‘එකපාරටම මුහුණු වසා ගත් පස් දෙනෙක් කැළේ පැත්තේ සිට පාරට පැන්නා. ඔවුන් ඔළුවේ ඉදන් වහගෙන රයිෆල් අරගෙනයි හිටියේ. එකපාරටම වෙඩිතියන්න පටන් ගත්තා. මගේ ඉස්සරහ හිටිය ආරක්ෂකයාට කිසි දෙයක් කරන්න වෙලාවක් තිබුණේ නෑ. තත්ත්පර ගණනක් යද්දි සේරම වැඩ ඉවරයි. වාහනයට වෙඩි තියලා පොලිස් නිලධාරියාට වෙඩි තිබ්බා. එයා එතැනම මළා. රියදුරාටත් වෙඩි තිබ්බා. මම හිතුවා ඔහුත් මැරිලා ඇති කියා. පස්සේ මට ආරංචි වුණා රියදුරු වෙන කරන්න දෙයක් නැති කමට ඒ වෙලාවේ මැරිලා වගේ සිටි බව. ඔහු පණ පිටින් බව පෙන්නුවා නම් නැවතත් මැරනේනම වෙඩි තියන්න ඉඩ තිබුණා.‘යැයි නයිජීරියාවේ කප්පම්කරුවන්ගේ මිදී පණ බේරාගෙන යළි දිවියිනට පැමිණි සිවිල් ඉංජිනේරු ඩී.ඒ කරුණාදාස (68) මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී කීවේය.
ඔහුගේ බිරිද යසවතී කරුණාදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීහු ඔහු දැකගැනීම සදහා එහි පැමිණ සිටියහ. කරුණාදාස මහතා දිවයිනට පැමිණි අවස්ථාවේ බිරිද ඔහු වැළදගෙන කීවේ නැවත විදේශ ගතවීමට සැමියාට ඉඩ නොදෙන බවයි.
කරුණාදාස මහතා නයිජීරියාවේ රැකියාවට ගොස් ඇත්තේ 1981 දී ය. නැවත 1988 දී දිවයිනට පැමිණි විවාහ වී බිරිද සමග එහි ගොස් ඇත. ඉන්පසු ඔහුගේ බිරිදද වසර ගණනාවක් එහි ජීවත්ව සිට දියණියගේ අධ්‍යාපන කටයුතු සදහා යළි දිවයිනට පැමිණ තිබේ.
කරුණාදාස මහතා සිය අත්දැකීම් මෙසේ විස්තර කළේය.
‘මම සාමාන්‍යයෙන් උදේ නවය වෙනකොට වැඩ පොළට යනවා. හැමදාම එකම වෙලාවට තමයි යන්නේ. ඉතින් එදත් මම උදේ නමයට විතර පිටත් වුණා. මගේ ප්‍රධාන කාර්යාලයයේ සිට වැඩ පොළට යෑමට පැය එක හමාරක පමණ කාලයක් යනවා. මගේ ආරක්ෂාවට පොලිස් නිලධාරියකු හිටියා. වාහනය පැදවාගෙන ගියේ රියදුරු මහතා. අතර මඟ කිලෝමීටර දෙකක පමණ රළු පාරක් තිබෙනවා. එය තාර පාරක් නොවෙයි. බොරළු පාරක්. වලවල් ගොඩක් තියෙනවා. ඒක නිසා හෙමින් ගියා.
අපි හිමින් යන විට එක පාරටම දකුණු අත පැත්තෙන් පස් දෙනෙක් ආවා. ඔවුන් ඔළුව වහගෙන රයිෆල් අරගෙන හිටියේ. එකපාරටම වෙඩිතියන්න පටන් ගත්තා. මගේ ඉස්සරහ හිටිය ආරක්ෂකයාට කිසි දෙයක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. විනාඩි භාගයක් පමණ යන විට සේරම වැඩ ඉවරයි. වාහනයට වෙඩි තියල. පොලිස් නිලධාරියට වෙඩි තිබ්බා. ඔහු එහෙමම මළා. රියදුරාටත් වෙඩි තිබ්බා. මම හිතුවා ඔහු මැරෙන්න ඇති කියලා. පස්සේ මට ආරංචි වුණා රියදුරා වෙන කරන්න දෙයක් නැති නිසා ඒ වෙලාවේ මැරිලා වගේ සිටි බව. ඔහුට පණ තිබෙන බව පෙන්නවානම් තව පාරක් වෙඩි තියන්න ඉඩ තිබුණා.
ඉන් පස්සේ අර පස් දෙනත් මගේ වාහනයට නැග්ගා. එක් අයෙක් රියදුරු ආසනයේ ඉදගත්තා. ඔහු වාහනය ආපසු හරවා ගත්තා. ඉන්පස්සේ මාව කැළයට අරගෙන ගියා. ඔවුන් මගේ ඔළුව වහලයි රැගෙන ගියේ. මාව අරගෙන මහපාරකට ආවා. ඉන්පස්සේ නැවත කැළයට ඇතුළු වුණා. කිලෝමීටර් එක හමාරක් විතර කැළය ඇතුලට ගියා.
ඒ පාර ගොඩන් රළු පාරක්. එහි ටික දුරක් ගොස් වාහනය නැවැත්තුවා. මා වාහනයෙන් බැස්සුවා. තුවක්කු අතේ තියෙන තව දෙදෙනකු එහි සිටියා. මා ඔවුන් දෙදෙනාට බාර කළා.
ඔවුන් වාහනය අරන් ඇතුලට යන්න ගියා. ඒ සේරම වෙනකොට මගේ ඔළුව වහලයි තිබුණේ. මට මොකක්වත් පේන්නේ නැහැ . නමුත් මට තේරෙනවා මොකද වෙන්නේ කියා. මාව තුවක්කුකාරයන් දෙන්නට බාර දුන්නට පස්සේ ඔවුන් වාහනය පාරේ දමා ගිහින් තිබෙනවා.
ඔවුන් මා කැළයේ ඇතුළටම එක්කගෙන ගියා. එය ඝන කැළයක්. පොඩි පොඩි ගොවිතැන් තිබුණා. මේ වෙනකොටත් මගේ ඇස් වහලා තිබුණේ. මේ වෙනකොටත් මට යම්තම් තේරෙනවා. කකුල් වලට දැනෙනවා මේ ඉන්නේ කැළයක් ඇතුලේ කියා. එදා හවස හත විතර වන තුරු මා එතන තියාගෙන හිටියා. ඔවුන් හොදින් ඉංග්‍රීසි භාෂාව කතා කළා. මම ඔවුන්ට කිව්වා මට මගේ කොම්පැණියේ ප්‍රධානියාට කතා කරන්න වුවමනා බව.
ඔවුන් මගේ දුරකතනය අරගෙන එයින් දුරකතන ඇමතුමක් ලබාගෙන ඔවුන් මුලින්ම කතා කළා. ඉන් පස්සේ මටත් දුන්නා කතා කරන්න. මට වැඩි විස්තර කියන්න දුන්නේ නැහැ. මම කිව්වා මම මෙවැනි තත්වයකයි ඉන්නේ කියා. ඔවුන් එය තේරුම් ගත්තා. මම හිතන්නේ මම කතා කරනකොටත් ඔවුන් තත්වය තේරුම් අරගෙනයි හිටියේ.
මොකද පස්සේ මම දැනගත්ත විදිහට රියදුරා මළා වගේ හිටියට එයා පස්සේ නැගිටලා ගිහින් මෝටර් සයිකලයක ගිහින් තියෙනවා අපේ සේවා ස්ථානයට. අපේ සයිට් එක කිට්ටුවමයි මේ දේ වුණේ. සිද්ධිය වූ තැන ඉදසිට කිලෝමීටර් අටක් වගේ දුරක් තමයි තිබුණේ. ඔහු සියලූ විස්තර කියා රෝහලට ඇතුලත් වී තිබුණා. මම විස්තරය කියනකොට ඒ අය සේරම විස්තරය දැනෙගෙන තියෙනවා.
ඉන්පසු ඔවුන් මා හැන්දෑවේ හත හමාර වෙනකම් ඒ ගහ යට තියාගත්තා. කරුවල වැටුනට පස්සේ මා තව කිලෝ මීටර් එක හමාරක් විතර පයින් එක්කගෙන ගියා. ඒ ගිහින් නැවතුන තැන තමයි මා ඒ දවස් දහයම තියාගෙන හිටියේ.
ඒ වෙනකොට ගොඩක් රෑවෙලා. මට මොකුත් පේන්නේ නැහැ. ඔවුන් මගේ අතින් අල්ලගෙන අරන් ගියේ. සදුදා තමයි මේ සිද්ධිය වුණේ. ඒ කැළේ ගස් යට තමයි මේ අය ඉන්නේ.
එතැන තව තුන් දෙනෙක් හිටියා. ඔවුන් අහළ පහළ ගොවිතැන් කරන අය ලෙසයි මට තේරුණේ. ඔවුන් අත ආයුධ තිබුණේ නැහැ. ඔවුන් සාමාන්‍ය ගොවිතැන් කරන අය වගේ තමයි මම දැක්කේ.
නමුත් තුවක්කු අරගත් පිරිස හැම වෙලාවෙම ඔළුව වහගෙන හිටියේ. මා ළඟ සිටිනා විට විශේෂයෙන් ඔළුව වහගෙන හිටියේ. මට ඔවුන් පෙනුනේ නැහැ. ඔවුන් එළියට ගිය විට මුහුණු ආවරණ ගලවන බව තේරුණා. නමුත් මා ළඟ සිටින හැම මොහොතකම මුහුණු වසාගෙනයි හිටියේ.
පළමු වැනි දවසේ මට කෑම කන්න කිව්වා. මම කිව්වා මට ඒ කෑම කන්න බැහැ කියා. ඒ වන විට මාගේ මානසික තත්වය අනුව මට බඩගින්නක් තිබුණේ නැහැ. පසුවදා මම ඔවුන්ට කිව්වා මට මේ කෑම නම් කන්න බැහැ, මට පාන් හරි වෙන මොනවා හරි ගෙනත් දෙන්න කියා. එවිට ඔවුන් පාන් ගෙනත් දුන්නා. පස්සේ මම තැටියකට දාලා ගින්දරට රත් කරලා ඒ පාන් කෑවා. නැත්නම් ඒ පාන් කන්න බැහැ. මම වතුරත් එක්කයි කෑවේ. මොනවා කරන්නද කන්ඩ දෙයක් නැති නිසා බඩගින්නට මොනවා හරි කන්න එපායැ.
පහුවදා මම කිව්වා මේ පාන් කාලා නම් මට හරියන්නේ නැහැ ශරීරය දුර්වල වුනොත් තව ප්‍රශ්නයක් එයි කියා. මොකද මැලේරියාවත් තියෙනවා. ඒක හැදුනොත් නැති ප්‍රශ්නත් ඇතිවෙන නිසා මම කිව්වා මට බිත්තර ටිකක් ගෙනත් දෙන්න කියා.
ඒ ගමන ඔවුන් මට බිත්තර ගෙනත් දුන්නා. මම බිත්තර තම්බගත්තා. ඒ ගොල්ලෝ රෑට ගින්දර ගහනවා. කැළේ නිසා ගිනි ගොඩවල් දෙකක් තුනක් ගහනවා. ඒ නිසා කෝප්පයක් අරගෙන වතුර ටිකක් රත්කරගෙන බිත්තරයත් තම්බාගෙන පාන් රෝස්කරගෙන තමයි දවස් දහයම හිටියේ.
ඔවුන් මට කිසිම කරදරයක් කළේ නැහැ. ඒ මිනිස්සු මිලේච්ඡ පිරිසක් තමයි. නමුත් දවසක් දෙකක් එකට ඉන්නකොට ලැබැදියාවතක් එනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ඒ පිරිස කියන දේට පිටින් මම මොනවත් කළේ නැහැ. මොකද මම දැනගෙන හිටියා කොහොමත් මගේ තත්වය අවදානම් කියා.
ඒ පිරිස නිදියන්නෙත් මගේ දෙපැත්තේ බිමට පැදුරක් දාගෙන. දෙන්නා දෙපැත්තෙන් නිදා ගත්තට ඒ හැම වෙලාවකම දෙන්නගෙන් එක්කෙනෙක් ඇහරිලා ඉන්නවා. ඒ විදිහට මම ඔවුන් සමග දවස් දහය ගත කළා. ඔවුන් කියන විදිහටම හිටියා.
සමහරදාට මගේ ආයතනයේ ලොක්කට කතාකරනකොට මමත් පොඩ්ඩක් කියනවා මගේ නෝනට කතා කරන්න ඕනෑ කියා. එහෙම නැත්නම් දුවට පොඩ්ඩක් කතාකරන්න ඕනෑ කියනවා. ඉතින් ඒ වෙලාවට වචන දෙක තුනක් කතාකරන්න ඔවුන් ඉඩ දෙනවා.
මම ඉතින් නෝනටයි දුවටයි හැම තිස්සේම කිව්වේ මට කිසි ප්‍රශ්නයක් නැහැ කරදරවෙන්න එපා කියලයි.
ඉතින් අන්තිම දවසේ පහට විතර ඒ කියන්නේ මම ගත කරපු දහවෙනි දවස. එය බදාදා දිනයක්. ඔවුන් මට කිව්වා යන්න ලෑස්ති වෙන්න කියා. මට ඉතින් ලැහැස්ති වෙන්න විශේෂ දෙයක් නැහැනේ. ඔවුන් නැවත සැරයක් මගේ ඔළුව වැහැව්වා.
ඒ හරිය කැළේ මැද කදු කදු තියෙන තැනක්. ඔවුන් අතින් අල්ලගෙන යන්න හැදුවා. ඒත් හැම තැනම කදු කදු තියෙන වලවල් තියෙන තැනක් නිසා අතින් අල්ලාගෙන යන්න බැහැ ඒ හරියේ. පස්සේ මාව එක් අයෙක් ඔහුගේ පිටට ගත්තා. හරියට ලූනු ගිනියනවා වගේ. ඉන්පස්සේ ඒ විදියට මා පිටේ තියාගෙන කිලෝ මීටර් බාගයක් විතර ගෙනත් බිම තිබ්බා.
ඉන්පස්සේ මාව අතින් අල්ලගෙන අරගෙන ගිහින් ඒ අයගේ වෑන් රථයකට දැම්මා. වෑන් රථය පණගන්වලයි තිබුණේ. දොර ඇරලා මා ඇතුළට දැම්මා. මගේ ඔළුව හොදින් වහලා. ඔළුව යටට ඔබා ගන්න කිව්වා. ඔවුනුත් ඔළු යටට ඔබා ගත්තා. ඉන්පස්සේ කිලෝමීටර් තුනක් විතර එලෙසම ගියා. මා ටිකක් අන්දමන්ද කරන්නයි ඒ ගොල්ලෝ ඒ වැඩේ කරන්න ඇත්තේ.
නමුත් මට සාමාන්‍ය හැගීමක් තිබුනා මම කොයි හරියෙද මේ ඉන්නේ කියා. මොකද ඒ පාරේ මම හැමදාම යන නිසා මට දැනුනා ඉන්න හරිය. ඉන්පස්සේ කැළේ පාරෙන් එළියට ඇවිත් මහපාර පෙනෙන නොපෙනෙන ගානට ඇවිත් මාව වාහනයෙන් බැස්සුවා.
ඉන්පස්සේ ඔවුන් මට උපදෙස් දුන්නා විනාඩි 10 යක් යන තුරු ඔළුව අරින්න එපා කියා. මගේ දුරකතනයත් එහි තිබූ මෙමෙරි චිප් දෙකත් මට ආපසු ලබා දුන්නා. විනාඩි දහයක් යනකම් එලියට එන්න එපා කියා ඔවුන් යන්න ගියා.
ඉන් පසු විනාඩි 10කට විතර පසු ආවරණය ගලවලා බැලූවම පාර පෙණුනා. මම පාරට ඇවිත් මගේ සිම් කාඩි දුරකතනයට දැම්මා. හොද වෙලාවට දුරකතනයේ බැටරියේ පුංචි චාජ් එකක් තිබුනා. මම එයින් මුලින්ම දුවට කතා කළා. මම කිව්වා මම එළියට ආවා කියා. මගේ ආයතනයේ අධ්‍යක්ෂකවරයා මගෙන් ප්‍රතිචාරයක් එනකම් බලාගෙන ඉදලා තියෙනවා. මම එයාට කතා කරලා කිව්වා මම එළියට ආවා දැන් පාරේ ඉන්නේ ඒත් එන්න ක්‍රමයක් නැහැ කියා.
ඔහු කිව්වා බයවෙන්න එපා මම පොලිසියත් එක්ක වාහනයක් එවනවා කිවා . හවස පහට විතර තමයි ඔවුන් මට කිව්වේ යන්න ලැහැස්තිවෙන්න කියා. දැන් වෙලාව හතට විතර ඇති. පස්සේ ආයතනයේ වාහනය ආවම මම ඒකේ නැගලා මම ඉන්න තැනට ගියා.‘
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඉංජිනේරුවාට නැවත රට යන්න ඉඩ නොදෙන බව බිරිය කියයි
චන්ද්‍රසිරි Friday, 05 June 2015 06:04 AM
කාන්තිත්, මෙලනිත් හරි (නි)
සඳුන් Friday, 05 June 2015 06:09 AM
අනාරක්ෂිත රටවල හොඳ වැටුපක් ගෙවනවා. ඉතිරි කරන්නත් පුළුවන්. දියුණු රටවල වැටුපෙන් ලොකු ප්‍රමාණයක් වියදම් වෙනවා. හැබැයි ආරක්ෂාව හොඳයි. තමන්ගේ අවශ්‍යතාව අනුව අවදානම ගන්න වෙනවා. අවදානම වැඩි තැන ලැබීම වැඩියි. (ර)
සමන්ත Friday, 05 June 2015 06:41 AM
මෙහෙම නෙමෙයි, යසඉසුරු සොයන්න පිටරට ගිය සමහරුන්ගේ පවුලුත් කැඩිලා නවතින්නේ. ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර එවැනි ගමනක් කෙළවර වුණේ බිරිය මරුදැක සැමියා සිරගෙට ගොස් දරුවන් අනාතවීමෙන්. ඒ නිසා මේක පරිස්සමෙන් යන්න ඕනෑ ගමනක්. (නි)
ගුණපාල Sunday, 07 June 2015 05:52 AM
නොමිලේ අධ්‍යාපනය ලබලා නාමල් මහත්තය කියනවා වගේ ඔස්ට්‍රේලියාව කැනඩාව වගේ රටවලට පදිංචියට නොගොස් නයිජීරියාවට ගිහින් ලංකාවට විදේශ විනිමය සොයාදීම අගය කළ යුතුයි. (ම)
චන්න බුවනක Thursday, 04 June 2015 02:08 PM
විදේශයක රැකියාව කරන මටත් හිතෙනවා රැකියාව අත්හැරලා ලංකාවට ගියානම් හොඳයි කියල. අපි දැන් අනාරක්ෂිතයි. (ර)
නාමල් Friday, 05 June 2015 07:35 AM
ඇයි මහත්මයා නයිජීරියාව වගේ රටකට ගියේ? පඩියෙන් කැපෙන ටැක්ස් එක වැඩිවුණත් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව වගේ දියුණු රටක රැකියාවට යන්න බලන්න... (නි)
මිසස් Thursday, 04 June 2015 09:55 PM
ඉංජිනේරුවෝ තමයි ලොව ගොඩනඟන්නේ මුළුමහත් ලෝකවාසීන්ට සුවපහසුවෙන් රැකියා කරගෙන ජීවත්වෙන්නට. මෙතුමාගේ වීර්යය ලාංකිකයෙක් සහ ඉංජිනේරුවෙක් හැටියට මම ඉතාමත් අගය කරනවා. ඒවාගේම අපිටත් ධෛර්යය ලැබෙනවා. ජයවේවා!!! සුභ අනාගතයක් ඔබ සැමටම!!!! (නි)
ලලිත් Thursday, 04 June 2015 10:27 PM
ඔබතුමා ඔය රට ගිහින් ගත් අත්දැකීම ඉස්සර ලංකාවේදීම ලබාගන්න තිබුනා අපේ මායිම් ගම්මාන වල රාජකාරි කළා නම්. (නි)
ලක්ෂ්මී Friday, 05 June 2015 12:02 AM
පුදුම බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ (නි)
නිලංග Friday, 05 June 2015 01:22 AM
පිටරට යස ඉසුරු සැපත සදයි. නමුත් සතුට නොගෙනෙයි. අපිත් මේ බව දැන දැන තමයි මේ පිටරටවල ජීවත්වෙන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය නෙමෙයි නම් මම කීයටවත් මෙහි එන්නේ නැත. (නි)
බිමල් Friday, 05 June 2015 02:13 AM
පිටරට ගිය උදවිය ලංකාවේ දරු පවුල් ඥාතීනට සළකන්න කොච්චර දුක් විඳිනවාද කියලා සමහර ලංකාවේ උදවියට තේරෙන්නේ නැහැ. අපි සල්ලි ගස් හොලවලා ඒගොල්ලන්ට එවනවා කියලා හිතන්නේ. සමහරුන්ට අන්තිමේ කළ දේවල් මදි. මගේ ඥාති සොයුරියක් ගිය සුමානේ මා එක්ක අමනාප වුණේ ඇගේ විවාහ උත්සවයට එකපාරට ලක්ෂ 5 ක් ඉල්ලලා ඒක දෙන්න මම කල් ඉල්ලුවා කිව්වා කියලා. මීට කලින් මම ඇයට ඉගෙනගන්න කාලයේ ලැප් ටොප් එකක් පවා ලංකාවට යැව්වා. මේ කියන්නේ හිතේ අමාරුවට මිසක් කළ දේවල් ගැන පම්පෝරි ගහන්න නෙමෙයි. (නි)
චින්තක Friday, 05 June 2015 03:40 AM
පිටරට යන්නේ නැතුව ලංකාවේ ඉඳලා කොචචර බිරිඳට කළත් ඒකේ අගයක් නැහැනේ.ඒකනේ කට්ටිය වැඩිපුර සල්ලි හොයන්න යන්නේ (නි)
විමල් Friday, 05 June 2015 04:26 AM
ඇති ඔයින් ගියා... (නි)
වික්‍රම Friday, 05 June 2015 04:25 AM
ඒක නම් හොඳ තීරණයක් (නි)
කාන්ති Friday, 05 June 2015 04:26 AM
ගැහැණු ළමයෙකු පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් හැටියට හැදෙනවා නම් අනාගත සැමියාට යස ඉසුරු සොයන්න කියලා ලංකාවේදීවත් අමාරුවේ වැටෙන්න සිදුවෙන්නේ නැහැ. (නි)
අශෝක Friday, 05 June 2015 04:28 AM
ඉගෙනගත්ත පාඩම හොඳටම මදෑ (නි)
මෙලනි Friday, 05 June 2015 04:29 AM
කහවනු සොයන්න කියලා සැමියාව අතුරේ නොහෙළන්න කාන්තාවන් සැළකිලිමත් වෙන්න ඕනෑ. (නි)
සුකිරි Friday, 05 June 2015 04:59 AM
මොවුන් අර අනෙක් පැහැරගන්නන්ට වඩා ගොඩක් හොඳයි වගේ මේ කියන විදියට. මනුස්සකම ටිකක්වත් තියන පාටයි. (නි)