IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අලුත් විපක්ෂයකට පිට-පට ගහයි

පසුගිය බදාදා පාර්ලිමෙන්තුවේදී අයවැය දෙවනවර කියවීම තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම රජය ඉදිරියේ කොළ එළියක් දක්වා තිබෙන්නකි.මේ අතරම විධායක ජනපතිධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටීමද රටේ අනාගතය සැළකීමේදී වැදගත් කරුණකි.නමුත් මේ සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේ වැඩි අවදානයක් දැනට යොමුව නැත.හොඳ ලකුණු මධ්‍යෙය්ම ජනපති මෛත්‍රීපාල සිරිසේනට හා අගමැති වික්‍රමසිංහ දෙදෙනාම ඉදිරියේ ඇත්තේ බාධක ගහණ ගමනක් බව කීමේ වරදක් නැත.

 

මෙය ජනපති සිරිසේන සම්බන්ධයෙන් සැළකීමේදී තරමක් බරපතල බව පෙනෙන්නට ඇත.ජනපතිධූරයට පත්වූ දිනයේ පටන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පක්ෂ සාමාජිකයින්ගේ සහය තමන් වෙත දිනාගැනීමේ නිරන්තර උත්සාහයක ඔහු නිරතව සිටියේය.නමුත් අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශවූ ආකාරය දෙස බැලීමේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර බෙදීම තවමත් පවතින බවට ලකුණු හඳුනාගත හැකිය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙල ගැසුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් අතරින් ඇතැමෙක් සිරිසේනගේ නායකත්වය මේ වන විට පිළිගෙන සිටිතත් අනෙක් කොටස තවමත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින බව එයින් පැහැදිලි වුනි.ජනපතිවරයාගේ ඉල්ලීම නොසළකා හැරි ඔවුහු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.දැන් පැනය වන්නේ පෙර කියූ ලෙස ඡන්දය ප්‍රකාශ නොකළ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ජනපති සිරිසේන කටයුතු කරනු ඇතිද යන්නයි.නමුත් පක්ෂ ආරංචි මාර්ග වලට අනුව එවන් පියවරක් ගතහොත් ගැටලු තවත් සංකීර්ණ වනු ඇති බැව් සළකා දැනට එවැනි ක්‍රියාමාර්ගයකට එළැඹීමෙන් වැළකී සිටීමට ජනපතිවරයා කටයුතු කිරීමේ ඉඩක් ඇත. උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජපක්ෂට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නැගී තිබෙන වංචා දූෂණ හා අත්තනෝමතික පාලන කටයුතු චෝදනා සම්බන්ධ පරීක්ෂණ තවත් තදින් ක්‍රියාත්මක වනු ඇතිය යන්න පක්ෂයේ තවත් කොටසකගේ මතයයි.

 

රාජපක්ෂගේ පාර්ලිමෙන්තු කතාව

ආරක්ෂක අමාත්‍යංශයේ වැයශීර්ෂය සම්බන්ධයෙන් පැවැති කමිටු අදියරේ සාකච්ඡාවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පලකළ අදහස් වලට වැඩි මාධ්‍ය අවධානයක් හිමිව තිබුණේ නැත.පසුව අභයාරාම පන්සලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අයවැයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් සිදුකළ අතර ජාතික ආරක්ෂාව දෙවැනි තැනට දමා තිබෙන රජය අන්තර්ජාතික පීඩනය හමුවේ දරුණු ගණයේ ත්‍රස්ත කටයුතු වල නියැළී ඇති බවට සාක්ෂි ඇති පුද්ගලයින් වහවහා නිදහස් කිරීමේ යෙදී සිටින බවට චෝදනා කළේය.මෙවන් පුද්ගයින් අත්ඩංගුවට ගැනීම සඳහා යෙදාගැනුණු ත්‍රස්ත කටයුතු වැළැක්වීමේ පණත අද හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට යොදාගනිමින් තිබෙන බවද කීය.

 

‘ආරක්ෂක අංශ වලට කුමන හෝ චෝදනාවක් නැගී තිබෙනවානම් ඒ චෝදනා විභාග කරන්න වුවමනා රටේ සාමාන්‍ය නීතිය යටතේ නැතිනම් හමුදා නීතිය යටතේ.අපේ රට වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කරලා තියෙන ආරක්ෂක අංශ වලට ඒ විදිහට සළකන එක අපේ යුතුකමක්.‘

‘එච්චරක් නොවෙයි.විදේශ රාජ්‍ය නියෝජිතයින් අපේ රටට පැමිණිලා උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ජනපතිට බලපෑම් කරමින් ඉන්න බවටත් තොරතුරු ලැබිලයි තියෙන්නේ.‘

 

එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනිය වන සමන්තා පවර් මහත්මියගේ ශ්‍රීලංකා සංචාරය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ රාජපක්ෂ ඇයව ත්‍රිකුණාමලයේ නාවික හමුදා මූලස්ථානයේ නීරීක්ෂණ චාරිකාවක රැගෙන ගියේ යැයි රජයට චෝදනා කළේය.

 

‘විදේශ සංවිධාන වල නිලධාරීන්ට ශ්‍රීලංකාවේ ආරක්ෂක මර්මස්ථාන වලට ලෙහෙසියෙන්ම ඇතුල් වෙන්න අවස්ථාව ලබා දීලා.අපිට මේ වෙලාවේ මතක් වෙන්නේ 2002  මිලේනියම් සිටි පාවාදීම.‘

 

හිටපු ජනපතිවරයාගේ මේ අදහස් ප්‍රකාශ කිරීම හමුවේ අන්තර්ජාතික අධිකරණ පද්දතියක් මෙරට පිහිටුවීම සම්බන්ධයෙන් නුදුරේදී පැවැත්වීමට නියමිත පාර්ලිමෙන්තු විවාදයේදී රාජපක්ෂ හිතවාදීම් ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත.මේ හමුවේ අදාළ යෝජනාව පරාජයවී රජය අපහසුතාවට පත්වනු ඇත්දැයි සැකයක්ද මතුවේ.

 

වත්මන් ජනපතිවරයා හා හිටපු ජනපතිවරයා දෙදෙනද එකිනෙකාට චෝදනා එල්ල කරගැනීමේ ව්‍යායාමකට නිතරව සිටිනු පසුගිය දින කිහිපයේදී දැකගත හැකිවුනි.ජනපති සිරිසේන එක් අවස්ථාවකදී අදහස් පලකරමින් තම දරුවන්ට හෙලිකොප්ටර යානා වලින් ගමන් යන්නට අවස්ථා ලබාදීම හෝ තමන් විදේශ සංචාර වලට සියගණනක් පිරිවර සහභාගී කරගැනීම හෝ නොකළ බව කියා සිටියේය.මෙය හිටපු ජනපතිවරයාට එල්ල කෙරුණකි.හැරෙන තැපෑලෙන් මෙයට පිළිතුර දුන් රාජපක්ෂ දැන් චෝදනා කරන පුද්ගලයින් එවක තම රජයේද සිටි බවත් නමුත් කිසිඳු චෝදනාවක් නැගූ බවට මතකයක් තමන්ට නැති බවත් පැවසීය.පසුගිය රජයේ සෞඛ්‍යය ඇමැතිවරයා ලෙස කටයුතු කළේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනය.

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂයයි.පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණයේදී නිදහස් පක්ෂය තරග වැදුණේද නිදහස් සන්ධාන නාමය යටතේය.සන්ධානයෙන් පාර්ලිමෙන්තුවට මන්ත්‍රීවරු 96 ක් තේරීපත්වුනි.නමුත් අයවැය ඡන්ද විමසීමේදී එයින් අර්ධයකට වඩා පිරිසක් එනම් 46 ක පමණ පිරිසක්, තවතමත් සිරිසේනගේ නායකත්වය පිළිනොගන්නා බව පැහැදිලිව පෙනී ගියේය.ඔවුන් අතර සන්ධානයේ අනෙක් හවුල්කාර පක්ෂ වල සාමාජිකයෝ 11 දෙනෙක්ද සිටියහ.මහින්ද රාජපක්ෂ,මනූෂ නානායක්කාර,ජනක බණ්ඩාර තෙන්නකෝන්,ලොහාන් රත්වත්තේ,ප්‍රේමලාල් ජයසේකර,සිරිපාල ගම්ලත්,හා ගීතා කුමාරසිංහ ඡන්දය විමසන අවස්ථාවේ සභාගර්භයේ නොසිටියහ.

 

රෝහිත අබේගුණවර්ධන,මහින්ද යාපා අබේවර්ධන,දිලුම් අමුණුගම,ඩලස් අලහප්පෙරුම,මහින්දානන්ද අලුත්ගමගේ,චන්ද්‍රසිරි ගජධීර,උදය ගම්මන්පිල,දිනේෂ් ගුණවර්ධන,බන්දුල ගුණවර්ධන,පද්ම උදයශාන්ත ගුණසේකර,එස්.එම්.චන්ද්‍රසේන,ඩී.වී.චානක,සිසිර ජයකොඩි,සී.බී.රණතුංග,නාමල් රාජපක්ෂ, ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායමක් හා අනුර කුමාර දිසානායක,බිමල් රත්නායක,සුනිල් හඳුන්නෙත්ති,සහ විජිත හේරත් යන ජනතා විමුක්ති පෙරමුණු පාරලිමෙන්තු මන්ත්‍රීවරු පිරිස අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

 

ජනපතිවරණ ජය සමගම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායකත්වයද මෛත්‍රීපාල සිරිසේනට හිමිවිය.එසේ වූයේ නිදහස් පක්ෂ සාමාජිකයෙක් රටේ ජනපතිවරයා වන්නේ නම් ඔහුට පක්ෂයේ නායකත්වයද හිමිවන ලෙසට නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තම පාලන සමයේදී මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබීම නිසාය.ඔහු මෙසේ පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධන කළේ එවක ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පක්ෂයේ කටයුතු වලට මැදිහත්වීමට ඇති අවස්ථා ඇහිරීමේ අරමුණෙනි.අවසන දෛවයේ සරදමක් මෙන් ඔහුටම එය අත්විදින්නට සිදුවිය.දින සියයයේ රජයේ ඇතැම් අමාත්‍යධූර මහින්ද හිතවාදීන් ලෙස සැළකුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට ලබාදීමටද ජනපති සිරිසේන කටයුතු කළේය.පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට දින කිහිපයක් ගතවීමට තිබියදී හෙතෙම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි සුසිල් ප්‍රේමජයන්ත හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරමින් සිටි අනුර ප්‍රියදර්ශන යාපා දෙදෙනව වහාම එම තනතුරු වලින් ඉවත් කළේය.යාපාගෙන් හිස්වූ නිදහස් පක්ෂ මහලේකම් ධූරය පිරැවීමට ජනපති සිරිසේන තෝරාගත්තේ තම හිතෛශීයයෙක් වූ දුමින්ද දිසානායකවය.මෙසේ කටයුතු කළ නමුත් තමන්ට එරෙහිව නැගුණු පීඩනය හමුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරගවැදීමට අවස්ථාව ලබාදීමටත් ඔහුව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තැනැත්තා ලෙස පිළිගැනීමටත් අවසානයේදී ජනපති සිරිසේනට සිදුවිය.

 

මැතිවරණය අවසානයේ නැවත වරක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තම ස්ථානය තහවුරු කරගැනීමේ කටයුතු වල ජනපති සිරිසේන නැවත වරක් නිරත විය.එක් පියවරක් ලෙස මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයින් කිහිප දෙනෙකුටම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු වරම් ලබාදීමටද,ඔවුන්ගෙන් ඇතැමෙක් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්කිරීමටද ඔහු කටයුතු කළේය.මෙයත් සමග ජනපතිවරණ සමයේ ඔහුට හිමිව තිබූ දේශපාලන පිළිගැනීම හා ජනතා ප්‍රසාදය ක්‍රමයෙන් වියැකී යාමට පටන්ගත්තේය.දුන් පොරොන්දු කඩකළ බවට ඔහුට චෝදනා නැගිණ.පසුගිය සතියේද පරාජයට පත්වූ තවත් අපේක්ෂකයින් තිදෙනෙක් හා ප්‍ර‍ෙදෙශීය සභා සභාපතිවරයෙක් අලුතින්ම ඇතිකෙරුණු තනතුරු වලට පත් කෙරිණ.විශේෂ කටයුතු සම්බන්ධ ඇමැතිවරයෙක් ලෙස ලෙස පරාජය වූ සරත් අමුණුගම මහතා පත්කළ අයුරින් මෙම පුද්ගලයින් පිරිසටද අලුතින් ඇතිකෙරුණු තනතුරු ලැබී තිබේ.පරාජය වූ එක් අපේක්ෂකයෙක් ඌව පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත්කර ඇත.පරාජිත එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා මධ්‍යම පළාත් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් ලෙසද,ශාන්ත බණ්ඩාර මහතාව වයඹ පළාත් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් ලෙසද , පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි ප්‍රේමසිරි මුණසිංහ මහතාව පොළොන්නරුව විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් ලෙසද පත්කර ඇත.මෙම පිරිසට පැවරී තිබෙන රාජකාරි මොනවාදැයි මෙතෙක් ප්‍රකාශ කර නොමැත.නිල වාහන,නොමිලේ ඉන්ධන,රියදුරන් හා පෞද්ගලික කාර්යමණ්ඩලයක් යන පහසුකම්ද මොවුන්ට හිමිය.

 

මෙවන් පත්වීම් ලබාදෙනුයේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහය ජනපති සිරිසේන කෙරේ වන බව තහවුරු කිරීමටය.නමුත් මේවායින් වැඩක් වී නොමැති බවද ජනපති මහින්ද රාජපක්ෂ පරාජය වී සිටියත් තවමත් තරගයෙන් ඉවත්වී නොමැති බවද අයවැය ඡන්ද විමසුමේදී පැහැදිලි විය.රාජපක්ෂ හිතවතුන් ඔහුව දේශපාලනමය වශයෙන් සජීවීව පවත්වාගෙන සිටින අතරේම ජනපති සිරිසේනට ප්‍රබල පණිවුඩයක්ද ලබාදී තිබේ.රාජපක්ෂව ඇතුළු ඔහුගේ හිතවාදීන් මර්දනය කරනවාද එසේ නැතිනම් ක්‍ර මෝපායිකව ඔවුන්ගේ සහය ලබාගෙන ඉදිරියට යනවාද යන තීරණය ඇත්තේ ජනපති සිරිසේන අතය.වත්මන් තත්ත්වය සළකන විටදී නම් ඔවුන්ගේ සහය දිනාගැනීමට ඇති අවස්ථා අල්පය.ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජය අනුගමනය කරන ක්‍රියාපිළිවෙත රාජපක්ෂ කඳවුරේ දැඩි දෝෂදර්ෂණයට ලක්ව තිබෙන්නක් වන අතර මෙනිසාම ඔවුන්ගේ සහය තමන් වෙත දිනාගැනීමට ජනපති සිරිසේන කෙසේ කටයුතු කරනු ඇත්දැයි යන්න ගැටලුවකි.ඉදිරියේ එන පළාත් සභා මැතිවරණය මෙනිසාවෙන්ම දෙපාර්ශවයටම වැදගත්ය.නිදහස් පක්ෂය ලබන ජයග්‍රහණයක් ජනපති සිරිසේනට තම පක්ෂ නායකත්වය තහවුරු කරගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇති ඇත.මැතිවරණයේ ප්‍රතිඵලය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව විපක්ෂයක් ඇතිවීම හෝ නැතිවීමද තීරණය කරනු ඇත.

 

අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලනය සඳහා වන එක්සත් පෙරමුණටද වත්මන් දේශපාලන පරිසරයේ නිදහසේ හුස්ම ගැනීමට පවා හැකියාවක් නොමැත.ගැටලුවක් ගැන විසඳුමක් ගැනීමට ප්‍රථමයෙන් එම ගැටලුව සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම යනු යහපාලනය වන බව කියමින් බලයට පත්වූවද එය ක්‍රියාවට වඩා වචනයට පමණක් සීමාවී තිබෙන්නක් ලෙස පෙරමුණේ සාමාජිකයින්ට චෝදනා එල්ල වෙමින් තිබේ.මෙය හොඳින්ම දැකගත හැකිවූයේ අයවැයෙහි සඳහන් යෝජනා කිහිපයක් අරබයා  රාජ්‍ය සේවකයින් අතර ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයක් හමුවේය.අයවැයි යෝජනා ගැන අයවැයි ඉදිරිපත් කිරීමට පෙර ජනතාව දැනුම්වත් කිරීමේ හැකියාවක් නොමැති බව සත්‍යයකි.නමුත් මෙම රාජ්‍ය සේවක පිරිස රජයට චෝදනා කරනුයේ යෝජනා සකස් කිරීමට ප්‍රථමයෙන් තම අදහස් විමසා සිටීම හෝ සිදුකළ යුතුව තිබුණු බව පවසමිනි.වාහන බලපත් ලබාදීම සම්බන්ධයෙන් උද්ගතවූ තත්ත්වය මෙයට එක් උදාහරණයකි.රාජ්‍ය සේවකයින්ට මෙතෙක් ලබාදුන් වාහන බලපත් ලබාදීම අත්හිටුවීම රජයේ තීරණය විය.නමුත් මෙයට එරෙහිව නැගුණු විරෝධය හමුවේ බලපත් වෙනුවට රුපියල් ලක්ෂ 10 ක දීමනාවක් ලබා දෙන බවට සඳහන් කෙරුණි.නමුත් එයද ප්‍රමාණවත් නොවුණු තැන අගමැතිවරයා පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කළේ වසර 10 කට වරක් බැගින් උපරිම දෙවරක් වාහන බලපත්‍ර ලබාගැනීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබාදෙන බවයි.දැනට පවත්නා නීති ප්‍රකාරව වසර 5 කට වරක් වාහන බලපත්‍රයක් ලබාගැනීමට තෝරාගත් වෘත්තීන්හි නියැළෙන රාජ්‍ය සේවකයින්ට හැකිය.

 

මුදල් අමාත්‍යවරයාට ගැටලුවක්

දැන් තියෙන විදිහට බලපත්‍ර දෙන එකෙන් වෙන්නේ ලොකු පාඩුවක්.රටේ වියදමට රුපියල් බිලියන 864 ක් වුවමනායි.ඉතින් මෙහෙම වාතාවරණයක් තියෙද්දී කොහොමද මේ විදිහට බලපත්‍ර දෙන්නේ? සන්ඩේ ටයිමස් හා අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.වාහන ආනයනයට කිරීමේදී හා ලියාපදිංචි කිරීමේදී සිදුවන වංචා හා දූෂණ වලින් සැළකිය යුතු මුදලක් රටට අහිමිවන බවද දැනගැනීමට ඇතැයි කියා සිටි ඔහු ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගැනීමටද, අගමැතිවරයා පාර්ලිමෙන්තුවේ පවසා සිටි ලෙසම රාජ්‍ය සේවකයින්ට උපරිමය අවස්ථා 2 කට යටත්ව වසර දහයකට වරක් වාහන බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවද පැවසීය.පාර්ලිමෙන්තු සාමාජිකයින්ට වාහන ලබාදීම සම්බන්ධ වෙනම වැඩපිළිවෙලක් සකස් කිරීමට අවධානය යොමුව තිබෙන බවද මුදල් අමාත්‍යවරයා කීය.

 

මුදල් අමාත්‍යංශය සිදුකර ඇති අධ්‍යනයකින් හෙළිව තිබෙන ආකාරයට මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතව තිබෙන කාලයේ බලපත්‍රලාභී රාජ්‍ය සේවකයින් මෙරටට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 3187 කි.2010 අගෝස්තු සිට 2015 අගොස්තු දක්වා කාලයේ බලපත් යටතේ ආනයනය කර තිබෙන වාහන සංඛ්‍යාව 35963 කි.මෙයින් වාහන 211 ක් එවක මුදල් ඇමැති මහින්ද රාජපක්ෂගේ විශේෂ අවසරයෙන් බද්දෙන් නිදහස් කර මෙරටට ගෙන්වා තිබේ.මෙසේ වාහන ගෙන්වීමෙන් රටට සිදුව ඇති අලාභය පිළිඹද කෙටි සටහනක් පහත දැක්වේ.

 

  • 2012 - 2014 කාලයේදී බලපත් යටතේ මෙරටට ආනයනය කර ඇති  වාහන සංඛ්‍යාව 25433 කි.එනම් වසරකට වාහන 8477 ක් ප්‍රමාණයකි.

 

  • මෙම කාල පරතරයේ මෙරට ලියාපදිංචි කර ඇති මුළු පෞද්ගලික රථවාහන සංඛ්‍යාව 98706 කි.

 

  • මෙම කාල පරතරයේ බලපත් යටතේ වාහන 32287 ක් මෙරටට ආනයනය කර ඇත.එම ආනයනය වල වියදම්,රක්ෂණ හා නෞකා ප්‍රවාහන ගාස්තු වල වටිනාකම රුපියල් බිලියන 84.5 කි.නමුත් එම ගාස්තු ලෙස ලැබී ඇත්තේ රුපියල් බිලියන 63.8 කි.(මුළු ගාස්තුවෙන් සියයට 75 ක ප්‍රමාණයක් පමණ).බලපත් ක්‍රමය යටතේ ගාස්තු සංශෝධනය කෙරෙන නිසා මෙම වාහන ආනයන වලින් රටට අහිමිව ඇති මුදල රුපියල් බිලියන 147. 4 ක් පමණ වේ.එනම් සාමාන්‍ය අවස්ථාවකදී වියදම්,රක්ෂණ හා නෞකා ප්‍රවාහන ගාස්තු ලෙස රටට හිමිවන මුදලින් සියයට 175 ක් පමණම මෙම ක්‍රමය අනුගමනය කළ නිසා අහිමිව ගොස් ඇත.

 

සාමාන්‍යයක් ලෙස ගත් කළ ආනයනය කර ඇති එක් වාහනයකට රුපියල් ලක්ෂ 45.6 ක පමණ බදු සහනයක් මේ අනුව ලැබී තිබේ.මුදල් අමාත්‍යංශයේ අධ්‍යන වාර්තාව බලපත් ලබාගන්නා රාජ්‍ය සේවකයින් ගැනද මෙසේ සඳහනක් කර ඇත.

 

රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙක් ලබාගන්නා වාහන බලපත් විකුණා දමන අතර එම ලැබෙන මුදල් ඔවුන් යොදවන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු,ඉඩකඩම් මිලයට ගැනීම,නිවාස ඉදිරකිරීම වැනි කටයුතු වලටය.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ජනය

වාහන බලපත් ලබාදීම අත්හිටුවීමට විරෝධය පළකරමින් පසුගිය බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩවර්ජනයක් දියත් කළේය.මෙය තවත් වෘත්තිය සමිතිද වැඩ වර්ජනයන්ට එළැඹෙනු ඇති බවට ලැබුණු සංඥාවක් වැනි විය.

 

වැඩ වර්ජනය නිසා දිවයිනේම රෝහල් වල කටයුතු අඩාළ විය.මේ හමුවේ ජනපති සිරිසේන වහාම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුල් පෙල සාමාජිකයින් පිරිසක් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කළේය.අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයාද හමුවීමේ අපේක්ෂාවෙන් ජනපතිවරයා හමුවට ගිය එම සාමාජික පිරිසට හමුවිය හැකිවූයේ ජනපතිවරයා පමණකි.සෞඛ්‍යය ඇමැති රාජිත සේනාරත්න මහතාද සාකච්ඡාවට සහභාගී විය.වාහන බලපත් ඇතුළුව තවත් ගැටලු ගණනාවක් පිළිඹදව ඔවුහු කරුණු දැක්වූහ.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා අදහස් දක්වමින් ජනපති සිරිසේන සෞඛ්‍යය ඇමැතිවරයාව සිටි සමයේ වෛද්‍යවරුන් වෙනුවෙන් ලබාදී තිබූ පහසුකම් බොහෝමයක් මේ වන විට අත්හිටුවා තිබෙන බව පැවසීය.යෝජිත ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන්ද අදහස් පළකළ ඔහු එම ගිවිසුම ප්‍රකාරව ඉන්දියාවේ ඩිප්ලෝමාධාරීන්ට පවා මෙරටට පැමිණ වෛද්‍ය වෘත්තියේ නිරතවීමට හැකියාව ලැබෙන බව පෙන්වා දුන්නේය.මෙම ගිවිසුම වෛද්‍ය වෘත්තිය පමණක් නොව අනෙක් සියලුම වෘත්තීන් වල අනාගතය අඳුරේ හෙළන්නක් වනු ඇති බවට ඔහු අනතුරු ඇගවීය.යෝජිත විශ්‍රාමික අරමුදල සම්බන්ධයෙන්ද,දෙමුහුන් හා විද්‍යුතයෙන් ධාවනය වන මෝටර්රථ මත පනවා ඇති අධික බදු සම්බන්ධයෙන්ද ඔහු ජනපතිවරයාගේ අවධානය යොමුකළේය.හමුව අවසානයේ අගමැතිවරයා හා මුදල් ඇමැතිවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදීම සඳහා ජනපතිවරයා එකඟතාවය පලකළේය.දුන් පොරොන්දු ඉටු වන්නේ නැතිනම් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයිතිවාසිකමක් තිබෙන බවද ජනපතිවරයා පිළිගත්තේය.

 

වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනයට අමතරව මුල් පෙල වෘත්තිය සමිත 19 ක සාමාජිකයින් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරතවීම නිසා රාජ්‍ය ආයතන කිහිපයකම වැඩකටයුතු අඩාළ විය.දෙස් විදෙස් දූතයින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කිහිපයක්ම මේ නිසා කල් දැමීමට සිදුවිය.එවන් එක් සාකච්ඡාවක් වූයේ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සියේ (ජයිකා) නියෝජිතයින් පිරිසක් සමග ශ්‍රීලංකාවේ අධ්‍යාපන ක්ෂේ ත්‍රෙය් දියුණුවට ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමට වෙන්ව තිබූ හමුවකි.

 

ජනපතිවරණ සමයේ හා මැතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටුකිරීම පැහැර හැරීම නිසා ජනතාව අතර අප්‍රසාදයට පත්ව ඇති බව යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ තේරුම් ගනිමින් සිටින්නේ දැන්ය.මහා පරිමාණ දූෂණ කටයුතු සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක වෙතත් ඒවාගේ සැළකිය යුතු ප්‍රගතියක් දක්නටද නැත.රැකියා ප්‍රමාණයක් ලබාදී ඇතත් අනපේක්ෂිත ලෙස රාජ්‍ය සේවයෙන් නැගෙන්නට ගෙන ඇති විරෝධයට මුහුණදීමටද රජයට සිදුව තිබේ.මේ සියල්ල අතරේ ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය ප්‍රකාරව කටයුතු කිරීමටද,එම වැඩකටයුතු වල ප්‍රගතිය ලබන මාර්තු මස මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමේ කටයුතු වලද , රජය කාර්යබහුලව සිටී.

 

කෙසේවුවත් ජනතාව අතර අදහස වන්නේ වෛද්‍ය නිලධාරීන් දියත් කළ වර්ජනය සාධාරණීකරණය කළ නොහැකි බවයි.සමාජයේ වරප්‍රසාද හිමි පැලැන්තිය වන ඔවුන් තවත් වරප්‍රසාද දිනාගැනීමට වෑයම් කරන බව මාධ්‍ය වාර්තා වලද පෙන්වා තිබිණ.නමුත් වර්ජනය දියත් කළේ සියලු රාජ්‍ය සේවයකිය්ගේ යහපත සළකා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේය.රාජ්‍ය සේවය නගා සිටුවීම සම්බන්ධයෙන්ද රජය අත ඇත්තේ විශාල වගකීමකි.පොදු ප්‍රවාහන සේවයේ සංවර්ධනය අරබයා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර දුම්රිය සේවය හා බස් සේවාවන් ඒකාබද්ධ කර ප්‍රවාහන සේවයේ කාර්යක්ෂමතාව ඉහළ දැමිය හැකි වැඩපිළිවෙලක් ගැන එහි සඳහන් විය.

 

අලුත්වැඩියා කළ හැකි බස් රථ නැවත සේවයට

අලුත්වැඩියා කළ හැකි තත්ත්වයේ තිබෙන බස්රථ සඳහා ටාටා හා ලේලන්ඩ් වර්ගයේ එන්ජින් 500 ක් හා ගියර පෙට්ටි 500 ක් මිලයට ගැනීමට අවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.මේ සඳහා ඉන්දියාව ලබාදී ඇති ණයවරයේ ඉතිරිව තිබෙන ඩොලර් ලක්ෂ 400 ක මුදල යොදාගත හැකි බවට ඔහු යෝජනාවක් ඉදිරිපත් කළේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක බස් රථ හා අමතර කොටස් මිලයට ගැනීම සම්බන්ධයෙන් බරපතල ගණයේ චෝදනා රැසක් තිබෙන බව මෙහිදී පැවසීය.

 

දුම්රිය සේවයේ කාර්යක්ෂමතාවද පහළ ගොස් තිබෙන බව ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.යල්පැන ගිය හා අකාර්යක්ෂම යටිතල පහසුකම් මේ සඳහා ප්‍රධානම හේතුව බවත් දුම්රිය යොදාගෙන සිදුවන භාණ්ඩ ප්‍රවාහනය ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවත් එහි වැඩිදුරටත් දැක්විණ.

 

දුම්රිය හා දුම්රිය මැදිරි වල දුබලතාද අමාත්‍යවරයාගේ කැබිනට් වාර්තාවේ අවධානයට ලක්ව තිබිණ.අදටත් භාවිතයට ගැනෙන වසර 30 කට වඩා පැරණි දුම්රිය එන්ජින් හා වසර 33,24 ආදී ලෙස දශක දෙක - තුන පැරණි දුම්රිය මැදිරි භාවිතයෙන් ඉවත්කළ යුතුව ඇතත් පහසුකම් නොමැතිවීම නිසාවෙන් ඒවා මගීන් හා භාණ්ඩ ප්‍රවාහනයට යොදාගැනීම හැරෙන්නට දුම්රිය දෙපාර්තමෙන්තුවට වෙන විකල්පයක් නොමැති බවත් එහි සඳහන් විය.තදබදය වැඩි අවස්ථාවලදී අමතර දුම්රිය යෙදවීමටවත් තිබෙන පහසුකම් යටතේ රටේ දුම්රිය සේවයට කිසිඳු හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා කීවේය.වසර 50 ක් පරණි දුම්රිය සංඥා පද්දතිය වැඩිදියුණු කළ යුතුවීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා නිතර සිදුවන සංඥා බිදවැටීම් දුම්රිය ප්‍රමාදයන්ට ප්‍රධාන හේතුව බව පැහැදිලි කළේය.

 

ඩීසල් ද්විත්ව ධාවක ඒකක  හයක් (එක් ඒකකයකට එන්ජින් දෙකක් හා මැදිරි 12 ක් ඇතුළත්ය.මෙම මැදිරි වායුසමනය කර ඇත),ඩීසල් විදුලි දුම්රිය ඇන්ජින් 10 ක් , මගී මැදිරි 160 ක්,ඉන්ධන ප්‍රවාහන ගැල් 30 ක්,භාණ්ඩ ප්‍රවාහන ගැල් 20 ක් මිලයට ගැනීම,අනුරාධපුර - ඕමන්ත හා මහව අනුරාධපුර අතර කොටස් වල දිවෙන දුම්රිය මාර්ග ත්‍රිත්වයක්,කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, ප්‍රවාහන අමාත්‍යවරයා දුම්රිය සේවය නගා සිටුවීමට අරබයා ඉදිරිපත් කර තිබෙන යෝජනා අතර වේ.

 

කැලණිවැලි මාර්ගය වැඩිදියුනු කළ හැකි ආකාරය පිළිඹද ශක්‍යතා අධ්‍යනයක් සිදුකළ යුතු බවද ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අතර තිබෙන්නකි.

 

ජනපතිවරයා හා අගමැතිවරයා ඉදිරියේ ඇත්තේ එකිනෙකාට වෙනස් අභියෝගයන්ය.විධායක ජනපතිධූරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටුකිරීමට වගබලාගන්නා අතරම ඔහුට ළග එන පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා නිදහස් පක්ෂයේ තමන්ට හිමි නායකත්වය තහවුරු කර ගැනීමේ කටයුතු වලද නිතරවන්නට සිදුව ඇත.තවමත් ඔහුගේ සහයට සිටින්නේ සීමිත මන්ත්‍රීවරුන් පිරිසකි.වික්‍රමසිංහ ඉදිරියේ තිබෙන්නේ ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීමේ වැඩසටහන් සකස් කිරීමේ අභියෝගයයි.එම අභියෝගය ජයගැනීම එළැඹෙන ප්‍රාෙද්ශීය සභා මැතිවරණයේදී යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණයට වැදගත්ය.



අදහස් (0)

අලුත් විපක්ෂයකට පිට-පට ගහයි

ලියොන් ගුණවර්ධන Sunday, 06 December 2015 07:53 PM

ඉහත සදහන් දීර්ඝ විවරණයෙන් පෙනෙන්නේ තම තමන්ගේ තැන ආරක්ෂා කරගැනීමට විවිධ දේශපාලඥයෝ මෙන්ම නීලධාරි පන්තිය පොරකන (තැත්කරන ) මුත් මහජනයාගේ ප්‍රශ්න විසඳීමට මෙන්ම රට මුහුණ පා ඇති ප්‍රශ්න විසඳීමට නිසි පියවර ඔවුනොවුන්ගේ අවධානයට ලක්නොකර ඇතිබව නොවේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 07 December 2015 02:56 AM

අලුත් විපක්ෂයකට පිට-පට ගැසුවාට කමක් නැත. නමුත් එය හෝදන තත්වයට පත්කරන්න එපා. (නි)

:       0       0

සොවිදු Monday, 07 December 2015 03:32 AM

අනේ .... මන්දා කොහොම කොහොම හරි රට ආපස්සට යන බවක් තමයි ජනතාවට තේරෙන්නේ ..(හේ)

:       0       0

තාරුක Sunday, 06 December 2015 10:25 AM

අපි නිශ්ශබ්දව බලාසිටිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 597 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 700 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 684 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 838 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 918 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 4533 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23418 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23055 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 183 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site