔතන අග්‍ර විනිශ්‍යකාරවරිය හැටියට පිරිමි කෙනෙක් හිටියා නම් අපේ නඩුකාර හාමුදුරුවරුන්ගේ හැසිරීම වුණත් වෙනස් වෙයි කියලා මම හිතනවා. (නි)

:       0       0

රංග ශානි Friday, 25 January 2013 11:13 PM

දැන් මදෑ ඔය ගැන කතා කළා. (නි)

:       0       0

සරත් Wednesday, 16 January 2013 10:59 PM

මම නම් කියන්නේ දැන් ඇති ඔය ගැන කතා කළා (දී)

:       0       0

ලංකා Saturday, 26 January 2013 01:21 AM

දැන් ඉවරයි නේ...... (දී)

:       0       0

ජයරුවන් Wednesday, 30 January 2013 03:07 AM

දැන් ඇති තමයි (දී)

:       0       0

සමරේ Saturday, 26 January 2013 08:00 AM

අනේ මන්දා (දී)

:       0       0

අමරසේනද සිල්වා Tuesday, 29 January 2013 05:29 PM

බැලින්නමි එයත් නිකන් ඉදල නෑ හොද හොද දේවල් කරල තියෙනවලු නේද-(නු)

:       0       0

අතුල Tuesday, 15 January 2013 04:58 PM

මේ දෝෂාභියෝගය කියන නම සංශෝධනය කළ යුතුයි. (නි)

:       0       0

අතුල Tuesday, 15 January 2013 05:00 PM

මමනම් මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

ශානි Tuesday, 15 January 2013 04:58 PM

මේ තීන්දුව නීති ශිෂ්‍යයින්ට හරිම වැදගත් (දී)

:       0       0

අතුල Tuesday, 15 January 2013 04:58 PM

ඔක්කොම මෙතන තියෙනවාද (දී)

:       0       0

දිනේෂ් Thursday, 17 January 2013 02:01 PM

ලංකාවේ සාධාරණයි කියන්න මුකුත් නෑ (ස)

:       0       0

කිර්ති Thursday, 24 January 2013 10:03 PM

ඇත්ත........ දැන් නම් ඇති (දී)

:       0       0

අමර Wednesday, 30 January 2013 09:52 AM

දැන්නම් ඇති ඔය ගැන කතා කළා (දී)

:       0       0

අජිත් Tuesday, 22 January 2013 10:06 AM

මොනවද ඔය විෂමාචාර ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 68 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 248 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 80 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 53 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 230 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1122 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site