IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ඉන්ධන මිල ඉහල දැමීමට අයි.ඕ.සී. සූදානමක්

ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට ලංකා අයිඕසී සමාගමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

සිදුවූ අලාභ හේතුවෙන් මේ තීරණය ගැනීමට සිදූවූ බවත් එම අලාභය දරගැනීමට නොහැකි නිසා මිල වැඩි කිරීම හැර තම සමාගමට වෙනත් විකල්පයක් නැති බවත් එහි නිලධාරීහු පැවසූහ.

මෙරට ජනතාවට ඇතිවන බලපෑම සැලකිල්ලට ගෙන මිල වැඩි කළ හැකි අවම සීමාවට පමණක් මිල වැඩි කරන බව ඔවුහු කීහ.

සමාගමට සිදුවන පාඩුව ඉතාමත් ඉහළ හෙයින් සමස්ත වශයෙන් අලාභ ඇතිවීම වැළැක්වීම සඳහා ඩීසල් සහ පෙට්‍රල් මිල අවම සීමාවකට ඉහළ දමන බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා කීවේය.

2015 ජනවාරි සහ 2016 සැප්තැම්බර් සිට ලංකා අයිඕසී සමාගමට සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩු සිදුවිය.

පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර වෙළෙඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබිණි.නමුත් විකුණුම් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවීය.වර්තමාන ජාත්‍යන්තර මිල අනුව  පෙට්‍රල් ලීටරයකට රුපියල් 17 ක පාඩුවක් හා ඩීසල් ලීටරයකට රුපියල් 14ක පාඩුවක් විඳිමට තෙල් සමාගම්වලට සිදුවෙන බවට පවතින වාර්තා අනුව පෙනී යයි.

2016 ජූනි මාසයේදී හා 2016 අගොස්තු මාසයේදී ඩීසල් මත බදු වැඩි කිරීම හේතුවෙන් තෙල් සමාගම්වලට ඩීසල් සඳහා පැවති ධනාත්මක තත්ත්වය ද සොදාගෙන ගොස් තිබේ.රුපියලේ අගය අවප්‍රමාණ වීමද මෙයට හේතුවී ඇත්තේ එම සමාගම් තෙල් ඇමෙරිකානු ඩොලර්වලින් මිලදීගෙන දේශීය රුපියල්වලින් විකිණිම නිසාවෙනි.

මේ සම්බන්ධයෙන් තෙල් සමාගම් අවස්ථා රැසකදී බලධාරීන්ට බල කළද මේ වන තෙක් මිල සංශෝධනය නොවීය.නිලධාරීන් මේ සම්බන්ධයෙන් සංවේදී වූවද මේ වන තෙක් මිල වැඩි කිරීමට හෝ බදු අඩු කිරීමට හෝ කිසිදු තීරණයක් ගෙන නොමැති හේතුවෙන් එම සමාගම් අපහසුතාවට පත්වී තිබේ.
පවතින මිල නියම කෙරුණේ 2015 ජනවාරි මාසයේදී වන අතර ඉන්පසු මේ වන තෙක් මිල ගණන් සංශෝධනය නොකෙරිණ.



අදහස් (6)

ඉන්ධන මිල ඉහල දැමීමට අයි.ඕ.සී. සූදානමක්

wasantha Saturday, 30 September 2017 06:59 AM

මේ අවස්ථාවේ කල යුතුයි. තෙල් මිල රුපියල් 5 අඩු කොට..., බදු අඩු කිරීමට ක්‍රමයක් සේදීමයි. විදුලි වාහන සඳහා 90% ක් බදු සහනයක් දිය යුතුයි.

:       0       117

Ravi Saturday, 30 September 2017 08:10 AM

බදු අඩු කරන්න බැරිද? මහජනතාවට දැනට තියෙන මිලටම දෙන්න. වැඩි කරන්න එපා...

:       0       4

Chamara Saturday, 30 September 2017 10:43 AM

ලෝක වෙළඳපොළේ තෙල් අඩුයි කියලා අඩු වෙන්නේ නෑ. චුට්ට වැඩි වෙච්ච ගමන් ඔන්න වැඩි කරනවලු. පොල් ගෙඩිය 110යි. හාල් එහෙමත් හෙන ගණන්. මොනවා වෙනවද ඉන්දියන් ඔයිල් නේ..? කට්ටිය කීවේ සිපෙට්කෝ ඉන්ඩියන් ඔයිල් වගේ ප්‍රයිවට් කරනවා කියලා.... මොන දේ ප්‍රයිවට් කලත් වෙන්නේ මේකයි කියලා අපි තෙරුම් ගන්න ඕනෑ.

:       0       3

Hafeel Saturday, 30 September 2017 12:26 PM

පසුගිය මාස කිහිපය තුළ ජාත්‍යන්තර වෙළඳපළේ තෙල් මිල වැඩිවුණාට, ගබඩා කරලා තියෙන්නේ කලින් අඩුමිලට ගෙන්නපුවනේ. දැන් අයි.ඕ.සී. වැඩිකළා නම් තෙල් සංස්ථාව නිකන් ඉඳීවිද? ඉතිහාසය එහෙමයි.

:       1       2

කස්සා Saturday, 30 September 2017 06:30 PM

ඉතුරු සිපෙට්කෝ ටිකයි, තෙල් ගබඩා සංකීර්ණයයි පෞද්ගලික අංශයට දෙමු.

:       0       0

Nandalal Saturday, 30 September 2017 06:43 PM

මේ ලාභ කාක්කන් මහජනතාව හූරා කන අයයි. මෙහෙම තෙල් මිල වැඩි කිරීමට ඉන්දියන් කාරයන් තීරණය කලොත් බස් ගාස්තු වැඩි කරනවාමයි. අනෙකුත් ව්‍යාපාරිකයනුත් තේ කෝප්පයේ සිට ආප්පය දක්වාත් මිල වැඩිකිරීම ගැන සැකයක් නැත. ඔවුන්ට වූ පාඩුව සාධාරණය කිරීම සඳහා ඉන්ධන මිල වැඩිකර මහජනතාව කොල්ල කෑමට රජය ඉඩ දිය යුතු නැත. උද්ධමනය වැඩිවන විට මහජනයා දේවාලවල පොල් ගසමින්, දෙස්දෙවොල් තබමින් පාරවල් ගානේ පෙළපාලි යන්නේ රජයට එරෙහිව මිස ධනපති තෙල් කොම්පැනි කාරයන්ට විරුද්ධව නොවේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 242 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 186 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 65 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 488 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 706 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site