පිටසක්වල ජීවීන් සිටින බවට තවත් සාධකයක් ඇතැයි ගිය වසරේ දෙසැම්බර් 9 වැනිදා පොලොන්නරුවේ අරලගංවිල වෙල්යායකට වැටුණු උල්කාපාත කැබැල්ලෙන් කියා පාතියි ලන්ඩනයේ සුප්‍රකට තාරකා විද්‍යාඥයකු වන මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියයි.
එහෙත් එය පිටසක්වලින් වැටුණු උල්කාපතයක් නොවන බවත් එය එම ප්‍රදේශයේදි දිරා ගිය පාෂාණයක කොටස් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය අතුල සේනාරත්න සහ භූවිද්‍යා අංශයේ මහාචාර් රෝහණ චන්ද්‍රජිත් කියති.
පොලොන්නරුවේ අරලගංවිල ප්‍රදේශයෙන් හමු වූ බව කියන පාෂාණ කිසිසේත්ම උල්කාපාත නොවෙයි. එය විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී තිඛෙනවා. මේවා සැබෑ ලෙසට උල්කාපාත නම් පිටසක්වල බලපෑමක් සහිත පාෂාණ වර්ගයක් නම් ලොව පුරා විද්‍යාඥයින්ගේත්, මේ ගැන උනන්දු වන විද්‍යාත්මක ලෝකයේත් විශාල ආන්දෝලනයක් ඇති විය යුතුව තිබුණා. එසේ නොවුණේ මේවා කිසිසේත්ම උල්කාපාත නොවන බැවිනුයි. මේ පිළිබඳව ‘ජර්නල් ඔෆ් කොස්මොලොජි‘ නමැති අන්තර් ජාල සඟරාව හරහා කර ඇති ප්‍රකාශවල පවා පිළිගත හැකි පදනමක් නැත‘යි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා (10 දා) ඉරිදා පස්වරුවේ පැවසීය.
පසුගියදා පොලොන්නරුව, අරලගංවිල ප්‍රදේශයෙන් හමුවූ බව කියන උල්කාපාත ලෙස හැඳින්වූ පාෂාණ කැබලි කිහිපයක් පිළිබඳව පර්යේෂණ හා විශ්ලේෂණ කටයුතු වලින් පසුව පේරාදෙ‚ය විශ්ව විද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උප කුලපතිවරයා එසේ පැවසුවේ මේ පිළිබඳව මාධ්‍ය මගින් කළ තොරතුරු විමසීමකට පිළිතුරු දෙමිනි.
මහාචාර්යවරයා එහිදී මෙසේද කීය.
මෙම තොරතුරු හෝ පර්යේෂණ කරන මහාචාර්යවරුන්ගේ මතයන්ට හෝ එම කටයුතු පිළිබඳව අපට කිසිදු විවේචනයක් නොමැති බව පැහැදිලිවම කිව යුතුයි. නමුත් මාධ්‍ය මගින් වැඩිදුරටත් විමසීම් කරන බැවින් මේ ගැන අපගේ මතය හා නිරීක්ෂණයන් ප්‍රකාශ කිරීමට මට සිදුවුණා.
ඒ අනුව අරලගංවිල ප්‍රදේශයෙන් හමුවූ බව කියන එම පාෂාණ උල්කාපාතවල මූලික ලක්ෂණවත් නොමැති බව කිව යුතුයි.
ඒවායේ මූලික ලක්ෂණ අනුව උල්කාපාත ජලයේ පාවෙන්නේ නැහැ. එය ඉතා දැඩියි. එහි ක්වාට්ස් (තිරිවානා වැනි පාෂාණ) අඩංගු විය නොහැකියි. මෙම පාෂාණ වල තිඛෙන්නේ මෙයට විරුද්ධ ලක්ෂණ පමණයි. ඒ වාගේම මෙම පාෂාණය අලූත්ම නමකිනුත් (පොලොන්නරුව) හඳුන්වන බව කියැවෙනවා. නවතම වර්ගයක් කියන්නට නම් එහි සුවිශේෂත්වයක් අප හඳුනාගත යුතුයි. එවැනි කිසිදු සාක්ෂියක් නැතිව එසේ පිළිගත නොහැකියි.
මෙය මතයක් ලෙස බැහැර කරනවාට වඩා වැදගත්ම දේ මෙම උල්කාපාතයක්ද යන්න විද්‍යානුකූලව තහවුරු කර ගැනීමයි. මෙය සැබෑ ලෙසම උල්කාපාතයක් නොව බව පැහැදිලි නිසා ලොවේ කිසිදු මතයක් මේ ගැන ඇති වූණේ නැහැ.
මෙම පසෙහි ඕපල් නැමති පාෂාණය (01%) සියයට එකක් තිඛෙන බව ඔවුන් කියනවා. ඕපල් පාෂාණය කියන්නේ මැ‚ක් ආදී පාෂාණවල මූලික තත්්ත්වයක්. එය කෙසේවත් විය නොහැකියි. මෙවැනි ප්‍රතිශතයක් සහිත පසක් ලංකාවේ කිසිම තැනක දකින්නට නැහැ. මෙය ඕනෑම ඛනිජයක් දිරාපත් වීමේදී දකින්නට ඇති ද්විතියික සිලිකා තත්ත්වයේ ඛනිජ අවස්ථාවක් පමණයි.
මේසා දැවැන්ත උල්කාපාතයක් පොලවට පතිත වුණා නම් එය විශාල ආවාටයක් සෑදෙන තත්ත්වයක්. නමුත් මෙම ප්‍රශ්නය සංකීර්ණ කිරීමට දෝ ඔවුන් කියා සිටින්නේ මෙම උල්කාපාතය කිලෝ ග්‍රෑම් 100 සියයක පමණ ප්‍රමාණයක් බවත් එය පොළොවට පතිත වීමට කිලෝමීටර (10) දහයකට ඉහළදී පුපුරා කැබලි වශයෙන් පොළොවට වැටී ඇති බවයි. එසේ සිදුවුණා නම් මෙම කැබලි ලංකාව පුරාම විසිරී යනවා. එයත් පිළිගත නොහැකියි.
වැටී ඇති කැබලි (683) හයසිය අසූ තුනකින් සැබෑ උල්කා කැබලි ඇත්තේ (03) තැනක් බවත් ඔවුන් කියනවා. උල්කාපාත ඔවුනට හඳුනාගත නොහැකි බව එයින් ඉතා පැහැදිලියි. මෙම පාෂාණ පොසිවල තිඛෙන්නේ දැවීගිය වී ඇට, පිදුරු හා මුල් කැබලි ආදියයි. මෙය උල්කාපාතයක් නම් එහි වී ඇට, පිදුරු හෝ මුල් කැබලි අඩංගු විය නොහැකියි. මෙම පාෂාණ කොටස් එම ප්‍රදේශයේම දිරා ගිය පාෂාණ කොටස් බව එයින් පැහැදිලි වෙනවා.
මෙහි පිට සක්වලින් පැමි‚ ක්ෂුද්‍රජීව කොටස් අඩංගු බව ඔවුන් කියනවා. මෙහි අඩංගු වන්නේ මෙම ප්‍රදේශයේම පරිසරයේ (ජලය සහිත) ඇති වෝටර් ඩයටම් නැත්නම් පරිසරයේ අඩංගු ජලජ ක්ෂුද්‍ර ජීව කොටස් මිස අභ්‍යවකාශයෙන් පැමි‚ ක්ෂුද්‍ර ජීව කොටස නොවෙයි.
යම් බහුතර පිරිසක් මෙවැනි කාරණා අනුව නොමග යෑමට ඇති ඉඩකඩ වැඩි නිසා එය වැලක්විය යුතුයි.
අනෙක් වැදගත්ම කරුණ නම් මේ පිළිබඳව පර්යේෂණ සිදු කළ යුත්තේ භූගර්භ විද්‍යාඥයින් වුවත් දැන් මේ ගැන පර්යේෂණ කළ බව කියන්නේ යම් වෛද්‍යවරුන් පිරිසකුයි. උල්කාපාත හෝ අභ්‍යවකාශ වස්තූන් ආදිය ගැන භූවිද්‍යාව පිළිබඳව නොදැන කිසිදු ප්‍රකාශයක් කරන්නේ කෙසේද මා දන්නේ නැහැ. එය විධිමත් දැනුමක් හා පුහුණුවක් ඇතිව කළ යුතු දෙයක්. වෛද්‍යවරුන් කියන්නේ භූ විද්‍යාඥයින් නොවන බව කිව යුතුයි. ඒ නිසා මෙම ප්‍රකාශ වල වගකීම් සහගත බවක් නැහැ.
මේ පිළිබඳ ප්‍රකාශයට පත්කර ඇති සඟරාව ලොව පිලිගත්, විධිමත් ප්‍රකාශනයක් නොවීමත් වැදගත් කරුණක්. මෙම තොරතුරු වැදගත් හා ආන්දෝලනාත්මක ඒවා නම් ලෝකයේ ඇති ගවේෂණාත්මක සුප්‍රකට සඟරා මේ තත්ත්වය ගැන නොසලකා හරින්නේ නැහැ. මෙම කරුණු ප්‍රකාශ කර ඇති සඟරාව (ජර්නල් ඔෆ් කොස්මොලොජි) අන්තරීක්ෂ තොරතුරු එවැනි විධිමත් සඟරාවක් නොවේයි. එය එම විද්වත් පිරිසගේ මතය පමණක් බවත් මා කියන්නට කැමතියි.
මෙම අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතාද සහභාගි විය.
පසුගිය දෙසැම්බර් 9 වෙනි දින පොලොන්නරුව ආසන්නයේ වෙල්යායකට වැටුන උල්කාපාත කැබෙල්ලක පාෂාණ ධාතු බවට පත්ව ගල්ගැසුන දියසෙවල සහ ශුද්‍ර ප්‍රාණ විශේෂයක් තිඛෙන බවට ප්‍රබල සාධක සොයාගත් බව සුප්‍රකට තාරකා විශේෂඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.
ඔහු පිටසක්වල ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂණ පවත්වනු ලබන බකින්හැම් ආයතනයේ සේවය කරයි. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි වික්‍රමසිංහ මහතා පොලොන්නරුවට ගොස් එම පාෂාණ කැබලි සුපරික්ෂාකාරීව එකතුකර ගැනීම සඳහා සහාය වී ඇත.
මෙම උල්කාපාතය අහසේ දිස්වන අවස්ථාවේ දිලිසෙන තද කොළ පාටින් යුක්ත වූ බව එය දුටු අය කියා ඇත. එමෙන්ම පෘතුවියට සමීපවේද්දී විශාල පිපිරීමක් සිදුවූ බවත් ඉන්පසු ගිනිගත් කැබලි ඔවුන් සිටි ප්‍රදේශය පුරා ඇදහැළුන බවත් ඔවුන් පවසා ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පරික්ෂාකාරීව එකතුකරගත් පාෂාණ කැබලි 630 කින් සුළු ප්‍රමාණයක් වැඩිදුර පරීක්ෂණ සඳහා බි්‍රතාන්‍යයේ කාර්ඩිෆ් විශ්ව විද්‍යාලයට ලබාදී ඇත.
එහිදී ජාත්‍යන්තර විද්‍යාඥයන් ගෙන් සැදුම්ලද විශේෂ කණ්ඩායමක් එම කොටස් පිළිබඳව සම්පූර්ණ අධ්‍යායනයක් සහ විද්‍යාත්මක විශ්ලේෂණයක් පවත්වා ඇත.
එම පරීක්ෂණ සඳහා භාවිතා කල ඉලෙක්ට්‍රෝන අණු දක්නයන්ගෙන් ලබාගත් සියුම් සේයාරූවල ගල්වූ ජීවීන් පැහැදිලිසේ දැකිය හැකිවෙයි.
එම අණු ජීවීන් කාබන් පදාර්ථ බහුල ඝන පිටහමකින් යුක්තවන අතර මයික්‍රෝමීටර 100 පමණ දිගවෙයි. එම ජීවීන්ගේ විෂ්කම්භය මයික්‍රෝමීටර 2 කි.
එම සිරුර සකස්වී ඇත්තේ අඩු ගුරුත්වාකර්ශනයක් ඇති තද පීඩනයකින් යුතු අධික සීතල සහිත පරිසරයක නොනැසී පැවතීමට බව මේ පිළිබඳව ප්‍රකාශයට පත්කළ වාර්තාවේ දැක්වෙයි.
එවන් පරිසරයක් ඇත්තේ පිටසක්වල පමණක් නිසා මෙම ජීවීන් නියත වශයෙන්ම පිටසක්වල ජීවත්වූවන් බව වික්‍රමසිංහ මහතා කියයි.
ඒවා පිටසක්වල සිට පෘතුවි වායුගෝලය තුලට ඇතුල් වීමේදී මෙන්ම මහපොළවට පතිත වූවායින් පසුව දේශීය ද්‍රව්‍ය සමග ගැටී අපවිත්‍ර වන්නට ඇති බවට සමහරුන් පවසා තිබු‚.
මෙම ගල්වී ඇති ජීව කොටස් ඇත්තේ පොලොන්නරුවෙන් ලැබුන පාෂාණ කැබලි ඇතුලත වීම නිසා මේවා පොලවට පතිත වූවාට පසු ගෑවුන ඒවා නොවන බව නිසැකවම කිවහැකි බව වික්‍රමසිංහ මහතා පවසා ඇත.
මෙම ජීවීන් ඉතා පුරාණයේ ජීවත්ව සිට දැනට න්‍යෂ්ටවී ගොස් ඇති සාමුද්‍රික දියසෙවල සහ ශුද්‍ර ප්‍රාŒන් විශේෂයක් බව කියන වික්‍රමසිංහ මහතා මේ තුලින් මීට වසර තිහකට පෙරාතුව අභ්‍යාවකාශය පුරා විසිරී ඇති උල්කාපාතයන්ගෙන් පිටසක්වල ජීවීන් පිළිබඳව ස්ථීර සාක්ෂි සොයාගත හැකි බවට තමන් පළකල මතය තහවුරු වන බවද කියයි.
මුළු මහත් විශ්ව ධාතුව පුරාම විසිරී ඉන්නා අපි සියලූ දෙනාම එකම පෙළැන්තියක, පෙළපතක කොටස්කාරයන් වන විවිධ ජීවීන් බව ඔහුගේ මතයයි.
අලූතින් ග්‍රහ මණ්ඩලයක් බිහිවන හැම අවස්ථාවකම එම පිපිරීම් වලට හසුවී නොනැසී පවතින මෙවන් ශුද්‍ර ජීවීන් එම ග්‍රහලෝක මතුපිටට වැටී පැලපදියන් වන බවත් එම ග්‍රහලෝකයන්හි පවතින පරිසරයන්ට අනුකූලව ක්‍රමක්‍රමයෙන් පරිනාමයට පත්වන බවත් වික්‍රමසිංහ මහතා දරණ මතයයි.
පෘතුවියේ ජීවීන් ඇතිවන්නට ඇත්තේද එලෙස පිටසක්වලින් පැමි‚ ශුද්‍ර ජීවීන්ගෙන්ය යන්න කලක සිටම වික්‍රමසිංහ මහතා පවසා ඇත. මෙම න්‍යාය සනාථ කිරීමට පොළොන්නරුවේ උල්කාපාත කොටස් ඉමහත්සේ පිටුවහල්වන බවද එමහතා කියයි.
තාරකා ජීව විද්‍යාව පිළිබඳ බකිම්හැම් මධ්‍යස්ථානයේ පර්යේෂණයට ජැමී වොලිස්, නොරි මියාකේ, රිචඩ් ජී හූවර්
, ඇන්ව්රූ ඕල්රොයිඩ්, ඩැරිල් එච් වොලිස්, අනිල් සමරනායක, කේ වික්‍රමරත්න, එන් කේ වොලිස්, කාල් එච් ගිප්සන් හා චන්ද්‍රා වික්‍රමසිංහ යන විද්‍යාඥයෝ සහභාගී වූහ.
(මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ)
(

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම ගලට ඇයි මේ රණ්ඩු? (නි)
පිට දේශවල දේවල් මෙහෙට එද්දී මෙහේ ජීවි කොටසුත් ඒකට එකතුවෙනවා. (නි)
දෙකක් නැහැ පිටසක්වල ප්‍රහාරයක් තමයි (දී)
කින් බෙනට්ට මොන මොන පින්තූර දැක්කහමද එහෙම හිතෙන්නේ? (නි)
රත්නපුරේ ගෙනිහින් බලමුද? (නි)
මොකද්ද දැන් තත්වය (දී)
ලස්සන කෙල්ලෝ ඉන්න ග්‍රහලෝකයක් තවම සොයාගත්තේ නැහැනේ? (නි)
මේවා පිට ඒවාද (දී)
මේකේ තියෙන සමහර පින්තූර දැක්කම මට එක එක දේවල් මතක් වෙනවා. (නි)
අන්වීක්ෂයනින් ලොකු කරන හැම දෙයක්ම ලස්සනට පේන්නේ නැහැ අසිතා. සමහර දේවල් හරිම කැතයි. ඔයාට ජීවිතේ ගැන කළකිරෙයි. උදාහරනයක් ලෙස ඔයාගේ මුහුනේ සම විශාලනය කරලා බලන්නකෝ ආසම නම් (නි)
අන්වීක්ෂයෙන් ලොකු කරලා පෙන්වන පිංතූර ටික නම් හරිම කදිමයි. (නි)
සාලිය, ඔයාට තේරෙන්නෙ නැද්ද? පිටසක්වලින් ආපු ගලක් එහෙම ලේසියෙන් අහකදාන්න පුලුවන්ද? (නි)
අපේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල ඔය කොහෙවත් තියෙන ඒවා වගේද?(නු)
අරුණ, ඔබගේ මෝඩකම ප්‍රදර්ශනය නොකරන්න. (නි)
දිය වෙච්ච ගඩොල් කෑල්ලක්ද කොහොඳ ? මේ වගේ ගල් ඕනි තරම් හොයා ගන්න පුළුවනි, ඕකට රන්ඩුවෙන්න එපා අනේ (ස)
පිට සක්වල ප්‍රහාරයක් (දී)
දැන් ඒ ගලත් විකුණයිද? (නි)
පසුගිය කාලෙ පාවෙන පීරිසි, වර්ණ වැහි, උල්කාපාත වැනි දේ ගැන ලංකාවෙන් බොහෝ දේ අසන්න ලැබුණා. නමුත් කවුරුවත් ඒ පිළිබද විධිමත් පරීක්ෂණයක් කළේ නැහැ. හැබැයි එක දෙයක් මට හැගෙනවා, වගකිවයුත්තො මේ ගැන මොනව හරි දෙයක් හංගනවා කියලා. සමහර විට ප්‍රභල රටවලින් එන බලපෑම් හින්දද දන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් වර්ණවත් වැසි වැටීම ගැන කළ පර්යේෂණ දැන් යට ගිහිල්ලා නේද? (නි)
අනේ මොකද මේ ඒ ගමන ගලක් එක්ක ඔට්ටු වෙන්නේ? (නි)
අනේ මේ, මොනවා කළත් කමක් නැහැ, ගුටි නම් ගහගන්න එපා මහාචාර්යවරුනේ. (නි)
දැන් කරන්න තියෙන එකම දේ පිටසක්වල ජීවීන් වී වගා කරන්නේදැයි සොයා බැලීමයි. (නි)
සාමාන්‍යයෙන් උගත් යයි කියාගන්නා අය අනිත් අයගේ මතයට ගරු කරන්නේ නෑ .තමන්ගේ පූර්ව නිගමනයට ගැලපෙන විදියට කතාව හදාගන්නවා .මේ දෙන්නම කියන කථා වැරදි වෙන්න ඉඩ තියෙනවා . (අ)
මේ දෙගොල්ලම බලන්නේ එකම ගල් කෑල්ලද කියල විශ්වාසද (අ)
මත දෙකක් තියෙන්න විදිහක් නැහැ (දී)
අම්මෝ! මගේ ඔළුව රිදෙනවා මේවා අහලා. (නි)
බකින්හැමුත් විශ්ව විද්‍යාලයක්ද හැබැට පේරාදෙනියනෙ විශ්ව විද්‍යාලෙ. ඉලෙක්ට්‍රොන මයික්‍රස්කෝප් වලින් පේන දේවල් අපේ මහාචාර්යවරු ඇස් දෙකෙන් බලල කිරිගහට ඇන්න වගෙ කියනව. (අ)
මට කියන්න කවුද හරි කියලා.. මොකද්ද නිවැරදි දේ...?(නු)
මම සති කිහිපයකට පෙර ඇමරිකාවේ කාඩිෆ් විශ්වවිද්‍යාලය හා ජර්මනියේ ගොවින්ජන් විශ්වවිද්‍යාලය කළ ත‍්‍රිත්ව ඔක්සිජන් සමස්ථානික පරීක්ෂාවෙන් අරලගංවිල කුඹුරකින් හමු වූයේ සැබෑ උල්කෂ්ම කැබලි බවට තහවුරු වී ඇති බව මම පුවත් වාර්තාවකින් දැක්කා. එතකොට කවුද හරි? (ස)