(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කිරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පොදු ජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතා අභියාචනාධිකරණය රිට් පෙත්සමක් අද (03) ගොනු කළේය.
රේණුක පෙරේරා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන ආරක්ෂ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය ඇතුළු තිදෙනෙක් නම් කර ඇත.
නීතිඥ සජුනි සෙනවිරත්න මහත්මිය මඟින් පෙත්සම ගොනුකරන රේණුක පෙරේරා මහතා 2024 දෙසැම්බර් 10 වැනිදා ආනන්ද විජේපාල මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත් කළ බවත් පසුව 2024 දෙසැම්බර් 18 වැනිදා ඔහු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් පත් කළ බවත් සඳහන් කළේය.
ආනන්ද විජේපාල මහතා ජනාධිපති ලේකම්කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් රජය සමඟ විවිධ ගිවිසුම් වලට එළඹීමට සිදුවන හෙයින් එම තත්වය යටතේ ගිවිසුම් සම්බන්ධයෙන් බලපෑම් කිරීමට හැකියාව ලැබෙන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය සේවයේ තනතුරක් දැරිය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියේ සඳහන් බවද මේ අනුව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදාළ තනතුර දැරීම ව්‍යස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බවද සඳහන් කර ඇත.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදාළ තනතුර දැරීම නීතියේ ආධිපත්‍යය මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සහ ස්වරිහාවය උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දෙන පෙත්සම්කරු වගඋත්තරකරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයන් නිකුත් කරන්නැයිද ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කරන රිට් ආඥවක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.
වගඋත්තරකරුට අමාත්‍යධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඔහුට දඩයක් නියම කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරු පෙත්සම විභාග කරන ලෙසත් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී.
ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැත
නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.
රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව
මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන
ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා එහි සංචාරය ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආනන්ද විජේපාලට එරෙහිව රිට් පෙත්සමක්
යෝගා Monday, 03 February 2025 04:44 PM
අනුර අවුරුදු තිහකට වැඩිය නීති හදන පාර්ලිමේන්තුවේ හිටියා, රටේ නීතිය ගැන හරිහමන් දැනුමක් නෑනේ. වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් ඔලුව පිරුණම එහෙම වෙන්න පුළුවන්.