(යොහාන් භාසුර)
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත් කර තිබේ.
වරායේ ගොඩගැසුණු කන්ටේනර් නිෂ්කාශනය නොකිරීම සැළසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද අදාල යන්න කමිටුව සොයා බැලීමට නියමිතය.
ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂණයට ලක් නොකර නිෂ්කාශනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්වය පිළිබඳව ද එම කමිටුව විමර්ශනය කිරීම ද එම කමිටුවට භාරවී තිබේ.
නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න මහතා එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එහි සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එම්.එස්.බී. ජයසුන්දර, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර යන මහත්වරු කටයුතු කරති.
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය විශාඛා ඇලපාත මහත්මිය කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නීය.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙම
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.
අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි .
ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සුළං විදුලි කුළුණක තට්ටක් හදිසියෙ අද (2) හවස කඩා වැටිමේන් කන්දකුලිය කුරිඤංපිටියේ නිවාස තුනකට හානි සිදුවි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර වි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආනයනික බහලුම් නිෂ්කාශනය ගැන සොයන්න කමිටුවක්
විපරමා. Sunday, 02 February 2025 04:42 PM
ජනතාව කුලප්පු කරවන චිවරධාරියෙක් බලන්ගොඩ පළාතේ ඉන්නවා. කොමිටියට එයාවත් දාගත්තා නම් හොඳයි...
soma Sunday, 02 February 2025 07:32 PM
දෙයියෝ දනී. මං නොදනී කොමිටි වාර්තාව එනකං ඉවසමුකෝ...