IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අවිනිශ්චිත ගෝලයේ නිශ්චිත තීන්දුව උකුසු ඇසින්ද - ගෝල තීරකගෙන්ද

ලොව වැඩිම පේ‍්‍රක්ෂක අවධානයක් දිනා සිටින පාපන්දු කී‍්‍රඩාව මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. මීළඟ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන 2014 වසරට දින ගණන් කරමින් සිටින පාපන්දු ලෝලීන් මෙන්ම ජාත්‍යන්තර පාපන්දු සංගමයේ නිලධාරීන් ද දෑස් දල්වා බලා සිටින්නේ මේ දිනවල ජපානයේ පැවැත්වෙන අන්තර් කී‍්‍රඩා සමාජ පාපන්දු ලෝක ශූරතාවලිය දෙසයි. තරගයක් අතරතුර යම් කණ්ඩායමක් විසින් නිවැරැුදිව ගෝලයක් ලබාගත්තේද යන්න පිළිබඳ උභතෝකෝටික අවස්ථාවකට මුහුණ දුන්විට ඒ සඳහා වාඩාත් නිවැරදි තීන්දුවක් ගැනීමේ නවතම ක‍්‍රමෝපායයන් දෙකක් මෙවර අන්තර් කී‍්‍රඩා සමාජ පාපන්දු ලෝක ශූරතාවලියේදී භාවිතා කෙරේ. නවීන තාක්ෂණයේ විශිෂ්ට දායාදයක් වූ ‘හෝක් අයි’(උකුසු ඇස) නම් ක‍්‍රමවේදයත්, චුම්බක ක්ෂේත‍්‍රයක් නිර්මාණය කරගනිමින් භාවිතා වන ‘ගෝල තීරක’ යනුවෙන් හැඳින්වෙන ක‍්‍රමවේදයත් මෙවර අන්තර් කී‍්‍රඩා සමාජ පාපන්දු ලෝක ශූරතාවලියේදී භාවිතා කෙරේ. කෙසේ වෙතත් මින් ඉදිරියට පැවැත්වෙන තරග සඳහා භාවිතා කරන්නේද මේ දෙකින් කුමක්ද යන්න පිළිබඳව පසුව තීරණයකට එළැඹීමට නියමිතය. මෙම තාක්ෂණික ක‍්‍රමවේද පළමුවරට භාවිත කිරීමට මෙම තරගාවලිය තුළ ඉඩකඩ විවර වී ඇති නිසා විනිසුරුවරුන්ට තීරණයකට එළැඹිය නොහැකි අසීරු අවස්ථාවන්හිදී ඔවුන් උපයෝගී කරගන්නේ කුමන ආකාරයේ ක‍්‍රමයක්ද යන්න පිළිබඳව එම තාක්ෂණයේ නිමැවුම්කරුවන් විමසිල්ලෙන් සිටින බව අන්තර සමාජ පාපන්දු ලෝක කුසලානයේ කලමණාකරණ අධ්‍යක්ෂවරයා පැවසීය. එවන් අවස්ථාවකදී ‘හෝක් අයි’ නමැති ගෝලයක් පිළිබඳ තීරණ ගැනීමේ ක‍්‍රමවේදය සජීවී තරගයක් අතරතුර අත්හදා බැලිය හැකිය. අද වනතෙක් පාපන්දු කී‍්‍රඩාවේදී භාවිත නොවූ ‘හෝක් අයි’ නමැති ක‍්‍රමවේදය කි‍්‍රකට් කී‍්‍රඩාවේදී මෙන්ම ටෙනිස් කී‍්‍රඩාවේදීත් බහුලව යොදා ගනී. පන්දුව පතිත වන ස්ථානය කැමරා මඟින් හසු කර ගැනීමේ තාක්ෂණය කි‍්‍රකට් සහ  ටෙනිස් යන කී‍්‍රඩා සඳහා භාවිතයට ගැනීම ඇරඹුණේ මීට දශකයකට පමණ ඉහතදීය. ගෝල් කණුව ආසන්නයේ විශේෂ චුම්භක ක්ෂේත‍්‍රයක් සකස් කර ඊට ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇති චිපයක් පාපන්දුවට සවි කර එමඟින් තීරණවලට එළඹීමේ හැකියාව ඇති ‘ගෝල තීරක’ නමැති තාක්ෂණය ද මෙම  තරගාවලිය සඳහා පළමු වතාවට භාවිතා කෙරේ. එනිසා තාක්ෂණයන් දෙක පිළිබඳ තුලනාත්මක අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට කී‍්‍රඩා විචාරකයෝ මත පළ කරයි. පාපන්දු තරග සඳහා විද්‍යාත්මක ක‍්‍රමවේදයක අවශ්‍යතාව මතු වූයේ 2010 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය සහ ජර්මනිය අතර පැවැති තරගයේදීය. ඒ තමන් ගෝලයක් අහිමි වීම සම්බන්ධයෙන් එංගලන්ත මැදපෙළ කී‍්‍රඩකයන් විරෝධය පළ කිරීම හේතුවෙනි. මේ සිදුවීම මුල්කර ගෙන ගෝලයක් වාර්තා කිරීමේදී ගෝල් කණු දෙක යා කෙරෙන රේඛාව පසු කිරීමට පාපන්දුවට හැකි වූයේද හෝ එසේ නොවීද යන්න පිළිබඳව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දුන්විට විද්‍යාත්මක ක‍්‍රමවේදයක සහාය ලබා ගැනීම පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවධානය යොමු විය. ‘හෝක් අයි’ තාක්ෂණයේදී පාපන්දුව ගෝල රේඛාව පසුකර ඇති වග නිරීක්ෂණය කිරීම සඳහා කැමරා හයක් භාවිතා කරන අතර ‘ගෝල තීරක’ තාක්ෂණයේදී ගෝල් කණුව අවට ඇති චුම්භක ක්ෂේත‍්‍රය ඇසුරින් එය තීන්දු කෙරේ.  මෙහිදී ලබා ගන්නා සියලූම දත්ත තරග විනිසුරුවරුන්ගේ අතෙහි පැළඳි උපකරණය වෙත සම්පේ‍්‍රෂණය වන අතර එය වඩාත් නිවැරැුදි තීරණයකට එළඹීම සඳහා විනිසුරුවරයාට උපකාරී වේ. බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදන කටයුතුවල නියැළෙන සෝනි සමාගමට අයත් ‘හෝක් අයි’ තාක්ෂණයේ නිමැවුම්කරුවන් පවසන්නේ පෙර පැවැති තරගවලදී මෙම තාක්ෂණය පාපන්දු කී‍්‍රඩාව සඳහා උචිත වන්නේද යන්න පරීක්ෂාවට ලක් කළ බවත් එහි යෝග්‍යතාව තහවුරු කර ඇති බවත්ය. එවැනි තත්ත්වයක් තුළ දැන් පැවැත්වෙන තරගාවලියේදී ‘අවිනිශ්චිත ගෝලයක්’ වාර්තා වූවහොත්  සිය තාක්ෂණය කෙතරම් ප‍්‍රතිඵලදායක ද යන්න ලොවට පෙන්වීමට අවස්ථාවක් උදා වන බව එහි නිර්මාණකරුවෝ පවසති. එකිනෙකට වෙනස් වූ මෙම තාක්ෂණයන් ලබන වසරේ පැවැත්වෙන සම්මේලන කුසලාන තරගාවලියේදීත් අනතුරුව 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදීත් භාවිතයට ගත යුතු යැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පසුගිය ජුලි මාසයේදී තීරණය කළේය. අන්තර් සමාජ පාපන්දු ලෝක කුසලානයේදී විනාඩි 90ක කාල පරාසය තුළ විනිසුරුවරුන්ට මෙම තාක්ෂණය සතුටුදායක මට්ටමින් තිබේද යන්න පිළිබඳව විමසා බැලීමට අවස්ථාව සැලසෙන බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මහලේකම් ජෙරමි වැල්කේ මහතා පවසයි. යම් අවස්ථාවක නව තාක්ෂණය පිළිබඳව නිවැරැුදි කළ නොහැකි ආකාරයේ සැකයක් මතු වූවහොත් ”සමාවෙන්න මිතුරනි, මේ පද්ධතිය මට උපකාර කර ගත නොහැකියි” යනුවෙන් පැවසීමට විනිසුරුවරයාට අයිතිය ඇති බව ද වැල්කේ මහතා අවධාරණය කරයි. මෙම තාක්ෂණය තවමත් භාවිතා කරන්නේ පරීක්ෂණ මට්ටමින් බව පවසන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මහලේකම්වරයා, මෙම තරගාවලියේදී ඒ සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක බරපැනක් දැරීමට සිදු වන බව ද ප‍්‍රකාශ කළේය. කෙසේ වෙතත් මීට වසර 10කට පමණ පෙර පුළුල් තිර රූපවාහිනියක් සඳහා අධික මිලක් ගෙවිය යුතු වූවද වර්තමානය වන විට එම තත්ත්වය හාත්පසින්ම වෙනස්වී ඇති අතර එම සංසිද්ධිය මේ නව තාක්ෂණයට ද අදාළ වන නිසා එය එතරම් ගැලූවක් නොවන බව වැල්කේ මහතාගේ අදහසයි. වසර ගණනාවකට ඉහතදී කී‍්‍රඩාලෝලීන් පාපන්දු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මිනිසුන් අතින් සිදුවන වැරැුදි අවම කිරීමට තාක්ෂණයේ සහාය ලබා ගන්නා ලෙසයි. ඒ අනුව වසර දෙකක පමණ දැඩි උත්සාහයකින් අනතුරුව  ‘හෝක් අයි’ සහ ‘ගෝල තීරක’ යන තාක්ෂණික ක‍්‍රමවේද පාපන්දු කී‍්‍රඩාවට බද්ධ කර ගැනීමට අවසර ලැබිණ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙවර ජපානයේදී පැවැත්වෙන අන්තර් කී‍්‍රඩා සමාජ ලෝක ශූරතා පාපන්දු තරගාවලියේදී මෙම තාක්‍ෂණික ක‍්‍රමවේද පරීක්‍ෂා කිරීමට අවසර ලැබී තිබේ. ‘හෝක් අයි’ තාක්ෂණයේ සහ ජර්මනියේ ‘ගෝල තීරක’ තාක්ෂණයේ නිර්මාණකරුවන්ට සිය නිෂ්පාදන එළිදැක්වීම සඳහා අන්තර්ජාතික පාපන්දු සම්මේලනය අවසර දුන්නේ ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් 10ක් අතුරින්ය.



අදහස් (0)

අවිනිශ්චිත ගෝලයේ නිශ්චිත තීන්දුව උකුසු ඇසින්ද - ගෝල තීරකගෙන්ද

යොහාන් Wednesday, 19 December 2012 01:24 PM

ලොව ප්‍රසිද්දහම ක්‍රීඩාව (දී)

:       0       0

අනුරාධ Wednesday, 19 December 2012 03:19 PM

එල (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 909 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 800 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site