IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘ආවට ගියාට පුරවැසිකම දෙන්න බෑ‘

විදේශයේ ජන්ම ලාභය ලබා විදේශ උසස් අධ්‍යාපනය ලබා ලෝක භාෂාවන්හී නිපුණ ශ්‍රී ලාංකික දරුවන්ගේ ශිල්ප ඥානය නොදැනුවත්ම මව් රටට නොලැබීම, ඔවුන් රටට අහිමිවීම, රට සල්ලි ගලා ඒම පහළ බැසීම, වාණිජ ප‍්‍රතිලාභ මන්දගාමිවීම ආදි කරුණු දියුණුවට පය තබන  දියුණුවේ ආශ්චර්යක් බලාපොරොත්තු වන රටකට එතරම් සුදුසු නොවෙතියි ද, ද්විත්ව පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය එවැනි ගැටලු මතු කරයි.

ඉතාලියේ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහාභාගි වෙමින් සියරට බලා යන අතරතුර ආගමන හා විගමන නිලධාරීන්ගේ වෘත්තීය සමිති සභාපති ප‍්‍රධාන ආගමන හා විගමන නිලධාරි ජයන්ත රත්නායක මහතා සමග ඉහත සදහන් ව්‍යාකූල ද්විත්ව පුරවැසි භාවය  ගැන පැරීසියේදි එසැණ සාකච්ඡාවක් පැවැත්විය.

ප‍්‍රශ්නය - ඉතාලියේ පැවැත්වූ ආගමන හා විගමන ක්‍ෂේත‍්‍රයට අනුබද්ධ විදේශ සරනාගතයන් සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවකට ඔබ සහභාගි වුණා නේද? ඒ ගැන විස්තර කළ හැකිද?

පිළිතුර - සරණාගතයන්ගේ ජාත්‍යන්තර නීතිය හා ඔවුන්ගේ මානව අයිතිය පිළිබඳවයි එම සමුළුව පැවැත්වුයේ. ප‍්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව,  අප‍්‍රිකා රටවල් සමග රටවල් 52ක් එම සමුළුව නියෝජනය කළා. රටවලට ඇතුළු වන අනාථයන් හා සිවිල් යුද්ධ හා පාරිසරික විනාශයන්ගෙන් අවතැන්වූවන් පිළිබඳව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සමුළු න්‍යාය පත්‍රයේ ප්‍රධාන තැනක් ගත්තා.

ඒ අතරට ජාත්‍යන්තර මානව නීතිය, මානව අයිතිවාසිකම් නීතිය, හා අනාථයන් පිළිබඳ නීතිය යන කරුණු තුන යටතේ ඔවුන්ගේ අභිමානය රැකෙන ලෙස ඔවුන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න එහිදී සාකච්ඡා වු විශේෂ මාර්තෘකාවක්. රටක ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්නේ කෙසේද යන්නත් ඒ අතරම කතා කළා.

රටකට ඇතුළු වන සරණාගතයන්ගෙන් එම රටේ ජාතික ආරක්ෂාව රැක ගතයුතු ක‍්‍රමවේදය  ගැනත් සරණාගතයන් වෙන් නොකර ඔවුන්ගේ මානව අයිතිය රැකෙන ලෙස සාමාන්‍ය ජනතාව ලෙසම ඔවුන් පිළිගත යුත්තේ කෙසේද යන්නත් එම සමුළුවේදී ප‍්‍රධාන මාතෘකාවක් වුණා.

සමුළුවේ දේශන සදහා පැමිණි විද්වතුන් අතර හේග් නුවර ලෝක ජාත්‍යන්තර අධිකරණයේ හිටපු විනිසුරු ඉතාලියේ මිලාන් සරසවියේ මහචාර්ය ෆෝකා, ස්විට්ස්ර්ලන්තයේ එක් කැන්ටෙනාවක අගමැති ද  පැහැදිලි කළේ සරණාගතයන් රටකට ඇතුළු වීම වැළක්වීම නොවේ. සරණාගතයන්ට හැකි තරම් උදව් උපකාර කිරීමය. ඔවුන් හැම විටකම සදහන් කළේ සරණාගතයන්ට සැලකීමයි. එය එම සමුළුවේදි මා දුටු විශේෂ ලක්ෂණය එයයි.

 ප‍්‍රශ්නය - යුරෝපයට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඇතුළු වන සරණාගත සංක‍්‍රමණයක් නොමැති තරම් පහළ මමට්ටමකයි පවතින්නේ. එවැනි පරිසරයක ඉහත සමුළුවේ තීන්දු තීරණ ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන්නේ කෙසේද?

පිළිතුර - සරණාගතයන් ලෙස රටින් බැහැරවන පිරිස් සිටින රටවල් අතරට ශ්‍රී ලංකාවත්  අයත්. එනමුදු අනාථයන් සම්බන්ධව විශේෂ සම්මත ක‍්‍රම තුනක් යටතේ ඔවුන්  ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනවා.

ඒ අනුව ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔහුගේ හෝ ඇයගේ මව් රටට පිටත් කර යැවීම, මව් රටේ හෝ දැනට ඉන්න රටේ ජීවත් වීමට අකමැති නමුත් පවුල් සහජීවනය ප‍්‍රධාන කොට තමන්ගේ දරුවන් හෝ පවුලේ ලේ ඥාතීන් වෙනත් රටක සිටී නම් හා එහි යෑමට කැමැති නම් ඔවුන් සිය පවුලට ලබාදීම හා ඉහත සදහන් ක‍්‍රම දෙකට අයත් නොවන්නන් දේශීය සමාජයට බද්ධ කිරීම ශ්‍රී ලංකාව විසින් සිදු කරනවා.

පකිස්තානයේ අහාමදී යනුවෙන් හැදින්වෙන කතෝලික ජන කොට්ඨාසය මුහුණදී ඇති ප‍්‍රශ්න හමුවේ ඔවුන් සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිනෙනවා. එසේ  එම ජනතාවට ඉහත සඳහන් ක‍්‍රම අනුගමනය කරමින් නැවත ඔවුන් පවුල් වටා ඒක රාශි කිරීමට අපේ රට කටයුතු කරනවා. ඉහත දැක්වූ කරුණු අනුව 1951 ජාත්‍යන්තර මානව සරණාගත නීති ප‍්‍රකාරව ශ්‍රී ලංකාව කටයුතු කරනවා.

 ප‍්‍රශ්නය - විදේශ ගත  ශ්‍රී ලාංකිකයන් යනු රටට සල්ලි උපයා දෙමින් ජාතික ආදායම පෝෂණය  කිරීමට දායක වන විශේෂ ජනතාවකි. ඔවුන්ගෙන් සමහර දෙනා  විවිධ පහසුකම් සදහා එම රටවල පුරවැසිකම ලබා ගන්නවා. එසේවූ විට ඔවුන්ගේ මව් පුරවැසිකම ස්වයංක‍්‍රීයව අහිමි වෙනවා. එසේ සිදුවන රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත්. එනමුදු අහෝසිවූ මව් පුරවැසිකම ලබා ගැනීම හෙවත් ද්විත්ව පුරවැසිකම ලබා ගැනිමේ ව්‍යවස්ථානුකූල ක‍්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ ඇතත් අද වන විට එය අකර්මණ්‍ය තත්වයට පත්වී ඉබ්බාගෙන් පිහාටු ගන්නා තත්වයට පත්වී තිබෙනවා.ජාතික සම්පතක් නොලැබී යාම රටකට එතරම් සුදුසු නොවේ. ඔබේ ආයතනය මෙම විෂයේ මූලික බලයලත් ආයතනයයි.

පිළිතුර - වාණිජ ප‍්‍රතිලාභ කෙසේ වෙතත් බුද්ධිමය ප‍්‍රතිලාභ හා හොඳ පුරවැසියන් රටක දියුණුවට ඉතාමත්ම අවශ්‍යයයි. එවැනි ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් විදේශවල ජීවත් වෙනවා. එබැවින් ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මොන ක‍්‍රමයකින්වත් නවත්වා නැති බව පළමුවෙන් කිවයුතුය.

එක් එක් කාලයන්හිසමාජයේ ඇතිවන වෙනස් වීම් හා ඊට අනුගතවීම, සුපරික්ෂාව, ජාතික ආරක්ෂාව ආදි විෂයන් හේතුවෙන් යම් මන්දගාමි බවක් ඇතිවිය හැකියි.

එම ක‍්‍රමය මීටත් වඩා පලදායී හා සුදුසු ක‍්‍රමයකට ගෙන ඒමට අවශ්‍ය පරිසරය ගැන වර්තමානයේ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව ආයතන කිහිපයක් සමග කටයුතු කිරීමට සිදුවී තිබෙනවා.

 නීති කෙටුම්පත් සම්පාදක, නීතිපති දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව, ඇමැති මණ්ඩලය, ආගමන හා විගමන දේපාර්තමේන්තුව ආදි ලෙස ආයතන ගණනාවක් සමග කටයුතු කිරීම සංකීර්ණ ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. එම නිසා මෙය යථාවත් කිරීමට සුදුසු ක‍්‍රමවේදය තමයි, සාකච්ඡාවේ පවතින්නේ. එය ඉතා ඉක්මනින් අවසානයකට ඒවි යැයි මම සිතනවා.

 ප‍්‍රශ්නය - මොකක්ද ඔය කියන සංකීර්ණත්ත්වය?

පිළිතුර - ආයතන කිහිපයක් සමග මේ සම්බන්ධව කටයුතු කිරීම, ඊට අදාල විශේෂ අණ පනත් සංශෝධනය ආදි කටයුතු ඉහත සංකීර්ණත්වයට හේතු පාදකවේ. ඒ අතරට ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් සමහර දෙනා  රටට විරුද්ධව හා ජාතික ආරක්ෂාවට හානි වෙන අයුරින් කටයුතු කර ඇති බව සොයා ගෙන තිබෙනවා.

එබැවින් ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට සිදුවී තිබෙනවා. එම නිසා එවැනි වැරදි කරන අයට අනවශ්‍යය ලෙස රිංගා යෑමට නොහැකි ලෙසත්, ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් රටේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් සුදුසු සරල ක‍්‍රමවේදයක් සැකසීමට අවශ්‍යය නිසා මෙම මන්දගාමි බවක් තිබෙනවා.

කෙසේ නමුදු  මෙම සියලූ කරුණු හේතු කොට යම් සංකීර්ණත්වයක් නිර්මාණය වුවද සුදුස්සාට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට අසාධාරණයක් නොවෙන ලෙස කටයුතු සිදුවෙනවා.

 ප‍්‍රශ්නය -  ඒ සදහා තව කොපමණ කලක් ගතවේ යැයි ඔබ සිතන්නේද?

පිළිතුර -  ඒ ගැන මට හරියටම කීමට නොහැකි වුවත්  මගේ පෞද්ගලික මතය නම් තව මාස දෙක තුනකින් අදාල කටයුතු ආරම්භ කරාවි.

 ප‍්‍රශ්නය - ඔබ ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන නිලධාරීන්ගේ වෘත්තිය සමිතියේ සභාපති හා වෘත්තීය සමිති නායකයෙක්. ඔවුන්ගේ සේවා අයිතීය දිනා ගැනීම සදහා මේ දක්වා ඔබට ධූර කාලය තුල හැකිවී තිබේද? එසේ නොවේ නම් ඒ මන්ද?

පිළිතුර - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව බිහිවුණේ 1949දි. 1954 දි මෙම වෘත්තීය සමිතිය ඇතිවුණා. 2013 දි මම සභාපති ලෙස පත්වුණා. මෙම ආයතනයේ සේවකයෙකු මෙම තනතුරට පත්වු ප‍්‍රථම අවස්ථාව මෙයයි. ඉන් පෙර විවිධ ඇමතිවරුන් හා ජාතික තලයේ පිළිගත් වෘත්තීය සමිති නායකයන් මෙම තනතුරට පත්වී තිබෙනවා.

මේ දක්වා වසර හැටක දී ඇමතිවරුන්ට හා ජාතික වෘත්තීය නායකයන්ට කිරීමට නොහැකිවූ දේ  එක රැයකින් විසඳීමට මට හැකි යැයි කෙනෙක් සිතනවා නම්, එය විහිළුවක්

එනමුදු ඔවුන්ට ප‍්‍රශ්න නැතුවාද නොවේ.

අපේ ආයතනයේ ආගමන හා විගමන නිලධාරීන් බොහෝමයක් සිටිනවා. මෙම වෘත්තීය සමිතිය ඔවුන්ගේ එකතුවක්.

උපාධිය සමත් වීම,පරිගණක දැනීම, විදේශ භාෂා දැනුම හා හොඳ ශරීර සෞඛ්‍ය ආදි දේ හොඳින් සම්පූර්ණ කළ සුදුස්සන් මෙම තනතුරට තෝරා ගන්නවා.

ඊට අදාල වැටුප් විෂමතා ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන ජනාධිපති ලේකම් දක්වා අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. නමුත් එම වැටුප් ප‍්‍රශ්නය වෙනත් ආයතන සමග ගැටෙන බැවින් විශේෂ වැටුප් කොමිසමකට අනුයුක්ත කොට වෘත්තීය සමිති යෝජනා භාර දීමට දිනයක් නියම කර එම යෝජනා ඉහත කොමිසමට බාරදී විමර්ශනයකට භාජනය කොට එහි ප‍්‍රථිපල බලාපොරොත්තුවෙන් සිටිනවා.

 ප‍්‍රශ්නය - දිනකට විශාල මුදලක් එක් රැස්වෙන විදේශිකයන්ගේ වීසා බලපත් දීර්ඝ කිරීමේ කාර්යාලයේ අපිරිසිදු කමත්, ඉහත ක‍්‍රියාව සිදු කිරීමට ගත කරන අනවශ්‍යය කාලයත් එම පිරිස් රස්තියාදු වීමට බෙහෙවින් බලපා ඇතැයි බොහෝ විදේශිකයන් කියනවා.

පිළිතුර - ඔහොම කියනවා ඇත්තේ  සෑහෙන කලක් විදේශයේ ජීවත්වන අය වෙන්න ඇති. ප්‍රංශය දියුණු රටක්. ප්‍රංශය හා සාපේක්‍ෂකව බලන විට අපේ රටේ මෙම ආයතනයේ අපිරිසිදුකමක් හෝ ප‍්‍රමාදයක්. විශේෂ ලෙස දැකීමට ප්‍රංශය හුරු පුරුදු අයට පේනවා ඇති.

නමුත් මගේ දැනීමේ හැටියට අපේ ආගමන හා විගමන ආයතනය මනා පිරිසිදු කමකින් පාලනය වන අතරම එහි සේවා පතන අයට  අවශ්‍ය  සියලූම පහසුකම් සපයා තිබෙනවා. 2015 වන විට අපේ ආයතනය විශාල ඉඩකඩ ඇති වෙනත් ස්ථානයකට ගෙන යෑමට සැලසුම් කර තිබෙනවා. එවිට මෙම තදබදය හා ඔබ සිතන ඩුපාඩු මග හරවා වැඩක් කාර්යක්ෂම සේවයක් ලබා දීමට හැකිවේ යැයි මම සිතනවා.

 

 

 

 



අදහස් (0)

‘ආවට ගියාට පුරවැසිකම දෙන්න බෑ‘

අප්පු Tuesday, 13 May 2014 04:47 PM

පුරවැසිකම කෙසේ වෙතත් ලංකාවේ හොරට හදන පාස්පෝර්ට් ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

අනිල් Tuesday, 13 May 2014 09:33 AM

බන්දුල වැනි අයට ගෞරවනීය පුරවැසිභාවය ලබා දී ලංකාවේම නතර කර ගත යුත්තේ. ඔබ වගේ භුමි පුත්‍රයන් කී දෙනෙකුගේ ළමයින් අධ්‍යාපනයට එංගලන්තය, ඇමෙරිකාව බලා ගොස් එහේම පැල වෙලාද නැද්ද කියලා කියන්නකෝ. (ස)

:       0       0

කුමාර Monday, 12 May 2014 08:33 PM

"ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මොන ක‍්‍රමයකින්වත් නවත්වා නැති බව පළමුවෙන් කිවයුතුය" අනේ මන්දා! අපිට නම් මේක නවත්තලා ගොඩක් කල් (නි)

:       0       0

චමින්ද Wednesday, 14 May 2014 01:51 AM

ඇතැම් අය කිසිම දෙයක් නොදැන මේකේ අදහස් දානවා. (ස)

:       0       0

චින්තක Monday, 12 May 2014 08:50 PM

ඔය අය අසෝකට බැන්නට එයා කියලා තියෙන්නේ ඇත්ත. ඔහු උපුටා දක්වා ඇත්තේ මෙම නිලධාරියා කියූ දේ. නිලධාරියා තමයි කියන්නේ ද්විත්ව පුරවැසිකම නවත්වලා නැහැ කියලා. එයා වැරදි බවයි අසෝක කියලා තියෙන්නේ. වලිගෙ පාගාගෙන අසෝකට බනින්නේ මොකද ? (නි)

:       0       0

සේරම් Tuesday, 13 May 2014 05:25 PM

අහෝ! බන්දුල නොදිටි මොක්පුර ... (නි)

:       0       0

සාගර Tuesday, 13 May 2014 05:29 PM

පියල්, ඔබ හරියට හරි. (නි)

:       0       0

ජයසේන Tuesday, 13 May 2014 10:55 AM

බන්දුල පෙරේරා මහත්තයො ඔය පිටරට ගිහිල්ලා ඉන්න අය එවන ඩොලර් පවුම් යුරෝ අපේ ආර්ථිකේට හොද නැද්ද...(අ)

:       0       0

නිලුපුලී Thursday, 15 May 2014 06:12 AM

දැන් කන්තෝරුවට යන්නේ නැතුව විසා ඇප්ලයි කරන ක්‍රමයක් තියෙනවා නේද? (නදී)

:       0       0

සාගර Tuesday, 13 May 2014 11:22 AM

බන්දුල මහත්තයෝ, ඔබ කියන ලෙසට ඇමෙරිකාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයගේ ලංකාවේ එක නැති කරමුද එහෙනම්? (නි)

:       0       0

පද්මිණි Tuesday, 13 May 2014 11:27 AM

බන්දුල, ඔබ නොදන්නවා වුණාට ලංකාවේ අසරණ පවුලකට විපතක් වුණාම පළමුව පිහිට වෙන්නේ විදේශ වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ. අපිට මෙහෙ හැමදාම ඉන්න පුළුවන්,මරණ බයෙන් තොරව. අනික ලංකාවට එනවා කියන්නේ ඇඟේ ලේ වතුර වෙලා, මරණ සහතිකය අතේ තියාගෙන එන ගමනක් වගෙයි. (නි)

:       0       0

මාධවී Wednesday, 14 May 2014 06:08 AM

පියල් මම ඉන්න රටේ නම් සරණාගතයෝ කියල පුරවැසිබාවය ලබාගෙන තියෙන්නේ ද්‍රවිඩ උදවිය පමණි. සිංහල කෙනෙක් නම් තවම මුණ ගැහිලා නැහැ.ද්‍රවිඩ උදවියට උනත් එකවර දීල නැහැ කට්ටිය හොඳට ඉගෙන ගෙන රටේ හැටියට අවශ්‍ය සුදුසුකම් ලබාගත් අයට පමණි දීල තියෙන්නේ. ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් දීල තිබුනා. අනෙක් අය ආපහු යන්න ඕන නියම කරපු දවසට.(නදී)

:       0       0

නිලුපුලී Wednesday, 14 May 2014 06:30 AM

බන්දුල, ලින්ගේම්බෝ වගේ උපන් තැනට වෙලා කන්න නැහැ බොන්න නැහැ කියල රටට විනයක් නොවී පුළුවන් තැනකට ගිහිල්ල සාදරනව හරි හම්බ කරගෙන ජීවත්වෙන්න කියන එක තමයි හොඳම දේ කියලා මම නම් හිතන්නේ. මිනිස්සුන්ට ඔලුවක් සමග අතපය දීල තියෙන්නේ උපන් තැනම වහරන්න නොවේ. මේ ලෝකය හැමෝටම ලැබුන දායාදයක්. (නදී)

:       0       0

ජීවක Monday, 12 May 2014 09:44 PM

එපා කියද්දී බලෙන්ම මට නම් ඇමෙරිකාවේ පුරවැසිකම දුන්නා. (නි)

:       0       0

නිලුපුලි Wednesday, 14 May 2014 06:43 AM

මම හොයාගත්ත ද්විත්ව පුරවැසිබවය ලබාගන්න බැරි හේතුව (ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 13 May 2014 06:33 PM

ද්විත්ව පුරවැසිබව පමණක් නොවේ, සාමාන්‍ය පිටරටක ඉපදුන ළමයෙකුට පවා පුරවැසිබව ලබා ගන්න ඉතාම අමාරුයි. චින්තක, ලංකාවේ ඉන්නෙ ඉන්න තරමක් වලිගය පාගා ගත් අය තමා. අසෝකාගෙ කතාව හරියට කියවා ගන්න බැරි අයත් මේ සමඟ ඉන්නවා. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 16 May 2014 04:59 AM

නවීන්, ඒ අය ගොඩක් ප්‍රශ්න මැද්දේ ඉන්නේ. ඒක වෙන්න ඇති ගතිගුණ පිරිහෙන්නේ. අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. ඒක අපේ යුතුකම කියලා විතරක් හිතමු. (නි)

:       0       0

නිලුපුලී Friday, 16 May 2014 05:00 AM

චමින්දට ගොඩක් ස්තූතියි! (නි)

:       0       0

පද්මිණි Monday, 12 May 2014 10:11 PM

විශ්‍රාම ගිය කාලෙක ලංකාවට ගිහින් ඉන්න හිතාගෙන ඉන්නේ. මේ රටේ මුදල් එහාට වියදම් කරනවා කියන්නේ විනිමය ගලායාමක්. අපේ රටේ නිලධාරීන්ට එහෙම හිතන්න තරම් ඕනෑකමක් නැද්ද? (නි)

:       0       0

කුසුම් Tuesday, 13 May 2014 07:06 PM

ප්‍රනාන්දුයි, චින්තකයි වලිගය තිබෙන අපිට කාරුණිකව වරද පෙන්වලා තියෙන්නේ.... (නි)

:       0       0

ගිරිගෝරිස් Tuesday, 13 May 2014 12:43 PM

පද්මිණී,ඔයා ඉන්නේ මොන රටේද? බයවෙන්න එපා. ඔයා එනකොට කියන්න. සම්පූර්ණ ආරක්ෂාව දෙන්නම් (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 May 2014 11:26 PM

මගේ මතය නම් රටවල් දෙකක පුරවැසිකම් එක පුද්ගලයකුට අවශ්‍ය නැත යන්නයි.එහෙ පයයි මෙහෙ පයයි තියාගන්නේ මොකටද? ගන්නකො පය එක පැත්තකට.මෙහෙ එපා හින්දනේ මෙහෙට වඩා සැපවත් ජිවිතයක් ලැබෙන හින්දනේ මෙහෙ දාලා ගියේ.දැන් මොන එහෙකකටද මෙහෙ පුරවැසිකම ගන්න දඟලන්නේ? එන්න ඕනෑ නම් නිසි පරිදි විසා අරන් ඇවිත් රටතොට බලලා යන්න ඔය සුද්දෝ එනවා වගේ.කොහොමත් පාටේ වෙනස විතරනේ තියෙන්නේ. (නි)

:       0       0

අසෝකා Monday, 12 May 2014 05:58 PM

" ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් විදේශ වල ජීවත් වෙනවා. එබැවින් ද්විත්ව පුරවැසිභාවය ලබාදීම මොන ක‍්‍රමයකින්වත් නවත්වා නැති බව පළමුවෙන් කිවයුතුය." එතකොට දැනට ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත්‍ර භාර දෙන විට ඔවුන් කියන්නේ තාවකාලිකව නතර කළා කියලා. එක්කෝ ඔබ ඒ ගැන දන්නේ නැහැ. නැත්නම් දෙපාර්තමේන්තුව ඒ ගැන දන්නේ නැහැ. (නි)

:       0       0

අරෝෂ් Tuesday, 13 May 2014 12:47 PM

ඒක නම් සහතික ඇත්ත. ආවාට ගියාට කොහොමද පුරවැසිකමක් දෙන්නේ? (නි)

:       0       0

සිල්වා Monday, 12 May 2014 06:02 PM

අනේ මගේ කට මොකටද කියලා හිතුනා (නි)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 13 May 2014 12:04 AM

ඔය නීති එක එකාට වෙනස් .කලබල වෙන්න එපා ගාන ටිකක් වැඩිකරලා.හෙට අනිද්දා ඔය කියන සිටිසන් ගන්න පුළුවන් කියා තමයි මටනම් හිතෙන්නේ. (ස)

:       0       0

සුවාරිස් Monday, 12 May 2014 06:03 PM

අසෝකා, ඔබ ලංකාවේද? (නි)

:       0       0

සාලිය Friday, 16 May 2014 04:13 PM

කුසුම්,,,,අසෝක කියල තියන දෙය අයෙත් පාරක් කියවන්න...ඔයාගේ පැත්තේම තමයි එයත්...එකයි ඔයාට වලිගෙ පෑගිලා කියල අනිත් අය කියන්නේ. (ස)

:       0       0

කමල් Tuesday, 13 May 2014 12:30 AM

කවදාද අපේ නිලධාරීන් ඇත්ත කිව්වේ? ගිහිල්ලාම බලන්න ඕනෑ ඇත්ත නැත්ත. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 13 May 2014 01:38 AM

මෙතුමා කියන පරිදි රජයේ දෙපාර්තු මේන්තු කිහිපයක් හරහා යන්න වෙනවා මේක සම්මත කරගන්න , රජයේ දෙපාර්තුමේන්තු වලින් වැඩක් ඉක්මනට කරගන්න ක්‍රමයක් තිබෙනවා අ- - - - මිට මොලවන්න . එතකොට මේ සමහරු කියනව නේද පාර්ලිමේන්තුව ලංකාවේ මේ දෙපාර්තමේන්තු සේරටම වඩා උතරිතර බව පාර්ලිමේන්තුව හරහා බැරිද මේ වැඩේ කරගන්න. (ස)

:       0       0

ශ්‍රී ලාංකිකයෙක් Tuesday, 13 May 2014 01:20 PM

මේ ද්විත්ව පුරවැසිකම ගන්න කට්ටිය මෙච්චර උනන්දු වෙන්නේ ඇයි?ඇවිල්ලා ලංකාවේ නවතින්නද? ඒකේ සැගවුණු අර්ථයක් තිබෙනවා.95% ක්ම මේක ගන්න හදන්නේ ඒ නිසයි (නි)

:       0       0

අසෝකා Tuesday, 13 May 2014 01:45 AM

පළමුවෙන් මම කියන්න කැමතියි මම වතාවක් දවස් කීපයක නිවාඩුවට ඉතාලි ගියා මිසක් ඉතාලියේ පදිංචි නැති බව. සුවාරිස් ,මම ලාංකිකයෙක් උනත් දැන් ඉන්නේ පිටරට. කුසුම් ඔයාට කියන්න තියෙන්නේ කවුරු හරි ලියපු දෙයක් හොදින් කියවා තෙරුම් අරගෙන පිළිතුරු ලියන්න කියලයි. (ස)

:       0       0

සුවාරිස් Tuesday, 13 May 2014 08:25 PM

දැන් හ‍ඳෙත් ගෙවල් හදන්න යනවාලුනේ (නි)

:       0       0

අශෝක Tuesday, 13 May 2014 01:29 PM

බන්දුල මහතාණෙනි, එතකොට ඔය රටේ ඉහළම පෙළේ ඉන්න ද්විත්ව පුරවැසියන් ගැන ඔබ මොනවාද කියන්නේ? අන්න ඒ අයට ඕවා ගිහින් කෙළින්ම කියන්න. එවිට ඔබ නියම රටට ආදරයක් තිබෙන අවංක වීරයෙක් වේවි! (නි)

:       0       0

සෝබන Tuesday, 13 May 2014 01:33 PM

ලංකාවේ ද්විත්ව පුරවැසිකම ගන්න උනන්දුව ඉතාම අඩුයි. මේ දක්වා ද්විත්ව පුරවැසිකම අරගෙන තියෙන්නේ 3000 ටත් අඩු පිරිසක්. (නි)

:       0       0

චමින්ද Monday, 12 May 2014 06:22 PM

වීසා බලපත් දීර්ඝ කිරීමේ කාර්යාලයට ගොඩ වුණා නම් බලාගන්න පුලුවන් ඇත්ත. වීසා එක ගහගෙන පැය තුනකට කලින් එළියට එන්න පුළුවන් වුණා නම් ඒ පෙර පිනකට. (නි)

:       0       0

රණතුංග Tuesday, 13 May 2014 02:26 AM

ඔය කියන කාර්යාලය අපිරිසිදුකමේ හොදම එක.කුකුළු කුඩුවක් වගේ.ප්‍රයිවට් බස් එකක මගීන් පැටෙව්වා වගේ.හැරෙන්න කරන්න විදියක් නැහැ.සමහරුනට පැය ගනම්,වීසා එක දික් කරලා පාස් පෝට් එක ලැබෙනකම් හිටගෙන ඉන්න වෙලා තියෙන්නේ. පුටුවක් ලැබුනොත් වාසනාව.පොඩි දරුවොත් දෙමව්පියෝ එක්ක ඒ කට්ට කනවා.අවසානයේ කවුළු බර ගානකට ගිහිල්ලයි, වැඩේ නිමා වෙන්නේ.මිනිස්සුන්ගේ කාලේ කන, ඔය වගේ ස්ථානයකට නම්, මම මීට කලින් ගිහිල්ලත් නැහැ,දැකලත් නැහැ. (ස)

:       0       0

කුසුම් Tuesday, 13 May 2014 01:33 PM

බන්දුල පෙරේරා මේ වතාවේ කළ ප්‍රකාශය නම් සදාචාර සම්පන්න නැහැ නේද? ලාංකික සමාජයේ පවතින කුහකත්වය ඔබ තුළත් පමණ ඉක්මවා ඇති බව ඔබ අද ඔප්පු කළා. මට පෙනෙන විදිහට වර්තමාන පාලකයින්ට ඇති ප්‍රධාන බාධකය තමයි විදේශගත ශ්‍රමිකයින්. කුමන අධ්‍යාපන මට්ටමක වුවත් තම දෙනෙතින් ලෝකය දැකගත් අයගේ ආකල්ප ලංකාව තුළ ජිවත් වෙන අයට වඩා බොහෝ වෙනස්. ඒ අතරිනුත් පිටරටක පුරවැසිභාවය ලබාගත් අය විශේෂයි. ඔවුන්ගේ දැනුම බුද්ධිය මෙරටට ලැබීමත් සමහරුන්ට තර්ජනයක් ලෙස හිතෙනවා ඇති. විදේශ රටක පුරවැසිභාවය ඇති අයට මා නම් කියන්නේ, ඔබට සුදුසු කාලය පැමිණෙන තෙක් ඉවසීමෙන් ඉන්න කියලයි. (නි)

:       0       0

යසන්ත Tuesday, 13 May 2014 01:34 PM

අපොයි මට නම් ඕක ගෙදරට ගෙනවිත් දුන්නත් එපා කියනවා. (නි)

:       0       0

බිමල් Monday, 12 May 2014 06:24 PM

ද්විත්ව පුරවැසිභාවය ගන්න ගිය උදවිය කියන්නේ වෙන දෙයක්. (නි)

:       0       0

කරුණාජීව Tuesday, 13 May 2014 01:36 PM

සමහර රටවල පුරවැසියන්ට අවුරුදු පහකට බලපාන පරිදි ලංකාවට ඕනෑම වෙලාවක යාමට සහ ඒමට වීසා එකක් තිබෙනවා කියලා ආරංචියි.ඒකට ගෙවන්න වෙන්නෙ කුඩා මුදලක් කියලත් කියනවා. (නි)

:       0       0

මේනක Wednesday, 14 May 2014 11:43 AM

භුමි පුත්‍රයෝ වෙලා රට ට වින කරනවා ට වඩා පිටරටකට ගිහින් මනුස්සයන් හැටියට ජීවත් වෙන එක අපිට නම්බුයි.(ස)

:       0       0

නන්ද පැරිස් Monday, 12 May 2014 06:26 PM

ඔය කවුරුවත් නොදන්නා දේවල් අපි දන්නවා (නි)

:       0       0

සිරිසේන Tuesday, 13 May 2014 03:30 AM

නමුත් මගේ දැනීමේ හැටියට අපේ ආගමන හා විගමන ආයතනය මනා පිරිසිදු කමකින් පාලනය වන අතර ම එහි සේවා පතන අයට අවශ්‍ය සියලූම පහසුකම් සපයා තිබෙනවා. (ස)

:       0       0

අමිල Tuesday, 13 May 2014 01:37 PM

අනේ මන්දා මේ කතා! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 14 May 2014 11:48 AM

ඕක දෙන්න බැරිනම් තියා ගන්න නිකන් අතේ අහුවෙන බොරු කියමින් සවුත්තු වෙන්නේ නැතුව. නිලධාරීන් නිසා තමයි අද ලංකාවේ රාජ්‍ය සේවය වල පල්ලට වැටිලා තිබෙන්නේ , විසා කන්තෝරුවේ පිරිසිදු කම සහ රස්තියාදුව ගැන නම් කතා කරන්න එපා , (ස)

:       0       0

ජයන්ත Monday, 12 May 2014 06:26 PM

දැන් ද්විත්ව පුරවැසිකම දෙන එක නතර කර අවුරුදු දෙකකට වැඩියිනේ. අවුරුදු දෙකක් යනු සෑහෙන කාලයකි. එයට ක්‍රමවත් පිළිවෙළක් සම්පාදිත කිරීමට අවුරුදු දෙකකින්වත් බැරියි කියන්නේ එම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම බව නේද? (නි)

:       0       0

ඉර්ෆාන් Tuesday, 13 May 2014 03:37 AM

ලංකාවේ ද්විත්ව පුරවැසිකම ලබාගන්න මම ලංකාවට එන හැම වෙලාවේම උත්සහ කලත් , ඒක තාවකාලිකව නවතා ඇත කියලයි එම කාර්යාලයෙන් මට කිවේ. දැන් මාස තුනකට කලින් ඇහුවමත් කිවේ එහෙමයි.

:       0       0

රානි Tuesday, 13 May 2014 01:42 PM

දැන් මෙහෙන් ගීය කට්ටිය ලංකාවේ දියුණුව දැකලා ආපහු මෙහෙ එන්න හදනවා. මෙහෙම පුර වැසි කම දෙන්න ගියොත් ලංකාවේ ඉදන් ජීවිතය කැප කල අයට අසාදාරනයක් වෙන්නේ.9නදී)

:       0       0

චමින්ද Tuesday, 13 May 2014 01:43 PM

ඔය කියන කාර්යාලය වගේ කාර්යාල දකුණු ඉන්දියාවේත් තියෙනවා.හරිම පිරිසිදුයි. (නධී)

:       0       0

ගජනායක Tuesday, 13 May 2014 04:06 AM

ඇතැම් අය කියපු කරපු දේවල් අනුව ඇත්තක් කීවත් මිනිස්සු හිතන්නේ ගල් පැලෙන බොරුවක් කියා. (ස)

:       0       0

පාලිත රත්නායක Tuesday, 13 May 2014 04:33 AM

නිලධාරියාගේ නමෙන් නම් වැදගත් පාටයි. නමුත් එක රැයින් කරන්න බැරි එකයි අවුල. දෙපාර්තමේන්තුවේ ඉන්නේ පක්ෂපාතී අය නෙවෙයි වගේ. (ස)

:       0       0

උමාරා Tuesday, 13 May 2014 09:22 PM

පොඩි මිනිස්සුන්ට තමයි මුකුත්ම කරන්න බැරි. (නි)

:       0       0

හර්ෂ Wednesday, 14 May 2014 12:31 PM

බන්දුල පෙරේරාට නම් පිටරට ඉන්න උදවිය එක්ක එසේ මෙසේ ඊර්ෂ්‍යාවක් නෙමෙයි තියෙන්නේ. එකත් එකටම මොකක් හරි රටකින් වීසා ලබා දීම ප්‍රතික්ෂේප කරන්න ඇති. එහෙම අයට තමා මේ වගේ හිතේ අමාරු හැදෙන්නේ. (නි)

:       0       0

කුසුම් Monday, 12 May 2014 06:49 PM

අසෝකා, නොදන්නා දේවල් කතා නොකර ඉන්නවද? අහන්න දෙයක් නැහැ. ඕකත් වෙන පැත්තකට හරවා ගන්නයි යන්නේ. මම දන්නා බොහෝ පිරිස් ඉන්නවා ද්විත්ව පුරවැසිකමට ඉල්ලුම් කරලා වසර 3ක් ඉක්මවූ පිරිස්. ලංකාවේ ඉපදිලා පිටරට ගිහින් එම රටවල පුරවැසිකම ගන්නවත් එතරම් අපහසුවක් තියෙන්න නැතුව ඇති. මම නම් කියන්නේ තව ටික කාලයකට ඔය රටවල් වලටම වෙලා ඉන්න. (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 13 May 2014 09:44 PM

මාස 2ක් ඇතුලත අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරන්නකුට පුරවැසිභාවය දිය හැක. එය තර්කානුකුලය. බලයලත් රජයේ නිලධරියෙකුට එය එසේ ප්‍රකාශ කල හැක. යම් ප්‍රකාශයක් යමකු කලද මාධ්‍ය තුල අකුරු අමුණන කල් හි හා වචන හරභයා අර්ථ වෙනස් වනු ඇත. නමුත් අවංක, නිහතමානි රජයේ සේවකයෙකුට අභ්‍යන්තරය තුල ගැටුම් ඇත. ඇතැම් අවස්ථාවන් හි එය ඉස්මතු වනු ඇත. විශේෂයෙන් කම්කරු නායකුට එය දෙගුණ තෙගුණ වේ. එවිට ඔහුගේ යම් ප්‍රකාශයක් උඩු යටිකිරු කිරීම සාපරාදී අපරාදයකි. ඉහල සිටින ඇත්තෝ ඊටත් ඉහල සිටින ඇත්තෝ ඊටත් ඉහල සිටින ඇත්තෝ ඉවසා වදාර කරුණාවෙන් කරුණාවෙන් විනිශ්චය කරනු මැනවි. නීති ගරුක අවංක නිල දරුවෙකු රටකට සම්පතකි. එය රැකුම කාගේ යුතුකමක්ද ??(අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 13 May 2014 09:47 PM

මේ රට හැල්ලු කරලා මේ රටේ ලැබෙන දේ මදි වෙලා සැපවත් ජිවිත හොයාගෙන ගිහින් පිට රටක පුරවැසිකමක් ගන්න කට්ටිය විදින දුක දාන දහන් ගැට කරන කැපකිරීම් සුද්දන්ට කරන කැබිරිලි, කියන ගතු අපි හොදට දන්නවා.කොහොම හරි ඒක ගත්තට පස්සේ කට්ටියට මේ රටේ පුරවැසිකම ඕන වෙන්නේ අඩු වියදමින් නිවාඩුවක් ගත කරලා නෑදෑයෝ බලල යන්න මිසක් මේ රටට හම්බ කරපුව ගේන්න නෙමෙයි.මෙහෙ එපා කියල ගියානම් නම්බු පිට ඉන්නේ නැතුව මේ අපේ හිගන රටේ අහන කොටත් අගේ හිරි ගඩු පිපෙන මිනි කන්නගේ දේශයයේ පුරවැසිකම් මේ කළු සුද්දන්ට මොන එහෙකටද..එනවනම් එහෙ එක ඇත ඇරලා එන්න.(අ)

:       0       0

නිලුපුලී Tuesday, 13 May 2014 06:00 AM

ආවට ගියාට දෙන්න බැහැඋපතින්ම ලැබුන දේ නැතිනොකර හිටියා නම් ඉවරනේ. ආයේ අමුතුවෙන් දෙන්න ඕනෑද?මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව නොදන්නවාද? (නි)

:       0       0

ඉසුරු Tuesday, 13 May 2014 10:09 PM

බන්දුල පෙරේරා මහත්තයෝ ඔයාටනම් පොඩ්ඩක් එහෙමනං නෙමෙයි හොඳටම පිස්සු. මෙයාව කවුරු හරි ඉක්මනට මුල්ලේරියාවට හරි අංගොඩට හරි හැකි ඉක්මනින් අරන් යන්න. (දී)

:       0       0

රුවන් Tuesday, 13 May 2014 06:44 AM

ඕක නවත්තලා තියෙන්නේ 2010දී. මම ඒ කාලේ ඉඳලම උත්සාහ කරනවා.දැන් අවුරුදු හතරකට කිට්ටු වෙනවා.මට තේරෙන එකම දේ කුහකකම සහ අකාර්යක්ෂමකම තමයි හේතුව.බන්දුල මල්ලි මම හිතාගෙන හිටියේ කඩේ යන කෙනෙක් කියලා. බලාගෙන ගියාම පුදුම කුහකයෙක්නේ. අනේ මන්දා ලංකාව!අපි මෙහෙම ඉන්නම්.අපේ දැනුම හා මුදල් මෙහෙම වියදම් කරන්නම්. නිවාඩුවට වෙන රට වලට යන්නම්.අර නිලධාරියා මේ ගැන දන්නේ නැතුව උත්තරයක් දීලා තියෙන්නේ (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 13 May 2014 06:48 AM

මට මතක් වෙනවා බොහෝ ඉස්සර ඩේලි නිව්ස් පත්තරේ තිබුන කතු වැකියක්. 'සිංහලයෝ ඇබ්රෝඩ්' කියලා. එකේ තිබුනේ පීටරට ගියානම් එහේම ඉන්න, ලංකාවේ දේවල් ගැන කරදර වෙන්න එපා කියලා. මේ අදහසට විරුද්ධව බොහෝ දෙනෙක් ලියලා තිබුනා. එහෙම විරුද්ධව ලියපු අයගෙන් කෙනෙක් නේද අද ද්විත්ව පුරවැසිකම දෙන එක නවත්වලා තියෙන්නේ. (නි)

:       0       0

නිලේන්ද්‍ර Tuesday, 13 May 2014 02:22 PM

රානි, එහෙම නම් ලංකාවේ දැනට ජීවත්වෙන ද්විත්ව පුරවැසිකම තිබෙන උදවියට ඔය කතාව කියන්නකෝ. ඔබේ අදහස් දුටුවිට හිතෙන්නේ ලංකාවේ භෞතික දේවල් දියුණු වෙලා, නමුත් මිනිස්සු තවමත් පළවැනි පරාක්‍රමබාහුගේ යුගයේ කියලා. (නි)

:       0       0

කබීල් Tuesday, 13 May 2014 06:52 AM

මොනවද මන්දා මේ කතා? (නි)

:       0       0

පියල් Tuesday, 13 May 2014 07:18 AM

සරණාගතයන් වගේ පුරවැසිභාවය ලබාගත් ගොඩක් අය ලංකාව සහ ලංකා රජයන් පිළිබඳව බොරු ගොනුකරපු පෙත්සන් ඉදිරිපත් කරලා තමයි එම රටවල පදංචි වෙලා ඉන්නේ. ද්විත්ව පුරවැසිකම දෙන්නට පෙර එම ගොනුකරන ලද ලිපිවල කොපි ඉදිරිපත් කරලා මොනවා කියලා ලංකාව හංවඩු ගහලා තියනවාද කියලා බලලා වීසා දෙනවා කිවුවා නම් ඔය ඉල්ලුම්පත්‍ර බාගයක්ම නිකම් හැලෙනවා. (නි)

:       0       0

හර්ෂ Tuesday, 13 May 2014 07:33 AM

රටට සහ රජයන්ට පරිබව කරලා පිටරටවල සරණාගත පුරවැසිකම ගත්ත අයට වඩා වෘත්තිය මත පුරවැසිකම ගත්ත අය ගැන පළමුව හිතුවොත් හොඳයි නේද? (ස)

:       0       0

අමිල චතුරංග Monday, 19 May 2014 03:00 PM

පිටරට පුරවැසිකම ගත්තම මෙහෙ තියෙන දේපල වස්තුව එයාලට අයිති වෙන එක නවතිනවා. මෙහෙ තියෙන වස්තුවට කෑදර කමේ ද්විත්ව පුරවැසිකම ඉල්ලනවා මිසක් මෙහෙට තියෙන විෂේශ ආදරයක් කාගේ ලගවත් නැහැ.(නදී)

:       0       0

නාමල් Tuesday, 13 May 2014 07:34 AM

මම එකක් හිතාගත්තා. අපේ අම්ම තාත්ත ඉන්නකම් උත්සාහ කරනවා ඕක ගන්න. මම හිතන් හිටියේ ඇවිත් මගේ සල්ලි ආයෝජනය කරන්න. 65 වුණාම මෙරටේ පැන්ෂන් එක ලංකාවට හරවා ගන්න. දෙන්න බැරිනම් නිකන් ඉන්න කියනවා. මොලයක් තියෙනවානම් කල්පනා කරලා බලන්න ඕන එක පවුලකින් අහිමිවන විදේශ විනිමය කොපමණද කියල. (ස)

:       0       0

නවින් Tuesday, 13 May 2014 02:33 PM

රානිලාගේ, බන්දුලලාගේ අදහස් දැකලා, මට එකම දෙයයි හිතුනේ. මින්පසු මම මහන්සියෙන් හරිහම්බ කරගන්න මුදලින් ලංකාවේ සමාජ සේවා කටයුතු සඳහා යොදන මුදල ගැන දෙවරක් හිතනවා. ඔබ වැනි කුහක අදහස් දරන අය නිසා තමා ලංකාවට ලෝකයෙන්ම ලැබෙන්න යන වටිනා දේවල් නැති වෙන්නේ. ලංකාවේ ජීවත් වුණ පළියට කැපකිරීම කළා කියනවා නම් අර ළඟදී බදු වංචාවට අසුවුණ කෙනාත් මහා කැපකිරීමක් කළ කෙනෙක්. (නි)

:       0       0

උද්දික Sunday, 18 May 2014 02:50 PM

මම ඉන්න රටේ අය නම් ඕක ගන්න හදන්නේ වීසා ගාස්තුව අඩු කර ගන්න. මෙහෙමත් මිනිස්සු. (ස)

:       0       0

චන්දන Tuesday, 13 May 2014 07:57 AM

බන්දුල පෙරේරා, උඩ බලාගෙන කෙළ ගහන්න එපා. ලංකාවේ ඉන්නවා නේද වෙනත් රටවලට ගිහිල්ල ඒ රටවල් වල පුරවැසි කම අරගෙන ඇවිත් ආපහු ලංකාවේ ජීවත් වෙන උදවිය. පුළුවන් නම් වීරයෙක් වගේ ඔය කතාව ඒ අයටත් කියලා බලන්නකෝ. (දිල්)

:       0       0

නිශාන් Tuesday, 13 May 2014 08:07 AM

බන්දුල පෙරේරා, විවිධ රටවල ද්විත්ව පුරවැසිකම තිබෙන බොහෝ දෙනා ලංකාවේ ජීවත් වෙනවා. එතකොට ඒ අයට ඔබේ ඔය කැකිල්ලේ නීතිය වලංගු නැද්ද ? අහන්නකො මොකටද මෙහෙ ආපහු අවේ කියලා. (දිල්)

:       0       0

නිලුපුලි Wednesday, 21 May 2014 04:39 AM

අමිල වෙනත් රටක හිටිය නම් කියන්නේ ඔකේ අනිත් පැත්ත. ඕක තමි අපේ කට්ටිය හඳුනා ගන්න පුළුවන් සුපිරි අනන්‍යතාවය.පලය හටගන්නා හේතුව කියන්න ඕනේ නැහැනේ.(ස)

:       0       0

ජනල් Tuesday, 13 May 2014 11:04 PM

ආවාට ගියාට තියා යන්න එන්න වත් දෙන්නේ නැහැ වගේ (දී)

:       0       0

උදය Monday, 12 May 2014 07:32 PM

වසර 3 කට පෙර බාරදුන් අයට තවම නැහැ.අලුතෙන් බාරදෙන අයට කොපමණ කල් යයිද? (නි)

:       0       0

කමල් Tuesday, 13 May 2014 08:18 AM

රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ ලංකාව ඇතුලෙම ඉඳන් රට වින කරන සමහරු. එහෙම නැතිව යම් යම් පුද්ගලික හේතු මත පිටරට ගිය උගත් බුද්ධිමත් වෘත්තිකයන් නෙවෙයි. එක පැත්තකින් කියනවා බුද්ධිගලනයට ඉක්මණින් මොනවා හරි පිළියම් යොදන්න ඕන කියලා. අනෙක් අතින් ද්විත්ව පුරවැසි භාවය ඉල්ලන වෘත්තිකයන්ට අවහිරකම් . බහුතරයක් ලාංකිකයන් ට අවශ්‍ය තමන් බලාපොරොත්තු අධ්‍යාපන හෝ ආදායම් ලබාගෙන නැවත ලංකාවට ඇවිත් යම් සේවයක් කරමින් ජීවත් වෙන්න. මේවා මේ උසස් නිලධාරින් ට පැහැදිලි කරන්න යනවාට වඩා හොඳයි කට බිම උලා ගන්න එක. (ස)

:       0       0

හිල්මි Tuesday, 13 May 2014 08:23 AM

බන්දුල පෙරේරා ඔබ තාම දන්නේ නැහැ. ලංකාවේ ද්විත්ව පුරවැසිකම තියෙන්නේ කාට කාටද කියල. (ස)

:       0       0

චන්දරේ Tuesday, 13 May 2014 02:54 PM

එක මකුණයි ළමයෝ කන්නේ -ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ?(දිල්)

:       0       0

හිල්මි Tuesday, 13 May 2014 11:46 PM

බන්දුල පෙරේරා" මහතාණෙනි මටත් ඕන කවදා හරි ලක් පොළොවට පොහොර වෙන්න, නමුත් ඉන්නකම් ඇස් කන් නාසය සහ කට වහගෙනද ඉන්න කියන්නේ? ඇයි වැරද්දක් තියෙනවනම් හදාගෙන ඉස්සරහට යන්න බැරි. උදා:- දැනට දශක තුන හතරකට කලින් අපි කොරියාව කිවේ මුඩුක්කු වලට අද කොරියාව කොතරම් දියුණුද ? අපි කොහෙද ඉන්නේ. (මහතාණෙනි කරුණාකර මා කොරියාවේ කියා උපකල්පනය කරන්න එපා මා මේ ලංකාදීප ප්‍රධාන කාර්යාලය අසලයි) (දී)

:       0       0

ජීවන් Tuesday, 13 May 2014 08:41 AM

දෙන්න බැරි නම් තියාගන්න. හරි වටිනා පුරවැසි භාවය අමාරුවෙන් ලබාගන්න. (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 12 May 2014 07:59 PM

අසෝක නමින් අදහස් දාන්නේ මිලානෝ වල අසෝකාද? අපෝ ඔයා කියන්නෙම නොදන්නා දේවල්නේ. (නි)

:       0       0

චානි Tuesday, 13 May 2014 08:51 AM

රුවන්, මේ පුරවැසියන් නිසා තමා ලංකාවේ දියුණුවට බාධාවක් වෙලා තියෙන්නේ. අපි හැමදාම පිටරට ඉන්නවා කියල හිතා ගත්තේ නැහැ. ඉගෙනීම කරගෙන, ජීවත් වෙන්න මුදල් ටිකක් හම්බ කරගෙන ආපහු ලංකාවට එන්න තමා හිතුවේ. එහෙම ඇවිත් අපේ දැනුම සහ සේවාව ලබා දෙන්න. අපෙන් ලංකාවට වැඩක් නැති වගේ තමා පේන්නේ. (ස)

:       0       0

හිල්මි Wednesday, 14 May 2014 12:09 AM

ඉසුරු" මුල්ලේරියාව සහ අංගොඩ යනු තැන් දෙකක් නොව එකම තැනයි. අපි බන්දුල පෙරේරා සමග සමගියෙන් ඉඳිමු.( සියලු දෙනාටම ප්‍රීති වෙසක් ) (ස)

:       0       0

චමින්ද Thursday, 15 May 2014 02:57 PM

නිලුපුලි, ඔන් ලයින් වීසා නිකුත් කරන්නේ මාසෙකට විතරයි. ඊට පස්සේ වැඩිපුර දවස් ඉන්නවා නම් නැවත කොලඹ කාර්යාලයට ගිහිල්ලා වීසා ලබා ගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් ලංකාවට පැමිණීමට පෙර ,තමන් සිටිනා රටේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයකින් ලංකාවේ නැවතී සිටිනා සම්පුර්ණ කාලය සදහාම වීසා ලබා ගත හැකියි.(නදී)

:       0       0

දයාල් Tuesday, 13 May 2014 04:34 PM

තියාගන්න ඔයාලගේ ද්විත්ව පුරවැසිකම. අපිට නම් එපාම එපාමයි... (නි)

:       0       0

ආනන්ද ජයතිස්ස Wednesday, 14 May 2014 12:46 AM

උපන් බිමට ආදරය කරන කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. (ස)

:       0       0

ලසිත් Tuesday, 13 May 2014 09:19 AM

බන්දුල පෙරේරා, උඩ බලාගෙන කෙල ගහ ගත්තා. අනුන්ට ඇඟිල්ලක් දික් කරන විට තමන් ට ඇඟිලි හතරක් එල්ල වෙන බව මතක තබා ගන්න. හොඳට කල්පනා කර බලන්න තමන් කළ ප්‍රකාශයේ කොහෙද වැරැද්ද කියලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1528 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1334 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2081 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2397 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 565 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35896 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site