(ගයාන් සූරියආරච්චි)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී.
දූෂණ විරෝධී පනතට පැවැරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් පෙරේදා (8) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා ඉකුත් ඔක්තෝබර් මස එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කරන තෙක් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර.්වයි.කේ. උඩවෙළ මහත්මිය පත්කර තිබුණි.
බටයකින් ඇන පුද්ගලයෙකුට බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමැත
නව පත්වීම් ලැබූ බශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හෙට (11) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුරේ දී අද (10) සවස රැස් වූ එහි පාලක සභාව ගනු ලැබූ තීරණ දැනුම්ද
ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ
මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබද සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව එහි වාර්තාව මුදල් අමාත්‍යාංශයට භ
බල්ලන් දෙදෙනකු සමග ලොරි රථයකින් සහල් කිලෝ 8,750 ක් ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වලට බෙදා හැරි ලොරි රථයේ රියදුරුට සහ සහල් මෝලේ හිමිකරුට එක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්
රම්බොඩ Friday, 10 January 2025 12:22 PM
මේක තමයි රටේ දේශපාලන රටාව. බලයට එන පක්ෂ තමන්ගේ අයව ඒ ඒ තැන්වලට දානවා. ඊට පස්සේ අතිශයෝක්තිය. කාලයත් සමඟ වෙන පක්ෂයක් එනවා. ආයෙමත් ඒ රටාවමයි. ඉතින් රට නම් එතැනමයි.
dileepa1986 Friday, 10 January 2025 01:15 PM
ඔබතුමා කියන්න කාවද දාන්න ඕනෑ. ප්‍රවෘත්තිය හරියට කියවලා ඉන්න. කලින් හිටිය කෙනා අස්වෙලා ගිහින්. පත්කරලා තියෙන්නේ නඩුකාරතුමෙක් මිසක් එතනෝල් කාරයෙක් නෙමේනේ. ඔබතුමාලාගේ සීයා හිටිය කාලේ කෝප් එකට පත්වුණෙත් මාල හොරෙක්නේ...!