විදේශයේ ජන්ම ලාභය ලබා විදේශ උසස් අධ්‍යාපනය ලබා ලෝක භාෂාවන්හී නිපුණ ශ්‍රී ලාංකික දරුවන්ගේ ශිල්ප ඥානය නොදැනුවත්ම මව් රටට නොලැබීම, ඔවුන් රටට අහිමිවීම, රට සල්ලි ගලා ඒම පහළ බැසීම, වාණිජ ප‍්‍රතිලාභ මන්දගාමිවීම ආදි කරුණු දියුණුවට පය තබන දියුණුවේ ආශ්චර්යක් බලාපොරොත්තු වන රටකට එතරම් සුදුසු නොවෙතියි ද, ද්විත්ව පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය එවැනි ගැටලු මතු කරයි.
ඉතාලියේ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහාභාගි වෙමින් සියරට බලා යන අතරතුර ආගමන හා විගමන නිලධාරීන්ගේ වෘත්තීය සමිති සභාපති ප‍්‍රධාන ආගමන හා විගමන නිලධාරි ජයන්ත රත්නායක මහතා සමග ඉහත සදහන් ව්‍යාකූල ද්විත්ව පුරවැසි භාවය ගැන පැරීසියේදි එසැණ සාකච්ඡාවක් පැවැත්විය.
ප‍්‍රශ්නය - ඉතාලියේ පැවැත්වූ ආගමන හා විගමන ක්‍ෂේත‍්‍රයට අනුබද්ධ විදේශ සරනාගතයන් සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවකට ඔබ සහභාගි වුණා නේද? ඒ ගැන විස්තර කළ හැකිද?
පිළිතුර - සරණාගතයන්ගේ ජාත්‍යන්තර නීතිය හා ඔවුන්ගේ මානව අයිතිය පිළිබඳවයි එම සමුළුව පැවැත්වුයේ. ප‍්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව, අප‍්‍රිකා රටවල් සමග රටවල් 52ක් එම සමුළුව නියෝජනය කළා. රටවලට ඇතුළු වන අනාථයන් හා සිවිල් යුද්ධ හා පාරිසරික විනාශයන්ගෙන් අවතැන්වූවන් පිළිබඳව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සමුළු න්‍යාය පත්‍රයේ ප්‍රධාන තැනක් ගත්තා.
ඒ අතරට ජාත්‍යන්තර මානව නීතිය, මානව අයිතිවාසිකම් නීතිය, හා අනාථයන් පිළිබඳ නීතිය යන කරුණු තුන යටතේ ඔවුන්ගේ අභිමානය රැකෙන ලෙස ඔවුන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න එහිදී සාකච්ඡා වු විශේෂ මාර්තෘකාවක්. රටක ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්නේ කෙසේද යන්නත් ඒ අතරම කතා කළා.
රටකට ඇතුළු වන සරණාගතයන්ගෙන් එම රටේ ජාතික ආරක්ෂාව රැක ගතයුතු ක‍්‍රමවේදය ගැනත් සරණාගතයන් වෙන් නොකර ඔවුන්ගේ මානව අයිතිය රැකෙන ලෙස සාමාන්‍ය ජනතාව ලෙසම ඔවුන් පිළිගත යුත්තේ කෙසේද යන්නත් එම සමුළුවේදී ප‍්‍රධාන මාතෘකාවක් වුණා.
සමුළුවේ දේශන සදහා පැමිණි විද්වතුන් අතර හේග් නුවර ලෝක ජාත්‍යන්තර අධිකරණයේ හිටපු විනිසුරු ඉතාලියේ මිලාන් සරසවියේ මහචාර්ය ෆෝකා, ස්විට්ස්ර්ලන්තයේ එක් කැන්ටෙනාවක අගමැති ද පැහැදිලි කළේ සරණාගතයන් රටකට ඇතුළු වීම වැළක්වීම නොවේ. සරණාගතයන්ට හැකි තරම් උදව් උපකාර කිරීමය. ඔවුන් හැම විටකම සදහන් කළේ සරණාගතයන්ට සැලකීමයි. එය එම සමුළුවේදි මා දුටු විශේෂ ලක්ෂණය එයයි.
ප‍්‍රශ්නය - යුරෝපයට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඇතුළු වන සරණාගත සංක‍්‍රමණයක් නොමැති තරම් පහළ මමට්ටමකයි පවතින්නේ. එවැනි පරිසරයක ඉහත සමුළුවේ තීන්දු තීරණ ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන්නේ කෙසේද?
පිළිතුර - සරණාගතයන් ලෙස රටින් බැහැරවන පිරිස් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත්. එනමුදු අනාථයන් සම්බන්ධව විශේෂ සම්මත ක‍්‍රම තුනක් යටතේ ඔවුන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා.
ඒ අනුව ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔහුගේ හෝ ඇයගේ මව් රටට පිටත් කර යැවීම, මව් රටේ හෝ දැනට ඉන්න රටේ ජීවත් වීමට අකමැති නමුත් පවුල් සහජීවනය ප‍්‍රධාන කොට තමන්ගේ දරුවන් හෝ පවුලේ ලේ ඥාතීන් වෙනත් රටක සිටී නම් හා එහි යෑමට කැමැති නම් ඔවුන් සිය පවුලට ලබාදීම හා ඉහත සදහන් ක‍්‍රම දෙකට අයත් නොවන්නන් දේශීය සමාජයට බද්ධ කිරීම ශ්‍රී ලංකාව විසින් සිදු කරනවා.
පකිස්තානයේ අහාමදී යනුවෙන් හැදින්වෙන කතෝලික ජන කොට්ඨාසය මුහුණදී ඇති ප‍්‍රශ්න හමුවේ ඔවුන් සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිනෙනවා. එසේ එම ජනතාවට ඉහත සඳහන් ක‍්‍රම අනුගමනය කරමින් නැවත ඔවුන් පවුල් වටා ඒක රාශි කිරීමට අපේ රට කටයුතු කරනවා. ඉහත දැක්වූ කරුණු අනුව 1951 ජාත්‍යන්තර මානව සරණාගත නීති ප‍්‍රකාරව ශ්‍රී ලංකාව කටයුතු කරනවා.
ප‍්‍රශ්නය - විදේශ ගත ශ්‍රී ලාංකිකයන් යනු රටට සල්ලි උපයා දෙමින් ජාතික ආදායම පෝෂණය කිරීමට දායක වන විශේෂ ජනතාවකි. ඔවුන්ගෙන් සමහර දෙනා විවිධ පහසුකම් සදහා එම රටවල පුරවැසිකම ලබා ගන්නවා. එසේවූ විට ඔවුන්ගේ මව් පුරවැසිකම ස්වයංක‍්‍රීයව අහිමි වෙනවා. එසේ සිදුවන රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත්. එනමුදු අහෝසිවූ මව් පුරවැසිකම ලබා ගැනීම හෙවත් ද්විත්ව පුරවැසිකම ලබා ගැනිමේ ව්‍යවස්ථානුකූල ක‍්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ ඇතත් අද වන විට එය අකර්මණ්‍ය තත්වයට පත්වී ඉබ්බාගෙන් පිහාටු ගන්නා තත්වයට පත්වී තිබෙනවා.ජාතික සම්පතක් නොලැබී යාම රටකට එතරම් සුදුසු නොවේ. ඔබේ ආයතනය මෙම විෂයේ මූලික බලයලත් ආයතනයයි.
පිළිතුර - වාණිජ ප‍්‍රතිලාභ කෙසේ වෙතත් බුද්ධිමය ප‍්‍රතිලාභ හා හොඳ පුරවැසියන් රටක දියුණුවට ඉතාමත්ම අවශ්‍යයයි. එවැනි ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් විදේශවල ජීවත් වෙනවා. එබැවින් ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මොන ක‍්‍රමයකින්වත් නවත්වා නැති බව පළමුවෙන් කිවයුතුය.
එක් එක් කාලයන්හිසමාජයේ ඇතිවන වෙනස් වීම් හා ඊට අනුගතවීම, සුපරික්ෂාව, ජාතික ආරක්ෂාව ආදි විෂයන් හේතුවෙන් යම් මන්දගාමි බවක් ඇතිවිය හැකියි.
එම ක‍්‍රමය මීටත් වඩා පලදායී හා සුදුසු ක‍්‍රමයකට ගෙන ඒමට අවශ්‍ය පරිසරය ගැන වර්තමානයේ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව ආයතන කිහිපයක් සමග කටයුතු කිරීමට සිදුවී තිබෙනවා.
නීති කෙටුම්පත් සම්පාදක, නීතිපති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව, ඇමැති මණ්ඩලය, ආගමන හා විගමන දේපාර්තමේන්තුව ආදි ලෙස ආයතන ගණනාවක් සමග කටයුතු කිරීම සංකීර්ණ ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. එම නිසා මෙය යථාවත් කිරීමට සුදුසු ක‍්‍රමවේදය තමයි, සාකච්ඡාවේ පවතින්නේ. එය ඉතා ඉක්මනින් අවසානයකට ඒවි යැයි මම සිතනවා.
ප‍්‍රශ්නය - මොකක්ද ඔය කියන සංකීර්ණත්ත්වය?
පිළිතුර - ආයතන කිහිපයක් සමග මේ සම්බන්ධව කටයුතු කිරීම, ඊට අදාල විශේෂ අණ පනත් සංශෝධනය ආදි කටයුතු ඉහත සංකීර්ණත්වයට හේතු පාදකවේ. ඒ අතරට ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් සමහර දෙනා රටට විරුද්ධව හා ජාතික ආරක්ෂාවට හානි වෙන අයුරින් කටයුතු කර ඇති බව සොයා ගෙන තිබෙනවා.
එබැවින් ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට සිදුවී තිබෙනවා. එම නිසා එවැනි වැරදි කරන අයට අනවශ්‍යය ලෙස රිංගා යෑමට නොහැකි ලෙසත්, ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් රටේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් සුදුසු සරල ක‍්‍රමවේදයක් සැකසීමට අවශ්‍යය නිසා මෙම මන්දගාමි බවක් තිබෙනවා.
කෙසේ නමුදු මෙම සියලූ කරුණු හේතු කොට යම් සංකීර්ණත්වයක් නිර්මාණය වුවද සුදුස්සාට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට අසාධාරණයක් නොවෙන ලෙස කටයුතු සිදුවෙනවා.
ප‍්‍රශ්නය - ඒ සදහා තව කොපමණ කලක් ගතවේ යැයි ඔබ සිතන්නේද?
පිළිතුර - ඒ ගැන මට හරියටම කීමට නොහැකි වුවත් මගේ පෞද්ගලික මතය නම් තව මාස දෙක තුනකින් අදාල කටයුතු ආරම්භ කරාවි.
ප‍්‍රශ්නය - ඔබ ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන නිලධාරීන්ගේ වෘත්තිය සමිතියේ සභාපති හා වෘත්තීය සමිති නායකයෙක්. ඔවුන්ගේ සේවා අයිතීය දිනා ගැනීම සදහා මේ දක්වා ඔබට ධූර කාලය තුල හැකිවී තිබේද? එසේ නොවේ නම් ඒ මන්ද?
පිළිතුර - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බිහිවුණේ 1949දි. 1954 දි මෙම වෘත්තීය සමිතිය ඇතිවුණා. 2013 දි මම සභාපති ලෙස පත්වුණා. මෙම ආයතනයේ සේවකයෙකු මෙම තනතුරට පත්වු ප‍්‍රථම අවස්ථාව මෙයයි. ඉන් පෙර විවිධ ඇමතිවරුන් හා ජාතික තලයේ පිළිගත් වෘත්තීය සමිති නායකයන් මෙම තනතුරට පත්වී තිබෙනවා.
මේ දක්වා වසර හැටක දී ඇමතිවරුන්ට හා ජාතික වෘත්තීය නායකයන්ට කිරීමට නොහැකිවූ දේ එක රැයකින් විසඳීමට මට හැකි යැයි කෙනෙක් සිතනවා නම්, එය විහිළුවක්
එනමුදු ඔවුන්ට ප‍්‍රශ්න නැතුවාද නොවේ.
අපේ ආයතනයේ ආගමන හා විගමන නිලධාරීන් බොහෝමයක් සිටිනවා. මෙම වෘත්තීය සමිතිය ඔවුන්ගේ එකතුවක්.
උපාධිය සමත් වීම,පරිගණක දැනීම, විදේශ භාෂා දැනුම හා හොඳ ශරීර සෞඛ්‍ය ආදි දේ හොඳින් සම්පූර්ණ කළ සුදුස්සන් මෙම තනතුරට තෝරා ගන්නවා.
ඊට අදාල වැටුප් විෂමතා ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන ජනාධිපති ලේකම් දක්වා අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. නමුත් එම වැටුප් ප‍්‍රශ්නය වෙනත් ආයතන සමග ගැටෙන බැවින් විශේෂ වැටුප් කොමිසමකට අනුයුක්ත කොට වෘත්තීය සමිති යෝජනා භාර දීමට දිනයක් නියම කර එම යෝජනා ඉහත කොමිසමට බාරදී විමර්ශනයකට භාජනය කොට එහි ප‍්‍රථිපල බලාපොරොත්තුවෙන් සිටිනවා.
ප‍්‍රශ්නය - දිනකට විශාල මුදලක් එක් රැස්වෙන විදේශිකයන්ගේ වීසා බලපත් දීර්ඝ කිරීමේ කාර්යාලයේ අපිරිසිදු කමත්, ඉහත ක‍්‍රියාව සිදු කිරීමට ගත කරන අනවශ්‍යය කාලයත් එම පිරිස් රස්තියාදු වීමට බෙහෙවින් බලපා ඇතැයි බොහෝ විදේශිකයන් කියනවා.
පිළිතුර - ඔහොම කියනවා ඇත්තේ සෑහෙන කලක් විදේශයේ ජීවත්වන අය වෙන්න ඇති. ප්‍රංශය දියුණු රටක්. ප්‍රංශය හා සාපේක්‍ෂකව බලන විට අපේ රටේ මෙම ආයතනයේ අපිරිසිදුකමක් හෝ ප‍්‍රමාදයක්. විශේෂ ලෙස දැකීමට ප්‍රංශය හුරු පුරුදු අයට පේනවා ඇති.
නමුත් මගේ දැනීමේ හැටියට අපේ ආගමන හා විගමන ආයතනය මනා පිරිසිදු කමකින් පාලනය වන අතරම එහි සේවා පතන අයට අවශ්‍ය සියලූම පහසුකම් සපයා තිබෙනවා. 2015 වන විට අපේ ආයතනය විශාල ඉඩකඩ ඇති වෙනත් ස්ථානයකට ගෙන යෑමට සැලසුම් කර තිබෙනවා. එවිට මෙම තදබදය හා ඔබ සිතන ඩුපාඩු මග හරවා වැඩක් කාර්යක්ෂම සේවයක් ලබා දීමට හැකිවේ යැයි මම සිතනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රානිලාගේ, බන්දුලලාගේ අදහස් දැකලා, මට එකම දෙයයි හිතුනේ. මින්පසු මම මහන්සියෙන් හරිහම්බ කරගන්න මුදලින් ලංකාවේ සමාජ සේවා කටයුතු සඳහා යොදන මුදල ගැන දෙවරක් හිතනවා. ඔබ වැනි කුහක අදහස් දරන අය නිසා තමා ලංකාවට ලෝකයෙන්ම ලැබෙන්න යන වටිනා දේවල් නැති වෙන්නේ. ලංකාවේ ජීවත් වුණ පළියට කැපකිරීම කළා කියනවා නම් අර ළඟදී බදු වංචාවට අසුවුණ කෙනාත් මහා කැපකිරීමක් කළ කෙනෙක්. (නි)
මාස 2ක් ඇතුලත අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරන්නකුට පුරවැසිභාවය දිය හැක. එය තර්කානුකුලය. බලයලත් රජයේ නිලධරියෙකුට එය එසේ ප්‍රකාශ කල හැක. යම් ප්‍රකාශයක් යමකු කලද මාධ්‍ය තුල අකුරු අමුණන කල් හි හා වචන හරභයා අර්ථ වෙනස් වනු ඇත. නමුත් අවංක, නිහතමානි රජයේ සේවකයෙකුට අභ්‍යන්තරය තුල ගැටුම් ඇත. ඇතැම් අවස්ථාවන් හි එය ඉස්මතු වනු ඇත. විශේෂයෙන් කම්කරු නායකුට එය දෙගුණ තෙගුණ වේ. එවිට ඔහුගේ යම් ප්‍රකාශයක් උඩු යටිකිරු කිරීම සාපරාදී අපරාදයකි. ඉහල සිටින ඇත්තෝ ඊටත් ඉහල සිටින ඇත්තෝ ඊටත් ඉහල සිටින ඇත්තෝ ඉවසා වදාර කරුණාවෙන් කරුණාවෙන් විනිශ්චය කරනු මැනවි. නීති ගරුක අවංක නිල දරුවෙකු රටකට සම්පතකි. එය රැකුම කාගේ යුතුකමක්ද ??(අ)
පොඩි මිනිස්සුන්ට තමයි මුකුත්ම කරන්න බැරි. (නි)
දැන් හඳෙත් ගෙවල් හදන්න යනවාලුනේ (නි)
ප්‍රනාන්දුයි, චින්තකයි වලිගය තිබෙන අපිට කාරුණිකව වරද පෙන්වලා තියෙන්නේ.... (නි)
ද්විත්ව පුරවැසිබව පමණක් නොවේ, සාමාන්‍ය පිටරටක ඉපදුන ළමයෙකුට පවා පුරවැසිබව ලබා ගන්න ඉතාම අමාරුයි. චින්තක, ලංකාවේ ඉන්නෙ ඉන්න තරමක් වලිගය පාගා ගත් අය තමා. අසෝකාගෙ කතාව හරියට කියවා ගන්න බැරි අයත් මේ සමඟ ඉන්නවා. (නි)
පියල්, ඔබ හරියට හරි. (නි)
අහෝ! බන්දුල නොදිටි මොක්පුර ... (නි)
පුරවැසිකම කෙසේ වෙතත් ලංකාවේ හොරට හදන පාස්පෝර්ට් ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? (නි)
තියාගන්න ඔයාලගේ ද්විත්ව පුරවැසිකම. අපිට නම් එපාම එපාමයි... (නි)
එක මකුණයි ළමයෝ කන්නේ -ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ?(දිල්)
මේ රට හැල්ලු කරලා මේ රටේ ලැබෙන දේ මදි වෙලා සැපවත් ජිවිත හොයාගෙන ගිහින් පිට රටක පුරවැසිකමක් ගන්න කට්ටිය විදින දුක දාන දහන් ගැට කරන කැපකිරීම් සුද්දන්ට කරන කැබිරිලි, කියන ගතු අපි හොදට දන්නවා.කොහොම හරි ඒක ගත්තට පස්සේ කට්ටියට මේ රටේ පුරවැසිකම ඕන වෙන්නේ අඩු වියදමින් නිවාඩුවක් ගත කරලා නෑදෑයෝ බලල යන්න මිසක් මේ රටට හම්බ කරපුව ගේන්න නෙමෙයි.මෙහෙ එපා කියල ගියානම් නම්බු පිට ඉන්නේ නැතුව මේ අපේ හිගන රටේ අහන කොටත් අගේ හිරි ගඩු පිපෙන මිනි කන්නගේ දේශයයේ පුරවැසිකම් මේ කළු සුද්දන්ට මොන එහෙකටද..එනවනම් එහෙ එක ඇත ඇරලා එන්න.(අ)
රානි, එහෙම නම් ලංකාවේ දැනට ජීවත්වෙන ද්විත්ව පුරවැසිකම තිබෙන උදවියට ඔය කතාව කියන්නකෝ. ඔබේ අදහස් දුටුවිට හිතෙන්නේ ලංකාවේ භෞතික දේවල් දියුණු වෙලා, නමුත් මිනිස්සු තවමත් පළවැනි පරාක්‍රමබාහුගේ යුගයේ කියලා. (නි)
ඔය කියන කාර්යාලය වගේ කාර්යාල දකුණු ඉන්දියාවේත් තියෙනවා.හරිම පිරිසිදුයි. (නධී)
දැන් මෙහෙන් ගීය කට්ටිය ලංකාවේ දියුණුව දැකලා ආපහු මෙහෙ එන්න හදනවා. මෙහෙම පුර වැසි කම දෙන්න ගියොත් ලංකාවේ ඉදන් ජීවිතය කැප කල අයට අසාදාරනයක් වෙන්නේ.9නදී)
අනේ මන්දා මේ කතා! (නි)
සමහර රටවල පුරවැසියන්ට අවුරුදු පහකට බලපාන පරිදි ලංකාවට ඕනෑම වෙලාවක යාමට සහ ඒමට වීසා එකක් තිබෙනවා කියලා ආරංචියි.ඒකට ගෙවන්න වෙන්නෙ කුඩා මුදලක් කියලත් කියනවා. (නි)
අපොයි මට නම් ඕක ගෙදරට ගෙනවිත් දුන්නත් එපා කියනවා. (නි)
බන්දුල පෙරේරා මේ වතාවේ කළ ප්‍රකාශය නම් සදාචාර සම්පන්න නැහැ නේද? ලාංකික සමාජයේ පවතින කුහකත්වය ඔබ තුළත් පමණ ඉක්මවා ඇති බව ඔබ අද ඔප්පු කළා. මට පෙනෙන විදිහට වර්තමාන පාලකයින්ට ඇති ප්‍රධාන බාධකය තමයි විදේශගත ශ්‍රමිකයින්. කුමන අධ්‍යාපන මට්ටමක වුවත් තම දෙනෙතින් ලෝකය දැකගත් අයගේ ආකල්ප ලංකාව තුළ ජිවත් වෙන අයට වඩා බොහෝ වෙනස්. ඒ අතරිනුත් පිටරටක පුරවැසිභාවය ලබාගත් අය විශේෂයි. ඔවුන්ගේ දැනුම බුද්ධිය මෙරටට ලැබීමත් සමහරුන්ට තර්ජනයක් ලෙස හිතෙනවා ඇති. විදේශ රටක පුරවැසිභාවය ඇති අයට මා නම් කියන්නේ, ඔබට සුදුසු කාලය පැමිණෙන තෙක් ඉවසීමෙන් ඉන්න කියලයි. (නි)
ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්න උනන්දුව ඉතාම අඩුයි. මේ දක්වා ද්විත්ව පුරවැසිකම අරගෙන තියෙන්නේ 3000 ටත් අඩු පිරිසක්. (නි)
බන්දුල මහතාණෙනි, එතකොට ඔය රටේ ඉහළම පෙළේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන ඔබ මොනවාද කියන්නේ? අන්න ඒ අයට ඕවා ගිහින් කෙළින්ම කියන්න. එවිට ඔබ නියම රටට ආදරයක් තිබෙන අවංක වීරයෙක් වේවි! (නි)
මේ ද්විත්ව පුරවැසිකම ගන්න කට්ටිය මෙච්චර උනන්දු වෙන්නේ ඇයි?ඇවිල්ලා ලංකාවේ නවතින්නද? ඒකේ සැගවුණු අර්ථයක් තිබෙනවා.95% ක්ම මේක ගන්න හදන්නේ ඒ නිසයි (නි)
භුමි පුත්‍රයෝ වෙලා රට ට වින කරනවා ට වඩා පිටරටකට ගිහින් මනුස්සයන් හැටියට ජීවත් වෙන එක අපිට නම්බුයි.(ස)
අමිල වෙනත් රටක හිටිය නම් කියන්නේ ඔකේ අනිත් පැත්ත. ඕක තමි අපේ කට්ටිය හඳුනා ගන්න පුළුවන් සුපිරි අනන්‍යතාවය.පලය හටගන්නා හේතුව කියන්න ඕනේ නැහැනේ.(ස)
පිටරට පුරවැසිකම ගත්තම මෙහෙ තියෙන දේපල වස්තුව එයාලට අයිති වෙන එක නවතිනවා. මෙහෙ තියෙන වස්තුවට කෑදර කමේ ද්විත්ව පුරවැසිකම ඉල්ලනවා මිසක් මෙහෙට තියෙන විෂේශ ආදරයක් කාගේ ලගවත් නැහැ.(නදී)
මම ඉන්න රටේ අය නම් ඕක ගන්න හදන්නේ වීසා ගාස්තුව අඩු කර ගන්න. මෙහෙමත් මිනිස්සු. (ස)
කුසුම්,,,,අසෝක කියල තියන දෙය අයෙත් පාරක් කියවන්න...ඔයාගේ පැත්තේම තමයි එයත්...එකයි ඔයාට වලිගෙ පෑගිලා කියල අනිත් අය කියන්නේ. (ස)
චමින්දට ගොඩක් ස්තූතියි! (නි)
නවීන්, ඒ අය ගොඩක් ප්‍රශ්න මැද්දේ ඉන්නේ. ඒක වෙන්න ඇති ගතිගුණ පිරිහෙන්නේ. අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. ඒක අපේ යුතුකම කියලා විතරක් හිතමු. (නි)
නිලුපුලි, ඔන් ලයින් වීසා නිකුත් කරන්නේ මාසෙකට විතරයි. ඊට පස්සේ වැඩිපුර දවස් ඉන්නවා නම් නැවත කොලඹ කාර්යාලයට ගිහිල්ලා වීසා ලබා ගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ලංකාවට පැමිණීමට පෙර ,තමන් සිටිනා රටේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයකින් ලංකාවේ නැවතී සිටිනා සම්පුර්ණ කාලය සදහාම වීසා ලබා ගත හැකියි.(නදී)
දැන් කන්තෝරුවට යන්නේ නැතුව විසා ඇප්ලයි කරන ක්‍රමයක් තියෙනවා නේද? (නදී)
බන්දුල පෙරේරාට නම් පිටරට ඉන්න උදවිය එක්ක එසේ මෙසේ ඊර්ෂ්‍යාවක් නෙමෙයි තියෙන්නේ. එකත් එකටම මොකක් හරි රටකින් වීසා ලබා දීම ප්‍රතික්ෂේප කරන්න ඇති. එහෙම අයට තමා මේ වගේ හිතේ අමාරු හැදෙන්නේ. (නි)
ඕක දෙන්න බැරිනම් තියා ගන්න නිකන් අතේ අහුවෙන බොරු කියමින් සවුත්තු වෙන්නේ නැතුව. නිලධාරීන් නිසා තමයි අද ලංකාවේ රාජ්‍ය සේවය වල පල්ලට වැටිලා තිබෙන්නේ , විසා කන්තෝරුවේ පිරිසිදු කම සහ රස්තියාදුව ගැන නම් කතා කරන්න එපා , (ස)
ඒක නම් සහතික ඇත්ත. ආවාට ගියාට කොහොමද පුරවැසිකමක් දෙන්නේ? (නි)
මම හොයාගත්ත ද්විත්ව පුරවැසිබවය ලබාගන්න බැරි හේතුව (ස)
බන්දුල, ලින්ගේම්බෝ වගේ උපන් තැනට වෙලා කන්න නැහැ බොන්න නැහැ කියල රටට විනයක් නොවී පුළුවන් තැනකට ගිහිල්ල සාදරනව හරි හම්බ කරගෙන ජීවත්වෙන්න කියන එක තමයි හොඳම දේ කියලා මම නම් හිතන්නේ. මිනිස්සුන්ට ඔලුවක් සමග අතපය දීල තියෙන්නේ උපන් තැනම වහරන්න නොවේ. මේ ලෝකය හැමෝටම ලැබුන දායාදයක්. (නදී)
පියල් මම ඉන්න රටේ නම් සරණාගතයෝ කියල පුරවැසිබාවය ලබාගෙන තියෙන්නේ ද්‍රවිඩ උදවිය පමණි. සිංහල කෙනෙක් නම් තවම මුණ ගැහිලා නැහැ.ද්‍රවිඩ උදවියට උනත් එකවර දීල නැහැ කට්ටිය හොඳට ඉගෙන ගෙන රටේ හැටියට අවශ්‍ය සුදුසුකම් ලබාගත් අයට පමණි දීල තියෙන්නේ. ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් දීල තිබුනා. අනෙක් අය ආපහු යන්න ඕන නියම කරපු දවසට.(නදී)
ඇතැම් අය කිසිම දෙයක් නොදැන මේකේ අදහස් දානවා. (ස)
උපන් බිමට ආදරය කරන කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. (ස)
ඉසුරු" මුල්ලේරියාව සහ අංගොඩ යනු තැන් දෙකක් නොව එකම තැනයි. අපි බන්දුල පෙරේරා සමග සමගියෙන් ඉඳිමු.( සියලු දෙනාටම ප්‍රීති වෙසක් ) (ස)
බන්දුල පෙරේරා" මහතාණෙනි මටත් ඕන කවදා හරි ලක් පොළොවට පොහොර වෙන්න, නමුත් ඉන්නකම් ඇස් කන් නාසය සහ කට වහගෙනද ඉන්න කියන්නේ? ඇයි වැරද්දක් තියෙනවනම් හදාගෙන ඉස්සරහට යන්න බැරි. උදා:- දැනට දශක තුන හතරකට කලින් අපි කොරියාව කිවේ මුඩුක්කු වලට අද කොරියාව කොතරම් දියුණුද ? අපි කොහෙද ඉන්නේ. (මහතාණෙනි කරුණාකර මා කොරියාවේ කියා උපකල්පනය කරන්න එපා මා මේ ලංකාදීප ප්‍රධාන කාර්යාලය අසලයි) (දී)
ආවාට ගියාට තියා යන්න එන්න වත් දෙන්නේ නැහැ වගේ (දී)
බන්දුල පෙරේරා මහත්තයෝ ඔයාටනම් පොඩ්ඩක් එහෙමනං නෙමෙයි හොඳටම පිස්සු. මෙයාව කවුරු හරි ඉක්මනට මුල්ලේරියාවට හරි අංගොඩට හරි හැකි ඉක්මනින් අරන් යන්න. (දී)
ඔය අය අසෝකට බැන්නට එයා කියලා තියෙන්නේ ඇත්ත. ඔහු උපුටා දක්වා ඇත්තේ මෙම නිලධාරියා කියූ දේ. නිලධාරියා තමයි කියන්නේ ද්විත්ව පුරවැසිකම නවත්වලා නැහැ කියලා. එයා වැරදි බවයි අසෝක කියලා තියෙන්නේ. වලිගෙ පාගාගෙන අසෝකට බනින්නේ මොකද ? (නි)
ලංකාවේ ද්විත්ව පුරවැසිකම ලබාගන්න මම ලංකාවට එන හැම වෙලාවේම උත්සහ කලත් , ඒක තාවකාලිකව නවතා ඇත කියලයි එම කාර්යාලයෙන් මට කිවේ. දැන් මාස තුනකට කලින් ඇහුවමත් කිවේ එහෙමයි.
නමුත් මගේ දැනීමේ හැටියට අපේ ආගමන හා විගමන ආයතනය මනා පිරිසිදු කමකින් පාලනය වන අතර ම එහි සේවා පතන අයට අවශ්‍ය සියලූම පහසුකම් සපයා තිබෙනවා. (ස)
ඔය කියන කාර්යාලය අපිරිසිදුකමේ හොදම එක.කුකුළු කුඩුවක් වගේ.ප්‍රයිවට් බස් එකක මගීන් පැටෙව්වා වගේ.හැරෙන්න කරන්න විදියක් නැහැ.සමහරුනට පැය ගනම්,වීසා එක දික් කරලා පාස් පෝට් එක ලැබෙනකම් හිටගෙන ඉන්න වෙලා තියෙන්නේ. පුටුවක් ලැබුනොත් වාසනාව.පොඩි දරුවොත් දෙමව්පියෝ එක්ක ඒ කට්ට කනවා.අවසානයේ කවුළු බර ගානකට ගිහිල්ලයි, වැඩේ නිමා වෙන්නේ.මිනිස්සුන්ගේ කාලේ කන, ඔය වගේ ස්ථානයකට නම්, මම මීට කලින් ගිහිල්ලත් නැහැ,දැකලත් නැහැ. (ස)
පළමුවෙන් මම කියන්න කැමතියි මම වතාවක් දවස් කීපයක නිවාඩුවට ඉතාලි ගියා මිසක් ඉතාලියේ පදිංචි නැති බව. සුවාරිස් ,මම ලාංකිකයෙක් උනත් දැන් ඉන්නේ පිටරට. කුසුම් ඔයාට කියන්න තියෙන්නේ කවුරු හරි ලියපු දෙයක් හොදින් කියවා තෙරුම් අරගෙන පිළිතුරු ලියන්න කියලයි. (ස)
මෙතුමා කියන පරිදි රජයේ දෙපාර්තු මේන්තු කිහිපයක් හරහා යන්න වෙනවා මේක සම්මත කරගන්න , රජයේ දෙපාර්තුමේන්තු වලින් වැඩක් ඉක්මනට කරගන්න ක්‍රමයක් තිබෙනවා අ- - - - මිට මොලවන්න . එතකොට මේ සමහරු කියනව නේද පාර්ලිමේන්තුව ලංකාවේ මේ දෙපාර්තමේන්තු සේරටම වඩා උතරිතර බව පාර්ලිමේන්තුව හරහා බැරිද මේ වැඩේ කරගන්න. (ස)
කවදාද අපේ නිලධාරීන් ඇත්ත කිව්වේ? ගිහිල්ලාම බලන්න ඕනෑ ඇත්ත නැත්ත. (නි)
ඔය නීති එක එකාට වෙනස් .කලබල වෙන්න එපා ගාන ටිකක් වැඩිකරලා.හෙට අනිද්දා ඔය කියන සිටිසන් ගන්න පුළුවන් කියා තමයි මටනම් හිතෙන්නේ. (ස)
මගේ මතය නම් රටවල් දෙකක පුරවැසිකම් එක පුද්ගලයකුට අවශ්‍ය නැත යන්නයි.එහෙ පයයි මෙහෙ පයයි තියාගන්නේ මොකටද? ගන්නකො පය එක පැත්තකට.මෙහෙ එපා හින්දනේ මෙහෙට වඩා සැපවත් ජිවිතයක් ලැබෙන හින්දනේ මෙහෙ දාලා ගියේ.දැන් මොන එහෙකකටද මෙහෙ පුරවැසිකම ගන්න දඟලන්නේ? එන්න ඕනෑ නම් නිසි පරිදි විසා අරන් ඇවිත් රටතොට බලලා යන්න ඔය සුද්දෝ එනවා වගේ.කොහොමත් පාටේ වෙනස විතරනේ තියෙන්නේ. (නි)
විශ්‍රාම ගිය කාලෙක ලංකාවට ගිහින් ඉන්න හිතාගෙන ඉන්නේ. මේ රටේ මුදල් එහාට වියදම් කරනවා කියන්නේ විනිමය ගලායාමක්. අපේ රටේ නිලධාරීන්ට එහෙම හිතන්න තරම් ඕනෑකමක් නැද්ද? (නි)
එපා කියද්දී බලෙන්ම මට නම් ඇමෙරිකාවේ පුරවැසිකම දුන්නා. (නි)
ඇතැම් අය කියපු කරපු දේවල් අනුව ඇත්තක් කීවත් මිනිස්සු හිතන්නේ ගල් පැලෙන බොරුවක් කියා. (ස)
"ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මොන ක‍්‍රමයකින්වත් නවත්වා නැති බව පළමුවෙන් කිවයුතුය" අනේ මන්දා! අපිට නම් මේක නවත්තලා ගොඩක් කල් (නි)
අසෝක නමින් අදහස් දාන්නේ මිලානෝ වල අසෝකාද? අපෝ ඔයා කියන්නෙම නොදන්නා දේවල්නේ. (නි)
වසර 3 කට පෙර බාරදුන් අයට තවම නැහැ.අලුතෙන් බාරදෙන අයට කොපමණ කල් යයිද? (නි)
අසෝකා, නොදන්නා දේවල් කතා නොකර ඉන්නවද? අහන්න දෙයක් නැහැ. ඕකත් වෙන පැත්තකට හරවා ගන්නයි යන්නේ. මම දන්නා බොහෝ පිරිස් ඉන්නවා ද්විත්ව පුරවැසිකමට ඉල්ලුම් කරලා වසර 3ක් ඉක්මවූ පිරිස්. ලංකාවේ ඉපදිලා පිටරට ගිහින් එම රටවල පුරවැසිකම ගන්නවත් එතරම් අපහසුවක් තියෙන්න නැතුව ඇති. මම නම් කියන්නේ තව ටික කාලයකට ඔය රටවල් වලටම වෙලා ඉන්න. (නි)
දැන් ද්විත්ව පුරවැසිකම දෙන එක නතර කර අවුරුදු දෙකකට වැඩියිනේ. අවුරුදු දෙකක් යනු සෑහෙන කාලයකි. එයට ක්‍රමවත් පිළිවෙළක් සම්පාදිත කිරීමට අවුරුදු දෙකකින්වත් බැරියි කියන්නේ එම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම බව නේද? (නි)
ඔය කවුරුවත් නොදන්නා දේවල් අපි දන්නවා (නි)
ද්විත්ව පුරවැසිභාවය ගන්න ගිය උදවිය කියන්නේ වෙන දෙයක්. (නි)
වීසා බලපත් දීර්ඝ කිරීමේ කාර්යාලයට ගොඩ වුණා නම් බලාගන්න පුලුවන් ඇත්ත. වීසා එක ගහගෙන පැය තුනකට කලින් එළියට එන්න පුළුවන් වුණා නම් ඒ පෙර පිනකට. (නි)
අසෝකා, ඔබ ලංකාවේද? (නි)
අනේ මගේ කට මොකටද කියලා හිතුනා (නි)
බන්දුල පෙරේරා, විවිධ රටවල ද්විත්ව පුරවැසිකම තිබෙන බොහෝ දෙනා ලංකාවේ ජීවත් වෙනවා. එතකොට ඒ අයට ඔබේ ඔය කැකිල්ලේ නීතිය වලංගු නැද්ද ? අහන්නකො මොකටද මෙහෙ ආපහු අවේ කියලා. (දිල්)
පද්මිණී,ඔයා ඉන්නේ මොන රටේද? බයවෙන්න එපා. ඔයා එනකොට කියන්න. සම්පූර්ණ ආරක්ෂාව දෙන්නම් (නි)
බන්දුල, ඔබ නොදන්නවා වුණාට ලංකාවේ අසරණ පවුලකට විපතක් වුණාම පළමුව පිහිට වෙන්නේ විදේශ වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ. අපිට මෙහෙ හැමදාම ඉන්න පුළුවන්,මරණ බයෙන් තොරව. අනික ලංකාවට එනවා කියන්නේ ඇඟේ ලේ වතුර වෙලා, මරණ සහතිකය අතේ තියාගෙන එන ගමනක් වගෙයි. (නි)
බන්දුල මහත්තයෝ, ඔබ කියන ලෙසට ඇමෙරිකාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයගේ ලංකාවේ එක නැති කරමුද එහෙනම්? (නි)
බන්දුල පෙරේරා මහත්තයො ඔය පිටරට ගිහිල්ලා ඉන්න අය එවන ඩොලර් පවුම් යුරෝ අපේ ආර්ථිකේට හොද නැද්ද...(අ)
බන්දුල වැනි අයට ගෞරවනීය පුරවැසිභාවය ලබා දී ලංකාවේම නතර කර ගත යුත්තේ. ඔබ වගේ භුමි පුත්‍රයන් කී දෙනෙකුගේ ළමයින් අධ්‍යාපනයට එංගලන්තය, ඇමෙරිකාව බලා ගොස් එහේම පැල වෙලාද නැද්ද කියලා කියන්නකෝ. (ස)
බන්දුල පෙරේරා, උඩ බලාගෙන කෙල ගහ ගත්තා. අනුන්ට ඇඟිල්ලක් දික් කරන විට තමන් ට ඇඟිලි හතරක් එල්ල වෙන බව මතක තබා ගන්න. හොඳට කල්පනා කර බලන්න තමන් කළ ප්‍රකාශයේ කොහෙද වැරැද්ද කියලා. (ස)
රුවන්, මේ පුරවැසියන් නිසා තමා ලංකාවේ දියුණුවට බාධාවක් වෙලා තියෙන්නේ. අපි හැමදාම පිටරට ඉන්නවා කියල හිතා ගත්තේ නැහැ. ඉගෙනීම කරගෙන, ජීවත් වෙන්න මුදල් ටිකක් හම්බ කරගෙන ආපහු ලංකාවට එන්න තමා හිතුවේ. එහෙම ඇවිත් අපේ දැනුම සහ සේවාව ලබා දෙන්න. අපෙන් ලංකාවට වැඩක් නැති වගේ තමා පේන්නේ. (ස)
දෙන්න බැරි නම් තියාගන්න. හරි වටිනා පුරවැසි භාවය අමාරුවෙන් ලබාගන්න. (ස)
බන්දුල පෙරේරා ඔබ තාම දන්නේ නැහැ. ලංකාවේ ද්විත්ව පුරවැසිකම තියෙන්නේ කාට කාටද කියල. (ස)
රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ ලංකාව ඇතුලෙම ඉඳන් රට වින කරන සමහරු. එහෙම නැතිව යම් යම් පුද්ගලික හේතු මත පිටරට ගිය උගත් බුද්ධිමත් වෘත්තිකයන් නෙවෙයි. එක පැත්තකින් කියනවා බුද්ධිගලනයට ඉක්මණින් මොනවා හරි පිළියම් යොදන්න ඕන කියලා. අනෙක් අතින් ද්විත්ව පුරවැසි භාවය ඉල්ලන වෘත්තිකයන්ට අවහිරකම් . බහුතරයක් ලාංකිකයන් ට අවශ්‍ය තමන් බලාපොරොත්තු අධ්‍යාපන හෝ ආදායම් ලබාගෙන නැවත ලංකාවට ඇවිත් යම් සේවයක් කරමින් ජීවත් වෙන්න. මේවා මේ උසස් නිලධාරින් ට පැහැදිලි කරන්න යනවාට වඩා හොඳයි කට බිම උලා ගන්න එක. (ස)
" ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් විදේශ වල ජීවත් වෙනවා. එබැවින් ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මොන ක‍්‍රමයකින්වත් නවත්වා නැති බව පළමුවෙන් කිවයුතුය." එතකොට දැනට ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත්‍ර භාර දෙන විට ඔවුන් කියන්නේ තාවකාලිකව නතර කළා කියලා. එක්කෝ ඔබ ඒ ගැන දන්නේ නැහැ. නැත්නම් දෙපාර්තමේන්තුව ඒ ගැන දන්නේ නැහැ. (නි)
බන්දුල පෙරේරා, උඩ බලාගෙන කෙළ ගහන්න එපා. ලංකාවේ ඉන්නවා නේද වෙනත් රටවලට ගිහිල්ල ඒ රටවල් වල පුරවැසි කම අරගෙන ඇවිත් ආපහු ලංකාවේ ජීවත් වෙන උදවිය. පුළුවන් නම් වීරයෙක් වගේ ඔය කතාව ඒ අයටත් කියලා බලන්නකෝ. (දිල්)
මම එකක් හිතාගත්තා. අපේ අම්ම තාත්ත ඉන්නකම් උත්සාහ කරනවා ඕක ගන්න. මම හිතන් හිටියේ ඇවිත් මගේ සල්ලි ආයෝජනය කරන්න. 65 වුණාම මෙරටේ පැන්ෂන් එක ලංකාවට හරවා ගන්න. දෙන්න බැරිනම් නිකන් ඉන්න කියනවා. මොලයක් තියෙනවානම් කල්පනා කරලා බලන්න ඕන එක පවුලකින් අහිමිවන විදේශ විනිමය කොපමණද කියල. (ස)
රටට සහ රජයන්ට පරිබව කරලා පිටරටවල සරණාගත පුරවැසිකම ගත්ත අයට වඩා වෘත්තිය මත පුරවැසිකම ගත්ත අය ගැන පළමුව හිතුවොත් හොඳයි නේද? (ස)
සරණාගතයන් වගේ පුරවැසිභාවය ලබාගත් ගොඩක් අය ලංකාව සහ ලංකා රජයන් පිළිබඳව බොරු ගොනුකරපු පෙත්සන් ඉදිරිපත් කරලා තමයි එම රටවල පදංචි වෙලා ඉන්නේ. ද්විත්ව පුරවැසිකම දෙන්නට පෙර එම ගොනුකරන ලද ලිපිවල කොපි ඉදිරිපත් කරලා මොනවා කියලා ලංකාව හංවඩු ගහලා තියනවාද කියලා බලලා වීසා දෙනවා කිවුවා නම් ඔය ඉල්ලුම්පත්‍ර බාගයක්ම නිකම් හැලෙනවා. (නි)
මොනවද මන්දා මේ කතා? (නි)
මට මතක් වෙනවා බොහෝ ඉස්සර ඩේලි නිව්ස් පත්තරේ තිබුන කතු වැකියක්. 'සිංහලයෝ ඇබ්රෝඩ්' කියලා. එකේ තිබුනේ පීටරට ගියානම් එහේම ඉන්න, ලංකාවේ දේවල් ගැන කරදර වෙන්න එපා කියලා. මේ අදහසට විරුද්ධව බොහෝ දෙනෙක් ලියලා තිබුනා. එහෙම විරුද්ධව ලියපු අයගෙන් කෙනෙක් නේද අද ද්විත්ව පුරවැසිකම දෙන එක නවත්වලා තියෙන්නේ. (නි)
ඕක නවත්තලා තියෙන්නේ 2010දී. මම ඒ කාලේ ඉඳලම උත්සාහ කරනවා.දැන් අවුරුදු හතරකට කිට්ටු වෙනවා.මට තේරෙන එකම දේ කුහකකම සහ අකාර්යක්ෂමකම තමයි හේතුව.බන්දුල මල්ලි මම හිතාගෙන හිටියේ කඩේ යන කෙනෙක් කියලා. බලාගෙන ගියාම පුදුම කුහකයෙක්නේ. අනේ මන්දා ලංකාව!අපි මෙහෙම ඉන්නම්.අපේ දැනුම හා මුදල් මෙහෙම වියදම් කරන්නම්. නිවාඩුවට වෙන රට වලට යන්නම්.අර නිලධාරියා මේ ගැන දන්නේ නැතුව උත්තරයක් දීලා තියෙන්නේ (නි)
ආවට ගියාට දෙන්න බැහැඋපතින්ම ලැබුන දේ නැතිනොකර හිටියා නම් ඉවරනේ. ආයේ අමුතුවෙන් දෙන්න ඕනෑද?මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව නොදන්නවාද? (නි)
නිලධාරියාගේ නමෙන් නම් වැදගත් පාටයි. නමුත් එක රැයින් කරන්න බැරි එකයි අවුල. දෙපාර්තමේන්තුවේ ඉන්නේ පක්ෂපාතී අය නෙවෙයි වගේ. (ස)