IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්

කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු, ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් මෙන්ම ඉන්දියානුවන් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා, විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුවේය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා හමුවීමට පැමිණ ඔහුට පළමුවෙන් සුබ පැතුම් එක් කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ සන්තෝෂ් ජා මහතා වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින යහපත් සබඳතා තවත් ශක්තිමක් කර ගැනීමේ අරමුණින්, දෙදෙනා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.



අදහස් (13)

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්

nikitha Monday, 23 September 2024 12:09 AM

තමන්ගෙ රටේ තමන්ව තෝරගත්ත ජනතාවට කතා කරන්නත් කලින් මේ කළ විලි ලජ්ජා නැති වැඩේ මොකක්ද? ඒ මදිවට රතු හැට්ටෙකුත් ඇඳගෙන. අදානිගේ මාක්ස් වාදය වෙන්න ඕන. හැබැයි කලබල වෙන්න එපා. මහින්දගෙන් ඉගෙන ගන්න. අසල්වැසිය තමයි අපේ එකම එක කියල ජප කරන ගමන් .... දන්නවනේ ඉතුරු ටික.

:       23       6

Toni Monday, 23 September 2024 02:21 AM

පිටිපස්සෙන් හිටපු අය කරන දේ කියන්න ඇවිල්ලා...

:       5       7

donMonday, 23 September 2024 01:39 PM

තමන්ට ඕන දෙයක් කරගන්න ,උදව්වක් ඉල්ලාගෙන කෙනෙක්ව හම්බ වෙන්න යද්දී අපි යන්නෙත් ඔහොමම තමයි .මල් පොකුරක් අරන් ගිහින් මොනවා මොනවා ලියයයිද දන්නේ නැහැ

:       4       5

Suman Monday, 23 September 2024 02:27 AM

ඇමෙරිකාවෙනුත් ළඟදීම බලන්නෙ ඇයි? සල්ලි දෙන්න ඇත්තේ ඒගොල්ලන්නේ...

:       4       6

Nishan Monday, 23 September 2024 07:41 AM

ගෞතම් අදානිගේ විශේෂ පණිවිඩයක් අරන් එන්න ඇති. මන්නාරමේ සුලං විදුලිබල ආයොජනය සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානිට විකිණීමේ වැඩසටහන ගැන පණිවිඩේ ඇත්තේ. දැන් කියයි ඔව් අපි අදානිට දෙනවා අපේ කොන්දේසි යටතේ කියලා. ගිහින් කාලා බීලත් ආවනේ.

:       22       8

ශාන් Monday, 23 September 2024 08:00 AM

ඉන්දියාව කලාපීය බලවතා. ඒ වගේම ගෝලීය වශයෙනුත් දැවන්තයෙක්. ආර්ථිකය බැලුවම අපිට 1% දායක වෙන්න පුළුවන් වුණත් දැවන්ත සාර්ථකත්වයක්. ඒ වගේම අපි අන්තයටම ගිය වෙලාවේ ඩොලර් බිලියන 4ක ආධාර දිලා අපිට සාගතයෙන් හා සමාජීය ව්‍යසනයකින් අපිව බේර ගත්තා. කොටි වගේ සිදුවිමුත් මතක තබාගත යුතුයි. ගින්දර මෙන් පරිස්සමෙන් කළමනාකරණය කරගත යුතුයි. යුක්රේන ජනපතිවගේ මොඩ තිරණ ගන්නේ නැතුව ඉන්දියානු ව්‍යාප්තවාදය වගේ වහසිබස් දෙඩවිමකිනුත් තොරව ඉන්දියානු සාධකය මනාව පරිපාලනය කරගැනීමට නව ජනාධිපතිතුමා හැකිවේවා කියලා පතනවා. මේ ක්‍රියාවෙන් පේන්නේ ඉන්දියාව අපි ගැන කොච්චර උනන්දුද කියලා. මේ සමඟම චිනයත් චෙස් බෝඩ් එකට අත තියයි.

:       2       41

වික්‍රම විදුරMonday, 23 September 2024 01:59 PM

ඔයා කියන එක 100% ඇත්ත. ම‌ේ මට හිතනෙ දයෙක්. ඉන්දියාවට ඕන හැමදාම 1 ඉන්න. ඒ නිසා ඡන්දදෙි 53% කියලා බොරුවක් කියල ඔප්පු කරවන්න සංචාරකෙුත් දුන්නා.. පස්සේ ඉතුරු බඩල වත් ෆෝම් කරලා ගේමට සෙට් කලා. පස්සේ කාටවත් නැති රිසාල්ට් ඒකක් ටෙස් එකේදී ආවා. මහ මැතිවරණයේදීත් මේකම කරන්න ඉඩ තියනනවා. අපේ රටේ බලය දියාරු කරන එක . ඒකට අත පොවන ඒක.. අපි මේවා නළලේ අලවාගෙන ඔවා කිව්ව විදිහට ඇවිලනේන‌ෙ නැතුව එකමුතුම වැඩ කරගන්න ඔන.

:       3       7

Anura Monday, 23 September 2024 10:30 AM

අනුර ජනපති හොදින් මේ රට ගොඩදාගන්න මේ රටේ හැමදාම පැළවෙනවා බෝගවලින් පිරුණු රටක් නිර්මාණය කරන්න පිට රට ආටෝප නැති ජිවිත් වෙන්න රටක් හදන්න ජයවේවා තෙරුවන් සරණයි....

:       2       19

Menaka Monday, 23 September 2024 10:59 AM

ඉන්දියාව රනිල්වගේ කෙනෙක් එනවට බයයි. එකයි අනුරට උදව් කලේ ඇමෙරිකානු තනාපතිත් කාලය අවසන්වෙලත් හිටියේ ඒකයි

:       4       8

fairoos Monday, 23 September 2024 11:29 AM

ජයවේවා...

:       3       5

Pathirana pl Monday, 23 September 2024 11:09 PM

අපි උදව් කරලා රට ගොඩ දමමු

:       0       1

බද්රානි Tuesday, 24 September 2024 06:44 PM

රාජපක්ෂලා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කුණු කොල්ලෙට අදානිලාට විකුණන කොට, චීනෙට මේ රට උගස් කොට හොරාකන විට, නැට්ට බඩ යට ගහගෙන හිටිය සුනඛ කුක්කෝ රැල දැන් බුරන්න පටන් අරගෙන වගෙයි... මම හිතන්නේ සිංහයින්ට බල්ලෝ උඩු බුරන හඬ අදාළ නැහැ කියලයි... වෙඩි සද්දෙත් නැතිඑකේ, තව සද්දෙට බුරාපල්ලා පාළුව යන්නත් එක්ක.

:       1       3

Chandima Wednesday, 25 September 2024 06:29 AM

මල් දීල කන්ඩද? දෙනවනම් ඩොලර් මිලියන් පන්සීයක්වත් දෙනව මිසක්.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 121 0

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 74 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 382 0

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1632 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2081 4

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක්
2024 දෙසැම්බර් මස 21 1405 2

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 23 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 23 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site