(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 245 ක් දක්වා තීරු බද්දක් පැනවෙන බව ධවල මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයත් සමග චීන විදේශ කටයුතු අමාත්‍යාංශයද ඊට පිළිතුරු ලබාදුන් අතර වෙළෙඳ යුද්ධයකදී ඇමෙරිකාව සමග සටන් කිරීමට චීනය කිසිසේත් බිය නොවන බව පැවැසුවේය.
ඇමෙරිකාවට සංවාදයක් ඔස්සේ මෙම ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය නම් මෙවැනි ක්‍රියා සිදු නොකර සාකච්ඡා මේසයට පැමිණිය යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
එසේම ඇමෙරිකාව චීනයට පනවා ඇති තීරු බදු ප්‍රතිශත පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.
එයට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ චීනයට එකඟතාවයකට පැමිණීමට අවශ්‍ය නම් පළමුව සාකච්ඡා මේසයට පැමිණිය යුත්තේ චීනය බවයි.
මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග
ශ්රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න
එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද සියයට 245 දක්වා වැඩි කරයි
Akila Thursday, 17 April 2025 09:31 AM
ඔන්න චීනේ ලෝක ප්‍රසිද්ධ (මෙච්චර කල් චිනේ හදලා ඇමරිකාවේ ප්‍රසිද්ධ ලේබල් සහිත සමාගම් වලට යවපු) ලක්ෂරි බ්‍රෑන්ඩ් ඔක්කෝම 100 ගුණයක් විතර අඩුවෙන් කුණු කොල්ලෙට දෙනවා. එකම කොන්දේසිය චීනෙට ඇවිල්ලා ගන්නවා නම් විතරයි. ඒ අතරේ ලංකාවේ ගාමන්ට් වලින් ඇමරිකාවට යවන වික්ටෝරියා සීක්රට් අයිතමත් තියනවා. මේක ඒ සමාගමේ සෙල් වලටත් ලංකාවේ ගාමන්ට් වලටත් ප්‍රශ්නයක් වෙයි නේද?
Dilan Thursday, 17 April 2025 09:53 AM
මේක ඇත්තක් නෙවෙයි.
fairoosmr Thursday, 17 April 2025 11:21 AM
ලංකාවේ නන්දසේන වගේ තමයි ට්‍රම්ප් නිකන් විහිලු සපයනවා