IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘‘ඉන්න තැනක් නෑ, වතුරත් නෑ‘‘ උමා ඔයේ පිරිසක් සුසුම් හෙළති

යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී දස අතේ ණය වී ඉදි කළ නිවහනේ සිටීමට ඩබ්ලිව් ජී පුංචිබණ්ඩාරට වරම් අහිමි වුයේ පෙර ලබා ගත් ණය ගෙවා අවසන් කිරීමටත් කලින්. පවුලේ හත් දෙනකු සමඟ ඔහුට පාරට බහින්නට වුයේ ­හිටි අඩියේ සිය නිවහන ඉරි තලා බිත්ති පැලී ඈත්වී යෑම නිසාය. දවල්ට නිවසින් පිටත් වී එළියේ පුටු කිහිපයක් තබාගෙන නිවස දෙස බලා සුසුම් හෙළන පුංචිබණ්ඩාර ඇතුළු පවුලේ උදවිය රාත්‍රියට වෙනකකුගේ නිවසකට ගොස් නිදි නැතිව නිවස ගැන සිතිවිල්ලේ සිටිති.

නිවාස ඉරි තැලීම ගැන පුංචිබණ්ඩාර මහතා ඇතුළු ඔහු පදිංචි බණ්ඩාරවෙල උඩපේරුවේ පවුල් තිස් පහක පමණ උදවියගේ ඇඟිල්ල එල්ල වෙන්නේ උමා ඔය ව්‍යාපෘතිය දෙසටය. උමා ඔය ව්‍යාපෘතිය යනු බණ්ඩාරවෙල ඔස්සේ ගලා බහින උමා ඔය පුහුල්පොළින් හරස් කර වේල්ලක් බැඳ උමඟක් හරහා වැල්ලවාය පාරේ කරඳගොල්ලට ජලය ගෙන යන ව්‍යාපෘතියකි.

උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු කිහිපයක් වෙයි. පළමු අරමුණ මොනරාගල සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශයට පානීය ජලය සැපයීමයි. එමෙන්ම තනමල්විල ඔස්සේ කුඩා ඔය, කිරිඳිඔය ඇතුළු ඔයවල් කිහිපයක ජල ධාරිතාව වැඩි කර ගොවිතැනට ජලය සැපයීම තවත් අරමුණකි. එමෙන්ම ජල විදුලි ජනනය තවත් අරමුණකි.

ජලය ගෙන යෑමට හදන උමඟේ වැඩ මේ වන විට සියයට 75ක් පමණ අවසන් බව ව්‍යාපෘතියේ නිරත නිලධාරියෙක් කීවේය. අඩි 153ක් දිග උමඟේ පළල මීටර 15කි. උස මීටර 12කි.

ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානම චෝදනාව වන්නේ මේ උමඟ නිසා නිවාස ගිලා බහින බවයි. ව්‍යාපෘති නිලධාරියකු කීවේ නවීනතම කැණීම් යන්ත්‍ර යොදාගෙන කරන ගැනීම් වලදී දෙදෙරුම්කෑම අඩු බවයි. මුලින් ගල් කඩා උමඟ සකස් කර ඉන් පසු එම උමං බිත්ති බැඳ මීටරයෙන් මීටරය ඉදිරියට යන බව ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලයෙක් කීවේය.

බණ්ඩාරවෙල එම් එම් කපිල බණ්ඩාර සහ බී කේ ශ්‍රියා කාන්ති අඹුසැමියෝ ය. ඔවුන්ගේ රැකියාව ගොවිතැනයි. කපිලගේ පවුලම කබලෙන් ලිපට වැටී ඇත්තේ පසුගිය 31 වැනි දා රාත්‍රියේ හදිසියේම නිවසේ බිත්ති පිපිරීමට පටන් ගැනීමෙන් පසුවය.

’31 වැනිදා රෑ හයියෙන් සද්දයක් ඇහුණා. උදේ දොර වහන්න හදද්දි වහන්න බෑ. දොර වහන්න බැරි ඇයි කියා බලනකොටයි දැක්කේ බිත්තිය ඉරිතලලා. එන්න එන්නම පැල්ම ලොකු වුණා. ගෙයි බිත්ති කිහිපයක් දැන් පැළිලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඇවිත් අපට කිව්වා හැකි ඉක්මණින් නිවසෙන් පිටවෙන්න කියලා. හැබැයි යන්න තැනක් කිව්වේ නෑ. අපි කොහේ යන්නද? කපිල බණ්ඩාර සහ ශ්‍රියාකාන්ති ප්‍රශ්න කළහ.

ඉරි තලා දෙබෑවෙමින් යන බිත්ති දෙස බලා ඔවුන් හූල්ලන්නේ හැකි ඉක්මණින් සහන ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලමිනි.

යුද හමුදාවේ හිටපු සාමාජිකයකු වූ ඩබ්ලිව් ජී පුංචි බණ්ඩාරගේ නිවස පමණක් නොව ළිඳද ඉරි තලා ගොස් තිබිණි.

‘හිටි හැටියේ මාස කිහිපයකට කලින් ළිඳ ඉරි තැලුවා. වතුර කඳුලක්වත් නැති වුණා. මහා පෑවිල්ලකවත් මෙහෙම වෙලා නෑ. ප්‍රදේශයේ ඔක්කොම ළිංවල වතුර නැතිව ගියා. යළි වතුර ඉනුවෙත් නෑ. ළිං පතුලේ ඉඳන් පැළිලා. සතියකට සැරයක් වතුර ලීටර දහසක් පමණක් දෙනවා. එය දින තුනකටවත් ගෑවන්නත් මදි. ඒ වතුරත් බොන්න බෑ. වතුර පුරවා ගන්න උමා ඔය ව්‍යාපෘතියෙන් ටැංකියක් දුන්නා. වතුර හොයාගන්නත් ලොකු මහන්සියක් වෙන්න ඕනෑ.‘ යැයි පුංචි බණ්ඩාර කීවේය.

ඒ ටී එම් කරුණාරත්න මහතා විශ්‍රාමික ගුරුවරයෙකි. ගොවි සමිතියේ සභාපතිවරයා ද ඔහුය. කරුණාරත්න මහතා මිදුළේ තිබූ පැලුම් රේඛාවක් පෙන්වමින්  කීවේ නිවාසවල බිත්තිවලට අමතරව මහ පොළවේද තැනින් තැන ඉරි තලා ගොස් ඇති බවයි.

‘බිමත් ඉරි තලලා. දිග කෝටුවක් ඇතුළට දැම්මාම ඒක ඉවර වෙනකම්ම යටට යනවා. කොයි තරම් යටට මේ පුළුම තියෙනවාද දන්නේ නෑ. මුලින් යන්තම් ඉරක් තිබුණේ. දැන් පැලුම් ලොකු වෙලා. වෙනත් තැන්වලත් ඉරිතලා පැලුම් ඇති වෙලා. මේවා අපේ මුතුන්මිත්තන් දීපු ඉඩම්. අපේ දරු මුනුබුරන්ටවත් ජීවත් වෙන්න තැනක් නැතිව යනවා.‘ යැයි කරුණාරත්න මහතා පැවසීය.

උඩපේරුවේ ඉරි තලා ගිය නිවාස ගණන 35ක් පමණ වේ. ඉන් නිවාස පහක් පමණ දරුණු ලෙස ඉරිතලා පැලුම් සිදුවී තිබේ. එක් නිවසක සාලයේ කොටසක් අඩියක් පමණ ගිලා බැස තිබිණි.

උපන් ගම්බිම් හි බියෙන් සහ චකිතයෙන් ජීවත් වෙන මේ සියලු දෙනා හැකි ඉක්මණින් සහන බලාපොරොත්තු වන්නේ යන එන මඟක් නොමැති හෙයිනි.  හදිසියේ ඇති වූ විපත ගැන ගමේ බොහෝ දෙනාගේ ඇගිල්ල දික් වනුයේ උමා ඔය ව්‍යාපෘතිය දෙසටය.

007 008 009 010 001 002 002-2 003 004 005 006



අදහස් (0)

‘‘ඉන්න තැනක් නෑ, වතුරත් නෑ‘‘ උමා ඔයේ පිරිසක් සුසුම් හෙළති

අනුල Saturday, 07 January 2017 06:00 AM

කවුරු කළත්, හොඳ අරමුණකින් කළත් ඒවායින් අනිත් මිනිසුන්ට කරදරයක් නොවෙන විදියට රජයක් වගබලා ගතයුතුයි. එහෙම නැත්නම් මේ අයට ඉඩම් ලබාදී වන්දි මුදලක් ලබාදිය යුතුයි. (නි)

:       0       0

සරත් Saturday, 07 January 2017 06:18 AM

කිලිනොච්චි ගින්නට වන්දි දෙන්න තිබුන උනන්දුව මේ මිනිසුන්ගේ ප්‍රශ්නේ විසඳන්න නැත්තේ ඇයි. (නි)

:       0       0

කැල්මී Saturday, 07 January 2017 06:40 AM

ජනතාවක් ගැන හිතන්නේ නැති රජයක් සහ විපක්ෂයක් අපිට හිමි වී ඇත. වරද අපේ අතේමයි. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අය හොඳින් හෝ නරකින් හෝ එලවනතුරු ජනතාවට යහපතක් නොවේ. (නි)

:       0       0

තිලාන් Saturday, 07 January 2017 06:44 AM

අපේ සමහරුන්ට ඒවා තේරෙන්නේ නැහැ. මහින්ද ඔලුවේ තියාගෙනනේ ඉන්නේ. (නි)

:       0       0

ඩී.උපුල් Friday, 06 January 2017 11:12 AM

ආයෙත් බලයට එන්න දඟලන්නේ මේ වැරදි හදන්න වෙන්න ඇති. (ර)

:       0       0

බීනු Saturday, 07 January 2017 08:47 AM

මේ උමා ඔය ව්‍යාපෘතිය ප්ලෑන් කරලා තියෙන්නේ සැළසුමක් නැතුව වගේ පෙනෙන්නේ (නි)

:       0       0

අජිත් Friday, 06 January 2017 12:06 PM

ඒකාබද්ද විපක්ෂේ කෝ...? (ර)

:       0       0

රුවන් Friday, 06 January 2017 12:50 PM

ඡන්දේ කාලේදී කෑගහපු කවුරුත් දැන් නැහැ. (ර)

:       0       0

සහන් Saturday, 07 January 2017 12:05 PM

පසුගිය රජය අනිත් දේවල් වලට නම් වගකීම බාරගත්තට මේවට නම් සද්ද නැහැ නේද? (නි)

:       0       0

කරුණාජීව Friday, 06 January 2017 03:17 PM

රුවන්, ඡන්දෙ කාලේදී කෑගහපු එක්කෙනෙක් නම් තවමත් කෑගහනවා. ඒ දවස්වල ඔහු කියපු දේවල් දැන් ඇත්ත වෙලා. මිනිසුන්ට තවම තේරිලා නැති එක තමයි වැරදුනු තැන. (නි)

:       0       0

චන්දන Friday, 06 January 2017 03:37 PM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මේ වගේ ව්‍යපෘති සහතික කළ ඉංජිනේරුවන් වගකියන්න ඕනෑ නේද? කොමිස් අධිෂ්ටානයෙන් වල්මත් වුණ අපේ දේශපාලුවන් ඊට එහා. (නි)

:       0       0

හසන්ත Friday, 06 January 2017 06:07 PM

මම මේකේ වැඩ කරපු කෙනෙක්ගෙන් අහලා බැලුවා මෙහෙම වෙන්නේ ඇයි කියලා. ඔහු කිව්වේ උමං මාර්ගයේ ගොඩක් භූගත ජලය තටාක විදියට හමුවෙනවා, ඒවා එලියට ගලා එද්දී හිඩැස පුරවන්න උඩ පස් තට්ටු පාත් වෙනවා කියලා. එම ජලය ගලා යන එක නවත්තන්න යොදන රසායන ද්‍රව්‍ය(සීලන්ට්) නිසි වෙලාවට අවශ්‍ය ප්‍රමාණයෙන් නොලැබෙන නිසා වැඩ කිරීම අපහසු බවයි ඔහුගේ අදහස. (නි)

:       0       0

රොහාන් දයාදර Friday, 06 January 2017 06:16 PM

ඕව කරලා මැතිවරණයෙන් පැරදිලා දැන් ආයෙත් එන්න දඟලන අයගේ හත්මුතු පරම්පරාවටම වන්දි ගෙවන්න වෙයි (නි)

:       0       0

උදාර Friday, 06 January 2017 06:21 PM

සංවර්ධනයේ මුවාවෙන් අන්තිමට සිදුවන්නේ මොනවාද? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 06 January 2017 10:28 PM

ගොඩක් මිනිස්සු ගෙයක් හදාගන්නේ කොච්චර අමාරුවෙන්ද? මේ විදිහට ගෙවල් විනාශ වුණාම යන්නේ කොහාටද? මේ අය ගැන නැති කැක්කුමක් පුනරුත්ථාපනය වුණ අය ගැන නම් තියෙනවා. (නි)

:       0       0

මනෝජ් Saturday, 07 January 2017 12:03 AM

බලය උඩට එනකොට මොළය පහළට යනවා. විශේෂඥයන්ගේ දැනුම නොසළකා හැරීමේ ප්‍රතිපල තමයි මේ. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 07 January 2017 01:22 AM

මේ රටේ බලපෙරේත, බඩගෝස්තරවාදී දේශපාලුවෝ ගැනත් කවුරු බලයේ සිටියත් තම තනතුර රැකගැනීමට දේශපාලුවන් කියන ඕනෑම වැඩක් කරන මේ රටේ උගතුන් යැයි කියන අය ගැනත් කියලා වැඩක් නැහැ. ඒ ව්‍යාපාරය පටන් ගැනීමට ප්‍රථම මේ ව්‍යාපාරය නිසා සිදුවන බලපෑම් ගැන වාර්තාව සෑදු අය දැන් කොහෙද දන්නේ නැහැ (නි)

:       0       0

ජනුඅර්ය් Saturday, 07 January 2017 02:43 AM

ඇත්තටම මේවා රජයකට බනින්න දෙයක් නෙමෙයි. රටක ජනගහනය වැඩිවෙනකොට මේ වගේ විනාස වැඩි කරන්න වෙනවා (අ)

:       0       0

අතුල් Saturday, 07 January 2017 02:50 AM

අජිත්,එකාබද්ද විපක්ෂයේ කට්ටිය තමා මේකට වගකියන්න ඕනා. කිසිම පාරිසරික අගයීමක් නොකර මේක පටන් ගත්තේ එයාලා. එකනේ සද්ද නැත්තේ. ඔක්කොම එකයි. (අ)

:       0       0

උපුල් Sunday, 08 January 2017 06:18 PM

පවු අසරණ මිනිස්සු! (නි)

:       0       0

සමන් Tuesday, 10 January 2017 06:34 AM

මහින්ද , නිමල් සිරිපාල දිලාන් කියන අය තමයි කෑවේ අපිව (බ)

:       0       0

අරවින්ද-මාලදිවයින Saturday, 07 January 2017 04:00 AM

මේ දේ කරපු දේශපාලකයන්ට ශාප වෙනවා. කිසිම ආණ්ඩුවකට බරක් නොවූ බණ්ඩාරවෙල ජනතාවට කදුළු දුන්නට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 950 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1833 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 250 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 830 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8584 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3036 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site