වසර 12,500 කට පෙර ජීවත් වූ, මිහිමතින් වඳ වී ගිය, ‘ඩයර් වුල්ෆ්’ යන නමින් හැඳින්වෙන වෘකයන්ට පණ දීමට ඇමෙරිකානු විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.
මිහිමතින් වඳ වී ගිය සතකුට මේ අයුරින් පණ දුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
‘ඩයර් වුල්ෆ්’ යන්නෙහි අරුත බිහිසුණු වෘකයා යන්නය. මෙම වෘකයන් වර්තමානයේ අපට දකින්න ලැබෙන වෘකයන්ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාලය.
‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ට යළි පණ දීම සිදු කළේ උන්ගේ ජාන ව්‍යුහය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී සිටින බැවිනි.
වර්තමානයේ දකින්න ලැබෙන අළු වෘක ධේනුවකගේ බීජාණු සෛලවල ඩී.එන්.ඒ. අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කරමින්, ‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත් වූහ.
‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කර, පසුව පැටවුන් ලබා ගැනීම සිදු කෙරුණි.
ඒ අනුව සුදු පැහැති ‘ඩයර් වුල්ෆ්’ වෘක පැටවුන් තිදෙනකුට පණ දීමට විද්‍යාඥයන් සමත් වූ අතර එම තිදෙනා රොමියුලස්, රීමස් සහ කලීසී යනුවෙන් නම් කර ඇත.
මෙම හපන්කම සිදු කළේ ඇමෙරිකාවේ ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යා පර්යේෂණ සමාගමය. අයිස් යුගයේ ජීවත් වුණු මැමතකුට පණ දීමට ද මෙම සමාගම සූදානම් වෙයි. ඒ, 2028 වසරේදීය.
ඊට අමතරව, වඳ වී ගිය පියාඹා යා නොහැකි ඩෝඩෝ කුරුල්ලකුටත්, ටැස්මේනියානු ව්‍යාඝ්‍රයකුටත් පණ දීමට ‘කොලෝසල් බයෝසයන්ස්’ විද්‍යාඥයන් සූදානම් බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.
විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අවුරුදු 12,000 ක් පැරණි වෘකයට පණ දීලා
ජිල්බු Tuesday, 08 April 2025 07:18 AM
විධායක එකටයි, දෙකටයි ට පණ දෙන්න බැරිද කරපුවට හිරේ දාන්න?
ගුණරත්න Tuesday, 08 April 2025 07:39 AM
රොමියුලස් රීමස් තේරුම් ගන්න පුළුවන්, එත් කලීසි? ඒ ගෑණි මකර රැජිණිය නේ? දාන්න තිබ්බේ එඩ්, සන්සා, ආර්යා, ජොන්, බ්‍රැන් වගේ නමක් නේ?
බකල ජයා Tuesday, 08 April 2025 10:50 AM
ගුණරත්න මහත්තයා, සම්බන්ධකමක් තියෙන නම් ඕන නම් වඩා ගැලපෙන්නේ Rhea "රීය" නැත්නම් Lupa "ලූපා" කියන ඒව. නැත්නම් Primula "ප්‍රිම්යූලා."
මිලානෝ වැසියා Tuesday, 08 April 2025 12:05 PM
අපෙත් ඉන්නවා සංරක්ෂණය කරලා අනාගත පරම්පරාවට පෙන්විය යුතු ලෝක ඉතිහාසයේ බිහිවෙච්ච ලොකුම බොරුකාරයා කියන "පච කොටා" කියන කයිතන් කෙනෙක්. ඌවත් අනාගත ලෝකයේ මිනිස්සුන්ව හිනැස්සීම සදහා සංරක්ෂණය කලොත් නරකද?
The Three Idiots Tuesday, 08 April 2025 02:53 PM
ඔයාගේ මෝඩ කතාවලට හිනාවෙන අය මිලානෝ වල ඉන්නවාද? එහෙනම් සංරක්ෂණය කරමු...!
Pradeep Wednesday, 09 April 2025 08:12 AM
ධාතු බැංකුව නිසා අපි වගේ එවුන්වත් ඉස්සරහට හදාවි.