IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ඇමෙරිකාව එක්ක කළ තීරු බදු සාකච්ඡාව ගැන රජයෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

ඇමරිකාව විසින් පනවන ලද  තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින්  ගිවිසුමකට  එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත  තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා පැවසුවේ යැයි  ශ්‍රී ලංකා රජය පවසයි.

අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් වොෂින්ටන් ඩීසීහි පැවත්වූ  සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් රජය මේ බව කියයි.

ලංකා රජය නිකුත් කරනු ලැබූ එම ප්‍රකාශය මෙසේය.

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

එහිදී, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ග්‍රියර් මහතා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා දූත පිරිස විසින් ඒ මහතා වෙත බාර දෙන ලදී.

අතීතයේදී මුහුණ දුන් අභියෝග සහ අනාගතයේ මතු විය හැකි අභියෝග ජය ගැනීමට මෙන්ම ආර්ථිකය යළි පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී  නියෝජිත පිරිස තානාපති ග්‍රියර් මහතා දැනුම්වත් කළේය.

වෙ‍ළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහාද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දුන්නේය. 

මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගැයුමට ලක් කළ තානාපති ග්‍රියර් මහතා දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින්  ගිවිසුමකට  එළැඹිය හැකි බවටද අපේක්ෂාව පළ කළේය. 

අනතුරුව, තානාපති ග්‍රියර් මහතා විසින් පත් කරන ලද දකුණු සහ මධ්‍යම ආසියාව බාර සහකාර එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා (Brendan Lynch) නායකත්වය දරන USTR දූත පිරිස සමඟ දකුණු ආසියාව බාර අධ්‍යක්ෂ එමිලි ඈෂ්බි මහත්මියද  (Emily Ashby) එදිනම හමු වූ ශ්‍රී ලංකා දූත පිරිස, ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදයට ලිඛිතව ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූහ.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයේම එකඟතාව පළ කෙරුණු අතර හැකි ඉක්මණින්  කෙටි කාලයක් තුළ අදාළ ගිවිසුමට එළැඹීමටද දෙපාර්ශ්වයම කැමැත්ත පළ කළහ.

එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෙළෙඳාම, වෙළෙඳ භාණ්ඩ, සෘජු ආයෝජන ප්‍රතිපත්තිය සංවර්ධනය සහ සම්බන්ධීකරණය මෙන්ම අනෙකුත් රටවල් සමඟ සිදු කරන සාකච්ඡා අධීක්ෂණය කිරීමේ වගකීම එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) සතු වේ. එහි ප්‍රධානියා වන්නේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයකු වන එරට ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෙළෙඳ උපදේශක, ගනුදෙනුකරු සහ වෙළෙඳ ගැටලු පිළිබඳ ප්‍රකාශක යන වගකීම් දරන කැබිනට් සාමාජිකයෙකි.



අදහස් (2)

ඇමෙරිකාව එක්ක කළ තීරු බදු සාකච්ඡාව ගැන රජයෙන් ප්‍රකාශයක්

කව්ද බෝයි Friday, 25 April 2025 12:00 PM

රටට කෙලවෙනකම් බලං උන්නු කට්ටියට, හෝසෙට වැළලෙයි අද ...

:       6       7

prasanna Friday, 25 April 2025 02:51 PM

මේවත් ගජබින්න තමයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 61 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


පාප් වහන්සේට ගෞරව දක්වන්න සජබෙන් දෙන්නෙක් වතිකානයට
2025 අප්‍රේල් මස 25 116 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි මහත්වරුන් වතිකා


දේශබන්දු කමිටුවේ සහායට නීතිපතියෙනුත් දෙදෙනෙක්
2025 අප්‍රේල් මස 25 238 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි සඳහන් චෝදනා විමර්ශන කිරීමට පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන සඳහ


ගම්පහ ව්‍යාපාරිකයා ඝාතනයට අවි ගෙනා දෙකක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 25 330 0

ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරිම සදහා වතුමුල්ල ප්‍රදේශයේ නිවෙසට ටී 56 ගිනි අවි දෙක රැගෙන ආ බව කියන සැකකරුවන් දෙදෙනකු හෙරොයින් සමග අද (25) අත්අඩං


අනුරගෙන් මෝදිට දුරකථන ඇමතුමක්
2025 අප්‍රේල් මස 25 425 1

පුද්ගලයන් 26 දෙනකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව ජනාධිපති අනුර කුමාර දිසාන


දේශබන්දුගේ පැටිකිරිය හොයන වැඩේට තව පොලිස් පිරිසක් ඉල්ලයි
2025 අප්‍රේල් මස 25 270 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතු සඳහා සහයවීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කරන ලෙස එම ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 784 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 377 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 526 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site