IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අළු යට ගිනි පුපුරු

කුරුල්ලන් හා දේශපාලඥයින් අතර සමානකමක් තිබේද ? යැයි කෙනෙක් ඔබෙන් ඇසුවොත් ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කිසිම සමානකමක් නැතැයි කියා බවට සැක නැත. නමුත් මේ දෙපාර්ශවය අතර එක්තරා සමානකමක් පවතී. බටහිර රටවල් තම නිජබිම් වන කුරුල්ලන් එම රටවල්හි සීත සමය එළැඹෙත්ම ශී‍්‍ර ලංකාව වැනි උණුසුම් ඝර්මකලාපික රටවලට සංක‍්‍රමණය වන්නෝය.දේශපාලඥයෝ කටයුතු කරනුයේ මෙයට ප‍්‍රතිවිරුද්ධවය.නිවාඩු සමයක් එළැඹෙත්ම ඔවුහු තම දරු පවුල්ද සමග විදෙස් රටවලට සංක‍්‍රමණය වන්නෝය. ශී‍්‍ර ලංකාවේ සුවදායක කදුකරයේ,සිතට සැනසුම ගෙන එන වෙරළ තීරයන්හි, වන සතුන් ගහණ වනෝද්‍යානයන්හි නිවාඩුව ගතකළ කාලය දැන් අතීතයට අයත් වන්නක් බවට පත්ව හමාරය.

මෙම තත්ත්වය පසුගිය බදාදා උදෑසන පැවති කැබිනට් මණ්ඩල හමුවේදී දැකගත හැකිවිය. කැබිනට් අමාත්‍යවරුන් 45 දෙනාගෙන් ඊට සහභාගීව සිටියේ අමාත්‍යවරුන් 25 දෙනෙකු පමණි. පැමිණ නොසිටි බොහෝ දෙනාගෙන් බහුතරය සිටියේ විදේශගතවය. අඩුම තරමේ දෙදෙනෙක්වත් ප‍්‍රතිකාර සදහා රෝහල් ගතව සිටියහ. සහභාගීව නොසිටි අය අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප‍්‍රධාන විය. නව රජයේ පළමු අයවැය ඉදිරිපත් කර එය සම්මත කරගැනීම දක්වා පසුගිය සමයේ දුෂ්කර කාලයක් ගෙවූ නිසාවෙන්ම ඔවුන් නිවාඩුවක් ලබාගැනීම සුදුසු දෙයක් නොවේයැයි කීම අසාධාරණය. අයවැය විවාදයට ගැනෙන කාලය පුරාවටම ඔවුන් සිටියේ වෘත්තිය සමිති,සාමාන්‍ය ජනතාව,වෘත්තිකයන් ආදී මේ සියල්ලෝම දැල්වූ ගිනි දැල් වලට හසුව දැවෙමින්ය. නමුත් සැනසුම් සුසුමක් හෙළීමට තවමත් කල්වැඩිය.රජය අනාගතය ගැන දැක්මකින් තොරව නව වසරට පිවිසෙන්නට බලා හිඳීම දේශපාලනයේ මුල්පුටු රත් කරවීමට හේතුවක් බවට පත්ව ඇත.

තත්ත්වය මෙසේ හෙයින් ජනපති මෛතී‍්‍රපාල සිරිසේනද කැබිනට් හමුවට සහභාගීව සිටි අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේ ඔවුන්ගේ පරිපාලන ක්ෂේත‍්‍ර වල කටයුතු ගැන විමසිලිමත් වන ලෙසය. රාජ්‍ය පරිපාලනය හා සම්බන්ධ නිලධාරීන් සමග වැඩියෙන් කාලය ගතකරන ලෙසත් ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගන්නා ලෙසත් ජනපතිවරයා ඔවුන්ට කීවේය. නව වසරේ අලූතම වැඩ වර්ජනයකට යෑමට වෘත්තිය සමිති කැසකවමින් සිටිනා බව බුද්ධි වාර්තා වලින් අනාවරණය කර තිබීම නිසා ජනපතිවරයා මෙසේ අමාත්‍යවරුන්ට උපදෙස් දීමේ පුදුමයක් නැත.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අධාරකරුවන් එක්ව නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට නියමිත වීමත්,විපක්ෂ සන්ධානයක් ඇති කරගැනීමේ හා වෘත්තිය සමිති වල ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමේ සූදානමක් එම පක්ෂයට තිබෙන බව දැනගැන්මට හැකිව තිබීමත් රජයේ ප‍්‍රබලයින් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතුවී තිබේ.පළාත් පාලන මැතිවරණයක්ද ළග එන හෙයින් විපක්ෂය තව තවත් මෙවැනි කටයුතු වල නියැළෙනු ඇතැයි සහතික කොටම කිව හැකිවීමද මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉහළම අවධානය යොමුව තිබීමට හේතුවක් වී ඇත.

එදින කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වූ එකම කරුණ මෙය නොවුනි.වෘත්තිමය උපදේශකයෙක් ලෙස හදුන්වාදී තිබූ නිහාල් ශී‍්‍ර සමරසේකර නම් පුද්ගලයෙක්ට රුපියල් ලක්ෂ 3000 ක් හා එම මුදලට වර්තමානය දක්වා ගෙවිය යුතු වන පොලිය රජය ලබාදිය යුතු බව සඳහන් කර රවී කරුණානායක ඉදිරිපත් කර තිබූ කැබිනට් පති‍්‍රකාවක් බොහෝ වේලාවක් තිස්සේ සාකච්ඡාවට බදුන් විය.

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්තී‍්‍රවරයෙක් වන අශෝක රංවල මහතා පෙර අවස්ථාවකදී නිහාල් ශී‍්‍ර සමරසේකරට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට හා මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට පෙත්සම් ඉදිරිපත් කළේය. සමරසේකරට රුපියල් ලක්ෂ 1000 ක වටිනාකමින් යුත් දින 30 ක කාලයකට බලපැවැත්වෙන බැංකු අයිරාවක් ශී‍්‍ර ලංකා මහ බැංකුවෙන් ලබාදී ඇතැයි රංවල තම පෙත්සම් වලින් චෝදනා එල්ල කළේය.ආර්ථික කටයුතු හා ආරංචි මාර්ගයකින් සන්ඬේ ටයිම්ස් වෙත දැනගැනීමට ලැබුණු ආකාරයට සමරසේකර වෙත ගෙවීම් සිදුකර ඇතත් තවමත් සම්පූර්ණ මුදලම ගෙවා අවසන් කර නොමැත.රුපියල් ලක්ෂ 1000 ක බැංකු අයිරාවක් ලබාගැනීමේ ඉල්ලීම ඉදිරිපත්ව තිබෙනුයේ 2014 දෙසැම්බර් මස 08 වැනිදාය.එසමයෙහි අගවිනිසුරුධූරය හෙබවූ ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි විශ්වාසභංගයකින් ඇයව නෙරපා හැරීමට හිටපු රජය කටයුතු කරමින් සිටියේ මේ කාලයේදීය.සමරසේකර එම කටයුතු වලට සහය දුන්නේය.ඔහු ජාතික රූපවාහිනියේ වැඩසටහනක පෙනී සිටිමින් රජයේ කටයුතු සාධාරණීකරණයද කළේය.

රංවල ඉදිරිපත් කර ඇති පෙත්සමේ කරුණු විභාග කර බැලීමට බලය ඇත්දැයි නීතිපති දෙපාර්තමෙන්තුවෙන් විමසා සිටීමට මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මේ දිනවල කටයුතු කරමින් සිටින බව සන්ඬේ ටයිම්ස් වෙත දැනගැනීමට හැකිවිය.පොලිස් ආරංචි මාර්ගයකට අනුව පෙත්සමේ අපරාධයක් පිළිදව කරුණු සඳහන් නොවන හෙයින් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය එය නොසළකා හැරීමට ඉඩ ඇත. බැංකුව මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි. අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයින්ගෙන් මේ පිළිඹද විමසූ විට ඔවුහු ප‍්‍රකාශයක් ලබාදීම ප‍්‍රතික්ෂේප කළෝය.විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකට අනුව ඔවුන්ද සිටින්නේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරනවාද එසේ නැතිනම් පෙත්සම නොසළකා හරිනවාද යන්න ගැන තීරණයක් ගත නොහැකිවය.

සන්ඬේ ටයිම්ස් අතට පත්වූ මෙම කැබිනට් පති‍්‍රකාවේ සංක්ෂිප්තයක් මෙසේය.

‘නිහාල් සමරසේකර යනු හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා පීල්සී හි ප‍්‍රධාන ප‍්‍රවර්ධක,අධ්‍යක්ෂක සහ හවුල්කරු වේ.1983 ජූලි කලබල වලින් පසු හිල්ටන් හෝටල ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණේ මෙම සමාගම යටතේය.‘

‘එම ඉදිකිරීම් කටයුතු පසුපස මහා පරිමාන වංචා සිදුව තිබෙන බව හඳුනාගැනීමෙන් පසු හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම නියෝජනය කරමින් සමරසේකර එම සංවර්ධන කටයුතු භාරව කටයුතු කළ මිට්සුයි ඇන්ඞ් ටයිසෙයි සමාගමට එරෙහිව 1990 වසරේදී චෝදනා ගොනු කළේය.මිට්සුයි සමාගම වෙත ගෙවීම් කිසිවක් සිදුනොකරන ලෙසත්,එම ගෙවීම් සිදුකිරීමට රජය හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම වෙත ණය පහසුකම් ලබාදීම අත්හිටුවන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.‘

‘නමුත් එසමයෙහි ජපානය යනු ශී‍්‍රලංකාවට සහන සැපයූ රටවල් අතරින් ඉහළම තැනෙහි සිටි රටක් වූ බැවින් භාණ්ඩාගාර ලේකම්වරයා සහ නීතිපතිවරයා සමරසේකර මහතාගෙන් ඉල්ලා සිටියේ ගැටලූව මිත‍්‍ර ලීලාවෙන් විසදා ගන්නා මෙන්ය.‘

‘ජපාන සමාගම සමග එකඟතාවයක් ඇතිකරගැනීම සදහා මහා භාණ්ඩාගාරය හා එකතුව දළ ගිවිසුමක් සකස් කළ නීතිපතිවරයා එය 1993 ජූනි මාසයේදී සමරසේකර මහතා වෙත ලැබෙන්නට සැළැස්වීය.‘

‘සමරසේකර මහතාගේ බල කිරීම මත ජපානය මෙම ව්‍යාපෘතිය සදහා ලබාදී තිබූ ණය මුදලෙන් සියයට 30 ක ප‍්‍රමාණයක් යළි නොගෙවීමටත්, ඉතිරි වන මුදල ජපානයේ කොන්දේසිය වූ වසර 9 කින් නොව වසර 13 කාලයකින්,වසරකට සියයට 6 ක පොලිය යටතේ ගෙවීමටත්, ලෙස ණය කොන්දේසි සංශෝධනය කිරීම සදහා වූ එකඟතාවක්ද එම ගිවිසුමේ අන්තර්ගත කෙරිණ.‘

‘මෙයින් රජයට මහත් වාසියක් සැළසෙන බැවින්,මෙම ණය මුදලේ අපකරුවා වූ පසුගිය රජය සමරසේකර මහතාගේ මෙහෙය වෙනුවෙන් ඔහුට මුදල් ලබාදීමටත්,හෝටල් ඩිවෙලොපර්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට ඔහුව පත්කිරීමටත්, එම ගිවිසුමෙන් එකඟවිය.‘

‘මූල්‍යමය සහන වලට අමතරව හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට තමන්ට කැමති පුද්ගලයින් තිදෙනෙක් පත් කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙසද සමරසේකර ඉල්ලා සිටියේය.පසුව තිදෙනෙක් නොව එක් අයෙක් පත් කිරීමට පමණක් අවස්ථාව ලබාගැනීමට ඔහු එකඟවිය.‘

මෙම තත්ත්වය යටතේ 2014 දෙසැම්බර් 15 දාතමින් යුත් ලිපියක් මහ බැංකු ප‍්‍රධාන කලමණාකාර වෙත යොමුකරමින් මහා භාණ්ඩාගාරය සඳහන් කළේ එකඟතාවයේ පරිදි සමරසේකර වෙත ලබාදිය යුතු මුදල අනුව මුලින් රුපියල් ලක්ෂ 1000 ක් ඔහු වෙත ලබාදීමේ විරෝධතාවක් නොමැති බවය.මෙම ලිපියේ පිටපත් ජනපති ලේකම්වරයා වෙතද යවා තිබිණ.ඔහුට ගෙවිය යුතු මුලූ මුදල නිසි පරිදි කි‍්‍රයාත්මක නොවන සමාගම් සහ නිසි පරිදි ප‍්‍රයෝජනයට ගෙන නොමැති සම්පත් පිළිඹද 2011 අංක 43 ප‍්‍රකාරව අදාළ බලයලත් අධිකාරියේ විමර්ෂණයකින් පසුව තීරණය කිරීමෙන් පසුව එම මුදල ඔහුට ලබාදිය යුතු බවත් එ සඳහා ජනපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අනුමැතිය ලබාදෙනු ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.‘

 

‘ගනුදෙනු වලදී වෙනත් වෘත්තිකයින්ට ඔවුන්ට තරම් නොවන ගෙවීම් රජය සිදුකරනු අප දැක තිබෙනවා.රජය එවන් ගෙවීම් සිදුකරන්නේ විශාල පාඩු විඳ දරාගනිමින්.නමුත් ණය කපා හරින්න අප ගත් තීරණය නිසා රජයට වහාම ලැබුණේ වාසියක්.‘ යැයි සමරසේකර මාර්තු 25 වැනිදා රවී කරුණානායක වෙත එවා ඇති ලිපියක දැක්වේ.

රාජ්‍ය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා කරුණානායකගේ කෙටුම්පතට දැඩිව විරෝධය දැක්වීය.කරුණු දෙකක් මත පදනම්ව ඔහු තම අදහස් පළකළේය.හොටෙල් ඩිවෙලොප්මන්ට් ලංකා සමාගමට අයත් හිල්ටන් හෝටලය තම අමාත්‍යංශය යටතේ පවතින්නක් බව ඔහු කීවේය.(පෙර මෙය පැවතුණේ රවී කරණානායකගේ අමාත්‍යංශය යටතේය*. ඕනෑම පුද්ගලයෙකුට ලක්ෂ ගණනක මුදලක් ලබාදීමට නිකම්ම අනුමැතිය ලබාදීමේ හැකියාවක් නොමැති බවද ඔහු කියා සිටියේය.අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද හෂීම් හා එකඟවිය.හොටෙල් ඩිවෙලොප්මන්ට් ලංකා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා අස්වන ලෙස එහි වත්මන් සාමාජිකයින්ගෙන් හෂීම් මෙන්ම අගමැති වික‍්‍රමසිංහද ඉල්ලීම් කරමින් සිටිනුයේ කලක පටන්ය.දින සියයේ රජය සමයේ මෙම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පත්කෙරුණේ රවී කරුණානායකගේ අධීක්ෂණය යටතේය.එනිසාමදෝ ඔවුහු එයින් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන්නෝය.

මේ හමුවේ අමාත්‍ය සරත් අමුණුගම මහතා යෝජනාවක් ඉදිරිපත් කළේය.තමන් යටතට අයත් නොවන විෂය පථයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයෙක් කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරයි නම් ප‍්‍රථමයෙන් විෂයභාර අමාත්‍යවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුව ඇතැයි ඔහු කීවේය.අමුණුගමගේ යෝජනාවට සියලූම දෙනාගේ එකඟතාව පළවිය.අගමැති වික‍්‍රමසිංහ හා මුදල් ඇමැති කරුණානායක දෙදෙනා සිටින අවස්ථාවක නැවත මේ සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීමට තීරණය විය.

හයිබි‍්‍රඞ් වාහන මත පනවා තිබූ ආයනයන පද්ද සියයට 50 සිට සියයට 5 දක්වා අඩු කරන ලෙස ජනපති සිරිසේන උපදෙස් දුන්නේය.ඉරිදා ලංකාදීපය සමග සාකච්ඡුාවකට එක්වෙමින් ඔහු ප‍්‍රථම වතාවට අයවැයේ ගැටලූ ඇතිබව පිළිගත්තේය.කෙසේවුවත් සමස්ථයක් වශයෙන් ගත්කළ මෙවර අයවැය යහපත් අයවැයක් බව ඔහු කීවේය.ජනපතිධූර කාලය අවසන්වීමෙන් පසු ඔහුගේ දේශපාලන අනාගතය ගැනද සදහනක් කළ හෙතෙම ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ තමා වීමට හැකියාවක් ඇති බව ඉගි කළේය.ජනපති සිරිසේනගේ ධූර කාලයේ නිමාවත් සමග විධායක ජනපතිධූරය අහෝසිවී නැවත වරක් අගමැති හට වැඩි බලයක් හිමිවන ක‍්‍රමවේදය කි‍්‍රයාවට නැංවේ.තමන් එදා පැවසූයේ නැවත වරක් ජනපතිධූරයට තරග නොකරන බව යැයි කියූ ජනපතිවරයා තම දේශපාලන දර්ශනය ඉදිරියටත් අනුගමනය කරන බව පැවසුවේය.

ලංකාදීපය හා පැවති සාකච්ඡාවේදී ජනපතිවරයා දැක්වූ ඇතැම් ප‍්‍රතිචාර වලින් ඔහු හා අගමැති වික‍්‍රමසිංහ අතර අදහස්මය වශයෙන් ගැටුම් පවතින බව පැහැදිලි විය. මේ දෙදෙන නියෝජනය කරන්නේ අදහස් හා කි‍්‍රයා අතින් එකිනෙකට වෙනස්, දිවයිනේ තිබෙන ප‍්‍රධානම දේශපාලන පක්ෂ දෙක වන බැවින් එහි පුදුමයක් නැත.පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අපේ‍්‍රල් මාසය වන විට පැවැත්වෙනු ඇතැයි අගමැති වික‍්‍රමසිංහ වරක් පැවසුවේය.රජය මේ සම්බන්ධයෙන් ජනවාරි මාසය වන විටදීවත් තීරණයක් ගතයුතුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුව පිළියෙල කිරීමට මාසයක්වත් ඇවැසි බවත් ඔහු කීවේය.අනෙක් පසින් ජනපති සිරිසේන කියා සිටියේ මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ නව වසරේ දෙවන භාගයේදී පමණ බවය.ඒ වන විට මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් අවසන් කර එය භාවිතයට ගතහැකිවනු ඇතැයි ඔහු කීවේය.අලූත් ව්‍යවස්ථාවක් සකස් කිරීමට පෙර ව්‍යවස්ථා මණ්ඩලයට පැවරෙන රාජකාරිය වන්නේ එය යැයිද ඔහු පැවසුවේය.

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණක කටයුතු පිළිබදවද ඔහු අදහස් පලකළේය.සීමා නීර්ණය සම්බන්ධයෙන් චෝදනා නැගුණු නිසාවෙන් එසේ ඉදිරිපත් වන චෝදනා විමර්ෂණය කිරීමට තවත් කමිටුවක් පත්කළ බව ඔහු කීවේය.මෙම කමිටුවට මේ වන වට පැමිණිලි 2000 ක පමණ ප‍්‍රමාණයක් ලැබී ඇතැයිද ජනපතිවරයා හෙළි කළේය.ඒවා අධ්‍යනය කිරීමට පමණක් මාස 3 -4 ක කාලයක් ගතවනු ඇතැයි ඔහුගේ මතය වුනි.

‘ඔක්කොම ඉවර කරන්න අඩුම තරමේ මාස 6 ක් වත් යාවි.‘ ඔහු පැවසුවේය.මෙයින් අදහස් වනුයේ මැතිවරණය ලබන අප්‍රෙල් මාසයෙන් පසුව පැවැත්වීමට වැඩි ඉඩක් ඇත යන්නය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇත්තේ කෙසේදැයි විමසූ විට ඔහු කියා සිටියේ අපේක්ෂකයින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් කරන බවය.මැතිවරණ කටයුතු වලට නායකත්වය ලබාදෙන්නේ තමා බවද ඔහු ඉඟි කළේය.

‘අපි තරග වදින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ.සන්ධානය යටතේ දැනට පක්ෂ 8 ක් තිබෙනවා.ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම පක්ෂ එක්ක ගිවිසුම් වලට අත්සන් තබාවි.මේ පක්ෂ වල සහයත් එක්ක අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙන්නයි සැළැස්ම. ‘ජනපතිවරයා පැවසුවේය.

‘මමයි අගමැති රනිල් වික‍්‍රමසිංහයි මැතිවරණයේ කොහොමද කටයුතු කරන්නට යන්නේ කියලා ප‍්‍රශ්නයක් තිබෙනවා.මේක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.ඇමරිකාව,බි‍්‍රතාන්‍යය,ජපානය හා ජර්මනිය වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම අනුගමනය කරන රටවලින් අප ඉගෙනගත යුතුව තිබෙනවා.මැතිවරණයේදී වික‍්‍රමසිංහයි, මමයි අපේ පක්ෂ වල දේශපාලන ප‍්‍රතිපත්ති වලට අනුවයි කටයුතු කරන්නේ.නමුත් අපි ඒ කිසිම අවස්ථාවක එකිනෙකාව විවේචනය කරගන්නේ නැහැ.අපි දෙගොල්ලෝ ඉදිරිපත් කරන දේශපාලන සැළසුම් අනුව කවුරුන්ද තෝරාගත යුත්තේ යන්න ජනතාව තීරණය කරාවි.‘

රාජපක්ෂ සමග එක්ව කටයුතු කිරීමේ අවස්ථාව ගැන විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ මේ අයුරින්ය.

 

‘රටේ සුභසිද්ධිය වෙනුවෙන් සියලූදෙනා අතර එකමුතුකම ඇති කිරීමයි මගේ එකම වුවමනාව.මට අදාළ පුද්ගලයා කලූද,සුදුද කියන එකෙන් වැඩක් නැහැ.‘

අයවැයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළ මන්තී‍්‍රවරුන්ට විනයා විරෝධී අයුරින් හැසිරුණේයැයි දඩුවම් ලබාදීමේ අදහසක් නොමැති බවද ඔහු කීවේය.

නව වසර ආරම්භ වීමට නියමිතව ඇත්තේ රජය ජනතාවට ලබාදුන් වැදගත් පෙරොන්දු කිහිපයක්ද සමගය.නව මැතිවරණ ක‍්‍රමයක්,නව ව්‍යවස්ථාවක්,රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් හා තොරතුරු දැනගැනීමේ පණත කි‍්‍රයාත්මක කිරීම ඒ අතර ප‍්‍රධානය.නමුත් අනෙක් පසින් වෘත්තිය සමිති රජයට එරෙහි කි‍්‍රයාමාර්ග වලට අවතීර්ණ වීමට බලා සිටීමත්,රුපියලේ අගය දිනෙන් දින බාල්දු වෙමින් පැවතීමත්,රැුකියා විරහිතභාවය ඉහළ යමින් තිබීමත්,රටේ ආර්ථකය අනතුරේ බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිල වශයෙන්ම දන්වා තිබීමත් රටට අවාසිදායක කරුණුය.දේශපාලකයින්ගේ වංචා හා දුූෂණ කටයුතු පිළිඹද විමර්ෂණය කිරීම් හා ඒවාට එරෙහි පියවර ගැනීම තවමත් එතැනමය.පළාත් පාලන මැතිවරණයක්ද ළග ළගය.මේ සියල්ල හමුවේ එළැඹෙන 2016 වසර නව රජයට අභියෝගයක් වන බව නම් සැකයක් නැත.

 

ලංකාදීප සම්මුඛ සාකච්ඡාව

ප‍්‍රශ්නය - ඔබ ජනපති ධූරය භාරගෙන ලබන ජනවාරි මස 8 වැනිදාට වසරක් සැපිරෙනවා.ආපසු හැරී බැලීමේදී කළකී දේ ගැන ඔබ තෘප්තිමත්ද?

පිළිතුර - මම හිතන්නේ අපට ගොඩක් සතුටු වෙන්නට පුලූවන් මේ ගතවෙලා තියෙන කාලයයි පසුගිය රජය සමයේ ගෙවුනු කාලයයි සළකන කොට.මගේ සතුට නෙවෙයි මම මෙතනදී අපේක්ෂා කරන්නේ.මම බලන්නේ ජනතාව සතුටින් සිටිනවාද ඔවුන් සැලකිලිමත්ද යන්න.විශේෂයෙන් අපට කොයිතරම් දුරකට උගත් ජනතාව සෑහීමකට පත්කරන්නට හැකිවෙලා තිබෙනවාද යන්න.පසුගිය රජයයි මේ රජයයි ගත්තම ඇත්තටම ලොකු වෙනස්කමක් තිබෙන බව දැකගත හැකියි.

ජේ.ආර්.ජයවර්ධන ජනපති සමයේ හඳුන්වාදුන් විධායක ජනපතිධූරයෙන් රටට ලොකු බලපෑමක් වුනා.තනි පුද්ගලයෙක් අතට මිනිය නොහැකි තරම් බලයක් හිමිවුනා.රටේ උත්තරීතර අධිකරණයේ සිට මුල් පෙල රාජ්‍ය සේවකයින් දක්වා පත්කිරීමේ බලය හිමිවුනේ රටේ ජනපතිවරයාට.මේ නිසාම බලය අයුතු ලෙස භාවිතයට ගන්න වුවමනා තරම් ඉඩ තිබුණා.ඒ අවස්ථා පසුගිය කාලවලදී අප දුටුවා.නමුත් වර්තමානයේ සාමාන්‍ය ජනතාව එහෙම තනි පුද්ගලයෙකුගේ තීරණ වලට යටවෙලා ජීවත් වන්නට කැමති නැහැ.තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔවුන් බොහෝ දුරකට ගිහින්.ඔවුන්ව දම්වැල් වලින්,තාප්ප වලින් හිරකර තබන්නට කොහෙත්ම බැහැ.

නමුත් දැන් තත්ත්වය වෙනස්.ස්වාධීන මැතිවරණ කොමිසම අපි පිහිටෙව්වා.ඒ එක්කම පොලිස් කොමිසම,මහජන සේවා කොමිසම,මානව හිමිකම් කොමිසම,අධිකරණ සේවා කොමිසම මේ ආදිය දැන් කි‍්‍රයාත්මකයි.මේවා රටට අත්‍යාවශයමවී තිබූ දේවල්.

 

නමුත් ඇත්ත.එදිනෙදා ජීවතයේදී විශේෂයෙන් ජීවන වියදම සැළකීමේදී සමහර තැන් වල සෑහීමකට පත්වෙන්න පුලූවන් තත්ත්වයක් නැහැ.මම ඒක පිළිගන්නවා.බඩට වඩා රිදෙන දේවල් වෙන නිදහස,ප‍්‍රජාතන්ත‍්‍රවාදය,නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය,මානව හිමිකම් ආදියට ව්‍යවස්ථාවේ හිමි නිසි තැන ලබාදෙන්නට අපි කටයුතු කරමින් සිටින්නේ.අද සුදු වෑන් නැහැ.දේශපාලනයේ නාමයෙන් සිදුවන මිනී මැරුම් නැහැ.අපිට මේ ගැන ගොඩක් කතා කරන්න පුලූවන්.ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න හැකි සෑම පියවරක්ම අපි ගනිමින් සිටිනවා කියා සදහන් කරන්න මම කැමතියි.ඉතින් මම නම් මේ යන ගමන ගැන සතුටින් සිටින්නේ.

ප‍්‍රශ්නය - රජය එක පැත්තකින් එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරන අතරේ අනෙක් පැත්තේන් හමුදා සාමාජිකයින් සිරගත කරනවා කියා චෝදනාවක් නැගී තිබෙනවා.මොකක්ද ඔබේ පිළිතුර?

පිළිතුර - මා සිතන්නේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරනවා කියලා අපට චෝදනා කරන අය ඉස්සෙල්ලාම ගිහිල්ලා කණ්නාඩියකින් තම තමන්වම බලාගත්තොත් හොඳයි.පසුගිය රජය යටතේ මොන තරම් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ප‍්‍රමාණයක් නිදහස ලැබුවාද? 2009 - 2014 කාලයේ 12000 ක විතර ප‍්‍රමාණයක් නිදහස ලබා තිබෙනවා.සමහරු පුනරුත්ථාපනය ලැබූ අය.තවත් සමහරු පුනරුත්ථාපනය වෙමින් සිටි අය.කරුණා අම්මාන් ගනිමු.ඔහු නැගෙනහිර ප‍්‍රදේශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 700 ක් මරා දැමිීමේ සිද්ධියට සම්බන්ධ කෙනෙක්.නමුත් ඔහුට පසුගිය රජයෙන් අවස්ථාව හිමිවුනා සකී‍්‍රය දේශපාලනයට පිවිසෙන්නට.ඒ එක්කම ඔහුව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ උප නායකත්වයටත් පත් කෙරුණා.

නැගෙනහිර පළාත් මහ ඇමැති ලෙස පත්කෙරුණු පිල්ලෙයාන් ඊට ඉස්ලේලා මොනවාද කළේ කියලා කියන්න වුවමනා නැහැ.එල්.ටී.ටී.ඊ යට අවි සැපයූ මහා ධනයක් රැස්කරගෙන හිටපු කේ.පීට සැළකුවේ කොහොමද පසුගිය රජය? මේ ඔක්කොගෙන්ම ඔවුන් පෙන්නුවේ පැරණි වැරදි අමතකර කර දමලා ඉදිරියට යන්නට කැමැත්තෙන් ඉන්නා බව.

නමුත් අද නිදහස් කෙරෙන මේ සිරකරුවන් අතරේ කරුණා අම්මාන් වගේ බරපතල චෝදනා තියෙන අය නැහැ.එහෙම අය හිටියානම් අපිට ඔවුන්ව නිදහස් කරන්නත් බැහැ.අපි නිදහස් කරන්නේ තවදුරටත් සිරගත කර තබාගන්න බැරි අය.සමහරු නිදහස් කරලා තියෙන්නේ ඇප පිට.සම්පූර්ණ නිදහස ලබාදීලා නැහැ.මේවා කරන්නේ අපි දෙගොල්ලෝ අතර තියෙන තරහ මරහ අමතක කර දමන්නට.වෛරය මකා දමන්නට.ඔක්කොම කැප වෙන්නේ නැතිව සාමයක් බලාපොරොත්තු වෙන්නට බැහැ.

ආරක්ෂක අංශ සාමාජිකයෝ අත්අඩංගුවට ගැනීම ගැන ඔබ සඳහන් කළා.යුද බිමේදී ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිපැදිය යුතු නීති තිබෙනවා.ඒවා අන්තර්ජාතිකව පිළිගත් නීති.ඒවා කඩකර ඇත්නම් වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතුයි.ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගන්න.ඔහුට දඩුවම් ලැබුණු හැටි මතක ඇති.හමුදා විනය උල්ලංඝණය වන අයුරින් හැසිරිලා තිබෙනවා නම් දඩුවම් නියමයි.දැනට අත්අඩංගුවේ සිටින හමුදා සාමාජිකයින් සම්බන්ධයෙන් මේ පරීක්ෂණ කටයුතු ආරම්භවී තිබුණේ බොහොම කලින් ඉදන්ම.

පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න කියලා ඉල්ලීම පැමිණියේ ජනතාව අතරින්ම.එක්ගනැලිගොඩ සිදුවීම,ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය,නඩරාජා රවිරාජ් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයාගේ ඝාතනය, මේ වගේ සිදුවීම්වලට ලංකාවේ විතරක් නොවෙයි,අන්තර්ජාතික තලයෙත් ලොකු අවධානයක් හිමිවුනා.

මේ වගේ ගැටලූ දිහා බැලිය යුත්තේ නිර්පාක්ෂිකව.වරදක් කළා නම් ඒ පුද්ගලයා කවුරුන් වුවත් දඩුවම් ලැබිය යුතුයි.වැරදි දේශමාමකත්වයෙන් වසා දැමිීම කිසිසේතම සිදුනොවිය යුතුයි.ඉදිරියට මේ වගේ දේවල් අපේ රටේ සිදුවෙන්න ඉඩ තබන්න බැහැ.

ප‍්‍රශ්නය - මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයෙන් සිදුකරමින් සිටින්නේ දේශපාලන දඩයමක් කියා ඇතැම් විපක්ෂ මන්තී‍්‍රවරුන් චෝදනා කරනවා.එම ඒකකයේ සිටින ඇතැම් නිලධාරීනුත් තමන්ට ලැබී තිබෙන බලතල පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගන්න යොදාගනිමින් ඉන්නවා කියලත් චෝදනාවක් තිබෙනවා.

පිළිතුර - දේශපාලඥයින්ගේ වංචා හා දුූෂණ රටට හෙළි කරන්නත් ඒවාට හවුල් වෙලා ඉන්න අයට දඩුවම් කරන්නත් අපි පොරොන්දුවක් දුන්නා.ඒ අනුව දැන් විශේෂ ජනපති කොමිසමක් පවා පිහිටුවා තිබෙනවා ලැබෙන චෝදනා විමර්ෂණය කරන්නට.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකට ගැන පවසනවානම් එහි කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් සැළකිය යුතු තරමේ විවේචනය තිබෙනවා කියා මම පිළිගන්නවා.ඔය කියපු මන්තී‍්‍රවරු මා හමුවට පැමිණිලාත් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.ඒ අයට මම නම් කිව්වේ සාක්කි ඇතුව චෝදනා ඉදිරිපත් කරන ලෙස.නිර්පාක්ෂිකව අදාළ පරීක්ෂණ කටයුතු දියත් කරන එක මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ වගකීමක්.ඒ වගකීම ඔවුන් නිසි අයුරින් තේරුම් අරන් කටයුතු කරමින් ඉන්නා බවක් මට පේනවා.නමුත් චෝදනා රැුසකුත් තිබෙනවා.

මේ චෝදනා විමර්ෂණය කරන්නට පරීක්ෂණයක් පවත්වන්නය කියා මම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා අනෙක් පාර්ශවයන් එක්ක සාකච්ඡුා කරන්නත් මම සැළසුම් කර තිබෙන්නේ.

 

ප‍්‍රශ්නය - විධායක ජනපතිධූරය අහෝසි කර අලූත් ව්‍යවස්ථාවක් හදුන්වාදෙන්න රජය සැළසුම් කර තිබෙනවා.මේ සදහා ජනවාරි 9 වැනිදා සිට පාර්ලිමේන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් හැටියට යොදාගන්නත් නියමිතයි.නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට කොපමණ කාලයක් ගතවේවිද?

පිළිතුර - නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අප සියලූදෙනාම තේරුම්ගෙන සිටින්නක්.19 වැනි සංශෝධනයට ප‍්‍රථමයෙන් රටේ මොන වගේ තත්ත්වයක් තිබුණාද යන්න මා සිතන්නේ නැවත නැවතත් මතක් කළ යුතු නැහැ.මා සිටින්නේ විධායක ජනපතිධූරය අහෝසි කළ යුතුය යන මතයේ.ඒ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ පාර්ලිමෙන්තුව.ඒ ගන්නා තීරණය මොන වගේ වුනත් මම මගේ උපරිම සහය ලබාදෙනවා.විධායක ජනපතිධූරය ලංකාවට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.

සමානුපාතික ඡුන්ද ක‍්‍රමය අතිශයින් දුූෂිත ක‍්‍රමවේදයක් බව ජනතාව පවා පිළිගන්නවා.මේක දේශපාලඥයින්ට මුදල් උල්පතක්.සමහරු සොරකම් වල පවා නියැළෙනවා.නව මැතිවරණ ක‍්‍රමයක් අවශ්‍යයි.ජනතාව එය හොදින් වටහාගෙන සිටින්නේ.අප මුලින්ම සිදුකළ යුත්තේ එය.ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමෙන් වසරක් පමණ ගතවන තැන නව ව්‍යවස්ථාව හදුන්වාදෙන්නට මා සිතන්නේ පිළිවන් වේවි.ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු වලට දෙස් විදෙස් සහය ලබාගැනීමත් අවශ්‍යයි.

ප‍්‍රශ්නය - විධායක ජනපතිධූරය අහෝසි කෙරුණායින් පසුව ඔබ ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වනවාද?

පිළිතුර - මම පැහැදිලිව කියා තිබෙනවා නැවත වරක් ජනපතිවරණයකට ඉදිරිපත් වන්නේ නැති බව.නමුත් එයින් අදහස් වන්නේ නැහැ මම දේශපාලනයෙන් ඉවත් වන බවක්.දේශපාලකයෙක්ට දේශපාලනයෙන් ඉවත්ව ජීවත්වන්නට බැහැ.එයයි සත්‍යය.එනිසා මම මගේ දේශපාලන න්‍යාය හා ප‍්‍රතිපත්ති දිගටම අනුගමනය කරනවා.

ප‍්‍රශ්නය - විධායක ජනපතිධූරය අහෝසි කිරීමෙන් පස්සේ එතැන හිමිවන්නේ අගමැතිවරයාට.අගමැති තනතුරට තරගකිරීමේ සැළැස්මක් ඔබට තිබෙනවාද?

පිළිතුර - පොදු අපේක්ෂකයා ලෙස නම් කර තිබෙනවා කියා මා දැනගත්තේ පැය 24 ක් ඇතුළත.එනිසා මට කියන්න බැහැ මම ඒ කාලය වෙනකොට මොනවා කරනු ඇතැයිද කියන එක.මගේ දේශපාලන දිවියට මේ වෙනකොට අවුරුදු 49 ක්.මට කරන්න තියෙන්නේ එදා ඉදන්ම අද වෙනකන් මම කරන දෙය.අද වැඩ කරන්න.හෙට දවස ආ විට ගන්නට වුවමනා තීරණය ගන්න.

ප‍්‍රශ්නය - ඇතැම් අයවැය යෝජනා ප‍්‍රබල විවේචනයන්ට ලක්වුණා.විපක්ෂය පැවසුවා මෙතරම් සංශෝධනයන්ට ලක්වුණු අයවැයක් ලංකා ඉතිහාසයේම නැතිය කියා.ඒ එක්කම ඇතැම් අවස්ථාවලදී ඔබටත් අයවැය සංශෝධනය කරන්න මැදිහත් වන්නට සිදුවුණා.මේ තත්ත්වය ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

පිළිතුර - අයවැයේ හොද යෝජනා ගොඩක් තිබුණා.ගැටලූ සහගත යෝජනාත් තිබුණා.සමාජයේ ඇතැම් කොටස් වලට වැදුණු යෝජනා වලට එරෙහිවයි විවේචන එල්ල වුනේ.අපි ඒ විවේචන වලට අනුව අයවැය යෝජනා සංශෝධනය කළා.ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ඒක.කවුරුහරි කියනවානම් අපි වෘත්තිය සමිති වල බලපෑම් වලට නතුවෙලා කටයුතු කළා කියලා,ඒක වැරදීමක්.

මටත් මැදිහත් වන්නට වුනු බව ඇත්ත.වතිකානයට යන්න ඉස්සෙල්ලා මම අගමැතිවරයා හමුවුනා.මම කිව්වා විරෝධතා නම් එච්චර හොද ලකුණක් නොවේය කියා.අලූත් ප‍්‍රශ්න ඇති කරන්න මම කැමති වුනේ නැහැ.නැගෙන චෝදනා හා විවේචන අනුව අයවැය යෝජනා සංශෝධනය කරන්න අප කටයුතු කරන්නට ගත්තේ එතැන ් සිට.වතිකානයේ ඉදනුත් මම අගමැතිවරයා සමග සම්බන්ධ වූවා.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ වගේම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයින් එක්කත් අදහස් හුවමාරු කරගත්තා.මම සෑම අවස්ථාවකදීම ඔවුන්ට කිව්වේ නැති ගැටලූ ඇතිකිරීමෙන් වළකින්නටය කියා.



අදහස් (0)

අළු යට ගිනි පුපුරු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 299 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 137 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1747 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1207 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 540 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1313 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33253 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23890 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site