IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඇලෝසියස්ට සාක්කි දීමට බල කළ නොහැකි බව කොමිසම දන්වයි

(මනෝප්‍රිය ගුණසේකර)

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීමට බල කිරීමේ හැකියාවක් නැතැයි එම කොමිසම අද(13) තීන්දු කළේය.

සිය කැමැත්තෙන් කොමිසම හමුවේ සාක්කි දිය හැකි බවත් එසේ නොමැතිව කොමිසමක් හමුවේ සාක්කි ලබාදෙන ලෙස බලකිරීමේ හැකියාවක් නැති බවත් කොමිසම දන්වා සිටි අතර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු 13ක් පිළිබඳ දන්නේදැයි හෙළි කරගැනීමට අර්ජුන් ඇලෝසියස්ගෙන් සාක්කි විමසීමට අපේක්ෂිතව සිටි බවද කොමිසම ප්‍රකාශ කළේය.



අදහස් (43)

ඇලෝසියස්ට සාක්කි දීමට බල කළ නොහැකි බව කොමිසම දන්වයි

shelton Wednesday, 13 September 2017 06:37 AM

දැන් ඉතින් කොමිෂන් කුමටද? ....ඕනෙම කෙනෙකුට නිදහස තියෙනවා පිළිතුරක් නොදී සිටින්න.

:       7       122

malinee Wednesday, 13 September 2017 06:40 AM

හරිම සතුටුයි. විජේදාස යවාගත්තේ ඕකට තමයි.

:       1333       1630

chamika Wednesday, 13 September 2017 06:45 AM

දැන් එතකොට හැම කෙනාම, සාක්කි දෙන්නේ කැමතිනම් විතරක් උනාම, ජනාධිපති කොමිසමක් දාන එකෙන් වැඩක් නැති වෙනවනේ? එතකොට කලින් සාක්කි දීපු කට්ටියම සාක්කි දෙන්න අවේ නැත්නම් මොකද වෙන්නේ කොමිසමට?

:       0       308

Ariyapala Hewage Wednesday, 13 September 2017 06:59 AM

ඇත්ත, නීති විරෝදී ක්‍රියාවක් නොවේනම් ස්වේච්චාවෙන් සාක්කි දීමට පුළුවන් බව ඕනෑම සාධාරන මනසක් ඇති මිනිසෙකුට තේරෙනවා. සාධාරන මනසක් ඇති මිනිසා යනු නීතියෙන් අර්ථ නිරුපනය කරන සාධාරන මනසක් ඇති මිනිසාය. සාක්කි දීමට නොහැකි බව පවසන්නේ ඇත්ත හෙලිවෙනවට තිබෙන බය නිසාය සහ වෙනත් අධිකරනයකදී මෙහි දී දෙන සාක්කි වෙනස් කරගැනීමට නොහැකි නිසාය වෙනත් විදියකට කියුවොත් කාලය සහ දෙශපාලන තත්වයන් වෙනස් වීම අනුව ඉදිරියේ සාක්කි තමන්ට වාසි දායක ලෙස ගොඩනගා ගත හැකි කම නිසාය.

:       1       354

Vajira Wednesday, 13 September 2017 07:04 AM

ඒ කියන්නේ මේ කොමිසමෙන් වැඩක් නෑ. වංචාවට සම්බන්ධ කෙනා සාක්කි දෙන්ඩ බෑ කිව්වොත් 'හා එහෙනම් කමක් නෑ' කියන්ඩද මෙච්චර කෙකර ගෑවේ. මේ අනුව ඉදිරි කාලයේදී උසාවියේදී විත්තිකාරය සාක්කි දෙන්ඩ බෑ කිව්වොත් නඩු ඉවරයි. එකත් ලේසි ක්‍රමයක් නඩු කල් යන්නෙත් නෑනෙ.

:       52       216

INDIKA Wednesday, 13 September 2017 07:05 AM

එතකොට පොලිසියට නවන්න බැරි වෙච්ච ඒවා මෙතැනදී නවලා අපහු හරවන්න පුළුවන්.

:       5       77

Chanda Wednesday, 13 September 2017 07:06 AM

දැන් ඉතින් යහ පාලනේට ඡන්දය දීපු අය පේලියට එලියට එන්න.

:       48       488

Dissa Wednesday, 13 September 2017 07:09 AM

මෙය එටකොට චුදිතයෙක් නෙමෙයිද? සාක්කි කාරයෙක්ද? එටකොට චුදිතයා කවුද? නොදන්නා නිසා අහන්නේ.

:       0       120

පොඩි එකා Wednesday, 13 September 2017 07:16 AM

මට පෙරලි පෙරලි හිනා යනවා....

:       1       129

Darshana Wednesday, 13 September 2017 07:17 AM

මීට වඩා විහිළුවක් නැහැ.

:       0       130

gama Wednesday, 13 September 2017 07:20 AM

මේ වගේ නරි නාටක ගැන කාට නම් කියන්නද?

:       0       132

Nalin Wednesday, 13 September 2017 07:25 AM

බැදුම්කරේ පාඩුවයි, කොමිසමේ පාඩුවයි ඔක්කොම කීයද දැන් ?

:       0       143

himal Wednesday, 13 September 2017 07:37 AM

මෙතන තියෙන්නේ කොමිසමේ බලතල මොනවාද කියන එක. උසාවියක වුනත් චූදිත විදිහට හෝ සිතාසි ලැබීමක් ලෙසට හෝ නැතිව සාක්කි දෙන්න කාටවත් බල කරන්න බෑ. කෙසේ නමුත් අවසන් නිගමන වලට එළඹීම කොමිසමේ කාර්යයක්.

:       196       15

Hafeel Wednesday, 13 September 2017 07:39 AM

අපිට තේරුණා මේ වෙඩේට අත තිබ්බ ගමන්.....

:       1       82

MJB Gamage Wednesday, 13 September 2017 07:41 AM

කන්දක් විලිලා මිය්යක් වැදුවා වගේ. අවශ්‍යම අයෙගෙන් සාක්කි ගන්න බැරිනම් මොන කෙහෙල්මලටද අපේ සල්ලි වියදම් කරලා කොමිසමක් පත් කෙරුවේ. කෙලින්ම නඩු දන්නා තිබ්බ නේ. කෝප් වාර්තාව අනුව.

:       0       182

dias Wednesday, 13 September 2017 07:41 AM

මොහුව අදිකරණයේ නඩු පැවරීමෙන් සාක්කි ලබා ගත හැකියි.

:       0       55

one srilankan Wednesday, 13 September 2017 07:43 AM

මම නොදන්නා නිසා අහන්නේ , එම ක්‍රියාවලිය අනිකුත් නඩු පූර්වාදර්ශයක් නොවන්නේද.? අර NLR එකද මොකද්ද එකට මේවා නොයන්නේ.? දන්නා මහත්තයෙක් හරි නෝනා කෙනෙක් ඉන්නවනම් මාව දැනුවත් කරන්න.

:       1       23

බුද්ධික Wednesday, 13 September 2017 08:06 AM

SLR වලට යන්නේ ශ්‍රේෂ්ටාධිකරණයේ හා අභියාචනාධිකරණයේ තීන්දු පමණයි. මේක විශේෂ කොමිසමක්. අනික සාක්ෂි නොදෙන පුද්ගලයාටම තමා ඒකෙ ප්‍රතිපල විඳින්න වෙන්නේ. ඕනෑම කෙනෙකුට සාක්ෂි නොදී ඉන්න පුළුවන්. හැබැයි පුරවැසියකු විදිහට යුතුකමක් තියෙනවා තමා දන්න දෙයක් තියෙනවා නම් එමඟින් ගරු අධිකරණයට සහයෝගය දෙන්න

:       1       3

ramaniWednesday, 13 September 2017 10:13 AM

අර්ජුන් ඇලෝසියස් මහතා ලංකාවේ පුරවැසියෙක්ද? නමුත් එයාගේ මිමි නම් ලංකාවේ නෙමෙයි. සිංගප්පූරුවේ පුරවැසියන්ට ඒ පුරවැසිකම ඇත. නමුත් වෙන රටක පුරවැසිකම ගන්න බැහැ..

:       0       1

Ananda Wednesday, 13 September 2017 08:05 AM

දැන් ඉතින් දෙයියෝ සාක්කි තමයි .හොරුන්ට ගිය රට.

:       1       66

jagath liyanage Wednesday, 13 September 2017 08:06 AM

"නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ".

:       0       71

nimalka Wednesday, 13 September 2017 08:15 AM

ඒත් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න.

:       0       0

samalka Wednesday, 13 September 2017 08:39 AM

ඕනේ තරම් හොරකම් කරලා මිනීමරලා අන්තිමට අනේ මම සාක්ෂි දෙන්න නම් එන්නේ නැහැ කියලා ඕනේ කෙනෙකුට බේරෙන්න පුළුවන්නේ. මේක ලොකු අයට විතරක් තියෙන නීතියක්ද? මේ ඔක්කොම එකතුවෙලා අපිව ගොනාට අන්දනවා. මාර නීතියක්. මේ තමා රටේ අවසානේ. අර්ජුන අලෝසියෙස් කියන්නේ නඩුවේ විත්ති කාරයා. එයාගේ අවසර ඕනෙද එයාගෙන් ප්‍රශ්න කරන්න. මේ අය තමයි හිරේට යවන්න තියෙන්නේ.

:       0       152

pradeep Wednesday, 13 September 2017 08:45 AM

ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය අනුව නඩුවක චූදිතයෙකුට තමා වෙනු⁣වෙන් සාක්ෂිකරුවන් කැඳවීමට හෝ තමාම සාක්ෂි කූඩුවට නැග දිවුරුම් පිට හරස් ප්‍රශ්න වලට භාජනය වෙමින් සාක්ෂි දීමට හෝ දිවුරුම් නොදී හරස් ප්‍රශ්න වලට භාජනය නොවී විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට හෝ කිසිවක් නොකියා නිහඬව සිටීමට අයිතියක් ඇත. යම් චූදිතයෙකු එසේ නිහඬව සිටීමට තීරණය කරයි නම් ඔහුට ප්‍රකාශයක් කරන ලෙස බල කිරීමට අධිකරණයට හෝ බලයක් නීතිය අනුව නොලැබේ. නමුත් බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවන අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඉදිරිපත් කරන තර්කය වන්නේ, මෙය නඩු විභාගයක් නොවන බවත්, ජනාධිපති කොමිසමක් පමණක් වන බවත්, වැඩිදුරටත් අර්ජුන් ඇලෝසියස් යනු මෙහි තවත් එක් සාක්ෂිකරුවකු පමණක් බවත් එසේ හෙයින් ඔහුට පෙරකී නිහඬව සිටීමේ අයිතියක් නොලැබෙන බවත්ය.

:       0       29

pradeep Wednesday, 13 September 2017 08:46 AM

නමුත් අර්ජුන් ඇලෝසියස්ගේ පැත්තෙන් මෙහිදී ඉදිරිපත් කළ හැකි වන නීති තර්කය වන්නේ, මෙම කාරණයට අදාළව ඉදිරියේදී ඔහුව විත්තිකරුවකු කරමින් නඩුවක් ගොණු කරනු ලැබීමට විශාල ශක්‍යතාවක් පවත්නා බැවින්, ඔහු විසින් මෙම ජනාධිපති කොමිසම ඉදිරියේ ලබාදෙනු ලබන සාක්ෂිය එවන් අධිකරණයක් ඉදිරියේ අනාගතයේදී ඔහුටම එරෙහිව සාක්ෂියක් ලෙස යොදාගැනීමේ හැකියාවක් පවත්නා හෙයින්, එම අවස්ථාවේදී අනාගත නඩුවක චූදිතයෙකු ලෙස තමාට අගතියක් සිදුවිය හැකි නිසා මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමෙන් වැලකී සිටීමට ඔහුට අයිතියක් ඇති බවය. එය නීති තර්කයක් ලෙස පදනමක් ඇති තර්කයකි. මන්ද පාපෝච්චාරණයක් සාක්ෂි ලෙස අදාළ කරගත නොහැක යන සාක්ෂි ආඥා පනතේ 27වැනි වගන්⁣තියේ ආරක්ෂාව මෙම ජනාධිපති කොමිසම හමුවේ සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදාළ නොවන්නේ යැයි තර්ක කළහැකි බැවිනි. තවද මෙවන් අවස්ථාවක පවා ඔප්පු කිරීමේ භාරය ඇත්තේ පැමිණිල්ල වෙත බැවින් බලෙන් සාක්ෂි දී පැමිණිල්ල ඔප්පු කරදීමට වගකීමක් විත්තියට නොමැති බවද සැළකිය යුතුය.

:       105       8

pradeep Wednesday, 13 September 2017 08:46 AM

ඒ අනුව බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි නොදී නිහඩව සිටීමට අර්ජුන් ඇලෝසියස්ට සම්පූර්ණ⁣යෙන්ම නීත්‍යනුකූල අයිතියක් ඇත. කෙසේ වෙතත් මෙම බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කරගැනීම උදෙසා දරනු ලබන උත්සාහය විෂයෙහි මෙම නිහැඩියාව අගතිදායක වන බව සත්‍යයකි. නමුත් අර්ජුන් ඇලෝසියස් දිගින් දිගටම මුණිවත රැකීමට තීරණය කරයි නම් ඔහුගේ සාක්ෂිය මෙම කොමිසමේ අරමුණ ඉටුකර ගැනීම සදහා කෙතරම් වැදගත් වුවද, බැදුම්කර කොමිසමට හෝ වෙනයම් කිසිදු අධිකරණයකට හෝ ඔහුගේ නිහැඩියාව සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කළහැකි කිසිවක් නැත. තවද දෙමාපියන් ගුරුවරුන් කුඩා ළදරුවන්ගේ නඩු අසන විටදී මෙන්, "නිහඩව සිටින්නේ වරදකාරී බව නිසාය" යනුවෙන් අනුමිතියකට පැමිණීමට ඉඩක් නීතියට අනුව නොමැති බවත් සැලකිය යුතුය.

:       147       10

kasunWednesday, 13 September 2017 09:29 AM

පැහැදිලි කිරීමට ස්තුතියි. ඔබ විතරයි මෙතන වැදගත්ම පිළිතුර දීලා තියෙන්නේ...

:       0       21

pradeepWednesday, 13 September 2017 10:40 AM

ස්තුතියි - මට විස්තරය දීලා තිබුණේ අකිල අතාවුද කියලා නීතිඥ මහත්මයෙක්...

:       0       25

raveendrzaWednesday, 13 September 2017 10:16 AM

ප්‍රදීප් මයා වෙත, ඔබගේ පැහැදිලි කිරීම පිළිබඳව ඔබට ස්තුති වන්ත වන්නෙමු.

:       0       4

සමන් Wednesday, 13 September 2017 09:02 AM

මාරපන කෙනෙක් නේ ඉතිං උපදෙස් දෙන්නේ

:       7       31

පිටිගල මිලානෝ Wednesday, 13 September 2017 09:03 AM

අනේ ඇත්තමද එහෙම බල කරන්න බැරිද? අපේ පැත්තේ කුකුල්, කෙහෙල්කන්, තමාගේ වත්තේ අනවසරයෙන් කිතුලක් මැදගත්ත හොරු වැනි මහාපරිමාණ අපරාධකරුවන්ව නම් වවුල් සේයාවෙන් බාල්කෙ එල්ලලා පුජාව දෙන්න ලැස්ති කරනකොටම පොලිසියට අහුනොවුන හොරකම් වල සාක්ෂිත් එක්ක ඔක්කොම වමාරනවා. මෙයාටත් බැරිද එවන් පුජාවක් දෙන්න?

:       0       57

dhammika Wednesday, 13 September 2017 09:04 AM

නඩුවක් දාන්න පුළුවන්. කොමිසමට නඩු අහන්න බැහැ.

:       61       6

siri Wednesday, 13 September 2017 09:25 AM

හරි ශෝක්.දැන් ඉතින් තව තවත් හොරු බිහිවෙයි. අඩු නැතිව.

:       1       130

indra Wednesday, 13 September 2017 09:26 AM

රටේ ජනතාව මේ දෙස විමසිල්ලෙන් බලා සිටිනවා. බලයට ගෙන අප දෙස බලා මිනිසුන් සිනාසෙනවා. පක්ෂ විපක්ෂ දෙකම හොර මුල්රටට අලුත් ජන බලයක් අවශ්‍යයි. රටේ සියලු මාධ්‍යය මේ සඳහා ජනතාව දැනුවත් කල යුතු කාලයක් ජනතාව වෙනදාටද වඩා විමසිල්ලෙන් තම ඡන්දය පාවිච්චි කල යුතුයි. මේ ආකාරයෙන් නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා නම් මොකද්ද මේ රටේ තියන සදාචාරය?

:       1       6

athuraWednesday, 13 September 2017 09:55 AM

ප්‍රශ්නය තියෙන්නේ කවුද අලුතින් ගේන්නේ කියන එකයි.

:       0       8

සමන් Wednesday, 13 September 2017 10:19 AM

අලුතෙන් ගේන්න ඕනෑ රොහාන් පල්ලේවත්ත මහත්තයව තමයි ඉතින්. ඔබ තාමත් ඔහු ගැන අසා නැද්ද?

:       21       0

husen-riyad Wednesday, 13 September 2017 09:38 AM

ඔහොම්මම ගිහිල්ලා කැකිල්ලේ තීන්දුවකුත් දෙයි. මෙච්චර කාලයක් කවුරුවත් නොදැන හිටපු නීතියක්නේ මේක. එතකොට අපරාධකරුවෙක් අල්ලන් ඇවිල්ලා පොලිසියෙන් බැනලා, ගැහුවත් පොලිසියට වුණත් කිසිදෙයක් කරන්න බැහැ. ඇයි ඉතින්, උසාවියට බැරිනම්.., පොලිසියට පුළුවන් වෙන්න බැහැනේ. බලාගෙන යද්දී.., ලංකාවේ නීතිය වුණත් ක්‍රියාත්මක වෙන්නේ අහිංසක අසරණවුන්ට එරෙහිව විතරයි. තාජුදීන්ගේ නඩුවේ අනුර සේනානායක මහතා කාලෙකට හිරේ ගියා. ඒ වුණත්, ඒ වැඩේ කරවපු අය නිදැල්ලේ නිසා තාම නඩුව ඉබි ගමනේ යනවා. තීන්දුත් නැහැ. දඬුවනුත් නැහැ. මොකක්ද මේ පාලනයට කියපු නම..?

:       0       8

MOHAN Wednesday, 13 September 2017 09:43 AM

ගොඩක් උදවිය මෙහි බුද්ධිමතුන් වගේ අදහස් දක්වා තිබෙනවා. එ්ත් කොමිසමක් සහ උසාවියක් අතර වෙනස නොදැන ඉන්නේ. කොමිසමකට නොතාසි නිකුත් කර සාක්කි බලෙන් ලබාගත නොහැකියි. දැන් තිබෙන්නේ ඉදිරිපත් වුණු කරුණු මත නඩු පැවරීමයි.

:       0       10

vipula Wednesday, 13 September 2017 10:14 AM

ඔක්කොම පැත්තකට දාලා ලංකාවේ නීතිය හොඳ හැටි ඉගෙන ගත්තා නම් හොඳට හොරකම් කරන්න පුළුවන්...

:       0       5

RaveendraWednesday, 13 September 2017 11:17 AM

විපුල මයා වෙත, ඔබ තමා වඩාත්ම ප්‍රායෝගික සහ දැනට රටේ පවතින තත්වය ගැන කර ඇති සත්‍ය වූ අදහස පලකර තිබෙන්නේ...

:       3       8

sisira Wednesday, 13 September 2017 11:42 AM

සොරුන් පසෙක තියා සාක්කි ගන්නා හොර කොමිසමක් වෙලා.

:       0       0

Chanda Wednesday, 13 September 2017 11:43 AM

ලංකාවේ ක්‍රියාත්මක ජුගුප්සා නීති ක්‍රමවේදයේ අජූත බව තව තවත් බබලයි.

:       0       0

Nimal Perera Saturday, 16 September 2017 08:36 AM

මේකද රටේ නීතිය, කැමතිනම් විතරද සාක්කිදෙන්න පුළුවන්... මේ අයව අරාබිය වගේ ප්‍රසිද්ධියේ ගොල්ෆේස් එකට ගෙනත් ගල් ගහලා අන්දමන් දූපතේ හිර කරන්න ඕනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 176 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 136 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 276 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 124 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site