(බී.ජී. චතුරංග )
තන්තිරිමලේ, කුඩා මල්මඩුව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුළු වී ඇති වන අලි රංචුවක්, එම ඉඩමේ තිබූ පොල් ගස් හාරසීයක් පමණ සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බව වාර්තාවේ.
විල්පත්තුව රක්ෂිතයේ සිට ගම් වැදී ඇති මෙම වන අලි රංචුව මෙලෙස හානිකර ඇත්තේ ඇත්තේ තන්තිරිමලේ කුඩා මල්මඩුව ප්‍රදේශයේ පදිංචි යමුනා රෝහිනී මහත්මියට අයත් පොල් ඉඩමකි.
තමන් බැංකු ණයක් ලෙස ලබා ගත් රුපියල්, ලක්ෂ විස්සක මුදලක් වැය කරමින් මෙම පොල් වගාව ආරම්භ කළ බවත්, එම පොල් වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ වන අලින් විසින් විනාශ කර දමා ඇතැයි රෝහිනී මහත්මිය මෙහිදී සඳහන් කළාය.
තන්තිරිමලය හා ඒ අවට ප්‍රදේශයේ නිරන්තරයෙන් සැරිසරන මෙම වන අලි රංචුව විල්පත්තුව රක්ෂිතයට පලවා හැර දමා, එම රක්ෂිතය වටා ශක්තිමත් විදුලි වැටක් ඉදි කර තමන් ඇතුළු මෙම ප්‍රදේශයේ ගොවි ජනතාවට කිසිදු කරදරකින් තොරව සිය වගාවන් සිදු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසද ඇය රජයෙන් ඉල්ලීමක් කළාය.
පොල් වලට ඉහල මිලක් ලැබේ යැයි සිතා, දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ආරම්භ කල මෙම පොල් වගාව මොහොතකින් වන අලීන් විසින් විනාශ කර දැමීම හේතුවෙන් තමන් දැඩි කම්පනයට සහ අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ඇය පැවසුවාය.
වන අලින් මෙසේ ගම් වැදීම හේතුවෙන් තන්තිරිමලය ප්‍රදේශයේ ජීවත්වන සියලු දෙනාගේ වගාවන්ට පමණක් නොව, කුඩා දරුවන් ඇතුළු මිනිස් ජීවිතවලටද දැඩි බලපෑමක් එල්ල වන බව ද ගොවීහු පිරිසක් මෙහිදී පැවසූහ.
දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගීණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බව ද
කොළඹ මහනුවර මහා මාර්ගයේ නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේ දී අද පස්වරුවේ පුද්ගලික බස් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් තුවාල ලැබූ පස් දෙනකු වත
රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්
ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අද (12) ප්‍රදානයක් ලෙස ලැබුණු මියුරියේට් ඔෆ් පොටෑෂ් (බන්ඩි පොහොර) මෙට්‍රික් ටොන් 55,000 වී සහ පොල් ගොවීන් සඳහා නොමිලේ බෙදා ද
මානසික ආබාධ සහිත දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකාවෘත්‍තියේ යෙදවීම ඇතුළු චෝදනාවන්ට වරදකරු වූ 37 හැවිරිදි එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත
රටවිරු දූ දරු ශිෂ්‍යත්වය සදහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් මසදී ආරම්භ කළ අතර එම කාලය දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
අලි රංචුවක් පොල් ගස් 400ක් විනාශකරලා