IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


ආයෝජන කලාප වලට ජපන් ගිනි නිවන රථ

(අංජුල මහික වීරරත්න)

ජපාන රජයේ ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපනයන සැකසුම් කලාප වල ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ වැඩි දියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප තුළ නවීන ගිනි නිවන උපකරණ සහිත අභ්‍යන්තර ගිනි නිවන ඒකක ස්ථාපිත කිරීම මගින් ආයෝජකයින් තුළ විශ්වාසය ගොඩනැංවීමට හැකි වන බවත්, ක්ෂණික ප්‍රතිචාර හරහා ශ්‍රමිකයින් හා කර්මාන්ත දේපළ ආරක්ෂා කර ගනිමින් හානි අවම කර ගැනීමට හැකි වන බවත් හඳුනාගෙන ඇත. 

ඒ සඳහා ජපන් ආර්ථීක හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් මිලියන 300ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 590ක) ප්‍රදානයක් මඟින් කටුනායක, බියගම, සීතාවක සහ වතුපිටිවල අපනයන සැකසුම් කලාප සඳහා ලීටර් 4000ක ධාරිතාවයකින් යුත් ගිනි නිවන රථ 4ක් සහ උපකරණ කට්ටල 12ක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර තිබේ. 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයෝගීතාව මත සිදු කිරීමට නියමිතය. ඒ අනුව, යෝජිත ප්‍රදානය ලබා ගැනීම සඳහා අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියකියවිලි අත්සන් කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ආයෝජන කලාප වලට ජපන් ගිනි නිවන රථ

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ක්‍රීඩා සංගම්-ආණ්ඩුව හැප්පුනොත් තැලෙන්නෙ ක්‍රීඩකයා
2025 මාර්තු මස 18 91 1

ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


ජාතික ක්‍රීඩා පනත වෙනස් කරනවා
2025 මාර්තු මස 18 110 0

ජාතික ක්‍රීඩා පනත වෙනස් කිරීමේ කාර්ය බොහෝ දුරට අවසන් කර තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මේ ඇමතිටත් ඒ ලෙඩේම හැදිලද?
2025 මාර්තු මස 18 296 0

වත්මන් ක්‍රිකට් පාලකයන් මේ රටේ ක්‍රිකට් නැත්තටම නැති කරලා.ජාවාරමක් බවට පත්කරලා තිබෙන බව ඕනෑ කෙනෙක් පිළිගන්නවා.ඇමතිවරයාට එක් පෑන් පහරින් මේ දූෂිතයන්


ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට
2025 මාර්තු මස 18 121 0

ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


වැඩිම ඡන්ද දායකයන් ගම්පහින්
2025 මාර්තු මස 18 123 0

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ගම්පහ නියෝජ්‍ය මැතිවණ කොමසාරිස් රවීන්ද්‍


මැතිසබයට අලුත් ආංශික කමිටු 7ක්
2025 මාර්තු මස 18 129 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හතක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 889 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 326 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site